අගෝස්තු වනවිට ආහාර අර්බුදයක් – රනිල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් වන බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් වෙත
සජීවීව සම්බන්ධවෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ වත්මන්
ආර්ථික අර්බුදය ගැන අදහස් දක්වා තිබේ.

එළඹෙන සහල් වගා කන්නයට අවශ්‍ය පොහොර නොමැතිකම හේතුවෙන් අගෝස්තු මාසයේ සිට ආහාර අර්බුදයක් ඇති විය හැකි බව මෙහිදී රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවීය.
පොහොර නොමැති නිසා සම්පූර්ණ නිෂ්පාදනය නොලැබෙන බැවින් ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
“අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් ඇතිවීමේ හැකියාවක්
තිබෙනවා. ගෝලීය ආහාර අර්බුදයක් ද දිග හැරෙනු ඇත්තේ ද එම කාලයේ දී ය.

ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකම් අපි කොහොම ජීවත් වෙයිද කියලා බලන්න වෙනවා. අපිට කන්න නැතිව යනවා” ඔහු පැවසීය.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ මත දෙකක් පවතින බව
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම සාකච්ඡාවේ නැගූ ප්‍රශ්න වලදී
පැහැදිලි කළේය.

ගාලුමුවදොර පිටියේ ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල අදහස වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බව වුවත්, එය නීතියට අනුව කළ හැකි වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහස යයි රනිල් පවසා ඇත.
තමා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව කිසිවක් සඳහන් නොකරන බවත් මෙහිදී රනිල් පැවසීය.

“පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා ශක්තිමත් කරන 19 වැනි සංශෝධනය යළි ස්ථාපිත කළ යුතු 21 වැනි සංශෝධනය සම්මත වූ පසු සියලු පක්‍ෂ නායකයන් සහ
ජනාධිපතිවරයා සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ වැඩපිළිවෙළකට පැමිණිය යුතු බව මම යෝජනා කරනවා,” අගමැති රනිල් එහිදී කිය.

රට තුළ උද්ගතව ඇති විරෝධතා පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය
බලමණ්ඩලය (අවිශිබම) සටන්කාමී කණ්ඩායමක් ලෙස හැඳින්වීය.

අවිශිබම සටන්කාමී තරුණ කණ්ඩායමක් ඔවුන් පුරුද්දක් ලෙස වසරකට අවම වශයෙන් පෙළපාලි 5-6 ක් පවත්වනවා. ඔවුන්ට එරෙහිව පොලිසියත් පුරුද්දක් ලෙස  ජල ප්‍රහාර එල්ල කරනවා ඒක සාමාන්‍ය දෙයක්වෙලා.
නමුත් සාමාන්‍ය ජනතාව දැන් විරෝධතා දක්වනවා. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස තමන් මුහුණ දෙන දුෂ්කරතා හේතුවෙන් සාමාන්‍ය ජනතාවද විරෝධතා පවත්වනවා.
මගේ අරමුණ වැඩ කරලා මේවා ඉක්මනින් නැතිවන තැනට රට පත් කිරීමයි‘
අගමැතිවරයා පැවසීය.

හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර පැහැදිලි කිරීම

සජබ නියෝජනය කරමින් පක්ෂයේ මතයට පිටුපා ඇමති ධූර ලබාගත් හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන දෙදෙනා අද (20) දහවල් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමන් නව තනතුරු ලබාගත් ආකාරය ගැන පැහැදිලි කර තිබේ.

තමන් පක්ෂයේම සහය රනිල් වෙත ලබාගැනීමට අපමණ වෙහෙසක් ගත් බවත් නමුත් අසාර්ථකවූ නිසා රට ගොඩනගන වැඩපිළිවෙල ප්‍රමුඛ කාර්යය සේ සලකා රජයට එක්වූ බව කියා තිබේ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු හා කම්කරු හා විදේශ රැකියා
අමාත්‍ය ලෙස මනූෂ නානායක්කාර අද තනතුරු ලබාගත්හ.
හරින් ප්‍රනාන්දු මින් ඉහත කැබිනට් ඇමති පදවියක් ලබාගත්තද මනුෂ
නානායක්කාර කැබිනට් ඇමති ධූරයක් ලබාගන්නේ පළමු වතාවටය.වර්ෂ 2010 දී, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ එජාපය හැර මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමටද මනුෂ මේ ආකාරයට එක්වූවෙකි.

සජබය වත්මන් ජනපති ගෝඨාබය යටතේ ඇමති ධූර වලට නොයන ස්ථාවරයක සිටින අතර ‘සර් ෆේල්‘ යන සටන් පාඨය මුලින්ම ගෙනා සහ ඒ නිසා ගෝඨාභයගේ උදහසටද ලක්වූ හරින් ප්‍රනාන්දු ඔහුගෙන් ඇමති ධූරයක් ලබාගැනීම මෙහිදී විශේෂිතය.

මේ අතර පක්ෂයේ මතයට පිටුපෑ මේ දෙන්නා සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව ලක්ෂ්මන් කිරි ඇල්ල මන්ත්‍රීවරයා දන්වා ඇත. පක්ෂය රජයේ සියලු යහපත් වැඩවලට සහය දෙන නමුත් ඇමති ධූර ලබාගෙන කොටස් කරුවන් වීමට තීරණය කරේ නැතැයිද එයට පිටුපා මොවුන් දෙන්නා ආත්මාර්ථකාමී තීරණ ගෙන ඇතැයි ඔහු පැහැදිලි කළේය.

ඇමතිකම් ගන්න ශ‍්‍රීපනිපයේ යුද්දයක්

ඇමතිකම් ලබාගෙන ආණ්ඩුවට එක්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
පිරිසක් දැඩි අරගලයක් එම පක්ෂය තුළ කරමින් සිටියි.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද
දිසානායක, ජගත් පුෂ්ප කුමාර, චාමර සම්පත් දසනායක, එම මන්ත්‍රී පිරිසයි.

ඔවුන් ජනාධිපතිවරයා හමුවී ඇමතිකම් ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවක්ද කර
ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් දන්වා ඇත්තේ කැබිනට් අමාත්‍ය ධුර
දෙකක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර තුනක් පමණක් ලබා දිය හැකි බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ ආණ්ඩුවට සහාය දිය
යුතු වූවද කිසිසේත් ම ආණ්ඩුවේ අමාත්‍ය ධූරය ලබා ගත යුතු නැති බවය.

නමුත් මෙම මන්ත්‍රී පිරිසක් පක්‍ෂ තීන්දුවට පිටින් අමාත්‍ය ධුර ලබා
ගැනීමට තීන්දු කර ඇතැයිද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට පිටින් තීරණ ගන්නා අයගේ පක්ෂ
සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂය මේ වන විට සාකච්ඡා කරමින් සිටියි.

මේ අතර වාර්තා වන්නේ මීලගට දිවුරුම් දීමට නියමිත ඇමතිවරුන් පිරිස අතර
ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේද කිහිප දෙනෙකු දිවුරුම් දෙනු ඇති බවයි.

පනින්නේ කව්ද ?

නව අගමැති රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කරමින් ඉදිරි දිනවලදී
කැබිනට් අමාත්‍ය තනතුරු ලබාගන්නට ඉඩ තිබෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්
කිහිපදෙනෙකු ගැන දේශපාලන ආරංචි වාර්තා කර තිබේ
පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර ශ්‍රීලනිපයේ නිමල්
සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඒ අතර වෙති

සජබයේ තිදෙනාම රට ගොඩනැගීමට රනිල්ට වැඩපිළිවෙලක් ඇතිද යන්න මාධ්‍ය
ප්‍රචාරණයද සහිතව රනිල්ට ලිපි යොමු කළ අතර රනිල් ඊට හැරෙන තැපෑලෙන්ම
ධනාත්මක පිළිතුරු සැපයීය.ඒ අනුව පාඨලී,හරීන් හා මනුෂ තර්කානුකූල පදනමකින් රට නගා සිටුවීම යන අරමුණින් සජබයේ ප්‍රතිපත්ති අතහැර රනිල් සමග එක්වීමට නියමිතය. මෙම කාරණාව ගැන හරින් අවස්ථා දෙක තුනකදීම ප්‍රසිද්ධියේ කියා සිටි අතර ඔහු අනෙක් අයටද තම මතය සමග එක්වන්න ආරාධනා කිරීම විශේෂිතය

පාඨලී චම්පික රණවක පසුගිය දිනවල නිහඩ පිළිවෙතක් අනුගමනය කළ මුත් අවස්ථාව ලද සැණින් සජිත් අතහැර තම ගමන යාමේ උවමනාවෙන් පසුවන්නෙකු ලෙස හදුනාගන්නට ලැබිණි.ඒ අනුව ඔහු රනිල්ට ලිපියක් යොමු කළ පසු රනිල්ගෙන් ධනාත්මක පිළිතුරක් ලැබී ඇත.එයටද මාධ්‍ය ප්‍රචාරයක් ලබාදී ඇත්තේ සිය අනුගාමිකයන්ට සිදුවන දේ ගැන සාධාරණයක් කිරීමට විය හැකිය.

දැනට වාර්තාවන්නේ නිමල් සිරිපාල ද සිල්වාට කැබිනට් ඇමති ධූරයක් ස්ථිරව
ලැබෙන බව හා මහින්ද අමරවීර හෝ දුමින්ද දිසානායක දෙන්නාගෙන් එක් අයෙකුට ඇමති ධූරයක් ලැබෙන බවකි. රනිල්ගේ යෝජනාව අනුව කැබිනට් ඇමති ධූර ශ්‍රිලනිපයට වෙන් කර ඇත්තේ දෙකකි. කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමති ධූර කිහිපයක් ලැබෙන්නට ඉඩ ඇත.
ඇමති ධූර ලබාදීම පමාකරමින් රජයේ කටයුතු පවත්වා යාමට රනිල් මේ දිනවල
කටයුතු කළ අතර එය පාර්ලිමේන්තුවේ වැඩ සදහාද ගැටලු මතු කෙරිණි. නමුත් මෙම ගනුදෙනු සාකච්ඡා හමාරවනතුරු ඇමති ධූර පිලිබද අවසන් නිගමන ගන්නට බැරිව යාම ඊට හේතුවයි. කෙසේ වෙතත් ඉතා ඉක්මණින් 20 දෙනෙකුට සීමා කරන කැබිනට් මණ්ඩලයේ ඉතිරි අය දිවුරුම් දෙනු ඇත.

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කල ප්‍රකාශය

පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා
සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා
විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.

මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නේ. 2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්.

2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය
රජයේ පොළි අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල්
ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 කි.

ඒ වගේම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200ක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කරලා. ඒ අනුව දළ ඉතිරිය රුපියල්
බිලියන 1250ක්. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගත්තා භාණ්ඩාගාර
බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි
කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න.

2019 නොවැම්බර් මාසයේ දී අපේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් තිබුනා. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 05ක් වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නෑ.

මේ සියලු අර්බුද අතර අපි මුහුණ දෙන බැරෑරුම් ම ගැටලු කිහිපයක් තියනවා.
ඉදිරි දින කිහිපයේ දී පෝළිම් පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනමින් ඇමරිකානු
ඩොලර් මිලියන 75ක් පමණ සොයාගතයුතුව තිබෙනවා. මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ මැයි 19 සහ ජුනි 01 දින තවත් ඩීසල් නෞකා දෙකක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අදට දින 40කට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොර තෙල් සහ දැවි තෙල් නෞකා 03ක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොලෙන් ඩොලර් ලබාගන්න කටයුතු කරනවා.

විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදාගන්නෙත් ඉන්ධන. මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයාගෙන ති‌යෙන්නෙ. එමෙන්ම යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මනින් සොයගත යුතුයි. භූමිතෙල් සහ දැවි තෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි.

මේ මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය රාජ්‍ය හා පෞද්ගලික බැංකු,
ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොලර් නොමැති වීමේ ගැටලුවට මුහුණ දීලයි ඉන්නේ. අප සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතාමත් කුඩා අගයක් ගන්නා බව මේ වන විටත් ඔබ දන්නවා. නමුත් මෙම සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩිසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ‌ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඒ වගේම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි.

මේ අතර, තවත් උදාහරණයක් වන්නේ ඖෂධ හිඟයයි. හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැහැ. ඔවුන්ට ගෙවන්න තියන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 04කින් ගෙවීම් කරල නෑ. ඒ නිසා ඔවුන්ව අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා. කණගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්,  ඉන් දෙකක්වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති
වීම. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නෑ.

මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරල තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම.

ඒ වගේම මේ වන විට දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය
පුද්ගලීකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 – 2021වර්ෂයේ පමණක් ශ්‍රි
ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්.2021මාර්තු 31 වන විට මෙහි
සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි. කෙටි කාලීනව අපි මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩිවෙන්න ඉඩ තියෙනවා.

රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල්
ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල්
ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල්  294.50 පාඩු
ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතල ගැටලුවක්.

මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න
සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුනත් මුදල් මුද්‍රණය කිරීම නිසා  රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ.

කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කරන්න සිදු වේවි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණ දිය යුතුයි.

මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට.  මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේ දි අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ සඳහා ගතවන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනව.  නමුත් අපිට මේකෙන් ගොඩයන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයකට යන්න වෙනවා.

මේ අවස්ථාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මම විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයින්ට යොමු කළ ලිපිවලට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතුව තිබෙනවා.

එවිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාල
රාමුවක් තුළ පොදු කෙටි කාලීන – මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකිවෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝළිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝළිම් වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා.

මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේතියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව  එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ. මේ අභියෝගය මම භාර ගත්තෙ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම,
මුළු රටම බේරාගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගෙම සහයෝගය මට ලබා දෙන්න.

මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා.
ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.

මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්- පී.බී. ජයසුන්දර

රාජපක්ෂ පවුලේ මුදල් වලට වැඩිපුරම කෑදර බැසිල් රාජපක්ෂ බව හිටපු
අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර සඳහන් කරයි. රට විනාශ කරන ලද්දේ බැසිල්
රාජපක්ෂ පී.බී. ජයසුන්දර එකමුතුව විසින් බවද පවසන ඔහු පී බී ජයසුන්දර
ජනාධිපති ලේකම් කරන ලද්දේ බැසිල්ගේ උවමනාවට බවද පවසයි.

තමන් ලංකාවෙන් පිටත් කළේ නැගෙනහිර ජැටියේ ගිවිසුමට විරුද්ධ වූ නිසා බව ද
හෙතෙම තවදුරටත් කියා සිටියේ චමුදිත සමරවික

කැබිනට් මන්ඩලය පත්කල යුත්තේ ජනාධිපති නොව ජනතාවයි- නාගානන්ද කොඩිතුවක්කු

මම යෝජනාකරලා තියෙන්නේ ජන සම්මත ව්‍යවස්ථාවට අනුව දහදෙනක් ඉන්නවා දහදෙනා පත්කන්න්නෙ කව්ද ඒකෙ පාර්ලිමෙන්තුවෙන් එක්කෙනෙක්වත් නැහැ කැබිනට් මන්ඩලයෙන් එක්කෙනෙක් වත් නැහැ
දහදෙනාම පත්කරන්නෙ රටේ ජනතාව ජාතික ලැයිසිතුවෙන් වගේ කියන්න ඔනෙ මෙන්න අපේ ව්‍යවස්ථාදායක සභාව මේක ඇතුල්කල යුතුුමයි
යනුවෙන් නාගානන්ද මහතා බොස්ටන් ලංකා මාධ්‍ය ජාලය සමග සම්මුක සාකච්චාවකට එක්වෙමින් සදහන් කලේය

Oral Update on the human rights situation in Sri Lanka

48th session of the Human Rights Council
Statement by Michelle Bachelet, UN High Commissioner for Human Rights

Geneva, 13 September 2021

Distinguished President,
Excellencies,

I am pleased to update the Human Rights Council on Sri Lanka and the trends and issues identified in my last report.  I acknowledge the inputs sent by the Government in preparation for this update, and I note the President’s statement in June that the Government is “committed to work with the UN to ensure accountability” and will implement “necessary institutional reforms.” I look forward to seeing concrete actions to this effect – in line with the recommendations that have been made in our reports and by various human rights mechanisms – and my Office stands ready to engage.

I also encourage the swift and public release of the reports of the national Commission of Inquiry that was appointed in January 2021, which I understand will complete its mandate by the end of this year, so that its work and recommendations can be assessed.

The current social, economic and governance challenges faced by Sri Lanka indicate the corrosive impact that militarisation and the lack of accountability continue to have on fundamental rights, civic space, democratic institutions, social cohesion and sustainable development.

A new state of emergency was declared in Sri Lanka on 30 August, with the stated aim of ensuring food security and price controls, amid deepening recession. The emergency regulations are very broad and may further expand the role of the military in civilian functions. The Office will be closely monitoring their application.

I note with interest the President’s recent meeting with some civil society leaders, and I encourage broader dialogue and steps to open Sri Lanka’s civic space.  Regrettably, surveillance, intimidation and judicial harassment of human rights defenders, journalists and families of the disappeared has not only continued, but has broadened to a wider spectrum of students, academics, medical professionals and religious leaders critical of government policies. Several peaceful protests and commemorations have been met with excessive use of force and the arrest or detention of demonstrators in quarantine centres.

New regulations on civil society groups are being drafted, and it is widely feared that they will further tighten restrictions on fundamental freedoms. I urge that the draft be made public to allow the broadest possible discussion.

I am concerned by developments in judicial proceedings in a number of emblematic human rights cases.  They include the Attorney General’s decision not to proceed with charges against former Navy commander Wasantha Karannagoda in the case of the enforced disappearances of 11 men in 2008 and 2009.

Despite various inquiries, the victims of the Easter Sunday bombings in 2019 and religious leaders continue to call urgently for truth and justice, and a full account of the circumstances that permitted those attacks.

The President’s recent pardon of a former member of parliament, Duminda Silva, who was convicted for killing a politician in 2011, also risks eroding confidence in the rule of law and judicial process.

I am deeply concerned about further deaths in police custody, and in the context of police encounters with alleged drug criminal gangs, as well as continuing reports of torture and ill-treatment by law enforcement officials.

In March, new “de-radicalization” regulations were issued that permit arbitrary administrative detention of individuals for up to two years without trial.  I note that the Supreme Court has issued an interim stay order on their enforcement while it considers fundamental rights petitions to challenge the decree. The Government has also prescribed or listed over 300 Tamil and Muslim groups and individuals for alleged links to terrorist groups.

In June, 16 prisoners who had been convicted under the problematic Prevention of Terrorism Act, and who were nearing the end of their sentences, were pardoned. An Advisory Board has been established to which detainees under the Act can apply for their cases to be reviewed, and I urge a speedy resolution to these long-standing cases.

The Government has reaffirmed its intention to revisit the Act and established a Cabinet sub-committee for this purpose. However, I am deeply concerned about the continued use of the Act to arrest and detain people.  Lawyer Hejaaz Hizbullah has now been detained for 16 months under the Act without credible evidence presented before a court. Likewise, Ahnaf Jazeem, a teacher and poet, has been detained without charge since May 2020.  I urge an immediate moratorium on the use of the Act, and that a clear timeline be set for its comprehensive review or repeal.

A National Policy for Reparations was approved in August, and reparation payments and reconciliation programs have continued. The Office of Missing Persons has also continued to operate – with a sixth regional office opened in Kilinochchi – but it needs to inspire confidence among victims.  I stress again the importance of transparent, victim-centred and gender sensitive approaches, and that reparations programs must be accompanied by broader truth and justice measures.

I note also that last month, the Global Alliance of National Human Rights Institutions decided to initiate a special review of the national Human Rights Commission to determine its compliance with the Paris Principles, indicating its concerns about the appointment process of the Commission and its effectiveness in discharging its human rights mandate.

Against this backdrop, my Office’s work to implement the accountability-related aspects of Resolution 46/1 has begun, pending recruitment of a start-up team.  We have developed an information and evidence repository with nearly 120,000 individual items already held by the UN, and we will initiate as much information-gathering as possible this year. I urge Member States to ensure the budget process provides the necessary support so that my Office can fully implement this work.

I encourage Council members to continue paying close attention to developments in Sri Lanka, and to seek credible progress in advancing reconciliation, accountability and human rights.

Thank you

ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගයක් අත්හිටුවයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් සලකා බලමින් ශේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.

මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන රුවන් ලක්නාත් ජයකොඩි , කවින්ද්‍යා ක්‍රිස්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා ශිරාන් සනුර නමැත්තන් ගොනු කොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කියා සිටින්නේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68 /2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් “ දැඩි අන්තවාදි මතවාදයන්ගෙන් මුදාගැනීම් නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බවය.

මෙම රෙගුලාසි යටතේ ඔනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් පුද්ගලික නිදහසට දැඩි ලෙස තර්ජන එල්ල වන බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.

මෙම රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ,11 , 12.1 ,12.2 , 13.1 ,13.2 , 13.4 , 13 .5 ,13.6 ,13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්තී සෘජුවම උල්ලංඝනය වන බැවින් , මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

 

Covid Patients should not be inconvenienced – President Gotabaya

President Gotabaya Rajapaksa has instructed the Heads of Health Services not to allow any patient coming to hospitals with COVID-19 symptoms to be inconvenienced.

There has been an increase in the number of patients being treated at hospitals in several major Cities including Colombo due to COVID-19 symptoms. The President emphasized that they should not be inconvenienced due to the congestion that occurred in diagnosing such patients.

Intermediate treatment centres have been set up in several major cities since a few months ago. The centres were designed with the objective of preventing infected people from being inconvenienced in any emergency situation. Therefore, the President pointed out the need to refer those who show symptoms first to the Intermediate Treatment Centres and then to the hospitals after monitoring the patient’s condition.

The President made these remarks at a meeting held with the Special Committee on Prevention of COVID 19 Outbreak on vaccination drive and its future plans,  at the Presidential Secretariat today (06).

The President instructed Ministers, State Ministers and Health Officials to directly intervene to create a proper method to avoid any inconvenience to the public at the hospital level.

President Rajapaksa further stated that it is the responsibility of health professionals to constantly advise the public through the media to avoid contracting the virus.

It was also decided to provide facilities for anyone over the age of 30 to receive the first dose at any of the vaccination centres that administer the second dose.

Vaccines have been ordered to provide both two doses to all citizens over the age of 18 before September. The government is even prepared for a third dose. However, Consultant Neurosurgeon Dr. Prasanna Gunasena said it was disappointing to note the lack of support from the public to prevent the spread of the virus.