මිදිගම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මාතර – ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ මාළු වෙළෙන්ඳෙක් වන කැලුම් චතුරංග නැමති 38 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වෙන්නේ.

මාළු ලබා ගැනීමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ද වෙඩි වැදී තුවාල ලබා, ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් රථයක් පෙරළී ගොස් අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද (19) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ දෙසට ධාවනය වන එක් පසෙක මංතීරු දෙකෙන් එක් මං තීරුවක රථ වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ දී විවෘත කෙරේ

කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝ මොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කර තිබෙනවා.

මෙය දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව බවත්, මෙම කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27 ක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම කර්මාන්ත ශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66ea6126dd929pdf_page_0 66ea61282064bpdf_page_1

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පීලි පැනීමක් නිසා දුම්රිය ගමනාගමනයට බාධා

පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

කිරුලපන ප්‍රදේශයේදී මෙම දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරය, කොට්ටාව, නුගේගොඩ සහ පිළියන්දල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් එම රැලි සංවිධානය කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල ඇතිවන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පොලීසියෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

66ea53dea3818

66ea53df1a52c

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක් නිසා දුම්රිය ධාවනයට බාධා

මහව හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව රාගම හන්දිය පසුකර ධාවනය වීමට නියමිත දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොස්ලන්ද කඳු රක්ෂිතයේ ගින්නක්

කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් කොස්ලන්ද කඳු පංතියේ (15) පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න ඊයේ රාත්‍රී කාලය පුරාවටම කඳු රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 10 කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද (16) උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජ’පුර ගැටුම ගැන සජිත් ප්‍රේමදාස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වූ ගැටුම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයින් පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඇති බවට එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිසුන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පැහැදිලිව දන්වා සිටි අදාළ සිද්ධිය, දේශපාලන පක්ෂ දෙකක් අතර සිදු වූ ගැටුමක් බවට ඔවුන් සමාජ ගත කරමින් සිටින අතර එය පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද දායකයින් අතුරින් දහස් ගණනක් නියෝජනය කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බරපතල ලෙස අගතියට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යොමු කළ පැමිණිල්ල පහතින්.

66e7b91228225

ලාංකීය ජනතාව තෝරා පත්කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට සූදානම් – Julie Chung

මෙරට ජනතාව තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට අමරිකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Julie Chung පවසනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ හැකි වැදගත්ම කාර්යය බවයි X පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ.

අදාළ X පණිවිඩය පහතින්.

66e78f66a31a8

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 97% ක් බෙදාහැර අවසන්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 97% ක් මේ වන විට බෙදාහැර අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ සඳහන් කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම පසුගිය 14 වනදා අවසන් වුණා.