සරම්ප අතිරේක මාත්‍රාව ලබාදීම අද සිට

සරම්ප අතිරේක මාත්‍රාව ලබාදීමේ විශේෂ වැඩසටහන අද (06) සිට දිස්ත්‍රික්ක 04 ක ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද අතිරේක සරම්ප මාත්‍රාවක් ලබාදීම අනුමත කර ඇති බවත්, අදියර දෙකක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රජයේ රෝහල්වල විකිරණ ඡායා පටල හිඟයක් – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

විකිරණ කටයුතු (Xray) සඳහා යොදා ගන්නා විකිරණ ඡායා පටල හිඟයක් පවතින බවත්, එම නිසා රජයේ රෝහල්වල රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

මෙය යථා තත්ත්වයට පත්කර දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම වැඩිදුරටත් පවසන්නේ.

බාල එන්නත් සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාත් රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට සම්බන්ධ තවත් නිලධාරියෙකු ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර යන අය මෙලෙස අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඔහු ඊයේ (05) පස්වරුවේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ලබන 10 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙරට නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට

මෙරට නිල සංචිත වත්කම් 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57 සිට 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබෙන බව මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව 2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙයට චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය පහසුකම ද ඇතුළත් වන අතර, එය භාවිතා කිරීම යම් කොන්දේසිවලට යටත් වනවා.

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

පුවත්පත් කලාවේදියෙක්, ප්‍රවීණ ලේඛකයෙක්, ග්‍රන්ථ ප්‍රකාශකවරයෙකු හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අද (05) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 63 වැනි වියේ පසුවුණා.

ප්‍රදීප් කුමාර බාලසූරිය විසින් ජනප්‍රිය නවකතා, ධනාත්මක චින්තන කෘති හා පරිවර්තන කෘති රැසක් ද රචනා කර ඇති අතර, දවස, දිවයින, අරලිය, සඳරේණු, සක්වල ආදී පුවත්පත් හා සම්බන්ධව කටයුතු කරමින් ඔහු පුවත්පත් කර්තෘවරයෙකු ලෙසද කටයුතු කළා.

දේහය මේ වන විට ගම්පහ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ලබන 07 වැනි ඉරිදා ගම්පහ – කසගහවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සාමාන්‍ය දිනවලට රුපියල් 500 – 1000 අතර මිළ පවතින සංචාරක හෝටල් සඳහා ලබාදෙන විශේෂ එළවළුවල මිල අද වන විට රුපියල් 1500 – 6000 අතර මිලකට

සාමාන්‍ය දින්‍වලට රුපියල් 500 – 1000 අතර මිළ පවතින්‍ සංචාරක හෙෝටල් සඳො ලබාහෙන්‍ විහ ්ෂ එළවළුවල මිල අෙ වන්‍ විට රුපියල් 1500 – 6000 අතර මිලකට ඇෙහිය හන්‍ාෙැකි අන්ෙමට වැඩි වී ඇති බව නුවරඑළිය විහ ්ෂිත ආර්ික මධ්‍යස්ථාන්‍හේ සභාපති අරුණ ාන්ත හෙට්ටිආරච්චි පවසයි . දැනට වසර ගණනාවක කාලයක් පුරාවට දදසැම්බර් ජනවාරි යන මාසවල සංචාරකයන් බහුලව ශ්‍රී ලංකාවට පැමිදණන කාලවදී හා සාමානය දිනවලට රුපියල් 500 – 1000 අතර සාමානය මිලකට පවතින සංචාරක දහෝටල් සඳහා ලබාදදන විද ේෂ එළවළුවල මිල අද වන විට ඉතිහාසදේ වාර්තා වූ වැඩිම මිල වාර්තා දවලා තිදබනවා , ඒ අනුව රුපියල් 1500 – 6000 අතර මිලකට එම එළවළු වැඩි වී ඇති බව නුවරඑළිය විද ේෂිත ආර්ික මධ්‍යසේථානදේ සභාපති අරුණ ාන්ත දහට්ටිආරච්චි මහතා පවසයි , නුවරඑළිය ආර්ික මධ්‍යසේථානදේ සභාපතිවරයා දම් බව කියා සිිදේ එළවළු මිල සීග්‍රදයන් වැඩිවීම හා එළවළු හිඟය පිළිබඳ විද ේෂ මාධ්‍ය හමුවක් නුවරඑළිදේදී පවත්වමිනි , වැඩිදුර අදහසේ දැක්වූ නුවරඑළිය ආර්ික මධ්‍යසේථානදේ සභාපති අර්ණ ාන්ත දහට්ටිආරච්චි මහතා දමදසේද කීය , එළවළු වගා කරන ඉතිහාසයයට දමදහම මිළක් ගියාමයි දම්ක තමා එළවළු වලට ලැබුණු ඉතිහාසගත වැඩිම මිළ , වර්ෂ අවසාන නත්තල් නිවාඩුවට දමරටට පැමිදණන විදේශීය සංචාරකයන් සඳහා අව ය කරන එළවළු සැකසීම දවනුදවන් දගාවිදයෝ මාස හතරක කාදලක ඉඳන් සැලසුම් කරනවා , එවකට තිබුණු රජයවල් වලින් හා කෘෂිකර්ම අමාතයං දයන් ද ඒකට අව ය සහදයෝගය අපට ලැබුණා , වර්තමාන රජදයන් හා කෘෂිකර්ම අමාතයං දයන් ඒ සහදයෝගය ලැදබන්දන් නැහැ , මාස ගණනාවක තද වර්ෂාවත් එක්ක එළවළු දබාදහෝමයක් නාසේති වුණා එළවළු සඳහා දයාදන දපෝෂක දබාදහාමයක් දවළඳදපාදළේ නැහැ එයට වගකියන්න අව ය වන්දන්ත් වර්තමාන කෘෂිකර්ම ප්‍රතිපත්ති හදන මිනිසේසුම තමයි , සංචාරක දහෝටල් සඳහා අතයව යම එළවළු කිහිපයක් තිදබනවා ඒ අතරන් දරාදකෝලි අද රුපියල් 5000ක් මිල සටහන් වුණත් ඒ ගානට වත් දහායාගන්න නැහැ , සාමානය සලාද කිදලෝ එකක් රුපියල් 1500ක වැනි මුදලකට දතාග දන්නවා , රතු සලාද කිදලෝවක් රුපියල් රුපියල් 1700 , මින්ි කිදලෝවක් රුපියල් 700 , දකාත්තමල්ලි කිදලෝවක් රුපියල් 1000 වත් දහායාගන්න නැහැ , දබල් දපපර් කිදලෝව රුපියල් 800 – 850 , සුකිනි කිදලෝව් රුපියල් 1000 – 1200 යි , ඒ වදේම තමයි නුවරඑළිය සාමානය එළවළු වල මිලත් අධික දලස ඉහළ ගිහින් තිදබනවා , කැරට්ට කිදලෝවක් රුපියල් 700 -750 , මල් දගෝවා කිදලෝවක් රුපියල් 1000 – 1200 , දගෝවා කිදලෝවක් රුපියල් 500 – 550 , ලීක්සේ කිදලෝවක් රුපියල් 250 – 270 , රාබු කිදලෝවක් රුපියල් 150 – 170 , බීට්ට රූට්ට කිදලෝවක් රුපියල් 450 – 500 , අර්තාපල් කිදලෝවක් රුපියල් 320 – 350 යි . දපර අවුරුදු වල නත්තල ආරම්භයට දින දහයකට කලින් ඉදලා නත්තල ඉවර දවලා දින දහයක් පසේදසේ දවනකන් නුවරඑළිය ආර්ික මධ්‍යසේථානදයන් කිදලෝ ලක්ෂ එකහමාරක් දදකක් අතර ප්‍රමාණයක් දවසකට රටපුරා දබදාහරිනවා , අද වන විට කිදලෝ 40000 ක් වත් එපා ගන්න බැරි තරම් එළවලු හිඟයකට මුහුණ දීලා තිදබනවා , දම් තත්වයන් හරි විදිහට යථා තත්ත්වයට හැදරන්න ඕන නම් කෘෂිකර්මාන්තය පිළිබඳ පරිණත දැනුමක් ඇති අය ඒ විද ේෂ සඳහා පත් විය යුතුයි , ඒ අමාතයවරයාදේ සිට පුංිම දතාරතුරු දක්වා සෑම දකදනක්ම ඇතුළත්ව , එවිට අපට ගැටලුකාරීත්වයකුත් දතාරව කෘෂිකර්මාන්තය නගා සිටවන්නට පුළුවන් , ඒත් එක්කම විද ේෂ දදයක් තමයි සෑම එළවළුවක් සඳහාම යන වියදම තක්දසේරු කර සේථාවර මිලක් ලබා දුන්දන් නම් දකාවියාට වයාපාරිකයාට හා පාරිදභෝගිකයාට ඕනෑම අවසේථාවක සහනයක් වන්නට වනවා යනුදවන් එකම පැවසීය.

WhatsApp Image 2024-01-06 at 09.11.39 WhatsApp Image 2024-01-06 at 09.11.38 (4) WhatsApp Image 2024-01-06 at 09.11.38 (2) WhatsApp Image 2024-01-06 at 09.11.38 (1) WhatsApp Image 2024-01-06 at 09.11.38

WhatsApp Image 2024-01-06 at 09.11.38 (3)

මධ්‍ය කඳුකරයේ 50% ක් නායයාමේ අවදානම් ප්‍රදේශ – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

මධ්‍ය කඳුකරයේ 50% ක පමණ ප්‍රදේශයක නායයාමේ අවදානම් ප්‍රදේශ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීමේදී මේ පිළිබඳව ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවත්, එහෙත් එවැනි ප්‍රවණතාවක් ජනතාව තුළ නොවීම වරින් වර සිදුවන නායයෑම්වලට ප්‍රධාන හේතුව බවත් එම සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ජෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පවසනවා.

ඉදිරියේදී සිදු කරන සංවර්ධන කටයුතු වලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.

වැල්ලම්පිටිය – කොටිකාවත්ත අතර මාර්​ග කොටස හෙට රාත්‍රියේ සිට අනිද්දා සවස දක්වා වැසෙයි

හෙට (06) රාත්‍රී 10.00 සිට අනිද්දා පස්වරු 5 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ජල නල එළීමේ කටයුත්තක් සඳහා මෙලෙස එම මාර්ගය වසා දැමෙන බවයි සඳහන් වන්නේ.

එම කාලය තළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6597b6806fe81pdf_page_0

විදුලිබල මණ්ඩල​යේ වෘත්තීය සමිති නායකයින්ට අධිකරණයෙන් නියෝගයක්

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රංජන් ජයලාල් ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගෝල්ෆේස් ග්‍රීන් පරිශ්‍රයට ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතු බවයි අදාළ නියෝගයේ දැක්වෙන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව විදුලි සේවකයින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය අද (05) තෙවන දිනටත් පැවැත්වෙනවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමට පොලිසියෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

යුක්තිය මෙහෙයුම වඩාත් සාර්ථක කරගැනීම සඳහා දීප ව්‍යාප්තව සියළුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද (05) ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් අද සිට සතියක් පුරා මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්,

6597b01c90258pdf_page_0