සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 06.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.
Latest News
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 06.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.
2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කරන ලද 2005.02.01 සිට 2008.01.31 දක්වා උපන් අයඳුම්කරුවන් වෙත නිකුත් කරන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මේ වන විට සියලුම ඉල්ලුම්කරුවන්ට යොමු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉල්ලුම්පත්‍රයේ නිවැරදිව ලිපියන සඳහන් නොකරන ලද හෝ වෙනත් හේතුවෙක් නිසා මෙතෙක් එය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට www.drp.gov.lk වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමේ පහසුකම ලබාදී ඇති බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (14) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කළා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වර්ජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව වෙනුවෙන් සේවය පත්වාගෙන යාමට යළි සේවයට වාර්තා කරන ලෙසයි.
2023 වර්ෂයට අදාළව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමයට සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව හෙට (13) දින සිට පෙබරවාරි 29 දින දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස මාර්ගගත ක්‍රමයට අභියාචනා යොමු කිරීමට හැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ.
එසේම http://g6application.moe.gov.lk/#/ යන සබැඳිය ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතිනවා.
මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඒ අනුව දරුවන්ට දිනකට දෙවරක් හෝ ස්නානය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය යම් දුරකට පාලනය කරගත හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරනවා.
දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව එම සමීක්ෂණය සඳහා තොරතුරු පාදක කරගෙන තිබුණේ ජනතාව නොමග යවන ආකාරයට බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම සමීක්ෂණ සිදුකරන්නේ මැතිවරණයක් පවතින අවස්ථාවක යම් කණ්ඩායමගේ අවශ්‍යතාවයකටදැයි ගැටලුවක් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එය පෞද්ගලික අංශයට ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ වන්නේ පවතින සේවාවන් කාර්යක්ෂම කිරීම, ගුණාත්මක විදුලිබලයක් ලබාදීම හා පවතින කාර්යන් විනිවිද භාවයෙන් සිදුකිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
හංගේරියානු ජනාධිපති Katalin Novak සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවයි ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් කළේ.
ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකුට එරෙහි ව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනයක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ළමුන්ට බලකිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයෙකුට ජනාධිපති කැටලීන් නොවැක් පසුගිය සතියේ ජනාධිපති සමාව ලබාදී තිබුණා.
ඒ සම්බන්ධයෙන් හංගේරියාවේ විරෝධතා පැවති අතර, විරෝධතාකරුවන් සඳහන් කළේ, ජනාධිපතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඒ අනුව අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේ දී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් ජනතාවගෙන් සමාව අයැද සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මොරටුව විශ්ව විද්‍යාලය සංවිධානය කරන Mora Ventures නව්‍ය ව්‍යාපාරික අදහස් ඇගයීමට ලක් කිරීමේ තරඟාවලියෙහි 6 වන අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මෙරට නව ව්‍යවසායකයින් සහ නවෝත්පාදකයින් උදෙසා වේදිකාවක් තනා දෙන මෙම තරඟාවලිය සඳහා වයස් සීමාවකින් තොරව ඕනෑම ක්ෂේත්‍රයක අයෙකුට හෝ කණ්ඩායමකට අයදුම් කළ හැකි බවයි එම තරඟාවලිය සංවිධානය කරන මොරටුව විශ්විද්‍යාලයේ ව්‍යවසායකයින්ගේ සංගමය පවසන්නේ.
අයදුම්පත් භාරගැනීම පෙබරවාරි 25 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර වැඩි විස්තර entrepreneurship.uom@gmail.com යන ඊමේල් ලිපිනයෙන් ලබාගත හැකි බව ඔවුන් දැනුම් දෙනවා.
අයඳුම්පත් මෙතැනින් යොමු කළ හැකියි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය බලය හොබවන කේරල ප්‍රාන්තයේ අද (09) සංචාරයක නිරත වී තිබෙනවා.
එහිදී කේරල ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve සාකච්ඡා පවත්වා තිබෙන ඔවුන්, ඉන් අනතුරව ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරන Vikram Sarabhai අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී එහි අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡාවකට එක් වී තිබෙනවා.
පසුව ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි Technopark හි ද ඔවුන් සංචාරයක නිරතවී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව GTech ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගිවී ඇති ඔවුන් කේරල විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
මීට පෙරද ඔහු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.