විදුලිය විසන්ධි වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් එල්ලවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සාමානය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විදුලිය විසන්ධි වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් එල්ලවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සාමානය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඇතුම් ප්‍රදේශ ජල සැපයුමට බාධා ඇතිවිය හැකි බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
ඒ අනුව විදුලි සැපයුම විසන්ඳි වීම හේතුවෙන් මෙලෙස ජල සැපයුමට බාධා එල්ලවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩය පවසනවා.
කොත්මලේ බියගම සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් මෙම බිඳවැටීමට හේතුවී ඇති බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.
ඒ අනුව කොටස් වශයෙන් විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් ඇති බවත් ඒ සඳහා පැය 2 ක් පමණ ගතවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසනවා.
පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.
පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට නිලධාරීන් කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි එසැණ වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වන විට කොළඹ, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්තගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් තව සුළු මොහොතකින් නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසැල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කාණ්ඩ 17 ක් යටතේ වේලාවන් සංශෝධනය කර ඇති අතර සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උප වගන්තියේ බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පැනවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
ඇතැම් සුරාසැල් රාත්‍රී 12.00 ක් තෙක් විවෘතව තැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ වේලාවන් පහතින්.

සෙෳඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා “ලන්ච් ෂීට්” (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව පසුගියදා රැස්වූ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම නිර්දේශය ලබාදී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙහිදී ලන්ච් ෂිට් භාවිතය නිසා මෙරට සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ පවතින “තැලේට්” නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා වී තිබෙනවා.
ඒ අනුව සෙෳඛ්‍යයට හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා, එය භාවිතයෙන් ඉවත් කිරීමට සහ විකල්ප හඳුන්වාදීමට මාස 6ක සහන කාලයක් ලබාදී ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට අදාළ නිර්දේශය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මහාමාර්ග නීතිය යටතේ මාර්ගවල කඩ දැමීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
තලවතුගොඩ කිඹුලාවල පිහිටි වීදි ආහාර (Street food) අලෙවිසැල් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට එය ඉවත් කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි.
ඔවුන්ට වෙනත් තැනක් ලබාදීමට තමන් බැඳී නොමැති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.
නායයෑමක් හේතුවෙන් හැටන් – කොළඹ මාර්ගයේ තිබූ අවහිරතාව මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
ගිනිගත්හේන සහ වටවල පොලිස් වසම් අතර දියගල ප්‍රදේශයේ 56/2 බෝක්කුව ආසන්නයේ නායයෑම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය අවහිර වී තිබුණා.
වසා දමා ඇති කැළණිය විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක් ලබන සඳුදා (11) යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසනවා.
ඒ අනුව විද්‍යා පීඨය, පරිගණක තාක්ෂණ පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨය මෙලෙස ලබන සඳුදා දිනයේ විවෘත කරන බවයි සඳහන් වන්නේ.
සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පසුගිය 5 වනදා වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දැමීමට තීරණය කර තිබුණා.