එන්න, අපි අහස පාට කරමු

කයිට්   ශ්‍රී ලංකා සංවිධානයේ  ප්‍රමුඛතම ව්‍යාපෘතිය ලෙසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දිවයිනේ වැඩිම කාලයක් සාර්ථකව පැවැත්වු එකම සරුංගල් සැණකෙළිය වන‘නිල් අහසේ වසන්තය’ ජාතිකසරුංගල් සැණකෙළිය දසවන වරටත් 2017 අගෝස්තු මස 12,13 යන දෙදින උදැසන 8.00 සිට දවස පුරා මීගමුව වෙරළ උද්‍යානයේදීපැවැත්වීමට නියමිතය.මේ සඳහා සංවිධානසහයෝගය දක්වමින් ‘මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය’ මේ වසරේදීත් කයිට් ශ්‍රී ලංකා සමග එක්වී ඇති අතර ‘සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව’ ද කයිට් ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳගෙන ඇත.

මෙම ජාතික සරුංගල් සැණකෙළියට සමගාමීව පවත්වනු ලබන සරුංගල් තරඟාවලිය ළමා හා විවෘත යන අංශ දෙක ඔස්සේපැවැත්වේවයස අවුරුදු 15ට අඩු ළමුන්ට තේමා තුනක් ඔස්සේ අගෝස්තු 12 සෙනසුරාදාදිනළමා අංශයට නිර්මාණ ඉදිරිපත් කල හැකිය.

වඩාත්මනිර්මාණශීලී සරුංගලය‘මතින් නිදහස් රටක්’ තේමා කරගත් සරුංගලය, ‘ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ – පරිසර හිතකාමී සරුංගලය එම අංශ වේ.

විවෘත අංශය සදහා අගෝස්තු 13 ඉරිදාදින තේමාවන් හතරක් යටතේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය. වඩාත්ම නිර්මාණශීලී සරුංගලය,‘මතින් නිදහස් රටක්’ තේමා කරගත් සරුංගලය, ‘ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ – පරිසර හිතකාමී සරුංගලය හා හොඳම ප්‍රහාරාත්මක සරුංගලය (ෆයිටිං කයිට්) යන තේමාවන් සදහා මෙම අංශය ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය. හොඳම ප්‍රහාරාත්මක සරුංගලය (ෆයිටිං කයිට්) සදහා කොම්බුව හා වවුලා සරුංගල් පමණක් ඉදිරිපත් කල යුතු අතර ඒවා ප්‍රමාණයෙන් අඩි 1 1/2 ට නොවැඩි විය යුතුයි.

ජාත්‍යන්තර තරුණ දිනය සමරමින් ‘මතින් නිදහස් රටක්’ සහ ‘ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ තේමාවන්ගෙන්යුත් සරුංගල් පාගමනමෙවරද12 වන සෙනසුරාදා උදෑසන 8.00 ට මීගමුව නගරසභා පිටියෙන් ආරම්භ වී වෙරළ උද්‍යානය බලා ගමන් කිරීමට නියමිත අතර ඒ සඳහා සහභාගීවීමට සංවිධායකයින්ඔබ සැමට විවෘත ආරාධනයක් කර සිටි.

සරුංගල් තරඟාවලියට සමගාමීව වැලි නිර්මාණ තරඟාවලියක්ද මීගමුව වෙරළ තිරයේදී පැවැත්වෙනු ලැබේ. ළමුන් සඳහා තරඟය අගෝස්තු 12 වන දින පැවැත්වෙන අතර වීවෘත අංශය අගෝස්තු 13 දින පැවැත්වේ.ඒ සඳහා ඉදිරිපත් විය හැක්කේ පස් දෙනෙකුට නොවැඩි ගැහැණු පිරිමි මිශ්‍ර කණ්ඩායම් වලට පමණි. සියලුම තරඟ ලියාපදිංචිය පෙරවරු 8.00 සිට පස්වරු 11.00 දක්වා සිදුකෙරේ.

සෑම අංශයකම ජයග්‍රාහකයින් සදහා කුසලානපදක්කම් හා සහතික සමග වටිනා ත්‍යාග මෙන්ම මුදල් ත්‍යාගද ලබාදීමට කටයුතු සුදානම් කර ඇත. 

තරගාවලිය සදහා ඉදිරිපත් නොවුනද සරුංගල් සැණකෙළිය සමග එක්වී විනෝද වීමට ඔබට අවස්ථාව ලැබේ. දවස පුරා සරුංගල් කඳවුරු,වැඩමුළුමැජික් සංදර්ශනමුහුණු පින්තාරුවිනෝදාත්මක ක්‍රීඩාචිත්‍රපට ප්‍රදර්ශන වැනි විශේෂාංග රැසක් සමගින් එක්වීමට මෙහිදී අවස්ථාව හිමිවේ. එදින නැරඹීමට පැමිණෙන සැමට දවස පුරා වටිනා ත්‍යාග ලබාදීමට අනුග්‍රාහකයින් සහ කයිට් ශ්‍රී ලංකා සංවිධානය කටයුතු යොදා ඇත.

එදිනට විදේශීය සරුංගල් කණ්ඩායම් මෙන්ම  ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩකයින්ගායකයින්,නළු නිළියන් ඇතුළු විශේෂිත පුද්ගලයන් රැසක් සහභාගී වීමට නියමිත අතර ඔවුන් සමග කතාබහ කිරීමටත්ඡයාරූප ලබාගැනීමටත් ඔබට අවස්ථාව හිමිවේ. එමෙන්ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඉදිරිපත් කරන විවිධ සංස්කෘතිකාංග රැසක්ද රසවිඳීමට අවස්ථාව ලැබේ. පවුලේ සැමට විනෝද වීමට මෙම සැණකෙළිය අපුරු අවස්ථාවකි.

2017 අගෝස්තු 12,13 දවසපුරාවට මීගමුව වෙරළ උද්‍යානයේදී “මතින් නිදහස් රටක්” – නිල් අහසේ වසන්තය ජාතික සරුංගල් සැණකෙළිය’ සමග එක්වීමට දිවයිනේ ලක්ෂ සංඛ්‍යාතසරුංගල් ලෝලීන්හටකයිට් ශ්‍රී ලංකා සංවිධානය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායආරාධනා කරයි.

විමසීම්– 
කයිට් ශ්‍රී ලංකා: 
0778390490
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය:01140386485/0713664911

 

පොඩිඑකා උදේට කාලා නෑ…

පසුගිය දා (03) විද්‍යා නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි ලබාදුන් එකොළොස් හැවිරිදි දරුවෙකු සාක්ෂිය ආරම්භ කොට විනාඩි කිහිපයක් යත්ම සාක්ෂි කූඩුව මත ක්ලාන්ත වී ඇදවැටී ඇත. එම දරුවාගේ සාක්ෂිය ඉතා වටිනා එකක් වන්නේ මෙම ඝාතනය සිදුවන විට නව හැවිරිදි වියේ පසුවූ ඔහු දූෂණය සිදුවූ ආකාරය සහ එහි සිටි පිරිස් දෑසින්ම දැක ඇති හෙයිනි. තමා දුටු දේ දරුවා විසින් සිය මවට පැවසීමෙන් අනතුරුව මව එකී කරුණු පොලීසියට පවසා තිබේ.

සාක්ෂි කූඩුවේ ක්ලාන්ත වී ඇද වැටුණු දරුවා අසලට පැමිණි පියා ඔහුව වත්තන් කරගෙන යද්දී මහාධිකරණය විනිසුරුවරුන් පියාගෙන් අසා ඇත්තේ දරුවා අසනීපයකින් පෙළෙන්නේද යන්නයි. එවිට පියා පවසා ඇත්තේ ‘නෑ සර්, පොඩිඑකා උදේට කාලා නෑ…. කන්ඩ දෙයක් අරන් දෙන්න මගේ ලඟ සල්ලි තිබුණෙ නෑ….’ කියාය. උසාවියේ රැස්ව සිටි අය ඉහළට ගත් හුස්ම නතර වූවා සේ හැඟිණි.

වහාම ක්‍රියාත්මක වූ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා විනිශ්චයාසනය මත රැඳී හිඳිමින්ම තම පසුම්බිය ගෙන මුදල් නෝට්ටු කිහිපයක් උසාවියේ තෝල්කවරයා අත තැබුවේ එය පියාට ලබාදී වහාම දරුවා රැගෙන ගොස් කෑම ලබාදෙන ලෙස පවසමිනි. එතෙක් නඩුව පැයකට ආසන්න කාලයක් කල්තැබීමට විනිසුරු මඩුල්ල වහාම පියවර ගත්තේය.

හොඳින් කා බී වතුර බෝතලයක් ද අතැතිව සිනාසෙමින් නැවත අධිකරණයට පැමිණ ඇති දරුවා කිසිදු විඩාවකින් තොරව ඉතාමත්ම පැහැදිලි, චතුර ආකාරයට සාක්ෂි ලබා දී තිබේ. ඔහුගේ සාක්ෂිය කෙතරම් ප්‍රබල වීද යත් ඔහුගේ සාක්ෂිය අවසානයේදී පැමිණිල්ල අමතා ඇති මහාධිකරණ විනිසුරුවරුන් පවසා ඇත්තේ ‘තවත් මෙතනින් එහාට සාක්ෂි මෙහෙයවීමේ අවශ්‍යතාවයක් තිබේද’ යන්නයි.


උපුටා ගැනීමක්

සරුංගල් එක්ක පිය නැගූ දස වසරක්..

සරුංගල්යැවීමවිනෝදාංශයක්ලෙසින්පමණක්නොවක්‍රීඩාවක්ලෙසටදප්‍රචලිතකිරීමමෙන්මඑයවැදගත්සමාජපණිවිඩයක්ගෙනයාහැකිමෙවලමක් ලෙසටදඅවබෝධකරගත්තරුණපිරිසක ගේඑකමුතුවෙන්ගොඩනැගුණුශ්‍රී ලංකාවේ ජාතික සරුංගල් සංවිධානය වන ‘කයිට්ශ්‍රී ලංකා’සංවිධානය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික ප්‍රෞඩත්වය සහදේශීය උරුමයන් සරුංගලය ආශ්‍රයෙන් ලොවටම විදහා දැක්වූ සංවිධානයකි.

කයිට්ශ්‍රී ලංකාසංවිධානයේ ප්‍රමුඛතමව්‍යාපෘතියලෙසින්වාර්ෂිකවසංවිධානය කරනුලබනලංකාවේජාතිකසරුංගල් සැණකෙළිය වනනිල්අහසේවසන්තයදිවයිනේවැඩිමකාලයක්සාර්ථකව පැවැත්වුඑකමසරුංගල් සැණකෙළියවේ.දිවයිනපුරාජාත්‍යන්තර සරුංගල් සැණකෙළි මෙන්ම සරුංගල් ආශ්‍රිත වැඩමුළුනේවාසික කඳවුරුසරුංගල් ආශ්‍රිත මෝස්තරනිරූපන සංදර්ශනඡායාරූපතරගාවලිසිනමා උළෙල,චිත්‍රවැනිනිර්මාණ තරගාවලිආදි වශයෙන් විශාල වැඩසටහන් රාශියක් පසුගිය දස වසර පුරාවට මෙමසංවිධානය විසින්පවත්වා ඇත.

ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර ආයෝජකයින් ලෙස කටයුතු කරන ලෝකයේ ප්‍රමුඛ පෙළේ හෝටල් ජාල විසින් මෙන්මශ්‍රී ලංකාවේ විවිධ ජනප්‍රිය රූපවාහිනී මාධ්‍ය ආයතන මගින් පැවැත්වූ සරුංගල් සැණකෙළි සහ රජයේ අමාත්‍යංශආයතනරාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන,පෞද්ගලික ආයතනවිවිධ ස්වේච්ඡා තරුණ සංවිධාන මගින් සංවිධානය කල සරුංගල් සැණකෙළි සඳහා උපදේශකත්වය සැපයීමටද, ජාත්‍යන්තර ප්‍රමිතියේ විනිශ්චය කරුවන් ලෙස කටයුතු කිරීමටද කයිට් ශ්‍රී ලංකා සංවිධානය පසුගිය වසර ගණනාව තුල සමත්වීඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය උදෙසාද විශාල දායකත්වයක් දක්වා ඇති මෙම සංවිධානය,ලොවපුරාපැවැතිජාත්‍යන්තර සරුංගල් සැණකෙළි සහ තරගාවලිරැසක් සඳහා වසර ගණනාවක්පුරා,ශ්‍රී ලංකාවේජාතික අනන්‍යතාවයත්සංස්කෘතියත්දේශීයත්වයත් රැගෙනයමින් රට වෙනුවෙන්අගනාමෙහෙවරක්ඉටුකරඇත.

2017වර්ෂයේදී සිය අභිමානව ගමන්මගේදසවර්ෂපුර්ණයසාඩම්බරයෙන්සැමරීමටසුදානම් වන කයිට් ශ්‍රී ලංකා සංවිධානය ඊට සමගාමීව පසුගියදා පැවැත්වු මහසභා රැස්වීමේ දීඉදිරිවසරසඳහානවනිලධාරි මණ්ඩලයක්තෝරාපත්කරගත්අතරඅභිනවයෙන්පත්වුනවනිලධාරි මණ්ඩලයපහතපරිදිය.

සභාපති – ප්‍රසන්න අටුළුගම

ලේකම් – තේජිත සෞභාග්‍ය එදිරිසිංහ

භාණ්ඩාගාරික – එරන්ද ප්‍රනාන්දු

උප සභාපති – මිල්ටන් පිරිස්

ඉසවු කළමණාකරු – රජිත හේරත්

ජාත්‍යන්තර සම්බන්ධීකාරක – ශිරෝමි සමරකෝන්

සම සංවිධායක – මහේෂ් රණසිංහඑම්. සමීර්ෂෙහාන් ප්‍රනාන්දු

මාධ්‍ය සම්බන්ධීකාරක – සමන්ප්‍රියංකර නම්මුණිගේ

මුල්‍ය උත්පාදන කළමණාකරු – සුරංගිකා ලක්ෂි

එමෙන්ම‘නිල්අහසේවසන්තය’ජාතිකසරුංගල් සැණකෙළිය පැවැත්වීමත්,එයටසමගාමීව කයිට්ශ්‍රී ලංකාසංවිධානයේ දසවන සංවත්සරය සැමරීමත්මෙම වසරේ අගෝස්තු මස 11,12,13  දිනයන්හි කොළඹ දී සහ මීගමුවේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතඅතරදිවයිනේ ලක්ෂ සංඛ්‍යාතසරුංගල් ලෝලීන් හට ඒ සමග එක්වීමට කයිට්ශ්‍රී ලංකා සංවිධානය ආරාධනාකරසිටියි.

Web – kitesrilanka.lk
Email – info@kitesrilanka.lk , kitesrilanka@gmail.com
Face Book – Kite Sri Lanka Organization

නිදි නේනා ‍රැයක සියුම් ස්වරයක් ගෙනා කල්පනා කාවින්දී

By: Sanka Rambukwella
ඇය කල්පනා කාවින්දී බමුණුසිංහය.කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වන ඇය මේ දිනවල රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනාගත් දෙවන ඉනිම ටෙලි නාට්‍යයේ “නිදි නේනා” ගීතය මගින් සහෘද හදවතට සියුම් ස්වරයෙන් ආමන්ත්‍රණය කළ ගායිකාවයි.අද බොස්ටන් ලංකා ඇය හා කතා බහක යෙදෙයි
ඔබ සංගීත ක්ෂේත්‍රයට යොමුවන්නේ කොහොමද ?
පුංචි කාලේ ඉදලම ගෙදර තිබුනේ සංගීතමය පරිසරයක්..ඒ කාලෙ හැමදාම තාත්තා  මට සිංදු කියල දෙනවා පාසලේ උදේ රැස්වීමෙදී කියන්න..ගෙදරින් අරුනම මාව මුලින්ම අගය කලේ මගේ ගුරුවරු..ඒ පසු කාලීනව පාසලේ සමස්ථ ලංකා තරග ජයග්‍රහණ ලැබුනා මේවත් එක්ක හිතුනා කුමක් හෝ හැකියාවක් ඇති කියලා..ඒ උනන්දු කිරීම දිරි ගැන්වීම් එක්ක සංගීතයට ගොඩක් ආදරය කලා..ඒ කාලේ හිටපු ගායක ගායිකාවෝ ගැන චිත්‍රපටි ගැන තාත්තා මට නිතරම කිව්ව. හිතුනා මමත් කවදහරී ඒ වගේ කෙනෙක් උනොත් අම්මයි තාත්තායි  ගොඩාක් කැමති වෙයි කියලා…
19449415_1552295811510347_2109360950_o
විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව ලබන ශාස්ත්‍රීය අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කළොත් ?
 
මේ වනවිට මං සොන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයේ උත්තර භාරතීය සංගීත අද්‍යන  අංශයේ 3 වෙනි වසරේ ඉගෙනුම ලබනවා උත්තර භාරතීය සංගීතය  කර්නාටක සංගීතය බටහිර සංගීතය ජන සංගීතය,සංගීත මනෝවිද්‍යව ඇතුලු ක්ශේත්‍ර විශාල ප්‍රමාණයක් එහිදී අද්‍යනය කරන්න ඉඩ පහසුකම් ලැබෙනවා.ඒ හැම දෙයක්ම  ඉගෙන ගන්න ලැබෙන එක ප්‍රායෝගිකව ගොඩාක් ප්‍රයොජනවත්..
අද ක්ෂේත්‍රයේ දකින්නට ලැබෙන්නේ තමන්ට අදාළ ක්ෂේත්‍රය පිළිබඳ නිසි හැදෑරිමක් නොමැතිව පැමිණි අය… මේ තත්ත්වය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට බලපාන්නේ කොයි විදිහටද
ඔබ වෘත්තීමය ගායන ශිල්පිනියක් ද ?
19578840_1552297298176865_34284350_o
උපතින් ගේන හැකියාවට අමතරව යම් ප්‍රමාණයකට හෝ දැනුමක් අත්දැකීමක් තියෙන එක ගොඩක් වටිනවා නිර්මානශීලීව දෙයක් කරන්න..තාම මං ඉගෙන ගන්නවානේ…. පුංචි කාලෙ ඉදලා ආසාවෙන් හිටියේ වෘත්තීමය ගායන ශිල්පිනියක් වෙන්න තාමා..මාද්‍ය ක්ශේත්‍රයේ රැකියාවක් කරන්නත් පොඩි ආසාවක් තියනවා…
කොහොමද දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඔබ ගයන ගීතයට තිබෙන ප්‍රතිචාර ?
මුලින්ම මේ ගීතයට මාව තෝර ගන්න ඕන කියලා තීරණය කරපු ලක්සිරි සර්ට වගේම සංගීත නිර්මාණය කරපු නිමේශ් අයියාටත් ගීතය ලියපු ශෙහාන් අයියාටත් දෙරණ කාර්‍ය මන්ඩලයටත් ස්තූතියිවන්ත වෙන්න ඕන..හීනෙකින්වත් හිතුවේ නෑ ගීතයට මේතරම් පිරිසක් ආදරය කරනව ඇති  කියලා..මුහුනු පොතෙන් වගේම පාරට බැස්සත් මුන ගැහෙන හැමෝම මේ දවස් වල සුබ පතනවා.මේ ගීතයත් එක්ක මට තව අවස්ථා කිහිපයක්ම උදා උනා..හැංගී හැංගි එබිකම් කලා ගීතයට පස්සෙ මාව ගොඩාක් දෙනා හොයන්න පටන් ගත්තේ නිදි නේනා ගීතය ගැයුවට පස්සේ..
19578904_1552296021510326_2081261981_o
කවුරුත් දන්නේ නැද්ද තවම ඔබේ ආශාවන් ? 
කවුරුත් දන්නේ නෑ….
අනාගත බලාපොරොත්තු මොනවද ?
වැඩිදුර ඉගෙන ගන්න කැමතියි…ඒ වගේම ඉදිරියේදී හොද නිර්මාණය වලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා..
විශේෂයෙන් මතක් කරන්න ඕන අය ඉන්නවද ?
හැමදාම මගෙ සෙවනැල්ල ශක්තිය උන මගෙ අම්ම තාත්තා  අක්කා අයියා වගේම කුඩා කල සිටම අකුරු  දුන්න ගුරුවරු මගේ නෑදෑයෝ කල්‍යාණ මිත්‍රයන්  ඇතුලු මට  වචනෙකින් හෝ උදව් කල හැම කෙනෙක්ම මතක් කරනවා..ඒ වගේම මට ආදරය කරන මගේ ගීත අහපු අහන හැම කෙනෙක්මත් ආදරයෙන් මතක්  කරනවා..

“අහක බලන්න එපා, ඔබත් මැදිහත් වෙන්න”

පොදු මගී ප්‍රවාහන සේවා තුළ කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනයට එරෙහිව නැගී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලා සිටී.

මගී ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසනය වැළැක්වීමේ “අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න” ස්ටිකරය දියත් කිරීමේ වැඩසටහන සිදු වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙනි.

“අපි ගොඩක් වෙලාවට දැකලා නැහැ එවැනි අවස්ථාවල කාන්තාවන් අනෙක් අතට කතා කරනවා. මොකද ඔවුන් බයයි තමන්ගේ චරිතය ඝාතනය වෙයි කියලා,” යනුවෙන් ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

“හැබැයි කාන්තාවන්ට ගරු කරන පුරවැසියන් විදියට පුරුෂයන්ට කෙලින්ම මේකට මැදිහත් වෙන්න පුළුවන්.”

“තමන්ගේ ශරීරය අයිති තමන්ට” බව පවසන මන්ත්‍රීවරිය කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනය වැළැක්වීම සඳහා කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශවයම දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නීය.

ඒ අතරවාරයේම ලිංගික හිංසනය සම්බන්ධයෙන් රටේ පවත්නා නීති දැඩි කිරීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කරන්නීය.

සූර්යයා ටත් වඩා ආලෝකමත් වූ අපූර්වතමයන්ගේ සිනා සැණකෙළිය

සූර්ය්‍ය මංගල්‍යය ගැන කතා කිරීමට මේ සමය නොවේ නේදැයි ඔබ අසනු ඇත. කතාව ඇත්ත වුණත්  සැමදා අපූර්වතමයන්ම සොයා යන බොස්ටන් ලංකා  මේ අපූර්වතමයන්ගේ සැණකෙලි තතු කෙලෙසනම් මගහරින්නද?

GPJ_SL_NP_TraditionalGames_16

 පසුගිය අප්‍රේල් 27 වන දා වැලිවේරිය නගරයේ කාන්ති ක්‍රීඩා පිටියට සූර්්‍යය මංගල්‍ය උදා වූයේ නිර්ව්‍යාජත්වයෙන් පිරුණු මේ අපූර්වතමයන්ගේ සිනා සාදය සමගිනි. සූර්්‍යයාටත් වඩා ආලෝකමත් මේ සොදුරු සිතැත්තන්ගේ ලෙි සෙල්ලම් සහ සිනා සාගරය ගම්පහ දිස්ත්‍රික්කයේ විසල් ජනකායකගේ නෙත් සිත් පැහැර ගන්නට සමත් විය.
 
ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 11ක ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෛ් දක්ෂතා විදහා දැක්වෙන මේ මහා මෙහෙයුම පිටුපස සිටින ගුරු බලකාය ඉටු කල මෙහෙවර නිම්හිම් නැත.
GPJ_SL_NP_TraditionalGames_17
 
මේ අපූරු සූර්යය සැණකෙළිය පිළිබද බොස්ටන් ලංකා වෙත දැනුම් දුන්  ඒ බලකායේ නඩේ ගුරෙකු වන වැලිවේරිය මද්දුම බණ්ඩාර විදුහලේ විශේෂ අවශ්‍යතා ඒකකයේ කේ.ග්‍රේටා ප්‍රනාන්දු මහත්මිය තම සිසු බලකායේ දක්ෂතා විස්තර කලේ ඉමහත් ආඩම්බරයෙනි. 
GPJ_SL_NP_TraditionalGames_93 GPJ_SL_NP_TraditionalGames_98 GPJ_SL_NP_TraditionalGames_104
 
“මේ දරුවන් නිසි පරිදි කුඩා කාලයේ සිටම පුහුණු කළොත් ඔවුන්ටත් අනිත් දරුවන්ට වගේම මෙ ්සමාජෙත් එක්ක උරෙන් උර ගැටෙන්න පුළුවන්. ඒක මේ අවුරුදු උළෙල දැකපු ඕනම කෙනෙකුට හොදම සාක්ෂියක්.”

නොනිදන කේතුමතියේ පින්වතුන්ෙග් අවධාය පිණිසයි

නිරාශා පියවදනි

මේ නොනිදන කේතුමතියේ එක් රැයකට පුළුස්සන රුපියල් ශත ගැන වරක් මා මිතුරෙකු කිව්ෙව් ෙමෙස්ය.

“ආතල් එක කියන්නෙ ඒකටනෙ බං සල්ලි තියෙන් පිස්සු නටලා ජොලියෙ ඉන්න. කොහොමත් මං නම් එක නයිට් එකකට ලක්ෂෙ පන්නනවා. අපෝ ඕවානම් මොනාද බං සොමියෙ ඉන්න එපාය.”

පිරිසක් සල්ලිවලින් බඩ පිනුම් ගසනා මේ කේතුමතියේම හිසට වහලක් තනා ගැනීමට හෝ කුසට අහරක් සරි කර ගැනීමට නොහැකිව සෝගින්නෙන් දැවෙන ජීවිත එමටය. සොමිබර ජීවිතයක් වෙනුවෙන් සමාජ ශාලා පොහොසත් කරවන පින් ඇත්තන් ඇතුළු සියලු පින්වතුන්ෙග්  දැන ගැනීම පිණිස ෙබාස්ටන් ලංකා වරින්වර එවැනි ජීවිත පිළිබද පළ කරන්නේ එබැවිනි.
ලෙල්ලු‍ෙ පිටියේ  උපන් 35 හැවිරිදි දිනේශ් කුමාරට අගහිගකම් අරුමයක් නොවේ. පැමිණි දුක් පැණි රසයි කියා ඔහු ධෛර්යෙන් දිවිය හා පොර බැදූවද විවාහයෙන් පසු දරු දෙදෙනාත් සමග ඒ අරගලය සිතූ තරම් පහසු නැති බැව් වැටහෙන්නට විය. මේ වන විට වයස අවු 02ක් වයසැති ඇසිනි හිමාෂා දියණියත් සිව් මස් වියැති දිලූෂ දිනෙත් පුතණුවනුත් බිරියත් සමගින් ඔහු වෙසන්නේ අනාරක්ෂිත පැල්පතකය.
 නිවසක් ෙනාකියා ඒයට පැල්පතක් යැයි පැවසුෙව් නිවසක තිබිය යුතු ප්‍රාථමික ගණෙය් අාරක්ෂාවවත් බිළිදුන් ෙදෙදනකු ද සමගින් දිවි ෙගවන ෙම් පවුලට ඒ් වහල යට ෙනාලැෙබන බැවිනි.
ඔහු අයැද සිටින්න් සැප සම්පත් මවා ෙදන කප්රුකක් නොවේ. සිය දුගී පැල්පත නිවහනක් කර ගැනීමට පුංචි සහයක් පමණි.
“දුවගෙ ආරක්ෂාව ගැන වැඩිපුර හිතලයි මේ ඉල්ලීම කරන්න හිතුවෙ. අපිිට මේ ගේ ටිකක් ආරක්ෂාකාරී ඇති විදියට හදලා දෙන්න කාටහරි උදව් කරන්න පුළුවන්නම් ඒ ඇති. කුලී වැඩ කරලා හොයා ගන්න සොච්චමෙන් දවස ගෙවා ගන්නෙත් පුදුම දුකක් විදලා.” කුමාර සිය අහිංසක අපේක්ෂාව අකුරු කළේ එලෙසින්.
දහසින් බැදි තොරන්, උත්සව සැණකෙළීවලට දිනපතා  ඔබ කොතරම්නම් මුදල් වැය කරනවාද?ඒයින් පුංචි මුදලක් ෙම් අහිසංක ජීවිතවලට ඒළියක් ෙගෙනන්නට ෙවන් කළ හැකිනම් මනුෂ්‍යත්වයට ඔබ සැබෑ අරුතක් තිළිණ කරනු අැත.
 ඔහුව සම්බන්ධ කරගැනීමට –
අැල්ගිරි පතිරණෙග් දි ෙන්ෂ් කුමාර – 1/30, පතුල්ගාන, ෙලල්ලුපිටිය
 හැදුනුම්පත් අංකය – 820354940V
දුරකථන අංකය – 0750985838
වි ෙශ්ෂ ස්තුතිය – ෙතාරතුරු ලබා දුන්  සුභාෂ් අසංකට

චණ්ඩින්ට ගිය කලාව තරු පන්තිෙය් විලාසිතාවක් වුණු හැටි

By: Sanka Rambukwella 

මෙය වෙනස් කලාවකි.වරක් දෙවරක් නොව සියවරක් මෝස්තරය ගැන සිතා කටයුතු කළ යුතු කලාවකි.ගැහුවොත් ගැහුවාමය.නිර්මාණ ශිල්පියා වන ඔහුට සේම නිර්මාණය ඔහු ලවා සිදුකරගන්නා ඔබට ද එය අවධානමකි.එහෙත් අප කතා කරන කතා නායකයාට එය  අවධානමක් ද ?

පිස්සුද මචං. කාලයක් යද්දී ඒක හුරු වෙනවා.මම මුලින්ම ටැටූ ඉගෙනගත්තේ අපේ යාලුවෝ සෙට් එකක් එක්ක එකතුවෙලා.හැබැයි ආර්ට්(චිත්‍ර) ඇඟේ තිබුණා.අවධානමක් නොතිබුණත් මම වෘත්තීය මට්ටමෙන් ටැටූ නිර්මාණ ශිල්පියෙක් නිසා සීයයට දෙසීයක් මම කරන නිර්මාණයට අවධානය යොමු කරනවා.ඒක මගේ වගකීම” ඇඩම් ඇන්ඩ් ඉන්ක් හි ටැටූ නිර්මාණ ශිල්පියා එලෙස කියාගෙන කියාගෙන යයි. බොස්ටන් ලංකා අපි ෙම් කියන්න හදන්ෙන ටිකක් ෙවනස් කතාවක්.

14359112_893119250818140_3470334642874042536_n16265978_976808305782567_6860668602378122219_n

යුරෝපයට සාපේක්ෂව ලංකාවේ ටැටූ කලාවක් ලෙස නොව පුද්ගලයාගේ යම් ප්‍රකාශනයක් නිරූපණය කිරීම සඳහා යොදාගත්ත අවස්ථා ඉතිහාසයේ ඉතා වැඩි ප්‍රමාණයක් පවතිනවා.උදාහරණයක් විදිහට ඒ කාලේ ටැටූ සමාජයේ චණ්ඩින්ට පමණක් සීමා වුණ කලාවක් වුණා.ඒක කලාවකටත් වඩා පුද්ගලයා නිරූපණය කරන්න යොදාගත්ත සංඛේතයක් වුණා කීවොත් හරියටම හරි.ඉතිහාසය එහෙම වෙද්දි වර්තමානය සෑහෙන්න වෙනස් වෙලා.

කොළඹ ඉඳලා කඩුවෙල පැත්තට එනකොට බත්තරමුල්ල හන්දියෙදී ඔබට මේ මනරම් ටැටූ නිර්මාණ ශිල්පියාගේ ටැටූ නිර්මාණය කරන ස්ථානය හමුවෙනවා.ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලවම ටැටූ නිර්මාණය,අවශ්‍ය රසායන ද්‍රව්‍ය භාවිතා කරන නිසා මේ ස්ථානය වඩා විශ්වසනීයයි.

ඒ විශ්වසනීය බවත් එක්කම   වඩා කුළුපග සල්ලාපයකින් ඇඩම් ඇන්ඩ් ඉන්ක් හි නිර්මාතෘ ප්‍රවීණ ටැටූ නිර්මාණ ශිල්පී අැඩම්  අපූරු ෙතාරතුරු ෙහළි  ක ෙළ් ෙමෙලසිනි.

Adam-1

කොහොමද ටැටූ වෘත්තීය මට්ටමෙන් පටන්ගත්තේ ඔබ ? මුලදි බය හිතුනේ නැද්ද ?

මුලින්ම පටන්ගත්තේ යාලුවෝ එක්ක එකතුවෙලා.පස්සේ මම ටැටූ නිර්මාණය කරන ස්ථානයක වැඩ කළා කාලයක්.ඒ අත්දැකීම් එක්ක තමයි වෘත්තීය මට්ටමට ආවේ.මුලින්ම ටැටූ ගැහුවේ මගේ යාලුවන්ගේ (සිනා) ඒ නිසා බය හිතුණේ නෑ

දැන් කොච්චර කාලයක ඉඳලද ඔබ මේ ටැටූ නිර්මාණය කිරීමේ නිරත වෙන්නේ ?

දැනට අවුරුදු හතරක වගේ කාලයක ඉඳලා මම ටැටූ නිර්මාණය කරන වෘත්තිකයෙක් විදිහට වැඩ කරනවා

17439549_10154870177236154_1763489166_n17439902_10154870179106154_269011157_n

එදා ඉඳලා අද වෙනකොට අද ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබට සතු‍ටුයි ද ?

ඔව් ඇත්තටම.අද මේ වෙනකොට ලංකාවේ හොඳම ටැටූ නිර්මාණය කරන කිහිප දෙනා අතර මාත් ඉන්නවා,ඒ ගැන ඇත්තටම සතු‍ටුයි

ලංකාවේ දැන් ටැටූ වලට තියෙන පිළිගැනීම කොයි වගේද ?

කොළඹ පරිසරය තුළ නම් ටැටූ කියන්නේ විලාසිතාවක්.ඒක නිකම් අපි අර කරාඹුවක් පළඳිනවා වගේ වැඩක්.ගැහැණු පිරිමි බේදයක් නැතිව සිදුකරන විලාසිතාවක් හැටියටයි වර්තමානයේ ටැටූ කලාව හඳුන්වන්න පුළුවන්.ඉතින් විලාසිතාවක් බහුතරයක් අනුගමනය කරනවානම් ඒක පිළිගන්න මිනිස්සු පෙළඹෙනවා

ටැටූ කලාව තුළ කාන්තාව සහ පිරිමියා ගේ ‍තෝරාගැනීම් කොයි වගේද ?

ගොඩක් පිරිමි අය බාහුව වගේ පිටතට පේන ස්ථාන වල ටැටූ නිර්මාණය කරන්න පෙළඹෙනවා.හැබැයි කාන්තාව බොහෝ දුරට ටැටූ ගහන්නේ ශරීරයේ පිටතට නොපෙනෙන ස්ථාන වල.පිරිමි අය ගොඩක් ලොකු නිර්මාණ(ප්‍රමාණයෙන් විශාල) වලට යනවා.හැබැයි කාන්තාවන් ගොඩක් සිම්පල් නිර්මාණ තමයි අත්හදා බලන්නේ.

ඔබ ඔබේ ටැටූ නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය කොහෙන්ද ගේන්නේ.. ලංකාවේ තියෙනවද එහෙම අමුද්‍රව්‍ය ගන්න තැනක් ?

නෑ ලංකාවේ මම දන්න තරමින් නෑ.මම නම් ඒ හැමදේම ගෙන්නන්නේ ඇමරිකාවෙන්

ඒ කියන්නේ ඔබේ ටැටූ නිර්මාණ හරි ගණන් කියන එකද ?

(සිනා) රුපියල් 5000 සිට ඉහළට තමයි මම ටැටූ නිර්මාණය කරන්නේ

කෙනෙගේ ශරීරයේ ටැටූ නිර්මාණය කිරීමේදී අවශ්‍ය ඩිසයින් එක තීරණය කරන්නේ කවුද?ඔබද එහෙමත් නැත්නම් සේවාලාභියාද?

ටැටූ එකක් කරන්න එන ඕනම කෙනෙක්ට මම කියනවා එයාට අවශ්‍යය ඩිසයින් එක අරන් එන්න කියලා.අන්තර්ජාලයෙන් බලලා හරි කොහොම හරි.එයා ‍රැගෙන එන ඕනම ඩිසයින් එකක් මම නිර්මාණය කරලා දෙනවා.

17439451_10154870177611154_401835423_n16649526_995428270587237_49614624858901433_n

ගැහැණු ළමුන් ද ඔබගෙන් ටැටූ නිර්මාණය කරගන්න පැමිණෙනවා.කොහොමද ඔබ අතින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්නේ ?

මම කරන්නේ වෘත්තියක්.ඒ වෘත්තියටම එක්වුණ විනයක් තියෙනවා.ඒක ගැහැණු පිරිමි දෙපක්ෂයටම පොදුයි.ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා සියයට දෙසීයක් මම කැප වෙනවා

කෙනෙක් දැක්ක ගමන් කියන්න පුළුවන් ද ඔබට ඔහුට ගැලපෙන ටැටූ එක මොකක් ද කියලා ?

ඔව් බොහෝ දුරට කියන්න පුළුවන්

මොනවද අහන්න කැමති සිංදු ?

මම ගොඩක් අහන්නේ බටහිර සිංදු තමයි

ඒකට හේතුව ?

ටැටූ නිර්මාණය කරද්දී හොඳ එනර්ජි එකක් තියෙන සිංදුවක් අහන්න අවශ්‍යයි.ඒ නිසා බටහිර සිංදු තමයි අහන්නේ

‍ෆිල්ම් වලට කැමතිද ?

ඔව් අනිවාර්යයෙන්ම කැමතී.වැඩියෙන්ම කැමති ඇක්ෂන් ‍ෆිල්ම්ස් බලන්න

මොනවද ඉදිරි බලාපොරොත්තු ?

තව ස්ටූඩියෝ එකක් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා

ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද ?

මේ දුරකථන අංකය අමතලා දිනයක් වෙලාවක් වෙන් කරගන්න.0778489997.දිනයක් වෙලාවක් වෙන්කරගන්න හේතුව තමයි දවසකට මම නිර්මාණය කරන්නේ ඉතාමත් සීමිත ටැටූ ප්‍රමාණයක්.මොකද කරන වැඩේ හරියට කරන්න ඕන.දැඩි අවධානයකින්.ඒ නිසා වෙලාවක් වෙන් කරගෙන එන්න.උසස් අන්දමේ ටැටූවක් මම නිර්මාණය කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා ඔබට.

විශේෂ ස්තූතිය – මධූ සිල්වා මහත්මියට

සංඛ රඹුක්වැල්ල – – m_sankarambukwella@yahoo.com

අගනුවර රාත්‍රිය කලඔන Aunty party

නදීෂ නිර්මාණ හේරත්

වෙලාව රෑ එකොලහට විතර ඇති.එකපාර නැවැත්තුවේ හයියෙන් ආපු කාර්එකක්.අන්ධකාරය හින්දා කාර් එකෙන් ආපු අයගේ මුහුණු හරියට පේන්න තිබුනෙනෑ.ඒත් රියදුරු අසුනෙ හිටිය මැදිවියේ කාන්තාවගේ රත්පැහැ තොල් පෙති අන්ධකාරය තුලත් දිලිසෙන්න ගත්තා.මේ කාන්තාවත් අනෙක් පස උන් කාන්තාවත් මාර්ගය අසල මෙච්චර වෙලා රස්තියාදුකාරයෙක් මෙන් නොඉවසිල්ලෙන් සිටි තරුණයාට අතින් සන් කල අතර ඔහු මෝටර් රථය තුලට නැගගත්තේය.

 ඒ කොලොම්පුරේ එක්තරා දිනයක අවසානයට හෝරා කිහිපයකට පෙරයි.තරුණයාගමන්ගත්තේ අතුරුගිරියේ පිහිටි එක්තරා සුවිසල් නිවාස සංකීර්ණයක් වෙතයි.

” කමෝන් බෙිබි” රත් පැහැ දෙතොල් උල් කල ඇය ඔහු හට අඬගැසුවේ උඩු මහලට යන පීඨිකාව වෙතටයි.තරුණයාද ඔවුන් දෙදෙනා අනුගමනය කරමින් පසුපසවැටෙයි.ඔය අතර එක් තැනැත්තියකගේ දුරකථනය  නාදවෙයි.

    ” හෙලෝ ඔන් මිනෝ,හම්බ වුනා.අපි දැන් ඇතුලෙ දැන්” මේ කතා බහඅතරතුර අපට දකින්න ලැබෙන්නේ එක්තරා සොදුරු අවස්ථාවක් නම් නොවේ.අගනුවර පවතින එක්තරා සමාජ සංස්කෘතියක මුහුණත මෙසේ අපි දකින්නෙමු එනම් තරුණයින්,විවාහක මිල මුදලින් උසස් අයගේ ග්‍රහණයට ලක්වීම අද වන විට ජනප්‍රිය නොවුනු සංස්කෘතික අංග ගණයට වැටෙන්නකි.

එහි පවතින වැරැද්ද අපි එකහෙලා හෙලි නොකලද ඇතැම් ව්ට එහි සදාචාර විරොධී ක්‍රියාවලියක ආරම්භයයි. අන්තර්ජාලය හරහා මෙම මැදිවියේ කාන්තාවන් තරුණ පිරිමි සොයා යන අතර තමන්ට නතුවන තරුණයින්ගේ අදහස් දැනගැන්මට ඔවුන් යම් කිසි කාලයක් ගත කරනු ලබයි.විශ්වාසය ඇතිවන්නට ඔවුන්ගේ පරීක්ෂණ මගින් සමත් විය යුතු අතර ඒ අනුව තම හමුවීම් දින වේලාවන් සකසා ගනී.අනතුරුව මුල් දිනයේ තනිව මුණගැසෙන ඇය නිවසින් පිටත තැනක තනිවෙයි.එහිදී තරුණයාගේ හැසිරීම් කෙබදුද යන කාරණාව වටහා ගනී.සමහර අවස්ථා වලදී මුල් අවස්ථාව වේදී ම තරුණයන්ව එපා වෙන කාරණා ද ඇතිවේ.එවිට ⁣මෙම කාන්තාවන් ඉන් ඉක්මනින් ඉවත්වන අතර කතාකරන දුරකථන අංකද වෙනස් කර ගනී.

විශ්වාසය තහවුරු කල තරුණයන්ව තම අනෙක් සමාජිකාවන්ට හදුන්වාදීමේ සාදය ට රැගෙන යන්නේ ඊට දින කිහිපයකට පසුවය.එහිදී තරුණයන් හට මධුවිත,රස මසවුලු ආදිය ලැබෙන අතර රාත්‍රියේ සිට පසුදා පහන්වනතුරාම මියුරු සංගීත රාවය අතරතුර මෙම කාන්තාවන් ඔවුන් හා රති කෙලියේ යෙදෙන අතර ඒ අතරතුර මෙම තරුණයන්ද තම අගහිගකම් පවසා මුදල් ලබා ගැනීමට තරම් ම සූක්ෂ්ම වෙයි.

මෙය අද වනවිට කොළඔ අවට සිදුවුවද අතරින් පතර මෙම කණ්ඩායම් රටේ අනික් ප්‍රදේශ වල ද සාද පවත්වන අතර මේ සියල්ලගේම පෞද්ගලිකත්වය වසන් කිරීම ට ඔවුන් වගබලා ගනී.කෙසේ වෙතත් මෙවන් aunty පාටි ආදියට සමාජ සම්මතයට එරෙහි දෙයක් වුවද එය වැරදි යැයි තීරණය කරමින් නීතිමය පියවරක් ගැනීම ගැන නම් තවමත් නිශ්චිත අදහසක් නොමැත

නදීෂ නිර්මාණ හේරත් – naddygossip@gmail.com

 

සොත්ථිසේන කතා වස්තුව

නීතිඥ උපුල් කුමාරප්පෙරුම

බුද්ධ වර්ෂ නවසිය හැත්තෑ හයක් වූ සමයක සොත්ථිසේන නම් රජෙකු ලක්දිව මහරාජයානන් සේ කිරැලු පලන් සේක. 

එකල්හී සොත්ථිසේන රාජෝත්තමයණ්ගේ අගමෙහෙසිය වූ සංඝා නම්වූ කුමරියෙක විසින් සොත්ථිසේන මහාරාජෝත්තමයාණෝ කිරැලු පලන් දිනයේදීම ඝාතනය කරන ලද්දාහූය. සොත්ථිසේනයන් රජකම් කල කාලය ගත් කල්හී එය එක්දිනක් වන්නේය.

සොත්ථිසේනයන්ට වූ අබග්ගය මහාවංශයෙහි සඳහන්වැ තිබියදී මාගේ මිත්තණියන් මා හට කියා පෑවේ කෙදිනක හෝ මාද චතුරයෙකු බවට පත් කිරීමේ අදහසක් ඇයගේ චෛතිසිකයන් තුල පෙරදැරි කරගෙන වන්නට විය යුතුයැ.

මාතර රාහුලයේ හයේ පන්තියට ගිය කල්හී අනේකවිධ දරැවෝ ශිෂ්‍යත්වය සමත්වැ රාහුලයටඅකුරැ කරන රිසියෙන් පැමිණියාහුය. එසේ රාහුලයට බට කොලුවන් අතැර මෙතෙකැයි කිව නොහැකි නාමයන්ගෙන් ඇරඹෙන්නාවූ පාසල් රාශියක ලමයින් ඇත්තාහූය. එකල්හී පස්වැන්නෙහි ශිෂ්‍යත්වය මනාව ලකුණු කලාවු නව යොවුන් වියෙහි වූ තරැණයෙකුද රාහුලයට පැමිණියේ තමන් ශිෂ්‍යත්වය සමත් උගතකු යැයි ආඩම්බරකාරීවූ මනසකින්ය.

රාහුලයට හූවක දුරින් වූ පාසැලක අධ්‍යාපනය ලැබූ මේ අහිංසකයා රාහුලයට පැමිනෙත්ම ඔහුගේ කල්ක්‍රියාව දුටු පන්ති භාර ඇදුරානෝ හේ පන්තියෙහි මොනිටරයා බවට පත් කලෝය. දමිත් චමින්ද නම් වූ හේ තමන් වෙත ප්‍රධානය කලාවූ ධූරයෙන් ඔද වැඩී අනෙක් සිසුවන් දෙස නෙක ආඩම්බර ලීලා පාමින් තමන් මොනිටරයා බව සපත කරනු වස් නෙක පෙලහර පාන්නට විය.

මෙසේ මොනිටරයා නේක පෙලහර පාමින් සිටියැදී ශිල්ප ශාස්ත්‍රයෙහි උකටලී වැ ගොස් සිටයෙකු මොනිටරයා හට චැලෙන්ජයක් දෙමින් පොරක් සේ වැජඹෙන්නට අවැසි නම් වහලයෙහි යට ලීයෙහි නගින්නට අභියෝග කලේය. අභියෝගය එසැනින් භාරගත් මොනිටරයා, සැබෑ මොනිටරයෙකු දැලක් මත දිවයන්නා සේ කම්බි දැල් මතට නැගී අසුරැ සැනකින් යටලීය මතට වන්නේය.

ඛේදයකි එකල්හීම ගුරැතුමානෝ පන්තියට පැමිණෙන්නේ මොනිටරයා ආමන්ත්‍රණය කෙරෙමිනි. යටලීයෙහි උන් මොනිටරයා පහත් වූ ස්වරයෙකින් ගුරැවරයා ආමන්ත්‍රණය කරත්ම බලවත් සේ කිපුනු ගුරැ තෙමේ මොනිටරයා යටලීයෙන් බැස්සවූයේ අබ මිටක් ඉසහොත් පුපුරා යන මුහුණකින් යුතුවයැ. ගුරැ දේවයානෝ කෝටු පහර කිහිපයක්ද මොනිටරයාගේ පශ්චාත් භාගයට ලබා දුන්නේ ඉතිරි හෝරා කිහිපයද ඔහු නැගිටුවා තබන අටියෙනි.

මහත්සේ කිපීහුන් ගුරැ දේවයානෝ තමන් විසින් උදෑසන පත් කලාවූ මොනිටරයා හෝරා කිහිපයකදී මොනිටර භාවයෙන් නෙරපා හැරියේ අලුයම ලූ කෙල පිඩක් මෙනි. ඉක්බිතිව හේ නව මොනිටරයෙකු පත් කලේය.

එතැන් සිට එක් දිනක් පමණක් මොනිටර් කම් කල දමිත් චමින්දයෝ සොත්ථිසේන නාමයෙන් හඳුන්වන්නාහුය. සමහරෙක් එය මොනිටරයාගේ වාසගමයැයි සිතා සොත්ථී කියාද කියන්නාහුය. වෙසක් පත් වලද සඳහන් කරන්නාහූය. එකල්හී ඒ සොත්ථිසේනයන්ට පසුව දිනක් රජකම් කල අනෙකා මෙකල්හී කොමර්ෂල් බැන්කුවෙහි සිටිනා අපේ සොත්ථිය.