පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනගෙන් අද දිනයේදී ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනගෙන් අද දිනයේදී ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී මෙම ප්‍රකාශය සටහන් කර ගත් බව ය.

කෙසේ වෙතත්, මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණෙන තුරු බලා සිටි මාධ්‍යවේදීන් මග හරිමින් ඔහු ඉන් පිටව ගිය බව මාධ්‍යවේදීහු පවසති.

57 වන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 06 පැවැත්වෙයි

වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06 දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න සඳහන් කළේ.

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙන්ම 2024 යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙම උත්සවයේ අරමුණ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශය කළේ සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව – මෛත්‍රී

පාස්කු ප්‍රහාරය ගැන සති තුනකට පෙර තමාට ලැබුණූ තොරතුරක් අනුව තමා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අධිකරණකින් තමාට නියෝගයක් ලැබුණහොත් රහසිගත ප්‍රකාශයක් ලබාදීමට සූදානමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

රහසිගතව ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන්නේ, තමාගේ ජීවිතය හා තමාගේ දරු පවුල් පවා විනාශ කිරීමට ඇති හැකියාව නිසා බවද ඔහු සඳහන් කළා.

එය කිසිඳු දේශපාලන මතවාදී හෝ දේශපාලන වශයෙන් ඇති ප්‍රශ්න වලට අදාළ කාරණාවක් නොවන බවත්, මෙය තමා ඉතා අවංකව සිදුකරන ප්‍රකාශයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම දීර්ඝ කෙ​රේ

ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් කළ අතර එය ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස සිය ජන්ම භූමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ අද (24) වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමාමහ පෙළහර පෑම, ශුද්ධෝදන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරිම, රාහුල කුමරු මහණ කරවීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම ද අද වැනි පොහෝ දිනක සිදුව තිබෙනවා.

අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා සංවිධානය කර තිබෙනවා.

ජනාධිපති සමග පැවති සාකච්ඡා සාර්ථකයි – බැසිල්

පසුගිය 21 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ පවසනවා.

මැතිවරණ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගත් නමුත් අවසන් තීරණයකට එළඹියේ නැති බවද, තම පුද්ගලික අදහස නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (22) රාත්‍රියේ සිය පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.

යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ඇරඹේ

යල කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මේ වනවිට ප්‍රධාන ජලාශ 73 ක ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බවයි එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි සඳහන් කළේ.

මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට

අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව, දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකථන අංකය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළු කරන බවයි ඔහු පවසන්නේ.

පොතුහැර පොලිසියේ සිවිල් නිලධාරීන් පොල්ගහවෙල නගරයේ සිට කුරුණෑගල දෙසට එන දුර ගමන් සේවා බස් රථ කිහිපයකට නැග එහි රියදුරු අතින් සිදුවෙන වැරදි දර්ශන ගත කරගන්නා ලදී.

ඊයේ දින සවස හයට පමණ පොතුහැර පොලිසියේ සිවිල් නිලධාරීන් පොල්ගහවෙල නගරයේ සිට කුරුණෑගල දෙසට එන දුර ගමන් සේවා බස් රථ කිහිපයකට නැග එහි රියදුරු අතින් සිදුවෙන වැරදි දර්ශන ගත කරගන්නා ලදී.
ඉන්පසු පොතුහැර දම්බොක්ක ආසන්නයේදී ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම රථ නවත්වා රියදුරන් සිදු කරන ලද වැරදි බව පෙන්වා ඔවුන් සිදුකළ සියළු වැරදි වලට ඉදිරියේ නඩු පැවරීම සඳහා කටයුතු කරන ලදී.
පනාගොඩ සිට මින්නේරිය දක්වා යුද හමුදා නිලධාරීන් සඳහා වෙන් වූ බසයක් තුළ වෙනත් මගේ ඉන්න පටවා ඇති බව සිවිල් නිලධාරීන් ලබා දුන් තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී තහවුරු කරගන්නා ලදී. එම බස් රථයට ද මගීන් ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව මගීන් ගොඩ කර ගැනීමේ වරදට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන ලදී.

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් දරු දැරියන් දැනුවත් කිරීම මෙන්ම රථ වාහන සංදර්ශනය සහ දේශනයක් මොරටුව බෞද්ධ මන්දිරයේදී (22 වැනිදා) පැවැත්විණි .

දර්ශාන් ප්‍රනාන්දු – මොරටුව 0773710807
22/03/2024

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් දරු දැරියන් දැනුවත් කිරීම මෙන්ම රථ වාහන සංදර්ශනය සහ දේශනයක් මොරටුව බෞද්ධ මන්දිරයේදී (22 වැනිදා) පැවැත්විණි .රථ වාහන මුලස්ථාන පොලිසිය ,
ගල්කිස්ස කොට්ඨාශ රථ වාහන අංශය සහ
මොරටුව පොලීසිය රථ වාහන පොලීසිය මගින් මෙය සංවිධානය කරනු ලැබිය .
මෙම අවස්ථාව සඳහා මොරටුව ප්‍රදේශයේ පාසල් 6 ක රිය නියාමකයන් සහ දරු දැරියන් ගුරුවරුන් ගුරුවරියන් සහභාගිවුහ .
මෙම අවස්ථාව සඳහා සහභාගිවු දරු දැරියන් සදහා මාර්ග අනතුරු පිළිබඳව ප්‍රශ්න විචාර කාලයක් පැවැත්විණි .එම අවස්ථාවේ අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ත්‍යාග ලබාගත් අතර මෙම වැඩසටහන සඳහා සහභාගි සැමට සහතිකපතක් ලාබාදිම සහ රිය නියාමකයන් සඳහා කබායන් ලබාදීමට කටයුතු යොදා තිබුණි .
මෙම අවස්ථාව සඳහා මොරටුව සහකාර පොලිස් අධිකාරි තරිඳු අනුරංග ,මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් , මොරටුව රථ වාහන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් කුමාර ,ගල්කිස්ස කොට්ඨාශ රථ වාහන ස්ථානාධිපති සමරජීව යන පොලිස් නිලධාරීන් සහ දරුවන් රැසක් සහභාගිවුහ .