ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට පැමිණි ගුරුවරුන් අපහසුතාවක

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පැමිණි ගුරුභවතුන්ට නිසිලෙස පහසුකම් සපයා නොමැති වීමෙන් අද (20) උදෑසන විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

දුර බැහැර පළාත්වලින් ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු වෙනුවෙන් පැමිණි ගුරුවරුන්ට නවාතැන් පහසුකම් ඇතුළු සෙසු පහසුකම් සපයා නොදීම හේතුවෙන් ඔවුන් ඊයේ (19) රාත්‍රිය වනතුරු නවාතැන් ස්ථාන සොයා ගැනීමට පවා නොහැකිව බොහෝ අපහසුතාවයට පත්වූ බවයි එම ගුරුවරුන් සඳහන් කරන්නේ.

අධික මුදලක් වැයකර නවාතැන් ස්ථාන සොයාගෙන මෙවැනි කටයුත්තක් සිදුකිරීම අපහසු බව පවසමින් ඔවුන් අද (20) ප්‍රශ්න පත්‍ර නැවත සමීක්ෂණ කටයුතුවලින් ඉවත්වූ බවයි සඳහන් වන්නේ.

පසුව විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පැමිණ ගුරුවරුන්ව නැවත සමීක්ෂණ කටයුතු සඳහා රැගෙන යෑමට සහ ගැටලුව විසඳීමට මැදිහත් වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීමට රෝමානු කතෝලික පූජකවරුන්ට අවසර

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම සඳහා රෝමානු කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් කර ඇති අතර එම යුවළ සඳහා ආශිර්වාද කිරීම පිළිබඳව තීරණය කිරීමට පූජකවරුන්ට ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් විවාහය යනු තවදුරටත් කාන්තාවක් සහ පුරුෂයෙකු අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව සැලකීමට වතිකානුව තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දෙසැම්බර් 29 මධ්‍යම රාත්‍රියෙන් පසු උසස් පෙළ උපකාරක පංති තහනම්

2023 වසරේ අපොස උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීමේ කටයුතු දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම්  වන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ.

මෙවර උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 සිට ජනවාරි 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබෙනවා.

නුවරඑළිය මහ නගර සභාවෙන් ගව මස් කඩ ගැන දැඩි තීරණයක්

නුවරඑළිය හා නානුඔය ප්‍රදේශයන්වල ජනතාව සහ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්  දීර්ග කාලයක් තිස්සේ අනුභව කර ඇත්තේ මැරිච්ච , තුවාල පලුදු වී පනුවො හැදිච්ච විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී ආසාදනයන් වලට ලක්වූ ගවයන්ගේ මස් බවට සාක්ෂි සහිතව ආන්දෝලනාත්මක හෙලිදරව්වක්

WhatsApp Image 2023-12-20 at 14.02.20 (1) WhatsApp Image 2023-12-20 at 14.02.20 WhatsApp Image 2023-12-20 at 14.02.21 (1) WhatsApp Image 2023-12-20 at 14.02.21 (2) WhatsApp Image 2023-12-20 at 14.02.21 (3) WhatsApp Image 2023-12-20 at 14.02.21 (4) WhatsApp Image 2023-12-20 at 14.02.21 (5) WhatsApp Image 2023-12-20 at 14.02.21 WhatsApp Image 2023-12-20 at 14.02.22 (1) WhatsApp Image 2023-12-20 at 14.02.22 (2) WhatsApp Image 2023-12-20 at 14.02.22 (3) WhatsApp Image 2023-12-20 at 14.02.22 (4) WhatsApp Image 2023-12-20 at 14.02.22 (5) WhatsApp Image 2023-12-20 at 14.02.22 (6) WhatsApp Image 2023-12-20 at 14.02.22 WhatsApp Image 2023-12-20 at 14.02.23 (1) WhatsApp Image 2023-12-20 at 14.02.23 (2) WhatsApp Image 2023-12-20 at 14.02.23 (3) WhatsApp Image 2023-12-20 at 14.02.23 WhatsApp Image 2023-12-20 at 14.02.24 (1) WhatsApp Image 2023-12-20 at 14.02.24 (2) WhatsApp Image 2023-12-20 at 14.02.24 (3) WhatsApp Image 2023-12-20 at 14.02.24 (4) WhatsApp Image 2023-12-20 at 14.02.24 WhatsApp Image 2023-12-20 at 14.02.25 (1) WhatsApp Image 2023-12-20 at 14.02.25 (2) WhatsApp Image 2023-12-20 at 14.02.25 (3) WhatsApp Image 2023-12-20 at 14.02.25

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට හැකිවන පරිදි 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තන නියෝජිතායතනයක් පිහිටුවා එහි කොටසක් ලෙස කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය පිහිටුවීමට මෙමගින් ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65814558d8d9a

658145592295c

කෝටි 3ක භාණ්ඩ තොගයක් සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

තීරුබදු ඇතුළු අනෙකුත් රජයට අයවිය යුතු බදු නොගෙවා මෙරටට ගෙනා කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සමඟ සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් විසින් සූක්ෂම ලෙස සියලු පරීක්ෂණ ආයතන මගහරිමින් එම භාණ්ඩ ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටියදී කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය, වීරකැටිය, පුත්තලම සහ කොලොන්නාව යන ප්‍රදේශවල පදිංචි සිව්දෙනෙක් වන අතර මෙම පිරිස දෛනිකව මෙලෙස ඩුබායි ඇතුළු විවිධ රටවල් වෙත ගොස් භාණ්ඩ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව වෙත රැගෙනවිත් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් භාරයට ගෙන ඇති භාණ්ඩ අතර ලැප්ටොප් පරිගණක, ඇපල් ජංගම දුරකථන ඇතුළු විවිධ මාදිලියේ ජංගම දුරකථන, ජංගම දුරකථන උපාංග, විදෙස් දුම්වැටි, ස්වර්ණාභරණ, විවිධ වර්ගයේ මත්පැන්, සුවඳ විළවුන් සහ මෝටර් රථ අමතර කොටස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උඩරට දුම්රිය ගමනාගමන​ය යථා තත්ත්වයට

උඩරට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

අද (19) අලුයම හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

විශේෂිත සිරකරුවන් ප්‍රවාහනය කරන බන්ධනාගාර බස්වලට CCTV සවිකිරීමේ තීරණයක්

විශේෂිත ගණයේ සිරකරුවන් ප්‍රවාහනය කරනු ලබන බන්ධනාගාර බස්රථ සඳහා CCTV කැමරා සවිකිරීමට පියවර ගෙන තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසනවා.

ආරක්ෂක විධිවිධාන තරකිරීමේ අරමුණින් මේ ආකාරයෙන් කැමරා සවිකරන බවත්, බන්ධනාගාරවලින් පිටතට රැඳවියන් ගෙන යන අවස්ථාවන් වලදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමටද එමගින් අවස්ථාව ලැබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඇතැම් අවස්ථාවලදී පිටත සිට බස් රථවලට මත්ද්‍රව්‍ය විසි කිරීමේ සිද්ධි වාර්තා වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ටෙලිට ොම් ගැෙලු වලෙ විසඳුම් ඉල්ලො නුවරඑළිටේදී උදටඝෝෂණ

හෙලිහ ොම් හ ්ව යන්හේ ගැෙලු රැ ෙ වි ඳුම් ලබො හෙන හල ෙො හෙලි ම් ආයතනය හ ෞද්ගලී රණය හ ෞද්ගලී රණයෙ එහරහිව නුවරඑළිය හෙලිහ ොම් හ ්ව යන් (19) නුවරඑළිය තැ ැල් ොර්යොලය ඉදිරිපිෙ උද්හඝෝෂණය හ ්ව අර්ථ ොධ අති ොල දීමනො ඩි වැඩි කිරීහම් ක්‍රියො ටි ොටිය නිසි හල සිදු හනොවීම පිළිබඳව ණගොටුව ප්‍ර ොශ රමින් ෙො හ හනක් ආයතනහේ හ ොෙ ් ඉන්දියොනු මොගම් වලෙ ැවරීමෙ විහරෝධය ොමින් දී වයොප්තව ංවිධොනය ර තිහබන වැඩ වර්ජනයෙ ෙ උද්හඝෝෂණ වයො ොරයෙ ෙහයෝගය ෙක්වමින් නුවරඑළිය හෙලිහ ොම් හ ්ව මණ්ඩලය විසින් හමම උද්හඝෝෂණය ංවිධොනය ර තිබිණ , හමහිදී ෙන් ොඨ හිත පුවරු ප්‍රෙර්ශනය රමින් හ ්ව මණ්ඩලය දිවො ආෙොර ොලහේදී උද්හඝෝෂණය නිරත වීමක් ෙක්නෙ ලැබිණ .

කහටකස්දිගිලිය ගම්මාන රැසක පවතින වන අලි ගැටුමට තවමත් ස්ථිර විසදුමක් නෑ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටකස්දිගිලිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කහටකස්දිගිලිය වනජීවී කලාපයට කුඩා මැස්සැල්ලෑව , දිගන්හල්මිලෑව, ඇතුළු නෙලුගොල්ලාකඩ,පඩිකිටිවැව,බතලවැව,නාම්බාකඩ,මහවැව ගම්මාන රැසකට වන අලි තර්ජනය එල්ලවීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි පිඩාවකට පත්ව තිබෙි.

වසර කිහිපයක සිට රත්මලේ නාම්බාකට,දිවුල්වැව,අන්දරගොල්ලෑව යන රජයේ රක්ෂිත වල දහවල් කාලයේ සැරිසරමින් සිට රාත්‍රී කාලයට ගම්වදින වන අලි හේතුවෙන් කිසිදු වගවක් කර ගත නොහැකි තරමටම ජනතාව දැඩි පිඩාවකට පත්ව ඇති බව එහි ගිය අපට දක්නට ලැබීණි

මෙලෙස (18)රාත්‍රී කාලයේ කුඩා මැස්සැල්ලෑව ගම්මානයට පැමිණි වන අලි රංචිවක් පොල්,කොසෙල්,බඩඉරිඟු වැනි ස්ථිර වගාවන් හා වී ඇතුළු ගොඩබෝග වගා රැසක් විනාශ කර ඇතැයි ජනතාව කියති.කුඩා මැස්සැල්ලෑව ගොවි පවසා සිටියේ මිට පෙර ද අවස්ථා කිහිපයක මෙලෙසම තම හේන් හා ගෙවතු වන අලි විනාශ කර දැමුවද රාජයේ අදාල අංශ දැනුවත් කලද ඒ සදහා කිසිදු පිළිසරණක් නොලැබුණු බවයි.

මෙම ගම්මානයේ ජිවිත දේපල වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගම හා රක්ෂිත ප්‍රදේශ වෙන් වෙන පරිදි විදුලි වැටක් මිට වසර ගනණාවකපෙර ඉදි කර තිබුනද ඒය නිසි පරිදි ක්‍රීයාත්මක නොවන බවත් විදුලි වැට නිසි පරිදි ක්‍රීයාත්මක නොවීම පිළිබඳ අවස්ථා ගණනාවක සිට බලධාරීන්ට ලිඛිතව හා වාචිකව දැනුවත් කලද මේ දක්වා ඉට කිසිදු විසඳුමක් නොලද බව පවසන මෙහි වෙසෙන ගොවි ජනතාව වසර ගණනාවක සිට තට්ටු මාරු ක්‍රමයට පැමිණි රජයන් වෙත චොදනා කරයි.

අත කන උකසට තබා රජය හා රාජය නොවන මුල්‍ය අයතන මගින් උගසට හො ණය ට මුදල් ගෙන ⁣වගාව සිදු කරන්නේ ප්‍රධාන ආදායම් ගොවිතැන පමනක් වීමත් මෙම ගම්මානවල වෙසෙන ජනතාවට වෙනත් කිසිදු මාර්ගයකීන් තම දෛයිනික ජිවිත ගත කිරිම සදහා කිසිදු මුදල් ලැබෙන මාර්ගය නොමැති කමට බව ගොවින් පෙන්වා දෙන අතර වෙළෙඳ පොල තුල කෘෂි රසායනික යහමින් නොමැති පසු බීමක් තුල අධික මුදල් යොදවමින් අව්ව වැස්ස නොතකා රැයක් දහවලක් නොමැතිව දරන වෙහෙසෙහි ප්‍රථිපල නොමැති තරමට වන අලි මෙම ජිවිත අවධානය හෙලා ඇත්තේ වනජිවි නිළධාන් ඇතුලු බලධාරීන් නිහඬව සිටිම බවද එහි සංචාරය කල අපට ගම්මානයේ සෑම තැනකම වන අලි හැරිසරමින් විනාශකර ඇති ස්ථිර බෝග හා ගොඩ බෝග තහවුරු කරයි.

තවදුරටත් ගම්වාසින්ගේ ඉල්ලීම වන්නේ , රජයේ මැදිහත්වීම තුලින් ගම්මානය වටා ආරක්ෂා වන පරිදි ඉදිකර ඇති විදුලි වැටක් නිසි පරිදි ක්‍රීයාත්මක කොට දෙන ලෙසත් සිදුවු වගා හානී පිළිබද සොයා බලා වගා හානි පුර්ණ කරගැනීම වෙනුවෙන් වන්දි මුදලක් ලබා දෙන ලෙසටයි.

මේ අතර ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 186 ග්‍රාමසේවා වසමේ හුරුළුවැව හන්දියේ නිවාස කිහිපයකට පැමිණි අලියකු සහ ඇතකු නිවාස ආසන්නයේ තිබු අඹ ගස් හොල්ලා අඹ ආහාරයට ගන්නා අයුරු කැමරා කාචයේ සටහන්ව තිබුනා