President declare open Parliamentary session on January 3rd

The Fourth Session of the Eighth Parliament will be ceremonially declared open on January 3 at 10 am under the patronage of the President Gotabhaya Rajapaksa. Given that Article 70 (1) of the Constitution gives the President the power to rescind Parliament, the President decided to end the term of Parliament issuing a special gazette notification on the 2nd of December 2019. The new Parliamentary session on the 3rd will commence with the arrival of the invitees at 9.00 a. m. The arrival of the members of Parliament will take place first followed by the arrival of the Speaker of Parliament Karu Hayasuriya, Prime Minister Mahinda Rajapakse and President Gotabhaya Rajapakse

Speaker Karu Jayasuriya and the Secretary General of Parliament Dhammika Dasanayaka will welcome HE the President Gotabhaya Rajapakse at the main staircase of the Parliament building followed by hoisting of the National flag by the President. Proceeding forth, the 21 gun salute will take place in honour of the President. The President will be accompanied House of Parliament by the Serjeant-at-Arms, Deputy Serjeant-at-Arms, Assistant Serjeant-at-Arms followed by the Speaker of Parliament and the Secretary General of Parliament where the session will be ceremonially declared open.

The President is scheduled to chair the inaugural meeting at 10.00 a. m and the statement of the new Government’s policy as provided by Article 33 (2) of the Constitution will be read by the president. The President will adjourned the Parliamentary Session following the presenting of the policy statement. The Parliament has been adjourned more than 50 times since 1947. 25 parliamentary sessions have been held only after 1978. The First Session of the First Parliament was held on the14th of October 1947. It was ceremonially opened and presided over by Governor Sir Henry Monck-Mason Moore. He delivered the throne speech, which was debated by Parliament and passed by a vote of thanks.

The Third Session of the Second Parliament was inaugurated by Queen Elizabeth II. She ceremonially inaugurated the session on the 12th of April 1954. The throne speech was read by the Queen and no debate was brought forth with regard to the throne speech presented by the queen. Later, the new session of Parliament was inaugurated with or without the conduct of inaugurating ceremonies. With the enactment of the new constitution in 1978, the government’s policy statement given by the president replaced the throne speech at the beginning of the new sessions

ඩ්‍රීම් වොයිස් මගේ සංගීත පිපාසාවට දිය දෝතක් ” හසන්තිකා බිනේෂනී

හසන්තිකා බිනේෂනී කොඩිතුවක්කු මෙවර සිහිනයක ස්වරය නොහොත් Dream Voice රියලිටි තරඟාවලියේ පස්වන  වාසනාවන්ත ජයග්‍රාහිකාව බවට පත් විය. සිංහල ඉංග්‍රීසි මෙන්ම හින්දි භාෂාව ලිවීම කියවීම මැනවින් ප්‍රගුණ කළ නිසාවෙන් ඇයට මෙම භාෂා ත්‍රිත්වයේම ගීත හොදින් ගායනා කිරීමේ හැකියාව ඇත. උසස් පෙළ ප්‍රතිඵලයටත් පෙර සංගීත විශාරද උපාධිය. ලබා  ගන්නා ඇයට විවාහයෙන් පසුව විදේශ ගත වීමට සිදු වන නිසා සංගීතයෙන් මදක් ඈත් වන්නට සිදුවිය. මේ වන විට සුරතල් දියණියක් දෙදෙනෙක්ගේ මවක් ගෘහනියක්ව කටයුතු කරන්නීය. සියල්ල සමඟ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට නවමු වින්දනීය ආශ්වාදයක් ලබා දුන් ඩ්‍රීම් වොයිස් වේදිකාවේ තවත් ජයග්‍රාහිකාවක් ගලායන ජීවිතයේ ස්වර වැයුම ගැන අදහස් දැක්වුයේ මෙලෙසිනි.
“මේක මගේ පළමු රියලිටි අත්දැකීම. වසර 14ක් දැන් විදෙශ් ගත වෙලා. හිරවෙලා එක්තැන් වෙලා විනෝදාංශයක් පමණක් වෙලා  තිබුණ මගේ සංගීත හැකියාව නැවත එළියට ගන්න ඩ්‍රීම් වොයිස් වේදිකාව ඉවහල් වුණා. මල්ලිගෙ යාලුවෙක් මම කියන ගීතයක් දැකලා මල්ලිට කියලා  තිබුණා මෙහෙම තරඟයක් තියෙනවා කියලා. එහෙමයි ඩ්‍රීම් වොයිස් එකට අයදුම් කළේ. මම ඇත්තටම මෙය සංවිධානය කළ චිත්‍රාල් ද මේල් මහතාට සහ එම මහත්මියට ස්තුතිවන්ත වෙනවා. ඩ්‍රීම් වොයිස් මගේ සංගීත පිපාසාවට දිය දෝතක් බවට පත් වුණා. ඒවගේම මගේ හැමදේම මගේ මහත්තයා ගයාන් චතුරංග කොඩිතුවක්කු. ඔහු ගණකාධිවරයෙක්. එයා නැත්නම් මේ දේවල් මෙහෙම සාර්ථකව කර ගන්නත් බැහැ.

Kadulu Bidak

OLYMPUS DIGITAL CAMERA

මෙතැනට එන්නට නිසි ගුරුහරුකම් ලබා දෙන්නේද සුවහසක් දරුවන්ට නිසි පාර පෙන්වූ දෙපලකි. ඔවුන් අනෙක් දරුවන්සේ සිය දරුවන්ටද පොතපතේ මෙන්ම කලාවේ අධ්‍යාපනයද නියමාර්යෙන් ලබා දුන් නිසා හසන්තිකා මෙන් නිර්මාණශීලි සම්පුර්ණ දරුවෙක් බිහිවී ඇත. ඒ කතාව,
“මගේ පියා පියා සරත් අතපත්තු විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. අම්මා විශ්‍රාමික ගුරු උපදේශිකාවක්. මට ඉන්නේ අක්කයි මල්ලියි. පොඩි කාලේ අම්මා රෑට කෑම හදනකල් තාත්තා අපි තුන් දෙනාව එකතු කරගෙන ගීත ගායනා කරනවා. ඔහු සංගීතයට පුදුමාකාර ලෙසින් ලෙන්ගතුවූ චරිතයක්. ගීත ලියන්න වගේම තනු යොදන්නත් වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවත් ඔහුට තිබුණා. තාත්තා තමයි අපි තුන් දෙනාව සංගීතයට යොමු කළේ. පුංචි කාලෙම විශාරද මාලනී බුලත්සිංහල මියගේ පංති ගියා ඔතනදි අපි විවිධ ප්‍රසංග රුපවාහිනී වැඩසටහන් වලටත් සම්බන්ද වුනා. සාමාන්‍ය පෙළට සංගීතය විෂයක් ලෙස මම ගන්නවා මෙතැනදී නිතා මංගලිකා සහ ඉන්ද්‍රනී යන පාසල් ගුරු දෙපළත් දුන් ගුරුහරුකම් බොහොමයි. ඔය කාලේදී පාසලේ විවිධ තරඟ, අන්තර් පාඨශාලා තරඟ, සමස්ත ලංකා තරඟ වලින් ජයග්‍රහණ රාශියක් ලබා ගත්තා.පසුව සමිතා මුදුන්කොටුව මියගේ පියා ආචර්ය ප්‍රේමදාස මුදුන්කොටුව සර් ගෙන් සංගීතය හැදෑරුවා. ඔතනදි මම සංගීත විශාරධ විභාගේ සමත් වෙලා 1999 උපාධිය ලබා ගන්නවා. පසුව උසස්පෙළට අනුලා විදුහලට ඇතුලත් වුණා. සංගීතයට තියෙන ආශාව නිසාම කලා විශය ධාරාවෙන් උසස් පෙළ සමත්ව ජයවර්ධනපුර වි.වි. ඇතුලත් වුණා. උසස් පෙළ අපේ ගුරුවරිය ලෙස කටයුතු කළේ විශාරද දීපිකා ප්‍රියදර්ශනී මිය. විශ්ව විද්‍යාලයේදීත්  සංගීතය අනු විෂයක් ලෙසින් හදාරමින් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදන උපාධියක් ලබා ගත්තා. හරිම සුන්දර මතක නම් ගොඩයි. කොහොමහරි පස්සේ චිත්‍රපට සංස්ථාවේ සේවය කිරීමට අවස්ථාවක් ලැබුණා. එහෙම ඉන්නකොට මට සංගීත ගුරුපත්වීමකුත් ලැබුණා. ඒත් ඒ වෙද්දී විවාහ වෙලා විදේශ ගත වීමට තීරණය කරලා තිබුණ නිසා ඒ දේවල් දාලා මෙහෙ එන්න සිද්ධ වුණා.
With mom, malli & akkiBandRupavahihi2Cruise
ඔවුන් එලෙස මිට වසර 14කට පෙර බොට්ස්වානා බලා පියාසර කරන අතර එතැනින් බර්මියුඩා සිට මේ වන විට කැනඩාවේ ටොරොන්ටෝහි මිසිසාගා වල ජිවත් වෙයි. අද ඇයගේ බාල සොහොයුරා සංගීත නිපුන් ශාස්ත්‍රපති අසිත් චනුෂ්ක අතපත්තු සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජේයෂ්ට කථිකාචාර්යවරයෙකව කටයුතු කරමින් ඔවුන්  ඉගෙන ගත් දේ දැයේ දරුවන්ට බෙදා දෙන්නේය. ජිවතය මෙසේ ගලා යද්දී, සංගීතය ඔවුනොවුන්ගේ ජීවිතය වෙලා ගනිද්දී, මේ සියල්ල ඉටු කල දෙමවුපියන් දෑස් දල්වා ඔවුන් දෙස සතුටින් බලා සිටින්නේය. හසන්තිකා සහ ගයාන්ගේ පුංචි සමනළියන් තෙනුකි සහ සෙනුලි  දෙදෙනා ද ගයන්නට දක්ෂය. පරම්පරා කිහිපයකටම සංගීතය මෙසේ සම්මිශ්‍රණය වීම හරි අපූරුය. ඩ්‍රීම් වොයිස් නොදැනුවත්ව තවත් එක් උදාර කටයුත්තක් මෙතැනදී උරදී ඇත. ඒ මෙම තරඟාවලිය දෙස බලා සිටින තෙනුකි සහ සෙනුලි දැන් සිංහල ගීත ගයන්නට ප්‍රිය වන්නියන් බවට පත්ව හමාරය.  සිංහල අපේකමට ද ඩ්‍රීම් වොයිස් එලෙසින් මාවතක් විවිර කර ඇත.
Profile Picture
මෙපමණකට දක්ෂව මෙපමනකටම උගත් ඈ ට ජයග්‍රාහී කිරුළ ගිලිහුණේ ඇයි යන්න ප්‍රශ්නකි, එයට ද ඇය සතු පිළිතුරකි. “විනිශ්චය මණ්ඩලයට මම ගරු කරනවා. ඔවුන් සාධාරණ විනිශ්චයක් ලබා දුන්නා. තරඟ කරුවන් සියල්ලෝම අති දක්ෂයි. එම අවස්ථාවේ තිබුණ චකිතය නිසා මට මගේ උපරිමය එළියට දෙන්න බැරි වුණා කියලා මට හිතෙනවා. මගේ උපරිමය පෙන්වන්න නොහැකි වීම ගැන පොඩි දුකක් තියෙනවා. නමුත් බොහෝ කලකට පසු මගේ ගායනයට නැවත පණක් ලැබුණා.  ඒ ගැන හරිම සතුටුයි”.
හෙට දවස ගැන හසන්තිකගේ හිතේ නැගෙන්නේ මෙවැන්නකි. ” මගේ සැමියා මට මගේ නමින් යු ටියුබ් චැනලයක් සකස් කර දීලා තියෙනවා.ඒ ඔස්සේ මේ දින වල කවර්ස් වගයක් කරලා තියෙන්නේ.  Boston Lanka එකෙනුත් අපේ ගීතයක් කිරීමට අවස්ථාව ලබා දී තියෙනවා. ඒ ගමන් මගේ මල්ලි එක්ක එකතු වෙලා මගේම නිර්මාණ කිහිපයක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ.
හසන්තිකාගේ කතාවේ තව බොහෝදේ ඇති බව අපි දනිමු. සියල්ල පුංචි බ්ලොග් එකකට කැටි කල නොහැකි බවද  ඔබත් මමත් හොදින්ම දනිමු. එනමුදු අපේ මේ සංවාද සටහන අවසන් කරන්නට මට තවත් එක් පුංචි ප්‍රශ්ණයක් විය.
හිතට එකඟව කියන්න ඔබ එදා සංගීත තිබූ බැදීම එක්ක ගුරුපත්වීම අරන් ලංකාවේ හිටියනම් ද හොද ? නැත්නම් ඔහේ ගිය එකද හොද ? කිසිසේත්ම බලාපොරොත්තු නොවූ වෙනස්ම ප්‍රශ්ණයක් හමුවේද ඇය මෙලෙස හඬ අවධි කළාය. ” ඇත්තටම දෙමවුපියන් සහ සහෝදරයන් දෙදෙනාගෙන් වෙන්වීම ගැන පුංචි දුකක් පමණයි තියෙන්නේ. මට ඒ කාලේ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් වීමේ ලොකු අපේක්ෂවකුත් තිබුණා. නමුත් අද දරුවන්ගේ අනාගතේ ගැන හිතනකොට මෙහෙ ජිවිතේ හොදයි කියලා හිතෙනවා. මෙහෙ ජිවිතේ නිදහස් සතුටින් ඉන්නවා අපි. ඒවගේම ලංකාවෙත් තත්වේ ඉදිරියට හොද වෙයි කියලත් හිතෙනවා.

Ron Soya

HK Family 1

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

 

මාධ්‍යට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක්

රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා
ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරමරටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිව බවද සඳහන් කර සිටි ජනාධිපතිවරයා, දේශපාලනඥයන්ගේ සහ රාජ්ය  නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම,දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වෙන බවත් ජනාධිපතිවරයා පැවසුවා
එම අරමුණ ජය ගැනීමේදී ද මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බව ද ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වෙන බවත් පවසා ඇති ජනාධිපතිවරයා, එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බව ද පෙන්වා දුන්නා
පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කර සිටි ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කළා
එම සිදුවීම් නිවරුදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බව පෙන්වා දුන් ජනපතිවරයා, නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීමේ රැල්ල පිළිබඳව ද මෙහිදී මාධ්‍ය දැනුවත් කළා
එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරුණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා
කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ  දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කලේ වීද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානිහු මෙම අවස්ථාවට එක් වෙමින්

Mrs. Sri Lanka crowned Mrs. World 2020

Mrs. Sri Lanka, Caroline Jurie, has been crowned Mrs.World 2020 at the final held in the US.
Jurie becomes the second Sri Lankan to win the title after former Mrs. World Rosy Senanayake.  Senanayake won the title in 1984.
The Mrs. World 2020 Pageant was held in Las Vegas, Nevada.
Jurie was selected as the winner ahead of 1st Runner Up Ireland and 2nd Runner Up US Virgin Islands

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවයන් උසස් මට්ටමකට ……

ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමීපව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සමග ද්වි පාර්ශ්වීය සාකච්ජා පැවැත්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවයන් උසස් මට්ටමකට ගෙන ඒමට තමන් කටයුතු කරන බවත් තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස සිදුකරමින් දැක්වූ නිල ආරාධනාව සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තුතිය පළකරනු ලැබුවා.

ශ්‍රී  ලංකාවේ සංවර්ධන කටයුතු සහ ආර්ථික සංවර්ධනය සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබාදුන් බවත් ඩොලර් මිලියන 50 ක් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වන ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ලබාදුන් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනු ලැබුවේ.

දෙරටේ අතර ආරක්ෂාව සහ බුද්ධි අංශ සම්බන්ධතාවයන් වැඩිදියුණු කරලීම ගැන මෙහිදී රාජ්‍ය නායකයින් අතර සාකච්ජා කරනු ලැබූ බවත් පසුගිය අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහය ගැන ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තුතිය පළකරනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ කේෂත්‍රයන් දියුණු කරලීම සඳහා ඉන්දියාවේ සහය ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සහයෝගිතාවය වර්ධනය කරලීම සම්බන්ධයෙන් තමන් ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ජා කරනු ලැබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

තමන් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු සංචාරය කරනු ලබන පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා හට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කර සිටියා.

දෙරට අතර ගැටලුවක්ව පවතින ධිවර ප්‍රශ්නය සම්බන්ධයෙන් ද මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර සාකච්ජා කරනු ලැබු බවත් ශ්‍රී ලංකාව භාරයේ තිබෙන ඉන්දීය ධිවර යාත්‍රා නිදහස් කිරීමට කටයුතු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඉන්දීය අගමැතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලද මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සුභ පැතුම් එකතු කරනු ලැබුවා.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රටේ සංහිදියාව සමබන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බවත් ලැබූ ජනවරම තුලින් එක්සත් සහ සමෘද්ධිමත් රටක් ගොඩනැගීම සඳහා වන ශ්‍රී ලංකාව ජනතාවගේ අභිලාෂය පෙන්නුම් කරන බවට ඉන්දීය අගමැතිවරයා කියා සිටියා.

පළමුවරට ලද රියලිටි අත්දැකීමෙන් තවත් නිර්මාණ වලට යොමු වන බොස්ටන් ඩ්‍රීම් වොයිස් කෝකිලාවිය

කුඩා කළ සිටම සිය කලා හැකියාවන් ප්‍රගුණ කර ගනිමින් ඇය, ඇයගේම නිර්මාණ හරහා මෙතෙක් පැමිණි මෙන්ම ඉරිදියට යන ගමනක් ඇත. නිවේදනය, නර්ථනය, රංගනය මෙන්ම එක ලෙසට ඈ තුළ ප්‍රගුණ වූ සංගීත හැකියාවට උසස් අධ්‍යාපනයත්  මිශ්‍ර විය. නුගේගොඩ මුල් ගම්බිම් කර ගනිමින් සහෝදරියන් දෙදෙනෙකුට ආදර්ශයක් සැපයූ වැඩිමහල් චරිතය වූ මැය කොළඹ මියුසියස් විදුහලේ ආදී ශිෂ්‍යාවකි. සලක විධ හැකියාවන් ප්‍රකට කළ මෙකී චරිතය අද දවසේදී තවත් වටිකමක් මවන්නේ බොස්ටන් ඩ්‍රීම් වොයිස් රියලිටි ගයනා තරගයේ අනු ශුරතාවයට හිමිකම් කියමින් කිරුළු පැළඳීමත් සමගිනි. රුවැති හැඩති කාන්තා ලාලිත්‍යයේ වෙනස්ම හඬ පෞරුෂයට උරුමක්කාරී “රෙෂන්කා අමරසිංහ” මේ වන විට කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචිව සිටිද්දී මෙලෙස අප හා සම්බන්ද විය.
කොහොමද කැනඩාවේ ජිවිතේ ?
අවුරුදු 12ක් වෙනවා ඇවිල්ලා. මාස්ටර්ස් කරන්න ආවේ. දැන් නම් මගේ නංගිලා දෙන්නත් ඉන්නේ මෙහෙ.
ඔබ කලාවේ විවිධ පරාස ඇල්ලූ චරිතයක්. කෙටියෙන් මතක් කරමුද ඒ අතීතය?
ඔව් පාසල් කාලේදී උඩරට නර්තනය හැදෑරුවා. නාට්‍ය රංගනයට සම්බන්ද වෙලා තියෙනවා. ගායනය පැත්ත ගත්තම පොඩි කාලේ ඉදල ජන ගී ප්‍රගුණ කළා.සංගීතය විෂයක් විදියට හැදෑරුවා. සමස්ත ලංකා තරඟ වලට සම්බන්ද වුණා. ස්වර්ණවාහිනිය සහ ස්වාධින රූපවහිණියේ ළමා නිවේදිකාවක් ලෙසින් සම්බන්ද වුණා. දැනට මම “නින්ද නොයන සඳපානේ” කියලා මගේම ගීත නිර්මාණයකුත් කරලා තියෙනවා. ඉතිං මෙහෙ ඇවිල්ලත් මෙහෙ තියෙන සංකෘතික වැඩසටහන් වගේම මෙහෙ තියෙන චැනල්ස් වල වැඩසටහන් වලට සම්බන්ද වෙනවා.

29

බොස්ටන් ලංකා ඩ්‍රීම් වොයිස් සම්බන්ද වෙන්නේ කොහොමද ?
මට මේක ආරංචි වුණා. ඉතිං දාලා බලමු කියලා හිතලා ඇප්ලයි කළා. මේක පළමු වරට සිදුවුණු රියලිටි අත්දැකීමක් නිසා හරිම වෙනස් අත්දැකීමක් ලැබුණේ. මම ඒ වන ගැබිණියක්. ඇත්තටම හස්බන් නැත්නම් මෙහෙම ගමනක් එන්න , මෙවන් ජයග්‍රහනය් ලබා ගන්න බැහැ.
ඔහු ගැනත් කියමු නේද ?
ඔව් ඔහු මදුර අමරසිංහ. ලංකාවේ ඉන්නකොට මම කරාටි ක්ලාස් ගියා. ඔතනදි තමයි මදුර හම්බ වෙන්නේ. වසර ගණනක ප්‍රේම සම්බන්දයකින් පසුවයි අපි ව්වාහ වුණා.  බබා සැප්තැම්බර් 5 ලැබුණේ. අවසන් තරඟයට මම දවස් දෙකක් ගියේ හස්බන් ලඟ බබාව තියලා. එයාමයි මට කිව්වේ බබාව එයා බලා ගන්නම් මට තරඟෙට යන කියලත්.
පළමු වරට ලැබූ රියලිටි අත්දැකීම ගැන මොකද හිතෙන්නේ ?
මම ලංකාවෙන් එකකොට දැකලා තිබ්බේ එක සිරසේ ගිය රියලිටි ෂෝ එක විතරයි. එතකොට රියලිටි මුල් කාලේ වගේ. ඉතිං මට එහෙම රියලිටි ගැන ලොකු අවබෝධයක් තිබ්බෙත් නැහැ. මෙහෙත් මේක අළුත්ම දෙයක්. ඒවගේම මෙහෙම අවස්ථා අඩුයි. සියල්ල සමග ලැබුවේ ලොකුම අත්දැකීමක්. මේ අවස්ථාවෙන් පස්සේ තවත් ගීත කරන්න ආසාවකුත් ආවා. හරිම සතුටුයි. මෙවන් අවස්ථාවක් සැලසූ බොස්ටන් ලංකා වෙත මගේ ස්තුතිය පිරිනමනවා.
ඔබ කොහොමත් කලාකාරිනියක්. ඉදිරියට ඔබෙන් රසිකයන්ට පිදෙන නිර්මාණ මොනවද ?
බොස්ටන් ලංකා අපට අවස්ථාවක් ලබා දීලා තියෙනවා අපේම ගීත නිර්මාණයක් කරන්න. ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොහොමත් ලබන වසරේ ජනවාරි වල මම ලංකාවට එනවා මාස තුනක වගේ නිවාඩුවකට. එතකොට මගේම ගීත දෙකක් කරන්න හිතාගෙන ඉන්නේ.
Rashenka 21st runner up
ඔබ හිතනවද බොස්ටන් ඩ්‍රීම් වොයිස් රියලිටියේදී දක්ෂයාට තැනක් හම්බ වුණා කියලා ?
මුල ඉදලා හිටපු තරඟ කරුවන් 80ම දක්ෂයි. මම හිතුවෙත් නැහැ මට මෙහෙම ඉස්සරහට එන්න පුළුවන් වෙයි කියලා. අවසන් 5 දෙනාට තේරුණාම දැනුණේ පුදුම සතුටක්. විනිශ්ච මණ්ඩලය නිර්පාක්ෂිකව නිසි තැන නිසි අයට ලබා දුන්නා කියලා මම හිතනවා.
ඇයගෙන් මා දකින ගුණයක් වේ. ඒ දුර්ලභ ලෙස කාන්තාවකට පිහිටන අනිවාර්යෙන්ම කාන්තාවකට පිහිටිය යුතු ලංකාවේ සිරවී සිටින සංකෘතික සම්ප්‍රදායික කාන්තාවන් අනිවාර්යෙන්ම ප්‍රගුණ කළ යුත්තකි. විවාහය, දරුවකු ලැබීම තුල සිරවී නොසිට කොටුවූ පවුල් කුටුම්භයේ සිරකාරියක නොවී තම හැකියාවෙන් පලදායි යමක් කිරීමය. ඇයගේ ජිවිතයෙන් ඔබ අප උකහා ගත යුතු ගති ලක්ෂණය එයයි.
By Ashanthi W.
714385

නියම දක්ෂයින්ට තැනක් හැදූ බොස්ටන් ඩ්‍රීම් වොයිස්හි ජයග්‍රාහකයාගේ කතාව

තරිඳු කරුණාරත්න නව යොවුන් තරුණයෙක්. අද දවසේදී සුපිරි තරුවක්. ඒ බොස්ටන් ලංකා සංවිධානය කළ ඩ්‍රීම් වොයිස් එහෙමත් නැත්නම් සිහිනයකය ස්වරය රියලිටි තරඟය ඔස්සේ ජයග්‍රාහී කිරුළට හිමිකම් කියමින්. ඔහුගේ මව මිනින්දොරුවරියක්. පියා විශ්‍රාමික ධීවර පරීක්ෂකයක්. පවුලේ එකම දරුවා වූ තරිඳු මේ වන විට වාසය කරන්නේ අමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ. බෙහෙවින්ම කාර්ය බහුලව සිටින විටක අපි මෙලෙස ඔහුව සම්බන්ද කර ගත්තා.
තරිඳු කොහොමද සුභ පතනවා ඔබ ලැබූ ජයග්‍රහණයට..
බොහොම ස්තුතියි ..
අපේ කථාව ඇරඹුණේ එහෙම. ඔහුගේ ස්වර ඔහු ලද ජයග්‍රහණයේ ප්‍රීතිය නොඅඩුව අපට දැනවූවා…. ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් සිප්සතර හදාරා රසායන විද්‍යා අංශයෙන් උපාධි ගෙන ආචාර්ය උපාධියට ලද ශිෂත්වයෙන් ඔහු මෙලෙස අමරිකාව බලා පියාසර කර තිබුණා.” මෙහේ ජීවිතය හොදයි. සියළු වැඩ කටයුතු තනියම කර ගන්න අවශ්‍ය නිසා කාර්ය බහුලයි.” ලංකාවේ ගෙවුණු ජීවිතයත් වත්මනේ ඔහු ලබන ජීවිතයත් කිසියම් දුරකට අභියෝගයකට ලක් කර තිබෙන බව එකී කතාවෙන් පසක් වෙනවා. කෙසේ වෙතත් මේ සුහද කතාවත් සමග අපි අවතීර්ණ වුණේ ඩ්‍රීම් වොයිස් රියලිටිය වෙතට..
“කමියුනිටි එකේ ප්‍රභාත් අයියගෙන් තමයි මම මේ තරඟය දැන ගත්තේ. පුංචි කාලේ ඉදල සංගීතයට බෙහෙවින්ම ප්‍රිය කළා. උසස් පෙළ වෙනකල්ම සංගීතය හැදෑරුවා ඒ කාලයේදී සංගීත විභාගයේ ප්‍රාරම්භ විභාගය කරන්නත් හැකි වුණා. නමුත් උසස් අධ්‍යාපනයත් එක්ක සංගීතය විෂයක් ලෙස දිගටම ගෙනියන්න බැරි වුණා. ඩ්‍රීම් වොයිස් පළමු වටයේ 80 ක් පමණ හිටියා. පසුව 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමෙන් 25 ක් තේරුවා. අවසන් තරඟයේ දී එක් තරඟ කරුවෙකුගේ නොපැමිණීම නිසා තරඟ කරුවන් හිටියේ 24යි.එතැනින් 5ක් තේරුවා…
Tharindu 1 Tharindu 2
ඔතනින්… ඔහුගේ ස්වරයත් මදක් අඩු වෙනවා. ඒ එදා හදවතට දැනුණු නොසංසුන් බව මේ කතාවත් සමග නැවත ආවර්ජනය වීම නිසා විය යුතුය..
ඉතිං කොහොමද ඩ්‍රීම් වොයිස් අත්දැකීම ඔබට දැනෙන්නේ ?
මට කියා ගන්න බැරි නිහතමානී සතුටක් අද තියෙන්නේ. මුල සිටම තරඟය  පුරාවටම සිටි තරඟ කරුවන් සියළුම දෙනා එක වගේ දක්ෂයින්. එවන් දක්‍ෂයින් අතරින් පළමු තැන ලැබීමේ ජයග්‍රහණයේ සතුට ගැන මට කියන්න වචන නැහැ.
කොහොමද පුහුණුවීම් කළේ ?
මෙහෙ ඉතිං ඉන්නේ තනියම නිසා පුහුණුවීම් තනියම කර ගත්තා.
ලංකාවේ බොහොමයක් රියලිටි ෂෝ තියෙනවා. ඒවා එක්ක බොස්ටන් ඩ්‍රීම් වොයිස් රියලිටි ෂෝ එක වෙනස් වෙන්නේ කොහොමද ?
ඔව් මම දකින්නේ මෙහෙම, ලංකාවේ බහුතර රියලිටි වැඩසටහන් වට කිහිපයක් යනකොට තරඟ කරුවන් භාර දෙනවා ජනතාවට.එතකොට දක්ෂයින් හැලෙන්න පුළුවන්.  ඩ්‍රීම් වොයිස් මුල ඉදලා අවසානය වෙනකල්ම විනිශ්චය කළේ ප්‍රවීණ විනිශ්ච මණ්ඩලයකින්. ඒ නිසා මම හිතනවා ඩ්‍රීම් වොයිස් නියම දක්ෂයින්ට නිසි තැනක් ලබා දුන්නා කියලා.
ඩ්‍රීම් වොයිස් තරුවේ කිරුළ පැලදීමත් එක්ක ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
ෆේස්බුක් හරහා සජීවීව ප්‍රචාරය වීමත් එක්ක මගේ දෙමව්පියන්ට ලංකාවේ ඉදං නැරඹීමේ හැකියාව ලැබුණා. ඒ වගේම යාළුවන් ගොඩක් නරඹලා තිබුණා. දිනලා එනකොට එයාර් පොර්ට් එකේදී ඔවුන් විසින් මට විශේෂ පිළිගැනීමක් සුදානම් කරලත් තිබුණා. මේ ආදරේට මම ආදරෙයි.
බොස්ටන් ලංකා මේ ලබා දුන් අවස්ථාව ගැන මොකද හිතෙන්නේ ?
මෙහෙ තනිවෙලා ගෙවන කාර්ය බහුල ජිවිතයට මේ අත්දැකීම එක්ක ලද අවස්ථාව හරිම වෙනසක් වින්දනීය මගකට ඉඩක් ලබා දුන්නා. ඒ වගේම මගේ ජිවිතයට මේ හරහා තවත් වටිනාකමක් එකතු වුණා. මේ අවස්ථාව ලබා දුන් සියළු දෙනාට, බොස්ටන් ලංකාහි වගේම විනිශ්ච මණ්ඩලයට ස්තුතියත් ජයග්‍රහණය කළ සෙසු තරඟ කරුවන්ටත් මම සුභ පතනවා.
13
ඉදිරි බලාපොරොත්තු මොනවද ?
බොස්ටන් හරහා මගේ නිර්මාණයක් කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අනුව නව වසරේදී මගේම නිර්මාණයක් එළි දැක්වීමත්  එක්ක අධ්‍යාපන කටයුතු අවසන් කරලා මගේ රටට සේවයක් කරන්න යන්න හිතාගෙන ඉන්නේ
තව බොහෝ දේ කතා කරන්න ඉඩක් තිබ්බත් මේ වන විට මේ සටහන නිමා කළ යුතුව තිබූ නිසා අපේ සංවාදය එතැනින් නිමා වුණා. තරිඳු නිමන්තක කරුණාරත්න නමින් ඔහු ෆේස්බුක් පරිශීලනය කරන්නෙක්. ඔබට ඒ හරහා ඔහුව සම්බන්ද කර ගන්න පුළුවන්. බොස්ටන් සුවහසක් විදේශීය ශ්‍රී ලංකික ප්‍රජාවට ලබා දුන් නවමු වින්දනීය සජීවී සප්තප් ස්වර වැයුම එලෙස අවසන් වුවත් තවත් මෙවන් දක්ෂයින් බිහි කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදීත්  ඒ ගැන ඔබට මෙලෙස කියන්න අපි බලාපොරොත්තු වෙනවා

By AW

25
Tharindu 3 winner

ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 80% ඉක්මවයි

මෙවර බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය සියයට අසූව ඉක්මවා තිබීම විශේෂත්වයක්. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි 59 ලක්ෂ 92,096 ක් වෙමින් ඔවුන් සිය ඡන්දය ප්‍රකාශ කළේ දිවයින පුරා පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී.
කොළඹ දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව දහසය ලක්ෂ හැත්තෑදහස් හාරසිය තුනක් වන අතර ඉන් සියයට 80 කට වැඩි පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුන අතර දාහත් ලක්ෂ පනස් එක්දහස් අටසිය අනූදෙදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාසිටි අතර ඉන් සියයට 81 ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව නවලක්ෂ පනස් පන්දහස් හැත්තෑ නවයක් වූ අතර ඒ අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 80ක් .
අටලක්ෂ පනස්අටදහස් හත්සිය හතලිස් නවයක් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් අතරින් සියයට 80කට වැඩි පිරිසක් ද මාතර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව හයලක්ෂ පනස්දෙදහස් හාරසිය දාහතක් වූ අතර ඔවුන්ගෙන් සියයට 80 ඉක්මවා ද හාරලක්ෂ අසූපන්දහස් හත්සිය අසූහයක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 80කි ද මහනුවර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් එකළොස්ලක්ෂ එකොළොස්දහස් අටසිය හැටක් අතරින් සියයට 80 ක් ඡන්දය භාවිත කර තිබුණා.
හාරලක්ෂ එක්දහස් හාරසිය අනූහයක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් සියයට 80 ඉක්මවා තිබූ අතර
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව පන්ලක්ෂ හැටනවදහස් විසිඅටක් වූ අතර ඉන් ඡන්දය භාවිත කළ ප්‍රතිශතය සියයට 80ක්. බදුල්ල දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් හයලක්ෂ පනස්හත්දහස් හත්සිය හැටහයක් අතරින් සියයට 80 ක් ද මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් සංඛ්‍යාව තුන්ලක්ෂ හැටහයදහස් පන්සිය විසිහතරක් වූ අතර ඉන් සියයට 84 ක් ද රත්නපුර දිස්ත්‍රික්කයේ අටලක්ෂ හැටහතර දහස් නවසිය හැත්තෑ අටක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 84 ක් ඡන්දය භාවිත කර තිබුණා.
හයලක්ෂ හැත්තෑහයදහස් හාරසිය හතළිහක් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් මෙවර ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 79.5 ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව දහතුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය පහක් වූ අතර ඉන් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා තිබීම විශේෂත්වයක්. පුත්තලම දිස්ත්‍රික්කයේ පන්ලක්ෂ අනූනවදහස් හතලිස් දෙකක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 75 ක ප්‍රතිශතයක් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් හයලක්ෂ අසූදෙදහස් හාරසිය පනහක් අතරින් සියයට 80ක් ද
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්ලක්ෂ විසිහයදහස් හාරසිය හතළිස් තුනක් වූ ඡන්ද දායකයින් අතරින් සියයට 80 ක ප්‍රතිශතයක් වාර්තා වුණා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ තුන්ලක්ෂ අනූඅටදහස් තුන්සිය එකක් වූ ඡන්ද දායකයින් අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 77ද අම්පාර හෙවත් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පන්ලක්ෂ තුන්දහස් හත්සිය අනූ දෙනෙකු අතරින් සියයට 80 ක්ද
දෙලක්ෂ අසූඑක්දහස් එකසිය දාහතරක් වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් අතරින් සියයට  83 දෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කළා. යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ යාපනය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් හාරලක්ෂ හැත්තපන්හදස් එකසිය හැත්ත හය අතරින් සියයට 66 ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර
යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සුදුසුකම් ලබා සිටි අසු නවදහස් පන්සිය තිස්අට අතුරින් සියයට 73 ක් සිය ද වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට අයත් වවුනියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක 03හි මෙවර සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව දෙලක්ෂ අසූදෙදහස් එකසිය දහනවයක් ලෙස ප්‍රකාශිත ජන්ද සටහන සලකුණු වෙනවා. ඒ අතරින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 74.3ක් .
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සමස්ථයක් ලෙස සාමකාමීව තිබූ බව මැතිවරන නිරීක්ෂකයින් පවසනවා

Commonwealth calls for credible and inclusive poll in SL

A group deployed by the Commonwealth to observe the presidential election in Sri Lanka has called on stakeholders to demonstrate commitment to a “peaceful, transparent, credible and inclusive” poll.

The Commonwealth Observer Group (COG), whose members are drawn from various Commonwealth regions with backgrounds ranging from political, electoral, civil society and human rights as well as legal fields, was invited by the Sri Lankan Election Commission to observe the 16 November poll.

The COG will receive briefings from relevant stakeholders including election management officials, representatives of political parties, civil society groups, the police, members of the international community and citizen and international observers.

In a statement, Chair of the COG, Mr Prosper Bani said: “As independent observers, we will remain objective and impartial in discharging our duties. The Group’s assessment will be its own and not that of any Commonwealth member country.

On Thursday, observers will deploy to various provinces across the country to observe preparations ahead of polling day.

Subsequently, they will observe the opening of polls, voting, counting and the management of results from election day until their departure from Sri Lanka on 22nd November.

The COG will issue an Interim Statement of its preliminary findings shortly after 16 November. The final report will be submitted to the Secretary-General and made available to the public afterwards

පලාලි ජනතා අයිතියට. ඒකීය ශ‍්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකගතාවකට

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශ්වයන් මේ වනවිට ඒකීය ශ‍්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකගතාවකට පැමිණ ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
අපගේ ඉලක්කය විය යුත්තේ රට නොබෙදා බලය බෙදාදීම බව ද ඒකීය යන වචනයෙන් අර්ථ නිරූපණය විය යුත්තේ එක් රටක් යන්නයි. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අවසන් තීන්දුව ගැනීමේ බලය පාර්ලිමේන්තුව සහ ජනතාව සතු බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කලේ පලාලි ගුවන් තොටුපල ජනතා අයිතියට පත් කරමින්.
FLIGHT 002JF Air port 001
එම නිසා බහුතර ජනතාවගේ එකඟත්වය ලබාගනිමින් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කාර්යය ඉදිරියට ගෙන යා යුතු බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස ඔසවා තබන්නට නම් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පමණක් නොව ආර්ථික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බවයි.
ඒ සඳහා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා. සුළුතර ආණ්ඩුවක් සහිතව තමන් ජනතාවට දිනාදුන් ජයග‍්‍රහණ තව තවත් ශක්තිමත් කිරීම තහවුරු කළ හැක්කේ බහුතර ආණ්ඩුවක් ඔස්සේ බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. ඉන්දියාවේ චෙන්නයි සිට ප්‍රථම ගුවන් යානය යාපනය  ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත අද (17)උදෑසන ළඟා වීමත් සමගම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල නිල වශයෙන් විවෘත කෙරුණා.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත මගීන් පිරිසක් රැගෙන එන ලද පළමු ගුවන් යානය සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා. ඉන්දියාවේ සිට පළමු ගුවන් යානය පැමිණීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිහිවටන පලකය හා ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරණු ලැබුවා.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,  ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක්  අබේසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන්, ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං  යන පිරිස ඇතුළු අමුත්තන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.