අතුල මල්හීසර වරද්දා ගනී

අතුල අධිකාරි මේ දවස්වල වැඩිපුර පේන්න හිටියෙ නෑනෙ.පේන්න නැති වුනත් අතුල ගෙ” බොහෝ කලක් ගීතය නම් ගොඩක් ජනප්‍රියයි.ඉතින් මේ ජනප්‍රියත්වය කොහොම වුනත් අතුල ගැන මේ කියන්න යන කතාව නම් වෙනස් එකක්.ඒ තමයි අතුල මෑතක්වෙනතුරා සම්බන්ධ වෙලා හිටිය රුපවාහිනී රියලිටි වැඩසටහනේ සංගීතය පැත්තෙන් වගේම ඔහුට එහි වාරණයකුත් වැටිලා.

මේ ගැන හොයලා බලන⁣කොට ආරංචි වුනේ අතුල එක්තරා අවස්ථාවක තරගයක් වෙනුවෙන් හදපු මල් හීසරයක් තරගෙට ගෙනාපු ලක්ෂ ගානක වීඩියෝ  වෝල් එකේ වැදිලා ලොකඅ අලාභයක් වෙලාලු.ඉතින් ඔය ගැන අදාල නාලිකාව එක්ක කතා බහකුත් ගිහින් අන්තිමට අතුලට මේ නාලිකා⁣වෙ වැඩවලට සම්බන්ධ වෙන්නත් බැරි වෙලා

ආදරණීය විකී,දැන් ඉතිං ඔබ හොයයි මම කව්ද කියල..

සටහන: නිනී සෙනෙවිරත්න

ඇය පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ඔබට මට සමීපය. නමුත් ඕනෑම චරිතයක සාධාරණීකරණය රංගනයක අයිතියද ඇයට ඇත්තේය. මේ ඇගේ කතාවය.

“උසස්පෙළ ට මම කළේ ජීව විද්‍යාව. මට ඕන වුනේ ඒ අංශයේ රැකියාවක් කරන්න . ඖෂධවේදිනියක් වෙන්න මට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබුණා.

මම ඒ සඳහා අයදුම්පත් යොමු කරන අතර වාරේම තමයි NIDT ආයතනයේ ජනමාධ්‍ය හා ආයතනයේ ජනමාධ්‍ය හා රූපවාහිනීකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරන්නට පටන් ගත්තේ.

මම අදත් ආදරණීය ව සිහිපත් කරනවා NIDT ආයතනයේ ලාල් හේමන්ත මාවලගේ මහත්තයා . කලාවට මගේ තිබුණ හපන්කම් ඔප මට්ටම් කරන්නෙ ඔහු. ඒ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි දෙරණ රූපවාහිනී ආයතනයේ ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාවන් අතරට මමත් එකතු වෙන්නෙ. අවුරුද්දක් දෙරණෙත් ඊටපසු අවුරුදු නවයක් ශ්‍රී ටී වී එකෙත් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට කටයුතු කළා.

මාව පුංචි තිරයට අරන් ආවේ සුදත් රෝහණ මහත්තයා . ඔහු අධ්‍යක්ෂණය කළ කටු ඉඹුල නාට්‍යයේ පාලිත සිල්වා, චම්පා ශ්‍රියාණි, ඩී ආර් පෙරේරා වැනි ප්‍රවීණ රංගධරයන් එක්ක ආගන්තුක මම කොයින් මැණිකේ ගේ චරිතයට පණ දෙනවා. ඒ තමයි ආරම්භය.

ඒත් මගේ අතීතේ මගේ කලාවට උපත දෙන්නෙ මගෙ අම්මා අනුලා කාන්ති කුමාරි ඇය ගුවන්විදුලි නිවේදිකාවක් වගේම ටවර් හෝල් රංගන ශිල්පිනියක් . ඇගේ ආභාසය තුළ නෙයිනගේ සුදූව නාට්‍යයේ ගායක කණ්ඩායමේ සමාජිකත්වය මට හිමි වෙනවා. ඔව් අම්මා තමයි මගේ හැම තැනකම ශක්තිය . එයා අපිව දාලා ගිහින් දැන් අවුරුදු තුනක් වෙලා.

ඒත් අම්මා කියන හයිය ජිවිතේ හැමදාම මට ඉතිරි කරන්න තරම් මගේ අම්මා කාරුණික වෙලා.

ජිවිතේ මාව වෙනස් කරපු මාව මිනිස්සු අදුර ගත්තු චරිතය වෙන්නෙ රවීන්ද්‍ර විජේරත්නන්යන්ගේ ජිවිතේ ලස්සනයි හි ධනංජනා. විදෙස් මෙගා නාට්‍ය වලට අභියෝගයක් වෙන්නට නිර්මාණය වුන ජිවිතේ ලස්සනයි නාට්‍යය මාව ප්‍රේක්ෂකයා වෙත අඳුන්වා දුන්න නාට්‍යය වුනා.

ඒ වගේම මාව මිනිස්සු මතක තියා ගත්තෙ දේදුනු විදිහට. ඒ අතිශය ජනප්‍රිය චිත්‍ර කතාවක් වුන ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යය හරහා. අදටත් මට දේදුණු කියල කතා කරන අය ඕන තරම්. මම ත් අාසයි ‍මට දේදුණු කියනවට.

“දැන් කියන්න හිතුවේ වේදිකාව ගැන. රජා මං වහල චාමික හත්ලහවත්තගේ නිර්මාණයක් . මම එහි චරිතයකට පණ දෙනවා. ගිය වසරේ විශිෂ්ටතම නාට්‍ය විදිහට හොඳම නිළිය සම්මානය මට ලැබිල තවත් සම්මාන දහයක් නාට්‍යය ට හිමි වුන මේ වේදිකා නිර්මාණය එක්ක අපි දිල්ලි ජාත්‍යන්තර නාට්‍ය මහෝත්සවයට අපි ගියා.

ලෝකයෙන්ම තෝරා ගත් නාට්‍ය තිහක් අතරට අපි ආව කියන්නෙ දරා ගන්න බැරි සතුටක්. මේ නාට්‍යයට අමතරව චාලක රණසූරියගේ මාරක ළිදේ සවාරියක් වේදිකා නාට්‍යය සම්බන්ධ වෙලා ඉන්නවා .
පුංචි තිරයේ නිසළ සඳ ඔබ නාට්‍යයේ මේ දවස් වල අපිට අපි මුණ ගැහෙයි. ටිකක් අඳුරගන්න අමාරු වෙයි. ඒත් නෙල්නා ඩී සේරම් කියන්නෙ කව්ද කියල බලන්නකෝ. ඒ වගේම චිත්‍රපට ගැන කීවේ නැත්නම් ඒක ලොකු අඩුවක් වෙයි.

ආදරණීය විකී, ටවුමේ ඉස්කෝලේ වැනි චිත්‍රපට එක්ක ආපු මම විශ්ම කියල නවතම චිත්‍රපටයකටත් දායක වුනා…….”
“දැන් ඉතිං ඔබ හොයයි මම කව්ද කියල . හැබැයි ඒ ගැටළුව දැන් විසදිලත් ඉවර ඇති. ඔව් හිතුවා හරි. මම උමයංගනා වික්‍රමසිංහ . ඔබෙන් ලැබෙන ආදරය එක්ක මේ වෘත්තීය මට දැනෙන්නෙ වාසනාවන්ත වෘත්තියක් විදිහට. ජිවිතේ ආපහු හිතල බැලුවම නැතිවුන දේවල් වලට වඩා මට ලැබුණ දේවල් වැඩියි. ඔව් මං සතුටින්. ඔබේ ආදරයට ස්තුති . නවතින්න කළින් දයා වයමන් මහත්මා ව දයාබරව මතක් කරනවා. දවසක ඉක්මනින් ආයේමත් අපි හමුවෙමු.”

අමරසිරි පීරිස්ට මුදල් නොදී සංවිධායකයො පැනලා ගිහින්

අමරසිරි පීරිස් මහතාට  සංගීත ප්රසංගයකට ආරාධනා කොට නියමිත මුදල් නොගෙවා  වංචාකර සංවිධායකන් පැන යාමේ පුවතක් වාර්තා වේ.

පෙබරවාරි 11  දින අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්යාලයේඋන්මාද සඳනමින් සංවිධානය කර තිබූ ප්රසංගයට විශාරද  අමරසිරි පීරිස් මහතාටද ඇරයුම් කර තිබිණි.

නමුත් ප්රසංගයේ මුදල් ඒකතු කරගත් පසු සංවිධායකයෝ වංචනික ලෙස මූදල් නොගෙවා පැන ගොස් ඇත.

තත්ත්වය එසේ වුවද තමන් වෙනුවෙන් ඉතා දුර බැහැරින් මෙම ප්රසංගයට පැමිණි අහිංසක මිනිසුන් උදෙසා නොමිලයේ ගීත ගායනා කරමින් අදාළ ප්රසංගය පැවැත්වීමට තමා ඇතුළු සිය කණ්ඩායම කටයුතු කළ බව අමරසිරි පීරිස් මහතා මාධ් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය

එම වංචනික ලෙස කටයුතු කළ සංවිධායකයින්  සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියට පැමිණිලක් සිදුකළ බවද ඔහු පවසා සිටියේය.

එසේම නිල නොවන ආරංචිමාර්ග ලෙස වාර්තා වන්නේ අදාළ සංවිධායකයින් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

අදාල සංවිධායකවරයා ප්රසිද්ධ සමාජසේවකයෙකු ලෙසින්  අපූරු චරිතයක් රග දක්වන බවත් මීට පෙර පැල ව්යාපෘතියක් සම්බන්ධයෙන් වංචාවක් සිදු කොට ඇති බවත් වාර්තා වේ. එසේම පාසල් හදන මුවාවෙන්  විදේශයන් හි ජීවත්වන  ජනතාවගෙන් මුදල් වංචා කිරීම වැනි වංචාවන් රැසක් සිදු කකර ඇති බවද වාර්තා වේ.

Boston Lanka with WENASA: පැරෂුුට් එකක යන්න ආසද?

නිරාශා පියවදනි

මේ පින්තූරෙ මට මුණ ගැසුණෙ අසංක සතරසිංහ කියන මාධ්‍ය සහෘදයාගෙ Facebook පිටුවෙන්. පින්තූරෙ අපූර්වත්වය නිසාම එහි   තිරෙන් පිටුපස කතාව හොයාගෙන යන්න බොස්ටන් ලංකා තීරණය කළා.

අසංක සතරසිංහ කියන්නෙ ශ්‍රී ලාංකික රසික හිතවතුන්ට අමුත්තෙක්නම් නෙවෙයි. ඇල්මැරුණු රූප පෙට්ටියට ජව සම්පන්න වෙනසක් අරන් ආපු අතලොස්සක් වැඩ සටහන් අතරින් ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහන  විශේෂයි. වෙනස  නිවේදනයෙන් හැඩ කරන කටකාරයො අතරට අලුතින් එකතු වුණු සාමාජිකයෙක් තමයි අසංක.

බොහොමයක් දෙනා නොදුටු  නොදන්න   අපූරු ඉසව් හොයාගෙන රට පුරා කරක් ගහන්න වෙනස නඩේ කට්ටිය හරි   රුසියො. මේ පාර ඔවුන්ගෙ කුරුමානම වෙලා තිබුණෙ අලුත්ගම මුහුදු තීරය.එහි සංචාරකයන්ගේ නෙත් සිත් වශී කරවන අපූරු අංග අතරෙ මේ පින්තූරය හැඩ කරන පැරා මෝටර්ස් ලංකාවට  අලුත් අත්දැකීමක් කියලා අපිට කියන ගමන්ම අසංක ඒ ගැන වැඩි විස්තර කිව්වෙ මේ විදියට.

“පැරා මෝටර්ස් කියන්නෙ පැරෂුට් එකක්ම නොවුනත් පැරෂුට් පවුලේම සාමාජිකයෙක් කියලා කියන්න පුළුවන්. හෙලිකොප්ටර්ස්,  බනානා බෝර්ට්, වෝටර් ජෙට් වගේ ලංකාවෙ සංචාරකයන්  කුල්මත්  කරන දේවල් අතරෙ පැරා මෝර්ටර්ස් කියන්නෙ ලංකාවට අාපු අලුත් සාමාජිකයෙක්.

මේ යානයේ ත්‍රි රෝද රථයක් වගේ සකස් කළ කොටසේ වාඩි වුණාට පස්සෙ මෝටරයක් ආධාරයෙන්  යානය බීච් එක දිගේ ටික දුරක් ගිහින්  අහසේ පියාසර කරනවා. පැරෂුට් එකක් වගේ පිටුපසින් සවි කරලා තියන බැලූන් එකේ ආධාරයෙන් තමයි මෙය අහසේ පියාසර කරන්නෙ. ටුවරිසම් කරන අය සංචාරකයන්ව වරකට විනාඩි 12ක් විතර අහසේ පියාසර චාරිකාවක් එක්කන් ගිහින් ඔවුන්ට සුන්දර අත්දැකීමක් ලබා දෙනවා. වෙනස වැඩ සටහන වෙනුවෙන් මට මේ යානයේ අඩි 10000ක් විතර අලුත්ගම අවට පියාසර කරන්න අවස්ථාව ලැබුණා.”

අසංක මේ විස්තර කිව්වෙ තවත් රසවත් තොරතුරු ගොන්නක්ම හංගගෙන කියලා අපිට හොදින්ම තේරුණා. හැබැයි  පෙබරවාරි 15 වෙනි බදාදා රාත්‍රී 10.00ට විකාශනය වෙන වෙනස බැලුවොත් පැරා මෝර්ටර්ස් ගැන අසංක අපිට හෙළි නොකරපු අපූරු තොරතුරු රසවිදින්න අමාරු වෙන්න නැහැ.

මේ වැඩසටහන වෙනුවෙන් කැප වෙන නිෂ්පාදක නඩේ වැඩකාරයො ටිකත්, ඒ අතරින් විශේෂයෙන්ම රසික වින්දන නිෂ්පාදකතුමාවත් මතක් කරන්න අසංක අමතක කළේ නැහැ.

දන්නවද? අපේ නෙත් ඇදගත් පින්තූරෙ අරගෙන තියෙන්නෙත් වෙනස නඩේම සාමාජිකයෙක් වුණු අරෝෂ්  ඩයස්. අරෝෂ් විනෝදෙට ගත්තු මේ පින්තූරෙ තමයි අපිට රසවත් කතාවක සුල මුල කිව්වෙ.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් යශෝදරා සිනමාවට ගෙන එයි

ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්න හදපු පත්තිනි චිත්‍රපටය පහුගිය කාලෙ හදපු පත්තිනි චිත්‍රපටය අතිශය සාර්ථක වුනානෙ.සම්භාවනීය සිනමා රැල්ලෙ සිනමා කෘති හදපු සුනිල් ආරියරත්න ඒ උණුහුම තුලින්ම අලුත් චිත්‍රපටයක් හදන්න පටන්ගෙනලු.මේ පාර කරන්නෙ යශෝදරා චිත්‍රපටයලු.ඉතින් සිදුහත් චරිතය මේපාර සිනමාවට ගේන සුනිල් ආරියරත්තනගේ යශෝදරා ඔහුගේ 22 වන චිත්‍රපටය වනවා.ගොඩක් අය ඔහුට කීවේ රජකතා සිනමාකරු කියලයි.ඒත් ඔහු ‍එතිහාසික කතා නවයක් විතරලු කරල තියෙන්නෙ.කොහොම වුනත් මේ චිත්‍රපටය සදහා නවයකයන් වැඩි ප්‍රමාණයක් දායක කරගන්නලු බලාපොරොත්තුව.

චතුරිකා පීරිස් යුගදිවියට සැරසෙයි

කාලයක් රොෂාන් පිලපිටියගෙ පෙම්වතිය වෙලා හිටපු චතුරිකා ,ගයාන් එක්ක පෙමින් වෙලිලත් දැන් කාලයක් වෙනවනෙ.දෙන්න දැන් ජීවත්වෙන්නෙත් එක ගෙදරක.අලුත්ම ආරංචිය තමයි චතුරිකා ත් ගයානුත් දැන් ලහි ලහියෙම තමන්ගෙ විවාහයට ලකලෑස්ති වෙනවලු.ඉතින් රොෂාන් එක්ක විවාහයටත් ග්‍රහයෝ බලපෑවා කියලා ඒ දවස්වල කට කතාවකුත් ගියනෙ.කොහොම වුනත් දැන් නම් මේ දෙන්නා ආපහු විවාහය කල් දාන්න බෑලු.රොෂාන් පිලපිටියගෙන් ඈත් වුනාට පස්සෙ කතා නොකර හිටපු චතුරිකාගෙ නංගි පූර්නිමාත් එයාගෙ හස්බන්ඩ් සහනුත් ආපහු කතා බහ කරනවලු.ඔය තරහ මරහ හැමදාම  තියාගන්නත් බෑනෙ

රවින්දා කාටත් හොරෙන් හදන්න ගිය චිත්‍රපටිය අතරමග ?

රවින්දා කාටත් හොරෙන් හදන්න ගිය චිත්‍රපටිය අතරමග ? සෙන්කොට්ටන්. නවකතාව කවුරුත් කියවපු අතිශය රසවත් නවකතාවක්නෙ.ඉතින් මේ කතාව ලියපු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ට ඒකට ගොඩක් හොද ප්‍රතිචාරත් ලැබුනා.

දැන් ලැ‍බෙන අලුත්ම ආරංචිය වෙන්නේ මේ කතා පොත කියවපු රවින්ද්‍ර රන්දෙනිය දක්ෂ ප්‍රවීන රංගනශිල්පියා සෙන්කොට්ටන් කතාව චිත්‍රපටය ට නගන්න උත්සහයක් තියෙනව කියන එක.ඔය ආරංචිය දැන් ටික කාලයක් වෙනවා.ඒත් දැන් දැන් මේ සෙන්කොට්ටන් කතාව ගැන සද්ද බද්දයක් නෑ.රවින්ද්‍ර ට සෙන්කොට්ටන් අමතකවෙලා නම් මහින්ද ප්‍රසාද් තව කෙනෙක් එක්ක එකතුවෙලා චිත්‍රපටිය හදයිද කියල බලන් ඉන්න වෙනව.
නදීෂ් නිර්මාණ හේරත්

කෝපි කඩේක දි හමු වුණු අලි බාබා

1995 වසරෙ එකෝමත් එක දවසක San Franciscoවල කෝපි අවන්හලකදි මං ලොකු කල්පනාවකට වැටිලා හිටියා. ඒ මොකක් ගැනද? මං පටන් අරගෙන තිබුණු බිස්නස් එකට දාන්න සුදුසු නමක් ගැන.

මගේ කල්පනා ලෝකෙට බාධා කලේ දුම් දාන කෝපි සුවදක්.

“ඔබ මොනවද අලි බාබා ගැන දන්නෙ?” ඒ සුවද ගෙනාපු වේටර්වරියගෙන් මං ඇහුවෙ දෙවරක් හිතන්නෙ නැතුවම.

“ඕ… Open sesame!”ඇය මන්දස්මිතයක් එක්ක ඒ මායාකාරී වචන මුමුණකොටම කව්දෝ කෑ ගැසුවා! “අපූරුයි! ඒහෙනම් ඒකයි නම.” ඒ කව්ද?

වෙන කව්රුත් නෙවෙයි ඒ මමමයි.

මගේ හිතේ හැම තැනම හොල්මන් කලේ එකම දෙයයි. අලි බාබා! කරුණාවන්ත කාර්යය ශූර ව්‍යාපාරිකයා! පාරට බැහැලා ඇවිදින අතරෙ මුණ ගැහෙන නාදුනන අයගෙන් මං ඇහුවෙ එකම එක දෙයයි..”ඔබ අලි බාබාව හදුනනවද?”

පිළිතුරු ඉතා රසවත් වුණා.හැමෝම උත්තර දුන්නෙ සිනා මුසු මුහුණෙන්.

අලි බාබා කියන්නෙ එහෙනම් චීනෙට, San Franciscoවට විතරක් නෙවෙයි ලෝකෙටත් අමුත්තෙක් නෙවෙයි කියලා මට දැණුනෙ එදා…

මේ ජැක් මා නම් අපූරු මිනිසා තම ව්‍යාපාරයේ තිරෙන් පිටුපස කතාව වචන කරපු අපූරුව.

එතෙක් කාලයක් චීන සමූහාණ්ඩුවේ උපත ලබා චීනෙ ප්‍රසිද්ධ සමාගම් ලෝකෙට ගෙනියන්න අන්‍තර්ජාල පිටු හදපු චීන ජාතික ජැක් මාගෙ චයිනීස් පේජස් ව්‍යාපාරය 1999 වසරෙදි අලි බාබා නමින් අභිශේක වුණේ ඒ විදියට.

“Open sesame” මායාකාරී වැකිය අලි බාබාට නිධානයකට දොරටු විවිර කලා වගේම චීනෙ ඉපදුණු අලි බාබා ජැක් මාට ව්‍යාපාරික ලොවේ නිධාන් දොරටු විවර කළා.

ලෝක ප්‍රසිද්ධ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා ලබාගැනීම සදහා වූ ලොව සුප්‍රකට දැවැන්තයෙකු වන චීන ජාතික අලි බාබා සමාගම ශ්‍රී ලංකාවටත් එන්නයි යන්නෙ.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මීට දින කිහිපයකට උඩදී මේ ගැන අනාවරණය කර සිටියා. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව අලි බාබාහි නිර්මාතෘ මෙන්ම සභාපතිවරයාද වන ජැක් මා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර පැවති සාකච්ඡාවකදී ජැක් මා ශ්‍රී ලංකාවෙ සිදු කරන ආයෝජන ගැන හෙළි කරලා තියනවා.
ක්‍රමයෙන් සාර්ථකත්වය කරා පා නැගූ අලි බාබා 2006 වසර වන විට බී ටු බී දත්ත වාර්තාවලට අනුව චීන වෙළදපළ කොටස් අතරින් 86%ක කොටස් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණා. මේ වන විට එහි  දල වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවන බව ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

Nirasha Piyawadani

අධ්‍යක්ෂ ජෙනරාල්ට ක්‍රෝටන් කොළ සහ කොස් කොළ කෑමක්

ක්‍රෝටන් කොළ සහ කොස් කොළ යොදා සකස් කළ ආහාර ලබන පෙබරවාරි මස තුන් වැනිදා කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උත්සවශී‍්‍රයෙන් පිළිගන්වන බවසමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ පවසයි.
cooking-chef-

ඒ අනුව ඒවායෙහි රස බලා ගුණ අගුණ රටට හෙළි කිරීමට ඔහුට හැකිවන බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේය.

ක්‍රෝටන් කොළ සහ කොස් කොළ වෙනුවට නියං අවස්ථාවකදී ආහාරයට ගතහැකි වෙනත් ඕනෑ තරම් දේ තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණි.

රටවටා තිබෙන මුහුදෙන් පහසුවෙන් ලබාගත හැකි මාළු සහ මුහුදු ශාක ඒ අතර වන බව අසේල සම්පත් වැඩිදුරටත් කියා සිටියේ.