විගණන නිලධාරී තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරනවා – විගණකාධිපති

පුරප්පාඩු වී ඇති විගණන නිලධාරී තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පවසනවා.

ඒ අනුව, ඒ සඳහා සුදුසුකම් ලබා ඇති, දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් කැඳවීමට නියමිතව ඇති අතර, ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වනවිට විගණන නිලධාරී තනතුරු 400ක් පමණ පුරප්පාඩු වී පවතින බවද, මේ හේතුවෙන් විගණන සේවා සිදු කිරීම උපරිම කළමනාකරණයකින් යුතුව කිරීමට සිදුව ඇති බවද විගණකාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

2025 වර්ෂය වනවිට විභාග නිසි පරිදි පැවැත්වීමට වැඩ පිළිවෙළ සකස් කර තිබෙනවා – අධ්‍යාපන ඇමති

2025 වර්ෂය වනවිට විභාග නිසි පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව අද (24) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කරමින් ඇති බවයි.

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ට හා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ට පසුගිය වසරේදී ලබාදුන් දීමනා ලබාදීම සඳහා තමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වාර්තාව සකස් කර අවසන්

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සම්බන්ධ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කර අවසන් බව ඒ සඳහා පත් කළ කමිටුවේ සභාපති, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස්. රුවන් චන්ද්‍ර පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, පාඩුව අවම කිරීමටත්, එසේම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ආකර්ෂණීය සේවාවක් සැපයීම සම්බන්ධවත් අදාළ වන යෝජනා මෙම වාර්තාවට ඇතුළත් කළ බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව, අදාළ වාර්තාව ලබන සතියේදී ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

ඔන්ලයින් කෙටුම්පත : ඇමැති ටිරාන් කියන්නේ බොරු – කෙටුම්පත සම්මත කළොත් ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉවරයි – ආසියානු අන්තර්ජාල සන්ධානය

මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවේදී කියවන ලද ප්‍රකාශයේ සඳහන් ඇතැම් ප්‍රකාශයන් සත්‍ය නොවන බව ආසියානු අන්තර්ජාල සන්ධානය(Asia Internet Coalition-AIC) ප්‍රකාශ කරයි.

තම සන්ධානය දායකත්වය ලබාදී ඇත්තේ නිර්මාණාත්මක සහයෝගීතාව වෙනුවෙන් පමණක් බවත්, පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන ලබාදීමට පෞද්ගලිකව කටයුතු කර නැති බවත් AIC ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ටිරාන් අලස් ඇමතිවරයා කරන ලද ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් AIC මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇති විය හැකි වර්ධනය සහ විදේශ සෘජු ආයෝජන අඩාල කරන බවත් AIC වැඩිදුරටත් සිය බිවෙදනයෙන් අවධාරණය කර ඇත.

“පනත් කෙටුම්පත ගෝලීය හොඳම භාවිතයන් සමඟ පෙළගැස්වීමට නම්, පුළුල් සංශෝධන අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරමු.” යැයි AIC සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ

WhatsApp Image 2024-01-24 at 08.28.46

යෝජිත Online Safety පනත ගැන SMS ජනමත විචාරයක් ඇරඹෙයි

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන පනත් කෙටුම්පත පිළිබඳ මහජන මතය විමසීම සඳහා IT4P තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ එකමුතුව SMS ජනමත විචාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු නම් “OSB YES” ලෙසද, සම්මත ‍නොකළ යුතු නම් “OSB NO” ලෙසද 0767001001 යන අංකයට SMS පණිවිඩයක් යොමුකිරීමට මහජනතාවට හැකියාව තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

විපක්ෂ මැතිවරණ ව්‍යාපාර අඩාල කිරීමට, දූෂණ සිද්ධි වාර්තා කරන මාධ්‍යවේදීන් මර්දනය කිරීමට මෙන්ම, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කිරීමට මෙම පනත් කෙටුම්පත අවභාවිතා කළ හැකි බව අදාළ නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙරට දේශීය තොරතුරු තාක්ෂණ සමාගම් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය Google Apps, Office 365, AWS වැනි ඔන්ලයින් සේවාවන් අදාළ පනත් කෙටුම්පත මඟින් නිර්වචනය කර තිබෙන ආකාරය හේතුවෙන්, එම සේවාවන් ශ්‍රී ලංකාවට සීමා කිරීමේ අවදානමක් පවතින බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අදාළ නිවේදනය සහ දැනුවත් කිරීම පහතින්.

65af7c571042e 65af7c5671792

Online Safety පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තුව අසල මහජන විරෝධතාවක්

Online සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව මහජන විරෝධතාවක් අද (23) උදෑසන පාර්ලිමේන්තු වටරවුම අසලදී පවත්වා තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇහිරීමට හා ව්‍යවසායකයින් සහ නිර්මාණකරුවන්ගේ වෘත්තීන් අනතුරේ හෙළීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාවය සඳහා සමාජ ක්‍රියාකාරීන්, සිවිල් සමාජ සහ මහජනතාව එක්ව සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

65af7f2f9f498 65af7f32f376b 65af7f31023b6 65af7f3025df3

ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණය කරන ලද රථවාහන වැරදි 125 කට අවවාද

ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණය කරන ලද රථවාහන වැරදි 125 කට අවවාද

CCTV කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය 2024.01.22 වන දින ආරම්භ කරන ලදී.

ඒ අනුව, ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණ කරන ලද රථවාහන වැරදි 125 ක් හදුනාගෙන එම වාහන වල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කල බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙහිදි හදුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වී ඇත.

69 ලක්ෂයක් අරන් හදපු අපේ අ‍ාණ්ඩුව බිමට සමතලා කලේ අපේම නායකයෝ – එස්.බී. දිසානායක

69 ලක්ෂයක් අරන් හදපු අපේ අ‍ාණ්ඩුව බිමට සමතලා කලේ අපේම නායකයෝ – එස්.බී. දිසානායක

2023 දෙසැම්බර් මාසයේ උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය 4.2% ක් ලෙස සටහන්ව ඇති අතර එය 2023 වසරේ නොවැම්බර් මාසයේදී සටහන්වී තිබුණේ 2.8% ක් ලෙසයි

මේ අතර 2023 වසරේ නොවැම්බර් මාසයේ -2.2% ක්ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 1.6% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ වාර්තාව පහතින්.

65ae445850b44pdf_page_4

වැඩබලන පොලිස්පතිට එරෙහිව කාදිනල් හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම 31 වැනිදා සලකා බැලේ

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 31 වැනිදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසට අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.

දැනට වැඩබලන පොලිස්පති ලෙස සේවය කරන දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් නෙරපා හරින ලෙසටත්, ඔහු පොලිස්පති ලෙස උසස්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අදාල පෙත්සම කැඳවනු ලැබූ අතර, උක්ත කරුණ සම්බන්ධයෙන්ම තවත් පාර්ශව දෙකක් මගින් ගොනු කර ඇති පෙත්සම් ද 31 වැනිදා කැඳවීමට දින නියම කර ඇති බැවින්, මෙම පෙත්සමද එදිනට කැඳවන ලෙසයි අති‍රේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ.