කොල්ලුපිටි​ය බස් ර​ථ අනතුරෙන් පුද්ගලයින් 5 ක් මරුට

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

අද (06) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුවූ අතර එම අනතුරෙන් බස් රථයේ ගමන්ගත් පිරිස තුවාල ලැබුවා.

පසුව ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පොලීසිය කටයුතු කර තිබුණා.

ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමේ

කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිරවී තිබෙනවා.

මේ හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටේ

අද (06) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව මේ වන විට අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් සිටින බවයි සඳහන් වන්නේ.

අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

651f7d4337fb3 651f7d42d29b2

CEYPETCO ආයතනයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහා නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව සාලිය වික්‍රමසූරිය අද (05) සිට පත් කර ඇති බවයි X පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

ආර්ථික අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතුයි – ජනපති

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවයි ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බවද, සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නිවේදනය පහතින්.

651e730ac9bfcpdf_page_0

දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය අවසන් වෙයි

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා වැඩ වර්ජනය දියත් කල දුම්රිය නියාමක සංගමය සමඟ පැවති සාකච්ඡාව සාර්ථකවී තිබෙනවා.

ඒ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම වෘත්තීය සමිතිය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අසනීප නිවාඩු වාර්තා කල උප නියාමකවරුන් මේ වනවිට නැවත සේවයට පැමිණෙමින් ඇති බවත් සවස දුම්රිය ධාවනය උපරිම අයුරින් සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කරමින් ඇති බවයි දුම්රිය දෙපාර්තමේතුව වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කරයි

දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

ඒ අනුව සියලුම සහකාර නියාමකවරුන් දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා කළ යුතු බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන්නේ.

දුම්රි​ය වර්ජනය හේතුවෙන් මගීන් දැඩි පීඩාවට පත්වෙයි

දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගීන් අද (05) උදෑසනද දැඩි පීඩාවට පත් වුණා.

මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකුට සිදුවූ පරහදීමකට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා.

ඡායාරූප උපුටාගැනීම – සමාජ මාධ්‍ය ජාලා

විශ්ව විද්‍යාල අයදුම්පත් භා​රගැනීම අදින් අවසන් වෙයි

2022/23 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් (05) අවසන් වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

පසුගිය සැප්තැම්බර් 14 දින සිට සති තුනක කාලයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාරගැනීම සිදුකෙරුණු බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදින් පසු යළි අයදුම්පත් භාර ගැනීම දීර්ඝ නොකරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් සඳහන් කළා.

11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම්

5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වීමට නියමිතයි.