Category: entertainment
Entertainment
අපෙන් වැඩ ගත්තා මදි. ආනන්ද වික්‍රමගේ


Rihanna says Trump is ‘the most mentally ill human being in America’
Rihanna opened up about her thoughts on President Donald Trump, saying in a Vogue interview published this week that she thinks he’s the “most mentally ill human being in America right now.”
On Wednesday, the fashion magazine published an interview with the musician and beauty mogul where she was candid about her political beliefs and distaste for the president.

Rihanna said it’s “devastating” to live in a country with back-to-back shootings, noting the mass shootings that took place within one day of each other in El Paso, Texas, and Dayton, Ohio.
“People are being murdered by war weapons that they legally purchase. This is just not normal. That should never, ever be normal. And the fact that it’s classified as something different because of the color of their skin? It’s a slap in the face. It’s completely racist,” said the 31-year-old.
“Put an Arab man with that same weapon in that same Walmart and there is no way that Trump would sit there and address it publicly as a mental health problem,” she said. “The most mentally ill human being in America right now seems to be the president.”
The native Barbadian talked about being an immigrant in America right now, telling the publication that she doesn’t even know what to say to young immigrants growing up in this time.
“What do you say? What can you say? It’s gonna get better? I almost feel sick to my stomach. I don’t even believe this is happening in real life. In front of my eyes. In front of the world. It’s not even hidden. This is blatant,” she said.
Source: HUFFPOST -By: JENNA AMATULLI
සිහිනයේ ස්වරය (Dream Voice) – රියලිටි වැඩසටහන in USA & Canada
වින්දනීය ස්වරයක ආනන්දනීය හද ගැහෙන හෝරාව “සිහිනයේ ස්වරය” (ඩ්‍රීම් වොයිස්) යනු ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා සුදානම් වන ප්‍රථම රියලිටි ගායන තරගය වේ. මෙම තරගය බොස්ටන් ලංකා මාධ්‍ය ජාලය විසින් සංවිධානය කර ඇති අතර මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගනිමින් සිටියි.
මෙම තරගය බොස්ටන් ලංකා සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන අතර කථාංග ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සහ යූ ටියුබ් නාලිකාවේ ද නැරඹිය හැකිය. ශ්‍රී ලංකාවේ නරඹන්නන් සඳහා, සෑම ඉරිදාවකම රාත්‍රී 8 ට තරගය රූපවාහිනියේ (PEO TV – Channel 5) නැරඹිය හැකිය.
මෙම තරඟය සඳහා විශිෂ්ඨ ඝනයේ ශේෂ්ත්‍රයේ කෘතහස්ත දැනුමැති ප්‍රවීණ විනිසුරුවන් එකතු වී සිටින බව ද කිව යුතුය. ඒ අනුව ජගත් වික්‍රමසිංහ, ඉන්දිකා උපාමාලි සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය අර්ජුන බාලසූරිය යන විද්වතුන් එම කටයුත්ත පරිපුර්ණ කරති. ශ්‍රී ලාංකේය විනෝදාස්වාදයේ වින්දනීය වැඩසටහනක් මෙන්ම දක්ෂයන් අගයනු වස් සංවිධානය වූ මෙම රියලිටි වැඩසටහට හුදෙක් වෙනස්ම රියැලිටියක් වන නිසාම තරඟ කරුවක් රැසක් සහභාගී වී සිටිති. ඒ අනුව මේ වන විට පළමු වටයට තරඟ කළ තරඟකරුවන් 80 දෙනාගෙන් හොඳම තරඟකරුවන් 40 දෙනා තෝරාගෙන තිබේ.
ආරාධිත විනිසුරුවන් : දෙවන වටයේ හොඳම තරඟකරුවන් 20 දෙනා තෝරා ගැනීම සඳහා ප්‍රධාන විනිසුරුවන් සමඟ සංජීවනි වීරසිංහ, කිත්සිරි ජයසේකර, සහේලි ගමගේ, බද්‍රජි මහින්ද ජයතිලක සහ ඩෙස්මන්ඩ් රොඩ්රිගෝ යන ප්‍රවීණයන් කටයුතු කරනු ඇත.

අවසන් මහා තරගය ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි ෆෝඩ්ස් හි 1050 කිං ජෝර්ජස් පෝස්ට් පාරේ රාජකීය ඇල්බට් මාළිගාවේදී (1050 King Georges Post Rd, Fords, New Jersey, USA) පැවැත් වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර අවසන්ය. අවසන් මහා තරගයහි ආරාධිත අමුත්තා ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ගරු. රොඩ්නි පෙරේරා සහභාගි වීමට නියමිතය.
සිහිනයේ ස්වරයට මේ වන විට හඩ දායකත්වයට කැනඩාවේ සිටින දුෂාන් දිසානායක සහ එක්සත් ජන පදයේ ගීතිකා වික්‍රමසිංහ සහ මිහිරි වීරසිංහ සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්ත්වයෙන් නිවේදන කටයුතු සදහා දායක වෙද්දී මෙහි අවසන් තරගයේ නිවේදනය කටයුතු සදහා ජනප්‍රිය රංගන ශිල්පිණි නෙහාරා පිරිස් සිය දායකත්වය ලබා දීමට නියමිතය.
රොෂාන් රිද්මා අතරට අළුත් සාමාජිකයෙක්


රන්ජන්ට කිරුළ අහිමිවෙයි….
13 වැනි ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී (SLIM Nielsen People’s Awards) වසරේ ජනප්‍රියම නළුවාට හිමි ජනතා සම්මානය, වසර එකොළහක් අඛණ්ඩව එම කිරුළ රැකගෙන සිටි රන්ජන් රාමනායකට අහිමි වුණා.
ඒ යොවුන් නළු හේමාල් රණසිංහ ජනප්‍රිය කිරුළේ හිමිකරුවා බවට පත් වීමත් සමඟ.
මෙම සම්මානය පසුගිය වසරේදී හේමාල් සහ රන්ජන් අතර සම සම්මානයක් ලෙස බෙදී ගියද, මෙවර එහි තනි හිමිකාරිත්වය හේමාල් සතු වුණා.
ඊට අමතරව පිට පිට දෙවන වතාවටත් තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නළුවාට හිමි සම්මානයට ද හේමාල් හිමිකම් කීමට සමත් වීම විශේෂත්වයක්.
එසේම සමස්ථ ජනතාවගේ ජනප්‍රියම නිළිය ලෙස 11 වෙනි වරටත් මාලනී ෆොන්සේකා කිරුළ දැරීම මෙවර සම්මාන උළෙලේදී කැපී පෙනුණ අවස්ථාවක් වුණා.
Cinema-
* වසරේ ජනප්‍රියම සිනමාපටය- ගෝල්
*වසරේ ජනප්‍රියම නිළිය – මාලනී ෆොන්සේකා (11 වෙනි වරට)
*වසරේ ජනප්‍රියම නළුවා- හේමාල් රණසිංහ (පිට පිට 02 වෙනි වරට)
*තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නිළිය- පූජා උමාශංකර් (02 වෙනි වරට)
*තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නළුවා – හේමාල් රණසිංහ (පිට පිට 02 වෙනි වරට)
Teledrama-
* වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය- දෙවෙනි ඉනිම
*වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය- නයනතාරා වික්‍රමආරච්චි (පිට පිට 02 වරට)
*වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා- සාරංග දිසාසේකර (පිට පිට 04 වෙනි වරට)
Music-
*වසරේ ජනප්‍රියතම ගීතය- නන්දා මාලනි විසින් ගායනා කරන “අම්මාවරුනේ”
*වසරේ ජනප්‍රියම ගායිකාව- ශෂිකා නිසංසලා (පිට පිට 04 වෙනි වරට)
*වසරේ ජනප්‍රියම ගායකයා – චාමර වීරසිංහ (පිට පිට 02 වෙනි වරට)
Anushka Madubashini
The intricate emotional process which is very much a applied process is also instinctive when it comes to innately gifted singers such as Anushka Madubashini. Anushka hails from ‘Devata’ a small village close to Galle. She was a past pupil of Sangamitta Girls College Galle. She had been handicapped from her young days since her father’s demise when she was in Grade three only nine years old. Calamity struck her family as her mother had to boost the family which comprised of another younger sister against many restrictions.
Anushka was nevertheless strong-minded to excel in studies and art accomplishing many milestones in music at school. As a teenager she had won several All -Island awards consecutively in singing from year 2003 to 2008, a unique achievement. She possesses a wide vocal range and could sing folk to pop songs.
The exposure of innate abilities to sing was after her performances in Derana Dream Star season two, eight years ago. She was a forerunner for the title, however owing to the rampant SMS precedent she was eliminated. It is pertinent to cite that Anushka gathered accolades from explicit invites like Vasantha Dukgannarala,Lakshman Wijesekera,Indrani Perera,Annesly Malewena,Bathiya and Santhush etc. The former quipped that Anushka possesses a traditional folk voice while the latter duo were delighted with her voice and singing style added that she sings with a lot of soul for the audience to “feel” which is primarily what a singer should possess in abundance.
Anushka won Sri Lanka youth awards in singing category in years 2014 and 2015. She dislikes fame and desires to stay low profile. She is very reserved type who does not speak much. After her triumph in the Dream Star contest when there was ample prospect for her to rise to stardom, nevertheless she persisted to be low profile. Anushka had snubbed offers astonishing many in the field by not accepting offers to sing. Her voyage in this conservative field was snail’s tempo with no intent for monetary growths.
She hardly sang on stage but only selected to sing only at random and of course willingly for charity. What was haunting in her was to pursue a career for a University degree in Ethnomusicology. Her dream was met when she was selected to the University of Visual and Performing Arts. After graduation obtaining bachelor’s degree with 1st Class honours she opted initially for a year to be the music teacher at the Lyceum International School in Galle. However, she wished as prudent to accept considering a career in music a post of visiting lecturer at the University of Visual and Performing Arts to date where she got the opportunity to lecture in the same department, she studied practical and research Music. Her contemporary aspiration on which she is working on now is to read for a PhD in Ethnomusicology in an overseas University preferably in Germany. When she achieves this ambition Anushka’s fervent wish would be to impart her vast expertise to the massive Sri Lankan music arena as the first in Sri Lanka conferred on a PhD in her field.

Owing to her demanding and cumbersome agenda in travelling to and from Colombo from native humble home in Devata close to Galle, of course added with her University obligations, during her last few years she had only concentrated in working in “Derana Dell Studio” with music titan Mahesh Denipitiya whom she asserts as her music maestro and also at Singhagiri studio. Anushka had toured Melbourne once with the Derana Dream Star colleagues in year 2010, twice in the latter years had toured all states in Australia with the Mahesh Denepitiya orchestra where she was primarily a chorus singer. It was only in February this year she participated in the Mahesh Denepitiya’s “Hitz Beatz” at Nelum Pokuna theatre. The justification of Anushka’s snail’s tempo stance is well illustrated by the reality that Anushka’s first audio song “Ridunu then jeevithe bomai” which was officially launched only last year. The music route was by Aruna Gunawardena whilend lyrics by Amila Thenuwara. She won the best music award in State music awards for this song in year 2018.
In the context of the above it would be the fervent wish of all music lovers to diagnose Anushka’s desires in her coveted melodious voyage.
By: Sunil Thenabadu
email sthenabadu@hotmail.com in Brisbane.
වික්ටර්ට 77යි….
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ 77වන ඡන්ම දිනය පසුගියදාට යෙදි තිබුණා.
ඒ වෙනුවෙන් පැවති උපන්දින සාදය සදහා කලාකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.
එහි විශේෂිත අවස්ථාවන් DARK ROOM ආයතනය කැමරාවට හසුකරගෙන තිබුනා.
77 වන වසරට පා තැබූ වික්ටර් රත්නායකයන්ට සුබ උපන්දිනක්….








‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්තය
By: ලයනල් බෝපගේ
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලන කතිකාවතේ අඩංගු වන ආවේණික සීමාවන් සම්බන්ධව විවිධ මතිමතාන්තර පවතී. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලනය සහ ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින බොහෝ මතිමතාන්තරවල එකිනෙකට වෙනස් වෘත්තාන්ත පවතී. එවැනි වාතාවරණයක් තුල ‘ගින්නෙන් උපන් සීතල’ වැනි සිනමා කෘතියක් නිෂ්පාදනය කරන්නට ඉදිරිපත් වීමම පවා ප්‍රශංසාවට සහ අගය කිරීමට ලක් විය යුතු කාරණයක් වෙයි.
‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය 2018 ඔස්කාර් සම්මාන උළෙලේ ‘හොඳම චිත්‍රපටය’ ලෙස ද නිර්දේශ වී තිබුණි. ඉදිරියේ දී මෙම චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරනවා ඇත. එබැවින් චිත්‍රපටය පිළිබඳව මට මෙතෙක් කියවන්නට ලැබී ඇති මූලාශ්‍රවල සඳහන් තොරතුරු මත මේ ලිපිය පදනම් වෙයි. මෙම චිත්‍රපටය හඳුන්වා දී ඇත්තේ “කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ ඒ යකඩ මිනිසුන්ගේ කථාව” යනුවෙනි. මෙම චිත්‍රපටයේ සංකල්පය රචනා කළ ආරියවංශ ධම්මගේ සහ එය අධ්‍යක්ෂණය කළ අනුරුද්ධ ජයසිංහ යන සහෝදරවරු විසින් ඉදිරිපත් කොට ඇති තොරතුරුවලට අනුව මෙම කෘතියේ නිර්මාණය වසර කිහිපයක අත් දැකීම්වල මෙන්ම ඒ අර්බුදකාරී කාල පරිච්ඡේදය පිළිබඳව කරන ලද අධ්‍යයනයක ද ප්‍රතිඵලයක් වේ.
රැඩිකල් ව්‍යාපෘති වෙනුවෙන් පෙනී සිටින නිර්මාණ කරුවන් වැඩි දෙනෙක් විප්ලවකාරී දේශපාලනයේ යෙදෙන අය නොවේ. එසේම විකල්ප දේශපාලනයේ නියැලෙන බොහෝ දෙනෙකුට රැඩිකල් කලා නිර්මාණ සම්බන්ධයෙන් ඇත්තේ අල්ප අවබෝධයකි. පර්යේෂණාත්මක අධ්‍යයනයන් මත පදනම් වෙමින් කලාත්මක නිර්මාණයේ යෙදෙන්නට උත්සාහ කිරීම් දේශපාලනයට සම්බන්ධ වැඩි දෙනෙකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවේ.
ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී සිටි අධ්‍යක්ෂකවරයා ‘ඉතාම හොඳින් මෙම නිර්මාණය ඉදිරිපත් කිරීමේ වුවමනාවක්’ පැවති බවට කර ඇති ප්‍රකාශයෙන් පෙනෙන්නේ ඔහු සම්ප්‍රදායයෙන් බැහැර වන බව යි. මේ කලා කෘතිය නිර්මාණය කිරීම සඳහා රෝහණ සහෝදරයා යටි බිම් ගතව සිටි කාලය තුල ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් ද දේශපාලන සගයන් ද හමු වී සාකච්ඡා කළ බවත් ඔවුන්ගේ සහාය ලැබූ බවත් ඔවුන්ගේ මඟ පෙන්වීම අනුව කටයුතු කළ බවත්, ඔවුන් විසින් “නිවැරැදි කර ගත යුතු තැන් පෙන්වා දෙන” ලද බවත් ඔවුහු පවසා ඇත.
කලා නිර්මාණයකින් යථාර්තය නිරූපනය කරනවාද නැද්ද යන තීරණය රඳා පවතින්නේ නිර්මාණ කරුවන් ඒ නිර්මාණයේ මවා ගත් චරිත සහ රූප රාමු සෞන්දර්යාත්මක ලෙසත්, නිවැරදි ආකාරයටත්, පැහැදිලිවත්, යථාරූපී ලෙසත් නිර්මාණය කර තිබේද යන්න මත යි. අනෙක් අතට, කලා නිර්මාණයක පිලි ගත හැකි හෝ නොහැකි බව හැම විටකම හුදෙක් දේශපාලන සිද්ධාන්ත මත පදනම් වී තීරණය කළ හැක්කක් නොවේ. කලා නිර්මාණයක කලාත්මක ස්වභාවය මැනිය හැක්කේ කලාවට ම අනුරූප වූ සිද්ධාන්ත හා නියාම පදනම් කොට ගෙනයි. කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ වන්නේ මෙම නිර්මාණයේ කලාත්මක භාවය පිළිබඳව විචාරයක් කිරීම නොවේ.
නිර්මාණයක දේශපාලන නිවැරැදි බව තීරණය වන්නේ විද්‍යාත්මකවත් තර්කානුකූලවත් කරන විග්‍රහයක් මගිනි. එම නිර්මාණය එක්තරා කාල වකවානුවක දී දෘශ්‍යමාන වන්නේ කවර ස්වරූපයෙන් ද, කවර හේතූන් මත ද යන්න පැහැදිලි කල හැක්කේ දේශපාලන වශයෙන් පමණකි. නිර්මාණයකට පවතින සමාජ ආර්ථික හා දේශපාලන වාතාවරණයෙන් වියෝ වී සිටින්නට නොහැකිය. එසේ වියෝ වුනු නිර්මාණයකට පැවැත්මක් හෝ ආරක්ෂාවක් නැත. අපේ යුගයේ කලා නිර්මාණවල ක්‍රියාත්මක ස්වභාවය නිර්ණය වන්නේ එවැනි නිර්මාණ සමාජය වෙනස් කිරීමේ ප්‍රයත්නයන් සමඟ සම්බන්ධ වන තාක් දුරට පමණි.
මේ ලිපියේ සඳහන් කරන කරුණු දැනට පවතින ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි නායකත්වය ඉලක්ක කර ගෙන ඉදිරිපත් කරන ඒවා නොවන බව අවධාරණය කිරීම මෙහිදී වැදගත් වේ.
මෙම ලිපියට ආසන්නතම සන්දර්භය වූයේ තිඹිරියාගම බණ්ඩාර සහෝදරයාගේ ‘දේශපාලනය සහ ජීවිතය නමැති “ගින්නෙන් උපන් සීතල”’ යනුවෙන් පළ කොට ඇති විචාරය යි. එහි මෙසේ සඳහන් වෙයි:
- “දක්ෂිණාංශික රජය 83 වාර්ගික ගැටුම් දඩ මීමා කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරයි. එහි නායකයන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ විට ඔවුන්ට ආරක්ෂාව පතා යටි බිම් ගත දේශපාලන ජීවිතයක් වෙත යාමට බල කෙරුණි.”
- “විජේවීර චරිතය අධ්‍යයනය කිරීම සඳහා විවිධ මූලාශ්‍ර ඇසුරු කිරීම හා ඒ බව නාමාවලියෙහි පවා සඳහන් කිරීම අනුරුද්ධගේ යහපත් ලක්ෂණයකි. අපේ ඇතැම් සිනමාකරුවන්ට එබඳු යහගුණ නැත. මිනිසකුට ජීවිතයේ දී බොරු කළ හැක. කලාවේදි බොරු කළ නොහැක.”
මා මෙහිදී එක්තරා පැහැදිලි කිරීමක් කළ යුතු වෙයි.
1983 කළු ජූලි විනාශය (pogrom) දියත් කරන ලද්දේ ජූලි 24 වනදා ය. ජූලි 25 දින වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ රැඳවියන් 37 දෙනෙකු ඝාතනය කෙරුණි. ජුලි 26 දින සමස්ත දිවයිනට ම බලපාන පරිද්දෙන් ඇඳිරි නීතිය පනවන ලදි. ජූලි 28 වන දා දෙවන වතාවටත් වැලිකඩ බන්ධනාගාරයේ තවත් සිරකරුවන් 15 දෙනෙකු ඝාතනය කෙරුණි. ජනාධිපති ජනතාව ඇමතූයේ ජූලි 28 දා යි. ජාතිවාදී කෝලාහල මාර්ගයෙන් බලහත්කාරය යොදවා රාජ්‍ය බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේය යන චෝදනාව යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජූලි 31 දා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී.
ඒ දිනවල මා රැඳී සිටියේ කොළඹ ආමර් වීදියේ පක්ෂ මූලස්ථානයේත් කඩවත මාවරමණ්ඩියේ අප පදිංචිව සිටි නිවසේත් ය. මා පක්ෂ මූලස්ථානයේ රැඳී සිටි නිසා අපේ සාමාජිකයන්ගෙන් කළු ජූලි විනාශය මෙහෙයවූ කණ්ඩායම් පිළිබඳව විස්තර එකතු කර ගත හැකි විය. රහස් පොලිසිය විසින් අපව රඳවා ගනු ලැබූයේ ඊටත් දින දෙකකට පමණ පසුවයි. මා රඳවා ගෙන සිටියදී රජය විසින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නඟා තිබුන අභූත චෝදනාවලට මා එක් රැස් කර ගෙන තිබූ තොරතුරු උපයෝගී කර ගෙන අභියෝග කරන්නටත් මාස කිහිපයකට පසුව චිත්‍රා සහෝදරිය විසින් ගොනු කරන ලද හෙබයාස් කොර්පුස් ආයාචනයක් හේතුවෙන් රඳවා සිටි සියළු දෙනාටම චෝදනා විරහිතව නිදහස ලබන්නටත් හැකි විය.
ජුලි 31 වනදා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට පෙර ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පැවති පක්ෂ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කරන්නට කැඳවූ මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසිය පැවැත්වූයේ ජුලි 21 සිට 23 දක්වා වූ දින තුනේ දී ය. ඒ තංගල්ල විතාරන්දෙණියේ විජිත රණවීර සහෝදරයාගේ නිවසේ පිහිටා තිබූ පක්ෂ පාසලේ දී යි. මෙම සැසි වාරයේදී ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් එතෙක් පැවති පක්ෂ ප්‍රතිපත්තිය වෙනස් කරන්නට ගන්නා ලද තීන්දුව සමඟ මම කිසිසේත්ම එකඟ නොවූයෙමි. මා ඒ සැසියෙන් පිටව ආවේ ඒ තීන්දුව නිසාත් ඒ වන විට පක්ෂ නායකත්වය සමඟ වර්ධනය වී තිබුන අමතර මතවාදී වෙනස්කම් නිසාත් පක්ෂයෙන් ඉවත් වෙන්නට තීරණය කර ගෙනය.
මා මෙහි මතු කරන කාරණය වන්නේ රෝහණ සහෝදරයා යටි බිම් ගත වෙන්නට විජිත රණවීර සහෝදරයාගේ නිවස බලා පිටත්ව ගියේ පක්ෂය තහනම් කලාට පසුව නොව, කළු ජූලි විනාශය ආරම්භ කල දිනය වූ ජූලි 25 වන දාම බවයි. ඔහු පිටත්ව ගිය වාහනය පැදවූයේ තවමත් ජනතා විමුක්ති පෙරමුණ සමඟ කටයුතු කරන සේපාල ලියනගේ සහෝදරයා යි. රෝහණ සහෝදරයා එසේ යටි බිම් ගත වෙන්නට තීරණය කර තිබුනේ පක්ෂයේ දේශපාලණ මණ්ඩල සභිකයන්ගෙන් කරන ලද විමසීමකින් හෝ ඔවුන් සමඟ කල සාකච්ඡාවකින් පසුව නොවේ.
සෝමවංශ අමරසිංහ සහෝදරයා ආමර් වීදිය කාර්යාලයට පැමිණ මා මුණ ගැසුනේත්, පක්ෂ තහනම පිළිබඳව අනෙක් පක්ෂ සමඟ, විශේෂයෙන් ලංකා සමසමාජ පක්ෂය සමඟ මා විසින් කරන ලද සාකච්ඡාවකට සහභාගි වූයේත් ජූලි 31 දායින් පසු දිනක යි. ලංකා සමසමාජ පක්ෂයේ අදහස වූයේ අප යටි බිම් ගත විය යුතු බව වුවද, මම ඒ අදහස සමඟ එකඟ නොවූයෙමි. එසේම රෝහණ සහෝදරයා විසින් යටි බිම් ගත වෙන්නට ඒ අවස්ථාවේ තනිවම ගන්නා ලද තීරණය පිළිබඳවද මම කිසිසේත්ම එකඟ නොවීමි.
මේ සම්බන්ධයෙන් මා එදා දැරුවා වූත් අද දරන්නා වූත් මතය වන්නේ රජය පෙරලීමේ කුමන්ත්‍රණයකට කෙසේ වෙතත්, අඩු තරමේ 1983 ජූලි විනාශය සම්බන්ධයෙන් එක සිද්ධියකට හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි නායකත්වයේ කිසිදු සම්බන්ධයක් නොපැවති හෙයින් ධනේශ්වර රජය නඟමින් තිබූ දේශපාලන හා සාපරාධී චෝදනාවලට අප විවෘත දේශපාලනයේ යෙදෙමින් පිළිතුරු දී ජනතාව තුල ඒ ප්‍රචාරය පරාජය කර දමන්නට කටයුතු කළ යුතුව තිබුණු බව යි. රෝහණ හා ගමනායක සහෝදරවරු වැනි නායකයන් සැඟවී ගත් විට 1983 ජූලි විනාශයට මෙන්ම රජය පෙරලීමේ කුමන්ත්‍රණයකට ද ජනතා විමුක්ති පෙරමුණ ඇත්තෙන්ම සම්බන්ධව සිටින්නට ඇතැයි යන දේශපාලන වශයෙන් සාවද්‍ය මතය සමාජයේ බොහෝ කොටස් අතර තහවුරු වී තිබුණි. කෙසේ වෙතත්, ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ තහනම ඉවත් කරන්නට ලංකාවේ රජයට බල කරන ලෙස ජාතික සහ ජාත්‍යන්තර තලයේ දිගින් දිගටම නොයෙක් අන්දම් ඉල්ලීම් කලේය.
මා රහස් පොලිසියේ හතරවන තට්ටුවේ රඳවා ගනු ලැබ සිටියදී මෙන්ම 1983 දෙසැම්බරයේ නිදහස් කරනු ලැබූ පසුවත් රෝහණ සහෝදරයා විවෘත තලයට ගෙන එන්නට දැරූ සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. රජයට ඔවුන්ගේ මතවාදය කාලයක් තිස්සේ රජ කරවා ලන්නට හැකි වූයේ මේ නිසා යයි මම තවමත් කල්පනා කරමි. පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සම්බන්ධයෙන් මා ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා හමු වූ විට ඔහු පැවසූයේ පළමුව ‘රොහාන්’ පැමිණ කට උත්තරයක් දිය යුතු බවයි. ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ සහෝදරයා විවෘත දේශපාලනයට ගෙන එන්නට මා යෝජනා කළ හැම විටම මට ලැබුනු එකම පිළිතුර වූයේ එසේ කළ හොත් ඔහු මරා දමනු ඇති බවයි. එහෙත්, 1983-84 කාලය වන විට දකුණේ එවැනි මරා දැමීම් සිදු වූයේ නැත.
මා දන්නා තොරතුරුවලට අනුව ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ සහෝදරයා විවෘත දේශපාලනයට ගෙන එන්නට උත්සාහ කර ඇත්තේ මා පමණක්ම නොවේ. පසුගිය දා අභාවප්‍රාප්ත වූ ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාත්, (රෝහණ සහෝදරයාගේ එක් කුස උපන් සොහොයුරා වූ) ආනන්ද විජේවීර සහෝදරයා සහ (ඔවුන්ගේ සමීපතම මිත්‍රයෙක් සහ ඥාතියෙක් වූ) දෙවිනුවර ආරියදාස සෙල්ලහේවා මහතා මගින් පසුව රෝහණ සහෝදරයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ එකල මුදල් ඇමතිව සිටි රොනී ද මැල් මහතාත් පසු කාලයක දී ඒ ඉල්ලීම ම කර ඇත. රෝහණ සහෝදරයාගේ නීතිඥයා ලෙස ප්‍රින්ස් සහෝදරයාත් ඔවුන්ගේ සුරැකියාවට රොනී ද මැල් මහතාත් රෝහණ සහෝදරයාගේ ආරක්ෂාවට ඉදිරිපත් වෙන්නට කැමැත්තෙන් සිටියදී පවා ජනතා විමුක්ති පෙරමුණට සහ රෝහණ සහෝදරයාට කරන ලද මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලද්දේ මන්දැයි යන්න පැහැදිලි කළ නොහැකිය.
අනෙක් අතට මේ සම්බන්ධයෙන් කෙනෙකුට සාධාරණ දේශපාලන ප්‍රශ්නයක් ද නැඟිය හැකිය. එනම්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විවෘත දේශපාලනයට නොපැමිණිමට තීරණය කරන්නට ඇත්තේ රජය විසින් 1983 ජූලි විනාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව එල්ල කරන ලද චෝදනා ප්‍රයෝජනයට ගනිමින් දකුණේ සිංහල බහුතරය දිනා ගැනීම සඳහා කටයුතු කිරීමේදී දේශපාලන වාසියක් සලසා ගැනීමට අනියම් උත්සාහයක නිරත වී සිටි නිසාද යන්නයි. එවකට උතුරේ දෙමළ ජාතිකවාදී අරගලයට එරෙහිව සිංහල ජාතිකවාදය කර පින්නා ගෙන දකුණේ සිංහල ජාතිකවාදීන්ට සහ ජාතිවාදීන්ට ප්‍රබල වේදිකාවක් ගොඩ නඟා දෙමින් ඔවුන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ එදා සිටි නායකත්වය පසු කාලයේ දී කැපවී කටයුතු කළ ආකාරය අමතක කළ නොහැකිය.
මුලින්ම කොමියුනිස්ට් පක්ෂයේ නායකයෝ පොලිසියට භාර වූහ. පරීක්‍ෂණයකින් ඔවුන් සියළු දෙනාම නිදහස් කරන ලදුව පසුව පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී. මුලදී සැඟවී සිටි නව සමසමාජ පක්ෂ නායකයෝ විජය කුමාරණතුංග සහෝදරයාගේ මැදිහත් වීමෙන් විවෘත දේශපාලනයට පැමිණි අතර අවසානයේදී ඔවුන්ගේ පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී. ඒ කාලයේදි රජය පෙරලා දමන්නට කුමන්ත්‍රණ කරන ලදැයි චෝදනා කොට නඩු පවරන ලද්දේ උතුරේ දෙමළ සටන්කාමී සංවිධානයක් සමඟ එක්ව කටයුතු කළ උඩුවරගේ හෙන්රි පෙරේරා සහෝදරයා ඇතුළු කණ්ඩායමකට එරෙහිව පමණි. 1971 අප්‍රේල් නැඟිටීම සම්බන්ධයෙන් අත් අඩංගුවේ සිටි ඔහු නිදහස ලැබීමෙන් පසු බාලා තම්පෝ සහෝදරයාගේ නායකත්වයෙන් පැවති විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයට එකතු වී කලක් දේශපාලනයේ නිරතව සිටියේය. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට වත් නව සමසමාජ පක්‍ෂයට වත් ජනතා විමුක්ති පෙරමුණට වත් එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කොට තිබුනේ නැත.
යටි බිම් ගත දේශපාලනයේ සහ සන්නද්ධ කටයුතුවල නියැලී සිටි රෝහණ සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සියළු දෙනාම පාහේ 1989 නොවැම්බර් වන විට ඉතා කණගාටුදායක අන්දමින් මරා දමන ලදි. දිගින් දිගටම යටි බිම් ගතව සිටිනවා වෙනුවට ඔවුහු තම නිර්දෝෂීභාවය ජනතාවට ඔප්පු කරමින් පක්ෂ තහනම අභියෝගයට ලක් කළේ නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ දේශපාලන වශයෙන් ස්වයං-කාරක සිය දිවි නසා ගැනීම බොහෝ දුරට සිදු නොවන්නට ඉඩ තිබුනි. හැට දහසක පමණ ජීවිත විනාශය වළක්වා ගත හැකිව තිබිණි.
‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ චරිත සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගන්නට මා හා සම්බන්ධ වීමට චිත්‍රපට සම්පාදකයන් මුලින් ගත් උත්සාහය හේතුවෙන් නිර්මාණ කරුවන්ට වඩා නිවැරදි ආකාරයටත් පැහැදිලිවත් යථාරූපී ලෙසත් චරිත මවා ගන්නට සහ රූප රාමු නිර්මාණය කරන්නට තිබූ වුවමනාව පැහැදිලි වෙයි. එහෙත් වැඩි කලක් නොයාම ඒ උත්සාහයන් වළක්වා ලන ලදි. ඒ සම්බන්ධයෙන් නිතැතින් ම පැන නැඟෙන ප්‍රශ්න වන්නේ ඒ කවුරුන් විසින් ද, කවුරුන්ගේ වුවමනාවක් වෙනුවෙන් ද, සහ කවුරුන්ගේ ඵල ප්‍රයෝජන ආරක්ෂා කරන්නටද යන්නයි.
දේශපාලන වශයෙන් බැළු විට, 1972 පමණ සිට 1983 ජුලි දක්වා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ පැවති ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙලද, 1983 ජූලි මස පක්ෂය තහනම් කිරීමෙන් පසු, විශේෂයෙන්ම 1986 පමණ සිට 1990 පමණ දක්වා වූ සන්නද්ධ අරගලය දියත් කරන ලද කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙලද අතර පැවතුන වෙනස පිළිබඳ යථාර්තය කුමක්දැයි ‘ගින්නෙන් උපන් සීතල’ නමැති මෙම කලා කෘතියෙන් ජනතාවට එලි දැක්වූයේ නම් එය ලංකාවේ සමාජ සංවර්ධනයට වැදගත් අත් දැකීමක් ගෙන එනවා මෙන්ම ඒ සඳහා සෑහෙන සාධනීය දායකත්වයක් කරන්නට හැකිව තිබුන බවත් පෙනේ.
1989 සන්නද්ධ අරගලයට පෙර ජනතා විමුක්ති පෙරමුණ තුල ඇති කරන ලද ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ අත්දැකීම් මෙන්ම අති දක්ෂිණාංශයේ සිට අති වාමාංශය දක්වා පක්ෂය දෝලනය වීම සඳහා පැවති සමාජ හා දේශපාලන පදනම විග්‍රහ කොට සමාජ සන්තක කර ලීමේ කාර්ය භාරය තවමත් ශේෂ වී තිබේ.
2019 ජනවාරි 5 වන දා
Drama at University of the Visual & Performing Arts
The year 1 undergraduate talent show of the students following the English programmes offered by the English Language teaching Unit of the University of the Visual & Performing Arts (U VPA)
“Aesthetic Initiative through English”, a talent show organized by the English Language Teaching Unit of the University of the Visual and Performing Arts, was held on the 17th of December at the Lionel Edirisinghe Rostrum of the Faculty of Music of the university. The Chief Guest was the Vice Chancellor of the University, Snr. Prof. Sarath Chandrajeewa. The aim of the event was to showcase the English language skills and performing skills of the first year students of the university.


Head of the ELTU, Senior Lecturer Sumudu Embogama stated that this talent show was meant to provide an enabling platform for the freshers to demonstrate their creative talents using as the medium of expression, the English language. The selection of short English plays were done by getting all the students to perform a short English play of their choice as part of the assessment mechanism of the first year English programme. Students were placed into groups and given the choice of adapting or writing a drama script and then they were given ample time during English class sessions to select and practice their chosen items. Once the teachers evaluated each group, the best ones were selected to perform at the Talent show.
She further mentioned that the ELTU has begun conducting year 1 English classes from 8 a.m. to 10 a. m. on weekdays in all three faculties commencing from the 2016/17 academic year and that this initiative has resulted in the Unit from introducing such collaborative, activity based, student-centric teaching methods . Ms. Embogama strongly believes that the morning dose of English has helped the students to overcome their inhibitions to use English and develop their English proficiency levels. She also expressed her gratitude to the Vice-Chancellor of the university, Senior Professor Sarath Chandrajeewa for spearheading such an initiative and for his constant support in all ELTU related activities.

A selection of adaptations of the story of Daskon and Pramila, Oedipus, Macbeth, and an original English comedy named Ahenakotath Karachchale. In addition, two musical items performed by the year 1 students of the Faculty of Music added much colour to the show. The Head of the ELTU also mentioned that she received tremendous support from the senior, temporary and visiting staff members attached to the ELTU in order to contribute to the immense success of this event which was witnessed by a packed audience.
By: Darshani Abeyrathna
