නීතිඥ සංගමයේ නිලවරණය මාර්තු 15 දිනට නියම වෙයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා වන  නිලවරණයමාර්තු 15 වන දින  පැවැත්වීමට දින නියම කර ඇති බව එම සංගමයේ ලේකම් නීතිඥ අමල් රන්දෙණිය මහතා පවසයි.

නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා (25) දා පෙරවරුවේ විධායක සභාව රැස්වීමට සංගමය විසින් පියවර ගන්නා ලදී.

සභාපති ධූරය සදහා වන නිලවරණය ඉකුත් 21 වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද විනිසුරුවරුන්ගේ සංගමය තේරීම්භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වීම හේතුවෙන් නිලවරණය දින නියමක් නොමැතිව කල්දැමීමට තීරණය විය.

ඒ අනුව විනිසුරුවරුන්ගේ සංගමය නොමැතිව එම කටයුතු පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අද (25) දිනයේදී විධායක සභාව රැස්වී සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

මේ අතර සභාපති ධූරය සඳහා යූ.ආර්. ද  සිල්වා , අනුර මැද්දේගොඩ, ආර්.සංඝරාජා යන නීතීඥවරු තරග වදින බවනීතීඥ සංගමයේ වත්මන් සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම නිලවරණයේ තේරීම්භාර නිලධාරීවරුන් ලෙස කටයුතු කරනු ලබන්නේ  දිසා විනිසුරුවරුන්ය.

කෙසේවෙතත්  පසුගියදා මඩකළපුව දිස්ත්‍රික්කයේ නීතීඥවරයෙකු මහාධිකණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදිහත් වු බවට චෝදනා කරමින් විනිසුරුවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

මමත් එහි සභාපති ධූරය සදහා අපේක්ෂකයෙකු ලෙස තරග වදිනවා

සාකච්ඡා කළේ නිරාශා පියවදනි

උදය රොහාන් ඩී සිල්වා නාමය ඔබට තරමක් නුහුරු නුපුරුදු වුණත් යූ. ආර්.ඩී සිල්වා නාමයනම් අපේ නීතිඥ ප්‍රජාවට කොහෙත්ම නුහුරු නැහැ. මෙරට ආන්දෝලනාත්මක නඩු රැසකට සම්බන්ධව කටයුතු කළ ඔහු මේවන විට නීති ආධාර කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස ද කටයුතු කරන කීර්තිමත් නීතිඥවරයෙක්.  වෘත්තිය ජීවිතේ සුවිශේෂි කඩඉමකට සූදානම් වෙන මේ මොහොත් බොස්ටන් ලංකා සමග සම්බන්ධ වෙමින් ඔහු සිය අදහස් පළ කර සිටියේ මෙලෙසින්.

මොකක්ද මේ පනින්න හදන පිම්ම?

2017 ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙවත් Bar Association හි වාර්ෂික නිලවරණය පෙබරවාරි 21 වනදා පැවැත්වෙනවා. මමත් එහි සභාපති ධූරය සදහා අපේක්ෂකයෙකු ලෙස තරග වදිනවා.

ඇත්තටම මොකක්ද මේ නීතිඥ සංගමය කියන්නෙ?

සාමාන්‍යෙයන්  නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දෙන ඕනෑම අයෙකුට මෙම සංගමයට සම්බන්ධ විය හැකියි. නමුත් නිලවරණයකදී වාර්ෂිකව තම සාමාජිකත්වය යාවත්කාලීන කළ අයට පමණයි තම ඡන්දය ලබා දිය හැක්කේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වය වාර්ෂිකව යාවත්කාලීන කළ යුතුයි. බොහෝ පිරිස් මුල් කාලයේදීම මේ සංගමයට සම්බන්ධ වුණාට පසුව එය අලුත් නොකරන නිසා එය නාමික සාමාජිකත්වයක් පමණක් බවට පත්වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට වළංගු ඡන්ද සංඛ්‍යාව 13000 ක් වන අතර ඒ අතරින් 8000ක් කොළඹ දිස්ත්‍රික්කයට අයත්. ඉතිරි 5000 පිරිස නියෝජනය කරන්නේ ලංකාවෙ වෙනත් දිස්ත්‍රික්ක වලින්.

සාමාන්‍ය ජනතාවත් එක්ක නීතිඥ සංමය සතු සබදතාව මොන වගේද?

ඇත්තටම නීතිඥ සංගමය හුදු වෘත්තීය සංගමයක් නෙවෙයි.ඊට වඩා පුළුල් දෘෂ්ටි කෝණයකින් ක්‍රියාත්මක වන්නක්. මේ වන විට මහජනයා  වෙනුවෙන් ක්‍රියාත්මක වීම මන්දගාමී වී තිබුණත් යම් යම් පොදු කාරණා සම්බන්ධයෙන් මහජනයාගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක වීමට නීතිඥ සංගමය කටයුතු කරනවා.

මෑතකදී අපේ පාසල් ශිෂ්‍යාවක් මහපාරෙ වැහි වතුරෙන් පිරී ඉතිරී ගොස් තිබූ කාණු වලකට වැටිලා බෝක්කුව දිගේ ගහගෙන ගියා. අැගේ ජීවිතහානි සිදු වූ අවස්ථාවේ එම නගර සභාවට එරෙහිව කටයුතු කරමින් ඇගේ පවුලේ අයට යම් සාධාරණත්වයක් ඉටු කිරීමට අපි පියවර ගත්තා.

ජනතාව පීඩා විදින එවැනි පොදු ප්‍රශ්නවලදි මීට වඩා සක්‍රීයව දායක වෙන්න ඉදිරියේදි කටයුතු කරනවා.

ඒ වගේම මම ලේකම් ධූරයේ කටයුතු කරන කාලයේ මහජනයා වෙනුවෙන් නීති ආධාර කමිටුවක් පිහිටෙව්වා. පසු කාලීනව එහි ක්‍රියාකාරී බව අඩු වී ගියා.

නමුත්දැන් නිතිඥ ප්‍රජාවට පහසුවෙන් එය කළ හැකි අවස්ථාවක් තමයි නීති ආධාර කොමිෂන් සභාව.එය ඉතාමත් ප්‍රබල ලෙස ක්‍රියාකාරී ආයතනයක්. දිවයිනේ පිහිටි සෑම අධිකරණයකම එහි ශාඛා තිබෙනවා. ඔනෑම කෙනෙකුට එම ශාඛා හරහා සේවය ලබා ගන්න පුළුවන්.

ඔබ මුලින්ම නීතිඥ සංගමයට සම්බන්ධ වූ යටගියාව සිහිපත් කලොත්?

මම මුලින්ම නීතීඥ සංගමයට සම්බන්ධ වුණේ 2000 වසරෙදි.  එවකට සභාපති ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න මහතා මට සමාජ සහ සුභසාධක කමිටුවේ සභාපති ධූරය මට බාර දුන්නා. ඒ තුළින් මට යම් යම්  යහපත් වෙනස්කම් කිහිපයක් කරන්න හැකි වුණා.

මගේ සංකල්පයකට අනුව අපි කණිෂ්ට නීතිඥවරුන්ගේ සේවා ස්ථානවලටම ගිහින් නීතිඥ සංගමේ වැඩ භාර දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඒ අනුව ඔවුන් වියදම් දරාගෙන කොළඹ එන්න ඕන නෑ. Members Welfare Society  නමින් හැදින් වූ එම අංශය මගින් මා හැකිතාක් මගේ සේවය ලබා දුන්නා.

ගමන එතනින් නැවතුණේ නැහැ?

2002 වසරෙදි නීතිඥ සංගමේ භණ්ඩාගාරික ලෙස තේරී පත් වීමට මට හැකිවුනා. එලෙස ලැබූ පන්නරය සමගින් ඡන්ද වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින්2008 වසරේදි නීතිඥ සංගමයේ ලේකම් ධූරයට තේරී පත් විමේ භාග්‍ය ලැබුණා. එවක සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළේ ජනාධිපති නීතිඥ ඩබ්.දයාරත්න මහත්මා. එතුමාගේද සහය සමගින් 2008 වසරෙ සිට 2010 දක්වා විශාල වැඩ කොටසක් කිරීමට මට හැකි වුණා.

2008 -2010 කාල පරාසය සංගමයේ පරිවර්තන යුගයක් ලෙස දුන්වන්න පුළුවන්. කණිෂ්ට නීතිඥවරුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව සොයගෙන ගොස් ඔවුන්ගේ දුක් ගැනවිලි වලට සවන් දී ඔවුන්ට නොමිලේ නීති ආධාර ලබා දීමේ හැකියාව ලැබුණා.පසුව අපේ නීති ප්‍රජාව බොහොමයක් පිරිස් 2010 වසරේදි මගෙන් ඉල්ලුවා සභාපති ධූරය වෙනුවෙන් තරග කළ යුතුයි කියා. නමුත් මා එකල තරග වැදුණෙ නැහැ.

ඒ ඇයි?

මා සිතුවා මා ඉක්මන් විය යුතු නැහැ කියා. සභාපතිධූරයට හිමිකම් කීමට නම් යම් පරිණතභාවයක් අවශ්‍යයි. සමාජයේ විවිධ ආයතන සමග සන්නිවේදන සම්බන්ධතා තිබිය යුතුයි.මෙය දේශපාලනයෙන් තොර වු අංශයක් වුවත් අපි ඒ ඒ වකවානු තුළ ක්ෂේත්‍රෙය් සිටින දේශලාලනඥයන් කව්ද ඔවුන් සමග කටයුතු කළ යුත්තේ කෙසේද කියා මනා අවබෝධයකින් සිටිය යුතුයි. මා සිතුවා මම ඒ පරිණතභාවය ලබා ගැනීමට තව කල් ගත යුතුයි කියා.

1983 වසරෙන් ඇරඹි වෘත්තීය ගමන් මග තුළ පසු කළ සුවිශේෂ කඩඉම් සදහන් කළොත්?

මා කණිෂ්ඨ නීතිඥවරයෙකු ලෙස සේවය කරන කාලෙ මුදල් ගෙවීමට නොහැකි අය වෙනුවෙන්  රජයෙන් පත් කරන  නීතිඥවරයෙකු ලෙස මහාධිකරණයේ කටයුතු කිරීමේ අවස්ථාව උදා වුණා. එහිදී මම ප්‍රථමයෙන් මිනිමැරුම් නඩුවක් වන සිංහාරමුල්ලේ නඩුවට පෙනී සිටියා.

එහි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ගැනීමට හැකි වීමත් සමග එය මගේ වෘත්තීය ජීවිතේ පරිවර්තනයක් ඇති කළා.මේ වන විට මම ත්‍රිපුද්ගල විනිශිචය සභා නඩුවල වැඩිම වාර ගණනක් පෙනී සිටි නීතිඥවරයා ලෙස නමක් දැනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

හර්ෂ අබේවර්ධන ඝාතන නඩුව, තෝමස් කුක් මංකොල්ලකෑම් නඩුව, ත්‍රීමා විතාන ඝාතන නඩුව වැනි රටේ ආන්දෝලනාත්මක  නඩුකර වලට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ වගේම මෑත කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ කහවත්තේ ඝාතන නඩු ජාලයේ එක් නඩුවක් සදහා පෙනී සිටි අවස්ථාවත් සුවිශේෂයි.

එහිදී වෙනත් අයෙකු කළ අපරාධ මොවුන් සිදු කළ බවට නීතිපතිතුමා විසින් ඔවුන්ට අධී  චෝදනා පත්‍ර භාර දී එම විත්තිකරුවන්ට අසාධාරණයක් වී තිබුනා. එහිදී ඝාතනය වූ පිරිසගේ රුධිරයේ   වෙනත් අයෙකුට ගැලපෙන ඩීඑන්ඒ සාම්පල තිබුණා.ඒ සම්බන්ධ ඩීඑන්ඒ වාර්තාවක් මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් වී තිබුණත් නීතිපතිතුමාට ඉදිරිපත් වී තිබුණෙ නැහැ. අපිට හැකි වුණා එම ඩීඑන්ඒ වාර්තව සහ වෙනත් සාක්ෂි හරහා මෙම ඝාතනය වෙනත් පුද්ගලයෙකු විසින් කරන ලද්දක් බව සනාථ කර දී නඩුව ජය ගැනීමට.

IMG_3821A

නිලවරණයෙන් ජය ලැබුවොත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අනාගත සැලසුම් මොනවද?

අපේ නීතිඥ ප්‍රජාව ඉල්ලන්නෙ බොහොම සුළු දෙයක්. එදිනෙදා නීති වෘත්තියේ නියෙලෙන්න තිබෙන බාධාවන් ඉවත් කර යහපත් පරිසරයක් ගොඩනගා දීම තමයි ඔවුන්ගේ ඉල්ලා සිටින ප්‍රධානම කාරණය.

යහපත් පරිසරයක් යනුවෙන් අදහස් කරන්නෙ නීතිඥවරයෙකුට වෘත්තියේ නියලෙන කාලසීමාව තුළ රැදී සිටීමට ස්ථානයක් සේවාදායකයන් මුණ ගැසීමට තැනක්  පොලිසියකට ගොස් සේවා දායකයන් වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් වැනි දේ මග හැරී ගොස් තිබෙනවා.

දැනට තිබෙන තත්ත්වය අනුව ගැසට් පත්‍රයක් මගින් පමණයි නීතිඥවරයෙකුට පොලිසියට ගොස් සේවා දායකයින් සදහා පෙනී සිටීමේ අවස්ථාව ලැබෙන්නෙ. දැනට සේවාදායකයෙකුට නීතිඥයෙකු හමුවිය හැක්කේ පොලිසියට සියලු කටඋත්තර ලබා දීමෙන් පසු පමණයි.

නීතිඥවරුන් පොලිසියෙ අය හදුනනවනම් එතනට යන්න බාධාවක් නැහැ. නමුත් එසේ නොවන අවස්ථාවල  ඔවුන් කියන්නෙ නීතිඥවරයෙක් පොලිසියට ඒම සම්බන්ධ නීතියේ ප්‍රතිපාදන නැහැ කියා.

නමුත් මම ඒකට විරුද්ධ මතයක් මම ගොඩනැගුවා. මගේ අදහස වුනේ යම් කෙනෙක් අත්අඩංගුවට ගත් වහාම නීතිඥවරයෙකුගේ සහය ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි කියා.

තවත් ප්‍රධානතම කාරණයක් තමයි නඩු ප්‍රමාද වීම. එහිදී මගේ අදහස් වලින් ප්‍රධානම එකක් ලෙස සදහන් කරන්න පුළුවන් Pre trial stage .

දිනපතා නඩු අහලා ඉවර කරන්න කියන සංකල්පය ප්‍රාෙයා්ගික නැහැ. නමුත් එය කිරිමට පෙර මේ නඩුවට සූදානම් වෙලා තිබෙනවද, ඒවට අවශ්‍ය සහකරුවන් ඉන්නවද, භාණ්ඩ තිබෙනවද නැද්ද වැනි කරුණු රැසක් ගැන සොයාබැලීමෙන් අනතුරුව සාකච්ඡා වාරයකින් හෝ කෙටි ක්‍රමයකින් අවසන් වෙන්නෙ නැත්නම් විතරක් දීර්ඝ නඩු විභාගයකට යන්න පුළුවන්.

විශාල වශයෙන් පිරිස නීති වෘත්තියට පිවිසීම අනාගතයේදී සයිටම් ගැටළුවේ දිගුවක් නොවේවිද?

ඉස්සර නීතිඥවරයෙක් බිහි කළේ නීති විද්‍යාලය සහ සරසවි නීති පීඨය පමණයි. එකල මෙය Nobel Profession යනුවෙන් හැදින්වුයෙ එනිසයි. නමුත් මේ වන විට නීති උපාධිය ලබා දෙන පුද්ගලික ආයතන රැසක් බිහි වෙලා තිබෙනවා.

ඇත්ත වශයෙන්ම  එය ගැටළුවක්. මෑතකදී 800ක් පමණ නීතිඥ සංගමයට බැදුණා.තවත් 1000ක් එන්න ඉන්නවා. මේ වගේ තත්ත්වයකදී ඔවුන්ගේ අනාගතය කොයි වගේ වේවිද?ඔවුන් නිරපරාදේ මහේස්ත්‍රාත් අධිකරණයකට හෝ දිසා අදිකරණයකට ගිහින් හිටගෙන සිටීමෙන් ඔවුන්ට සෙතක් වෙයිද වගේ ගැටළු ගැන අපි සාකච්ඡා කරමින් සිටිනවා.

එවැනි ගැටළුවලට පිළියමක් නොලැබුණොත්  ඔවුන් අනිතික ක්‍රියා වලට පෙලඹීම වළක්වන්න බැහැ.

මල් මාලා පපර බෑන්ඩ් නැතිව ලෝක කුසලාන සිහිනය ජයගත් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම

සිය සිතේ සවියේ බල මහිමය විදහා දක්වමින් ලෝක කුසලාන සිහිනය ජයගත් ශ්‍රී  ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට්  කණ්ඩායම  ඊයේ (15) අලුයම මව්බිමට ළගා විය.  

ජාත්‍යන්තර කීර්තියක් රැගෙන මෙරටට පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා දේශපාලන බලධාරීන් හෝ වගකිවයුතු මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුත් සහභාගී නොවූ බව වාර්තා වේ. 

පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගන පහසුකම් ලබා ගැනීමේදී සහ ගුවන් ටිකට් පත් සකස් කර ගැනීම සම්බන්ධයෙන්  උද්ගත වූ ගැටලූ රැසක් හේතුවෙන් මෙවර ඉන්දියාවේ පැවති පන්දුවාර විස්සයි විස්ස දෘෂ්‍යාබාධිත  තරගාවලියට සහභාගි වීම ද ඔවුන්ට අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත කර තිබුණි.

 කොළඹින් පිට ඈත ගම් දනව්වල සිටින දෘෂ්‍යාබාධිත  ක්‍රීඩකයින් සහ මානුෂීය මෙහෙයුමේදී  ආබාධවලට ලක් වූ සෙබළුන් ද  මෙවර ඉන්දියාවේ පැවති පන්දුවාර විස්ස දෘෂ්‍යාබාධික ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලියට සහභාගී වී ඇත. 

අවසන් පූර්ව වටය දක්වා පිවිසි ශ්‍රී  ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙහිදී නව ලෝක වාර්තා දෙකක් පිහිටුවීමටද  සමත් වී ඇත. 

එසේම සුරංග සම්පත් ශතක 5ක් රැස් කරමින් බී තුන කාණ්ඩයේ තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ලක් මාතාවට තවත් ගෞරවයක් අත්කර දෙමිනි.

වැඩි මිලට සහල් විකුණන සියලු වෙළෙඳ සැල් වලට එරෙහිව නීතිමය පියවර

වැඩි මිලට සහල් විකුණන සියලු වෙළෙඳ සැල් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා අධිකාරියට තමා නියෝග කළබව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පැවසීය.

ඒ අනුව සහල් වැඩි මිලට විකුණන සියලු වෙළෙඳ සැල් සහ ගබඩා පරීක්ෂා කර අද සිට නීතිය තදින් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

හෙතෙම මේ බව කියා සිටියේ අද (පෙබරවාරි 13) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් සහල් කිලෝ එකක් රුපියල් 66.00ට දිය යුතු බවට තීරණය කළ බවත් වෙළෙන්දන් පැත්තෙන්  සළකා බලා සහල් ආනයනයේ දී තිබෙන බද්ද රුපියල් 15.00 දක්වා අඩු කළ බවත් එම අවස්ථාවේ දී වෙළෙන්දන් තමන්ට  රුපියල් 75.00 බැගින් පමණක් දිය හැකි බව සදහන් කල බවත් හෙතෙම කීය.

නැවත තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් ඇමති රවී කරුණානායක මහතා, මලික් සමරවික්‍රම මහතා ඇතුළු අමාත්‍යවරු සාකච්ඡා කර බදු මුදල රුපියල් 5.00 දක්වා අඩු කළ බවද ඒ අනුව සහල් කිලෝ එකක් රුපියල් 66.00 ක මුදලකට අළෙවි කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම සහල් සදහා පාලන මිලක්  තිබෙන බවත් වෙළෙන්දන් කිසිවෙකුත් පාලන මිලට සහල් අලෙවි නොකරන බවත් ඔවුන් සහල් වැඩි මිලට විකුණන බවත් හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ රජයට සහල් ආනයනය කර වෙළෙඳපොළ මිල පාලනය කළ හැකි වුව ද රටේ ගොවියා හා වෙළෙන්දන් ගැන සිතා සහල් ආනයනය නොකළ බවයි. නමුත් ඉදිරියේ දී සහල් තොග සඟවා සහල් මිල කෘතිම ලෙස ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් කටයුතු කරනවා නම් සහල් තොග ආනයනය කිරීමට නොපමාව කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම ‘‘සතොස ශාඛා 320ක් දිවයින පුරා තියෙනවා යැයිද සතොස මගින්  පාරිභෝගිකයන්ට පාලන මිලට එනම් උපරිම රුපියල් 66.00 බැගින් සතොස ශාඛා මගින් මිලදී ගත හැකි යැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

සයිටම් ප්රශ්ෙනට ජනපති මැදිහත් ෙවයි

මාලඹේ ‘සයිටම්’ පෞද්ගලික වෛද්ය විද්යාලය මුල්කර ගනිමින් උද්ගත වී ඇති ප්රශ්නයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට සාධාරනත්වය ඉටුකෙරෙන විසඳුමක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.

පෞද්ගලික වෛද්ය විද්යාලයට විරෝධය පළ කරන සරසවි ශිෂ්යයන් පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපතිවරයා ‘පන්ති වර්ජනය නොකරනමෙන්’ඔවුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
‘විශ්ව විද්යාලවල විශේෂයෙන් වෛද්ය පීඨවල දරුවන්ගේ අනාගතයට කිසිදු ආකාරයක බාධාවක් සිදුවීමට ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ.වෛද්ය විද්යාලවල මෙන්ම අනිකුත් සියළු පීඨවල වෙනත් සියළු විෂයයන් හදාරන දරුවන්ගේ නිදහස් අධ්යාපනය සහතික කිරීමට අපි කටයුතු කරනවා’ ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.

විශ්ව විද්යාලවලට ඇතුල්වීමට සුදුසුකම් ලබා ඇතත් ඒ සඳහා අවස්ථාව නොලැබෙන සිසුන් පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා ‘එවැනි තත්වයක් යටතේ වසරකට හැත්තෑ පන්දහසක් හෝ අසූ දහසක් පමණ සිසුන් විදේශ සරසවිවලට ඇතුළත් වෙන’ බවත් සඳහන් කළේය.

අධ්යාපනයේ ප්රමිතිය සම්බන්ධයෙන් සිය රජය සියලු පියවර ගන්නා බව සඳහන් කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන ‘මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය සම්බන්ධයෙන් ගැටුමකට නොයා යුතු අතර රජයක් හැටියට එය සාධාරණව විසඳන බව’ ප්රකාශ කළේය.

මම ඉදිරි දිනවලදී වෛද්ය පීඨවල දරුවන්ගේ දෙමව්පියන් ඒ වගේම සරසවි ආචාර්යවරුන් මෙන්ම මාලඹේ වෛද්ය විද්යාලයේ භාරකරුවන් සහ එහි ඉගෙණීම ලබන දරුවන්ගේ දෙමව්පියන් සමඟත් සාකච්ඡා කරනවා. ඒ අනුව සියලු දෙනාට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරලා ආණ්ඩුවක් විධියට ප්රශ්නය විසඳීමට පියවර ගන්නවා’ ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මාලඹේ ප්රහ්නය සම්බන්ධයෙන් ‘තමා කිසිදු පාර්ශ්වයක් නොගන්නා බව සඳහන් කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මධ්යස්ථව සෑම දරුවකුටම සාධාරණත්වය ඉටුකිරීමට කටයුතු කරන’ බවත් කියාසිටියේය.

ස්තුතිය: බීබීසී සිංහල ෙස්වය

සයිටම් සටන අන්තර්ජාතික තලයට

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන “අන්තර්ජාතික තලයට” ගෙනයාම සඳහා කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  මාධ්‍ය ෙවත අදහස් දක්වමින් කියා සිටිෙය් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ලෝක සම්මේලනයට (World Federation For Medical Education) සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව දැනුම්දීමට කරුණු සළකා බලමින් සිටින බවය.

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් පිළිබඳව අන්තර්ජාතික නියාමන සකස් කරනු ලැබ ඇත්තේ එම සම්මේලනය විසින් බව ඔහු පවසයි.

සයිටම් වෛද්‍ය විද්‍යාලය අධිකරණයේ පිළිගැනීමට ලක්වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ සියලු දෙනා “සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින්නන්” වීම හේතුවෙන් එහි ප්‍රමිතිය පිළිබඳව නිවැරදි කරුණු අධිකරණයට දැනුම්දී නොමැති බවය.

“මෙතන වගඋත්තරකරුවන් හයදෙනෙක් හිටියට ඇත්තටම සෞඛ්‍ය ඇමතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා, අනිත් වගඋත්තරකරුවා තමයි සයිටම් ආයතනය, ඊට පසු උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා. මේ සියලුදෙනාම සයිටම් වෙනුවෙන් තමයි පෙනී හිටියේ.” යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේය.

තම සටන පිළිබඳව දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා ආරම්භකර ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් පැවසීය.