“මට කෙලවෙලා” – බුද්ධික දමයන්ත

බුද්ධික දමයන්ත නාට්‍ය කලාවේ විවිධ භූමිකාවන් රැසක් නිරූපණය කරණ තරුණ නාට්‍ය කරුවෙක්. වසර විස්සකර අධික කාලයක් තුල කැපීපෙනෙන නාට්‍ය නිර්මාණයන් රැසක් නිර්මාණය කල බුද්ධික වත්මන් නාට්‍ය කලාව පිළිබද කතාබහකට බොස්ටන් ලංකා අප සමග මෙසේ එක්විය.

17311268_1221594484627543_5732909036746847019_o

දැනට වසර කීපයකට පෙර තවත් නාට්‍ය කරුවෙකු වෙන ධනංජය කරුණාරත්න විසින් ඔබගේ ජීවිත කතාව කරළියට ගෙනාවා ”බුද්ධිකයගෙ කතාව”= නමින්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මේ නාට්‍ය නිර්මාණ වලට කියන්නේ බයෝග‍්‍රැෆිකල් තියටර් කියලයි. ධනංජය කරුණාරත්නට  ඕන වුනා ඇත්තටම නාට්‍ය කලාවෙන් ජීවිතය කෙලවගත්ත නාට්‍ය කරුවෙක්ගෙ අත්දැකීම් පේ‍්‍රක්‍ෂකයා හමුවට ගේන්න. ඉතිං ධනංජය මුල් කාලයේ ඉදං මගේ මිත‍්‍රයෙක් නිසාත්, මම ගැන පෞද්ගලිකව දන්න නිසාත්, මගේ කෙලවීම ගැන අවබෝධයක් තියෙන නිසාත් මාව ඒ නිර්මාණයට තෝරගත්ත. නාට්‍ය කියන්නේම ඇත්ත නෙවේ. අන්න ඒක අපි මුලින්ම අවබෝධ කරගන්න  ඕන. ඉතිං මේ නාට්‍යයේත් මගේ ජීවිතය පිලිබ`ද අර්ධවූ සත්‍යයකුත්, ධනංජය වසින් නිර්මාණය කරපු කොටසකුත් තියෙනවා. මේ හැම දේකටම මම එක`ගවුණු නිසා තමයි මම ඒ නිර්මාණය කිරීමට යොමුවුනේ.

13015591_932749396845388_5427974358212538695_n

ඇයි ඔබ ඔබට කෙලවෙලා කියල කියන්නේ?

මට කෙලවෙලා කියන එක ගැන මට අවබෝධයක් තියෙන නිසා.

ඔබ හිතන විදියට කවුද මේකට වගකියන්න  ඕන?

කවුරුත් වගකියන්න  ඕන නෑ. මේකට මම මයි වගකියන්න  ඕන. කිසිම කෙනෙක් මට නාට්‍ය කරන්න කීවෙත් නෑනෙ. මම 94 මුල්ම නාට්‍ය කරනකොටම දන්නවා මට කෙළවෙනවා කියල. එහෙම දැන දැනත් මේ කලාවට තියෙන ආසාව නිසා තමයි මම එදත් නාට්‍ය කරේ. ඒ ආශාව අදත් ඉවරවෙලා නෑ. හෙටත් ඉවර වෙන්නේ නෑ. හැබැයි මේවගේ තක්කඩි, කාලකන්නි පාලකයොයි, නළධාරියොයි, කලාකාරයොයි ඉන්න රටක සැබෑ නාට්‍ය කලාවක් කිරීමට යොමුවීම ගැන මට දුකක් නං තියෙනවා. මේක නාට්‍ය කලාව ගැන දුකක් නං නෙවෙයි.

එතකොට ඔබ තවමත් නාට්‍ය කලාවේ නිරතවෙන්නේ ඇයි?

මම නාට්‍ය කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද. මැටි වැඩ කරන්නද?

මේක ලංකාවේ වෘත්තීය නාට්‍ය කලාවක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර නොතිබීමෙන් ඇතිවී ඇති තත්ත්වයක් නේද?

මේ රටේ ඇත්තටම වෘත්තිමය නාට්‍ය කලාවක් ඇත්තේ නෑ, වෘත්තිමය නාට්‍යකාරයොත් නෑ. ඒ අය ජිවත් වෙන්න විවිද දේවල් කරමින් තමයි නාට්‍ය කාලව කරන්නේ. හැබැයි මම නං පූර්ණකාලීනව, වෘත්තීය වශයෙන්ම නාට්‍ය කලාව තමයි කරන්නෙ. අද වෙලා තියෙන්නේ මොකද්ද? නාට්‍ය කරන්න එක කෙනාගේ ඉදිරි ජීවිතය ගොඩන`ගාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරල තියෙනවද? අවුරුද්දකට කැම්පස් වලිනුයි, තවත් එක එක නාට්‍ය සම්බන්ධ කොස් වලිනුයි කොයි තරම්නම් ළමයි ප‍්‍රමාණයක් සමාජයට යොමුකරනවාද, ඇයි මේවගේන නාට්‍ය කාරයෝ බිහිවෙන්නේ නැත්තේ. එක්කෝ කොහේ හරි ඈත ඉස්කෝලෙකට ගිහින් අදාළම නැති විෂයක් උගන්නියි. නැත්තං කවුරුහරි ටෙලිනාට්‍ය මුදලාලි කෙනෙක් පැහැරගනියි. මේක ඒ අයගේ වරදක් නෙවේ. මේ ක‍්‍රමේ වරදක්. කිස්ම දේකට ස්ථිර ජාතික ප‍්‍රතිපත්තියක් නැති රටේ නාට්‍ය කලාව වෘත්තිය විදියට කරන්න පු`ඵවන් වෙයිද? මේකට ඇත්තටම අපි රටක් කියල කිව්වට ඇත්තටම මේක මාකට් එකක්. මේකෙ හැදෙන්නේ මුදලාලිලයි ෆුඞ් කෝටුයි විතරයි. මේ අය තමයි රටේ හැමදෙයක්ම අද තීරණය කරන්නේ.

1383003_10202015779743417_897404875_n

නාට්‍ය කරුවන්ට අවශ්‍ය මේ පරිසරය ඒ අය විසින්ම නේද ගොඩන`ගා ගත යුත්තේ?

ඇත්ත, මේ පරිසරය සරච්චන්‍ද්‍රමහත්තයාගේ ඉදන් අද වෙනකං කිසිම කෙනෙක් ගොඩ නැ`ගුවෙත් නෑ. අපි ඉදිරි පරම්පරාවට මේක ගොඩනගන්නෙත් නෑ. ඉදිරියේ එන අය මේක කරයි කියන විශ්වාසයකුත් නෑ. හැම කෙනාම මේක ඇතුලේ තමන්ගේ ගේම ගහල කෑල්ලක් කොහොමද කඩාගන්නේ කියන ප්ලෑන් එකේ තමයි ඉන්නේ.  ඕක තමයි කලාව කියල අපි අද කරන්නෙ. එහෙම නැතිව සමාජයේ හෝ ඉදිරි පරම්පරාවේ පැවැත්ම වෙනුවෙන් කරන කිසිම දෙයක් නෑ. මම නං මගේ දරුවො කැමති වුනත් නාට්‍ය කලාවටනං එන්න ඉඩදෙන්නෙ නෑ.

එතකොට කොහොමද මේක ආරම්භ කල යුත්තේ?

මේක ඇත්තටම මේ ක‍්‍රමේ වෙනස් කිරීමකින් තමයි ආරම්භ කරන්න  ඕන. පහුගිය කාලේ කලාකරුවෝ එකතුවෙලා නොයක් විදියේ සාකච්ඡුාවන් කරා. මං හිත්න්නේ ඇමරිකාවත් හ`දට යන්න ඒ තරං සකච්ඡුා කරන්න නැතුව ඇති. චන්ද කාලෙදි කලාව දඩමීමා කරගෙන එක එක දේශපාලකයන් පස්සෙ ගියා. මොකද අන්තිමේදි උනේ කලාකාරයොයි දේශපාලකයොයි තම තමන්ගෙ පෞද්ගලික අරමුණු වලට ගියා ප‍්‍රශ්ණ එතනමයි. මේක ඔ`ඵගෙඩි මාරු කරල විසදන්න පු`ඵන් දෙයක් නෙවේ. මොකද දේශපාලකයො දන්නව මොනව කළත් තමන්ගේ පිටුපස්සෙ යන පිරිසක් ඉන්නවා කියල. මෙන්න මේකයි වෙනස් කරන්න  ඕන. බුද්ධිමත් ජනතාවක් නිර්මාණය කරගැනිමයි අවශ්‍ය.

21728318_1600754399991206_3617978722041380035_nphoto (2)

එතකොට ඔබේ නාට්‍ය කිරීමේ අරමුණ මොකද්ද?

සමාජයේ මම දකින අවුල ජනතාවට නාට්‍ය ම`ගින් ප‍්‍රකාශ කිරීම තමයි මගේ අරමුණ. සමාජයේ හැමෝම තාම දූෂණය වෙලා නෑ. හිතන පතන යම් පිරිසක් තාමත් ඉන්නවා. මේ ජනතාවට ඥාණය වහ වහා ලබාදියයුතුයි. මේ කාර්යය කවුරුන් හෝ කලයුතුයි. මේ කාර්යය තමයි මම මගේ නිර්මාණ ම`ගින් කරගෙන යන්නේ.

පාලිත අබේලාල්

උමා නානායක්කාර.

මේ දිනවල music video තුලින් නිතරම දකින්න ලැබෙන කෙනෙක් එක්ක තමයි අද අපි බොස්ටන් ලංකා කතා කරන්න සූදානමින් ඉන්නේ. ඇය උමා නානායක්කාර.

උමා මොනාද මේ දවස්වල වෙන්නේ?

මේ දවස් වල වැඩ කීපයක් කරගෙන යනවා. ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුනා

2

එතකොට රංගනයට එන්න අවස්තාව ලැබුනෙ කොහොමද?

විශේෂයෙන් ඒ ගැන මම කියන්නම ඕන. ධනංජය හදුන්ගොඩ සහ ඩයන් ඉන්දජිත් යන දෙපල තමයි මාව ජැක්සන් ඇන්තනි මහතාට හදුන්වා දුන්නේ. ඊට පස්සේ තමයි මාව අබා film එකට  සම්බන්ධ කර ගත්තේ.

36

ඔබ රංගනයෙන් දායක වුණු වෙනත් නිර්මාණ මොනවද?

දස්කොන් ටෙලි නාට්‍යයේ රනී චරිතය කලේ මම.

රංගනයෙන් අපට හැමදාම උමාව දකින්න පුලුවන් වෙයිද?

ඔව් අනිවාර්යෙන්ම. මම දිගටම රංගනයේ නියැලෙන්න කැමති.

18

රංගනයට අමතරව ඔබ මොනාද කරන්නේ?

මම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් choreographer කෙනෙක් විදියට කටයුතු කරනවා. තව මගේ MBA එක complete කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ ගැන කෙටියෙන් කිව්වොත්?

මම ගොඩක් සරලයි, ඕන කෙනෙක් එක්ක ඉක්මනට friendly වෙනවා, දක්ෂයි, සත්තුන්ට ගොඩක් ආදරෙයි, දුප්පත් අයට උදව් කරනවා.

4

ඔයාගේ පුද්ගලික විස්තර ටිකකුත් කියමු?

මට අම්මයි, තාත්තයි, අක්කලා තුන් දෙනෙකුයි, අයියා කෙනෙකුයි ඉන්නවා.

By: Ruvini Kaushalya

 

මහාචාරය ආරියරත්න ඇතුගලයන්ගේ ‘මහාසුපින’

සන්නිවේදන විෂය ක්ත‍්‍රයේ ප‍්‍රාමාණික විද්වතෙකු වන ඔහු, ඒ හා සම්බන්ධව විවිධ වූ පර්යේෂණ රැසක් සිදුකළ අයෙකි. මහා සමයම දෘෂ්‍ය කාව්‍ය නිර්මාණය තුළින් පේ‍්‍රක්‍ෂකයන් අතර කතාබහට ලක්වූ ඔහු නමින් මහාචාරය ආරියරත්න ඇතුගලයන් ය. එතුමන්ගේ නවතම නාට්‍ය නිර්මාණය මහාසුපිනමේ මස 05 වන දින සවස 5.30 කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී රංග ගත වේ.

ඔබගේ නවතම නාට්‍යය පිළිබඳ මුලින්ම අපට පැහැදිළි කිරීමක් කළොත්?

මගේ මෙවර නිර්මාණයට පාදක වෙන්නේ ජාතක කතා පොතේ එන මහාසුපින කියන ජාතය. මේ ජාතකයේදී සිහින දහසයක් ගැනයි සාකච්ඡා වෙන්නේ. මේ සිහින වලින් අපේ මානව ධර්මතා, අපි හිතන ආකාරය, අපේ වර්තමානය සහ අනාගතය සම්බන්ධයෙන් වැදගත් හෙළිකිරීම් ගණනාවක් සිදුකරනවා. මේ නිසා මේ ආශ‍්‍රයෙන් නිර්මාණක් කළ යුතුයි කියන අදහස මගේ සිතට නැඟුනා.

288A7458

ඔබ නැවතත් අතීතයට ගොස් වස්තුබීජ හොයා යාමක නිරතවෙනවා. මේකට හේතුව මොකද්ද?

මම විශ්වාස කරන ආකාරයට නූතන ඥාණය හොයාගැනීමට පුළුවන් එක ප‍්‍රදේශයක් තමයි සාම්ප‍්‍රදායික නැත්නම් පැරණි දැනුම. මේ දැනුම දීර්ඝ කාලීනව පැවත එමින් මනාව ඔපමට්ටම් වුන එකක්. මේ සාම්ප‍්‍රදායික කලාව තුළ ඉතා ගැඹුරු මානව සම්බන්ධතා රැසක් අපිට අත් දැකීමට හැකියාව ලැබෙනවා. අපේ පැරණි සාහිත්‍ය කෘති අතරින ජාතක පොත කියන්නේ ඉතා වැදගත් මෙන්ම සාරගර්භ සාහිත්‍ය කෘතියක්. ඒ වගේම මේ කෘතියේ තියෙන විශේෂත්වය තමයි පශ්චාත් නව්‍ය අදහස් පවා මේ කෘතියේ අන්තර් ගත වීම. මේ නිසා පැරණි ලියවිල්ලක් වුනත් වර්තමානයටත් මේ ලිවීමේ වල වලංගු භාවක් පවතිනවා. ඒ වගේම මේ ජාතක කතාවේ ඇත්තටම කතාවක් නෑ. මේ නිසා කතාවක් විදියට මේ ආකෘතියම නවිනයි කියල තමයි මගේ අදහස.

dsc-14601

සාහිත්‍යමය ලියවීමක් නාට්‍යකට පෙරළීමේදී ඔබ මොනවගේ ශිල්ප ක‍්‍රමද භාවිත කිරීමට යොමුවුනේ?

මේ නාට්‍යයේ අපිට සම්මත නාට්‍ය වල දකින්නට ලැබෙන රේඛීය ලක්‍ෂණ දකිනිට ලැබෙන්නේ නැහැ. විවිධ කලා ආභාෂයන් ලැබූ දේවල් මේ නිර්මාණයේ අඩංගු වෙනවා. මේ නිසා මූලික වශයෙන් නාට්‍ය ධර්මය මත පිහිටා වගේම ඉන් බැහැරවත් සමහර ශිල්ප ක‍්‍රම භාවිත කිරීමට යොමුවෙනවා. මේ නිසා සාම්ප‍්‍රදායික නාට්‍ය වර්ග කිරීම අනුව මේක නාට්‍ය ධර්මී නාට්‍යයක් හෝ ස්වභාවික වගේ නාට්‍ය වර්ග කිරීමකට කොටු කිරීමටත් මට හැකියාවක් නැහැ. මේක හුදෙක් නාට්‍යමය ප‍්‍රකාශනයක් විදියට තමයි හැඳින්වීමට පුළුවන් වෙන්නේ.

288A7549

ඔබගේ මේ නිර්මාණය වැඩෙන්නේ විශ්වවිද්‍යාල පරිසරයේ වගේම එයට වැඩි දායකත්වයක් දක්වන්නේද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්. මෙහි විශේෂත්වයක් පවතිනවද?

වසර ගණනාවක විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙක් විදියට මම ලබපු අත්දැකීම තමයි මේ වශ්වවිද්‍යාල විද්‍යාථීන් සහ බාහිර සමාජය අතර නිර්මාණය වී ඇති විශාල පරතරය. මේවැනි පරතරයක් ඇතිවීමට හේතු වී ඇත්තේ මේ දෙපිරිස අතර නිසියාකාර සන්නිවේදන කාර්යයක් නොතිබීම. මේ නිර්මාණය හරයා මේ බාහිර සමාජය කියැවීමක නිරතවීමට අවකාශය ලබාදීමක් ද වෙනවා. එයින් මේ පරතරය යම් ආකාරයකට පිරවීමකට උත්සහ කිරීම එක් උත්සාහයක්. මේක ඇත්තටම එක්තරා අාකාරයකට සංස්කෘතික කාර්යයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මීට අමතරව අද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සාම්ප‍්‍රදායික දේශන ශාලාවට, දේශනයට, සටහනට කොටුවී ඇති තත්ත්වයක් නිර්මාණය වී තියෙනවා. මේ නිසා මේ සටහන් කියවන සම්ප‍්‍රදායෙන් විද්‍යාර්ථීන් බැහැරට අරගෙන සමාජීය කාර්යයන් වෙනුවෙන් මැදිහත් වන, ඒ සම්බන්ධයෙන් සැබෑ හැඟීමක් ඇති, පෞරුෂයෙන් යුක්ත පිරිසක් නිර්මාණය කිරීමත් මේ කාර්යයේ එක අරමුණක් වෙනවා. මේ කාර්යය නාට්‍යමය ආවේශයක් මඟින් සාර්ථකව කළහැකිය කියන විශ්වාසය මා තුළ පවතිනව.

mahasamayama_6

ඔබගේ ‘මහසමයම’ නිර්මාණය සාමාන්‍ය ජනතාවගෙන් බැහරව විශේෂිත පිරිසකගේ අවධානයට පමණක් යොමුවූ නිර්මාණය බවට පත්වුනා. මේ නිර්මාණයක් ඒ වගේද?

මම නම් කොහෙත්ම ඔය අදහසට එකඟ වෙන්නේ නැහැ. මොකද අනුරාධපුරය වගේ ඉතා දුර පළාත්වල ඉදන් බස් පිටින් මගේ ‘මහසමය’ නාට්‍ය බැලීමට පැමිණියා. සාමාන්‍යයෙන් මේ වගේ නාට්‍යයක් අවුරුද්දකට දර්ශණ වාර දහයක් පවත්වන්නේ නැහැ. මම ඒ කාර්යය කළා. හිස් පුටුවලට නෙවේ. සම්පූර්ණයෙන්ම සෙනඟ පිරිල ඉන්න ෙප්‍ර්ක්‍ෂකාගාරයකට. සමහර විදේශීය රටවල ප්‍රේක්‍ෂකයන් මහසමයම නාට්‍ය පෙන්වන දිනය බලල ලංකාවට ඒමේ ප‍්‍රවණතාවක් පවා ගොඩනැ`ගුනා. මේ නිර්මාණය සමඟ රසය හොයන, අලූත් අදහස් හොයන, ඒ පිළිබ`දව හැ`ගීමක් ඇති පිරිස් මගේ නිර්මාණ වටා එක්වීම සිදුවුනා.

photo

එතකොට ජංගම නාට්‍ය කලාව ඔබ විශ්වාස කරන්නෙ නැද්ද?

ඇත්තටම ලෝකෙ සාකච්ඡා කෙරෙන්නේ ජංගම නාට්‍ය නෙවේ. මම මේකෙන් කොහෙත්ම අදහස් කරන්නේ නෑ ජංගම නාට්‍ය කලාව වැරදියි කියල. උදාහරණයක් විදියට අපි රුවන්වැලි සෑය වදින්න යනවනම් ඒ වෙනුවෙන් කාලයක් වෙන්කරගෙන, භක්තියෙන් අවබෝධයක් අතිව තමයි යන්නේ. දැන් ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි ඔපෙරා හෝ ලන්ඩන් ඔපෙරා ගත්තොත් ඒ නිර්මාණ එකම රඟහලක තමයි පවතින්නේ. ඒ වෙත විවිධ විවිධ පරිස් පැමිණීමයි සිදුවෙන්නේ. මේ වගේ සංස්කෘතියක් අපේ රටේද නිර්මාණ  විය යුතුයි කියලයි මම හිතන්නේ.

288A7475

ඔබේ ‘මහසමයම’ නාට්‍ය මඟින් ලංකාවේ නාට්‍යකලාවේ යම් වෙනසක් සිදුවුනා කියන අදහස ඔබට තියෙනවාද?

ඒ සම්බන්ධයෙන් අදහසක් නෙවේ, සාක්‍ෂි තියෙනවා. ලංකාවේ හිටපු සහ දැනට ජීවත්වන ප‍්‍රධාන පෙළේ උගතුන් මේ සම්බන්ධයෙන් විවිධාකාර ලියවීම් වලින් සාධනීය කාරණා මතුකර තියෙනවා. අනිත් පසින් මේක නරඹපු පිරිසකගේ අත්දැකීම් සහ ඒ අයගේ අදහස් තාමති සමාජයේ තියෙනවා. මේ නිසා මේ නිර්මාණයේන ලබපු අත්දැකීම් හුළගේ ගිහින් නැහැ. මේ නිර්මාණ නැවත් පෙන්වීමට හෝ ඒ පිළිබ`ද කතාබහක් සමාජය තුළ නොවීම නිසා මේ නිර්මාණ මිය යාමේ තත්ත්වකට පත්වී තියෙනවා. අද මමත් ඒ ඛෙදවාචකයට අහුුවුණු නිර්මාණකරුවෙක්.

පාලිත අබේලාල්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Thespiyan drama festival

By: Palitha Abelal

කොළඹ සෞන්දරය කලා විශ්වවිද්‍යාලයීය නර්තන හා නාට්‍ය කලා පීඨයේ මුද්‍රා නාට්‍ය හා නර්තන අධ්‍යයන අංශයේ තෙස්පියන් නාට්‍ය සංගමය විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘‘ඇකඩමික් තෙස්පියන් නාට්‍ය උළෙල’’ මේ මස විසිවනදා (20) සිට විසි හයවනදා (26) දක්වා විශ්ව විද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්වේ. මෙහිදී දිගු නාට්‍ය පහක්, කෙටි නාට්‍ය හයක් මෙන්ම බැලේ දර්ශන දෙකක් සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමටය නියමිතය.

1rt

වර්තමානය වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන් නාට්‍ය නිෂ්පාදන දිවයිනේ ප්‍රධාන ධාරාවේ නාට්‍ය නිර්මාණ අතර වැදගත් තැනක් හිමිකොටගෙන ඇත. අංකුර කලාකරුවන්ට මනා පිටුවහලක් වන්න වූ ජාතික නාට්‍ය උළෙල හා යෞවන සම්මාන උළෙලයන් හිදී අවසන් වසර කීපය තුළ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිෂ්පාදනය සඳහා වූ සම්මාන හා නිර්දේශයන් ද රාජ්‍ය නාට්‍ය උළෙලේදී දිගු නාට්‍ය, විශිෂ්ඨ නිර්මාණ සඳහා නිර්දේශ වී සම්මාන දිනා ඇත. විශ්වවිද්‍යාලයක් වශයෙන් තම අභිමුඛ පර්යේෂණ කටයුතුවල නියැලෙමින් ලෝක නාට්‍ය කලාවේ සම්භාව්‍ය නිර්මාණ හා විද්‍යාර්ථයින්ගේ ඥාණ ගවේශණය මඟින් නිර්මාණය කරනු ලබන ස්වතන්ත්‍ර නිර්මාණ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛ ආයතනයක් ලෙස සුවිශේෂී ස්ථානයක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ලබා සිටී. ඒ වෙනුවෙන් ශිල්ප ඥාණනය කරනු ලබන විද්‍යාර්ථින් ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇකඩමික් තෙස්පියන් නාට්‍ය උළෙල සිදුකරණු ලබයි.

_MG_2416-Edit copy56

20 වනදින මුහුරත් උළෙල මෙන්ම සමාරම්භක උළෙල පැවැතිවෙන අතර, 21 වන දින ධනුෂිකා දිසානායකගේ ‘‘බර්නාඩාගේ සිපිරිගෙය’’ නාට්‍යය, 22 වන දින සවස 3.30ට එච්. එස්. එස්. මධුරංගගේ ‘‘පිනෝකියෝ’’, භානු සුදාරකගේ ‘‘pyar’’, කේ. සී. උක්වත්තගේ උතුරුකුරු දිවයින යන කෙටි නාට්‍ය ත‍්‍රිත්වය සහ එදිනම සවස 6.30 ට මුද්‍රා නාට්‍යයක් වේදිකා ගතවේ. 23 වන දින සවස 6.30ට කසුන් උක්වත්තගේ ‘‘හිරු නොදුටු මිනිස්සු’’ නාට්‍යද, 24 වන දින සවස 3.30ට ‘‘funaral’’, කසුන් තාරකගේ ‘‘future’’ සහ ධනුෂිකා දිසානායකගේ ‘‘ඉන්නෙක් ඇය සහ මම’’ යන කෙටි නාට්‍ය ත‍්‍රිත්වය සහ සවස 6.30 ට ‘‘X- නගරය’’ යන නාට්‍ය වේදිකා ගතවේ. 25 වන දින ආර්.එම්. උෂාන් පෙරේරගේ ‘‘මායාබන්ධන’’ (The Crusibal) සහ 26 වන දින රංග මනුප‍්‍රියගේ ‘‘ප‍්‍රපාතය ළග වනස්පතිය’’ නාට්‍ය වේදිකා ගතවේ.

dsdsd iii rt we111 2323

 

මේ ගෙවෙන්නේ” ගීතය ලොකු වෙනසක් කරයි කියලා මම හිතනවා – ගායිකා ඉෂානී සන්දනායක

BY: සංඛ රඹුක්වැල්ල

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කාරණය අද වන විට කෙතරම් සත්‍ය දැයි යලි යලිත් ප්‍රශ්න කළ යුතු මට්ටමට පැමිණ ඇත.ඒ මන්ද යත් එකී අදහස මුසාවක් කරමින් විවිධ ක්ෂේත්‍රයන් තුළ එක් අයෙකු එක හා සමාන ලෙස දස්කම් දක්වන්නේ නම් ඇතැම් විට එය ඔහුගේ හෝ ඇයගේ වාසනාව වන්නට පුළුවන.එසේත් නැතිනම් දක්ෂතාවය මත ගොඩනැගුණු වාසනා ගුණයක් වුවද විය හැක.ඉහත දැක් වූ කුමන ආකාරයට හෝ ඇය ක්ෂේත්‍ර කිහිපයක එක හා සමාන ලෙස දස්කම් දක්වයි.නමින් ඈ ඉෂානී සන්දනායක ය.වෘත්තියෙන් බැංකු නිළධාරිණියක වන ඈ ගායිකාවකි.නිවේදිකාවකි. ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයකින් ම රසික ඔබ අතරට පැමිණෙන ඈ අද බොස්ටන් ලංකා කතා බහ හා එක් වේ.

කොහොමද ඉෂානී. මොනවද අලුත් තොරතුරු  ?

හොඳයි,හොඳින් ඉන්නවා. ‍රැකියාවේ වැඩකටයුතු එක්ක සංගීතමය වැඩකටයුතුත් සමබරව කරගෙන යනවා ඉතින්

S3S5

කියන්නකෝ ඔබ ගැන විස්තර ටිකක් ?

මම දැනට ‍රැකියාව කරන්නේ දෝහා කටාර් වල බැංකුවක.මම ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ වසර අටක පලපුරුද්ද සමගින් තමයි දොහා කටාර් වල බැංකු ක්ෂේත්‍රයේ ‍රැකියාවට එන්නේ.මගේ කුඩා කාලය ගැන කතා කලොත් මම පාසල් යන කාලයේ ඉඳලා තමයි සංගීතයට යොමු වෙන්නේ. පස්සේ මම සංගීතය මාලනී බුලත්සිංහල මහත්මියගෙන් ඉගෙනගන්නවා.උසස් පෙල විභාගයෙන් පස්සේ බැංකු ක්ෂේත්‍රයේ ‍රැකියාවට යොමුවෙන නිසා සංගීතය ඉගෙන ගැනීම සහ සංගීත කටයුතු වල නියැලීම මගෙන් මග හැරෙනවා.‍රැකියාවේ තියෙන කාර්යබහුල බවත් එක්කම.

ඔබ කොහොමද නැවත ආයෙමත් සංගීත ක්ෂේත්‍රයට යොමුවෙන්නේ ?

ඔව් මම දෙදාස් දොළහේ තමයි කටාර් වලට එන්නේ.කටාර් වලදි ‍රැකියාවේ කටයුතු හවස තුන වෙනකොට ඉවර වෙනවා.දැඩි කාර්යබහුල බවකින් මම මිදෙනවා ඒ නිසා.ඒ එක්කම පුහුණුවීම් පටන්ගෙන නැවතත් සංගීතයට යොමු වෙනවා. එහෙම යොමුවෙන්න තවත් එක හේතුවක් තමයි කටාර් වල ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් සංවිධානය කරන විවිධ ප්‍රසංග වල නිවේදන කටයුතු වලට සහ ගීත ගායනා කටයුතු වලට දායක වෙන්න ලැබීම.ඉතින් මේ හැමදේමකම ප්‍රතිපලයක් විදිහට මම මගේම කියලා ගීත පහක් නිකුත් කිරීම දක්වා ඉස්සරහට එනවා.

S1 S2

ඔබ කෙරුව අලුත් ගීත ගැන කීවොත් ?

ගිය අවුරුද්දේ තමයි මම මගේ මුල්ම ගීත කිහිපය කරන්නේ.ඒ ගීත කිහිපයෙන් එක් ගීතයක් සංගීත වීඩියෝවක් එක්කයි කළේ.ලංකාවේ රූපවාහිනී නාලිකා කිහිපයකම ඒක විකාශනය වුණා.ඒ වගේම මම අදහසක් තිබුණා මම කරන හැම නිර්මාණයක්ම ලංකාවේ සිටින ප්‍රවීණ සහ දක්ෂතම සංගීත අධ්‍යක්ෂකවරුන් හා ගී පද රචකයන් අතින් නිර්මාණය කරගන්නවා කියන එක. ඒ අදහස එක්ක මම මුලින්ම ගීතයක් කරන්න හිටියේ අරුණ ගුණවර්ධන මහත්මයා එක්ක.ඒ ගීතයේ පද රචකයා වුණේ මගේ ආදරණීය සැමියා.ඒ ගීතය කරන්න ටිකක් පමා වුණා.ඒ අතරේ මගේ සැමිය ම පද රචනය කරපු  මේ හේතුව කියන ගීතය තමයි මම මුලින්ම නිර්මාණය කරපු ගීතය.එම ගීතයේ සංගීත අධ්‍යක්ෂකවරයා වුණේ දර්ශන වික්‍රමතුන්ග මහත්මයා.ඊට පස්සේ කැලුම් ශ්‍රීමාල් මහත්මයාගේ පද රචනයකට උදාර සමරවීර මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු  ඔබට මා මෙන් කියන ගීතය නිර්මාණය කරනවා.ඒක තමයි මගේ පළවෙනි මියුසික් වීඩියෝ එක වෙන්නෙත්.ඊට අමතරව කීර්ති පැස්කුවෙල් මහත්මයා එක්ක යුග ගායනයක් කරන්න මම වාසනාවන්ත වෙනවා.ඒ ගීතයේ පද රචනය කරන්න බන්දුල නානායක්කාරවසම් මහත්මයා.ඒ වගේම එහි සංගීත අධ්‍යක්ෂණය කළේ දර්ශන වික්‍රමතුංග මහත්මයා.ඊට අමතරව නයනසේන වන්නිනායක මහතා ලීව රෝහණ වීරසිංහ මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු ගීත “මේ ගෙවෙන්නේ” කියන ගීතයත් වෙනස් ආරක ගීතයක්.ඊට අමතරව දර්ශන රුවන් දිසානායක මහතා සහ සමන්ත පෙරේරා මහතා සමඟ කළ ගීත කිහිපයකුත් සහ රාජ්‍ය සම්මානලාභී අසංක රුවන් සාගර මහත්මයා ලීව පද රචනයක් ඇතුළුව නව ගීත කිහිපයක් ඉදිරියේදී එළි දක්වන්න නියමිතයි.

මේ දේවල් වලට ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

ඇත්තටම ඉතා විශාල සහයෝගයක් ලැබෙනවා.මගේ ස්වාමියා වන මංජුල සන්දනායක ඉතා දක්ෂ ගී පද රචකයෙක්.කාර්ය බහුලත්වයත් එක්ක ඔහුට ගී පද රචනයේ යෙදෙන්න අවස්ථාවක් නොලැබුණත් ඔහු ඉතා සුන්දර සංකල්පනා ගොඩ නගන්නෙක්.ඉතින් අපි දෙන්නම ගමන් කරන්නේ එකම පාරක නිසා ඒ ගමන හරිම පහසුයි.මේ හැමදේකම ශක්තිය වෙන්නේ ඔහුයි.

S7

ලංකාවට නැවත පැමිණීමේ අදහසකින් ද ඔබ මේ වනවිට පසුවන්නේ ?

ලංකාවට නැවත පැමිණේවි දවසක.ඒත් ඒක ළඟදි වෙයිද කියන්න බැහැ.සමහරවිට තව අවුරුදු දෙක තුනකින් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.ඒත් මම මෙහෙ ඉඳලා කරන කලා වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යනවා.ඊට අමතරව අපි කටාර් වල සංගීත ප්‍රසංග සංවිධානය කරනවා අපිම බිහිකරගත්ත කලා කවයකින්.එකේ නම සිසාරා ආර්ට් සර්කල්.ඉතින් ඒ වගේ වැඩ කටයුතු අපි කොහේ හිටියත් කලාව වෙනුවෙන් ඉ‍ටු කරයි.

විශේෂයෙන් ස්තූති කළ යුතු අය ඉන්නවද ?

විශේෂයෙන් ස්තූතිකරන්න ඕන අය බොහෝමයක් ඉන්නවා.මගේ අම්මා,මගේ පාසල ගමිපහ සිරිකුරුස විද්‍යාලය ගුරුවරුන්,මගේ ස්වාමි පුරුෂයා.ඒ වගේම දොහා වල ජානක සමරගුණරත්න,බාචි,ප්‍රවීන්,ගයාන් රුක්ෂාන්,කුමුදු ෆොන්සේකා,පැන්ටලීන් පෙරේරා,මන්ජුල ජයවර්ධන. ඒවගේම ලංකාවේ අරුණ ගුණවර්ධන,කීර්ති පැස්කුවෙල්,අසංක රුවන් සාගර ,තරංගී අතුරුලිය,සුරනිමල ජිනේන්ද්‍රසිංහ,තිසංක හේවාවැල්ලල,දර්ශන වික්‍රමතුංග,උදාර සමරවීර,රයන් උද්දික,යසරත් කමල්සිරි වගේම අබුඩාබි වල නයනසේන වන්නිනායක මහත්මයාවත්  ඉතාලියේ හෂාන් ජයවර්ධනවත් මතක් කරන්න ඕන

 

 

 

අජන්ත සෙනෙවිරත්න

අජන්ත සෙනෙවිරත්න යනු ක්ෂේත‍්‍ර කිහිපයක පැතිරුණු දක්‍ෂතා ඇති අයෙකි. ග‍්‍රන්ථකරණයෙහිලා සුවිශේෂී දක්‍ෂතා ප‍්‍රකට කල ඔහු “මම අවංකයි”“දුහුලූ සිත්”“අපි අපිම”“රිදී හුය බින්දා”“සිත මම සහ නොමියෙන මම” , “දැක නොදුටු පෙරනිමිති”“අකාල පේ‍්‍රම”වැනි ග‍්‍රන්ථ රැසක් රචනා කළේය. ඔහුගේ මෑතකාලීනව පාඨකයන් අතට පත් නවකතාව වන්නේ “රාහුලයෙක් උපන්නා”ය.

අප දන්නා ඔබ අවිවේකීරාකාරී බහුල කෙනෙක්. වගකීම් සහගත තනතුරක් දරන්නෙක්. මේ කාර්යයන් මැද ලේඛනයට විවේකය හොයාගන්නේ කොහොමද?

කෙතරම් කාර්ය බහුල වුනත් අපි අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් කරන්න කාලය වෙන්කරගන්නවා නේදඅන්න ඒ වගේ තමයි මමත්. මගෙයි අනෙක් අයගෙයි අතර වෙනස වෙන්නේ ලිවීම මගේ ජිවිතයේ අත්‍යවශ්‍ය අංගයක් නැත්නං කොටසක් බවට පත්වීම විතරයි.

ලේඛනය ඔබේ දිවියේ කොටසක් බවට පත්වුනේ කොහොමද?

මුලින්ම මම මට දැනෙන දේ ලිවීමෙන් ලැබුණු උත්තේජනයක් ලැබුව. ඒ සමගම මට මගේ ලිවීම් සම්බන්ධව විශ්වසනීයත්වයක් ගොඩනැගෙන්න පටන්ගත්තා. ඉන්පසුව මම නිරන්තරව ලිවීමේ කාර්යයේ නිරතවුනා. අද වෙනකොට මට නිරායාසයෙන් ලියැවීමේ තැනට පත්වී තියෙනවා. ලේඛනය ආරම්භ කරන කාලෙ යමක් ලිවීමට මනස සකසාගැනීමටත් වශාල කාලයක් ගතවුනා. නමුත් දැන් ඉතාම කෙටි කාලයකින් ඒ සදහා මනස සකසාගැනීමට හැකියාව ලැබී තියෙනවා. මේ සියල්ලම නිරන්තර ලේඛනය තුළින් ගොඩනගාගත් දේවල්.

ajantha

නිර්මාණ කරනයේදී ඔබ බෟද්ධ තේමා කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බව ඇතමුන් සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

මම විවිධ විෂයන් කේන්ද්‍ර කරගනිමින් ග‍්‍රන්ථ රචනා කර තිබෙනවා. නමුත් මේ සෑම ක්‍ෂේත‍්‍රයකමසෑම විෂයකම පදනම වෙත ගමන් කිරීමේදී එහි බුද්ධ දර්ශණයේ අන්තර්ගත යම් යම් කොටස් නිරාවරණය වීමක් සිදුවෙනවා. බෞද්ධයෙක් විදියට සහ ඒ ආශ‍්‍රිත සංස්කෘතියක ජිවත් වන මට මේ දේවල් විශේෂයෙන් ග‍්‍රහණය වීම සුබල දෙයක්. කෙනෙකුට මේක බුදු දහම කියල හඳුන්වන්න පුළුවන්. නමුත් මම නිරන්තරව උත්සහ කරන්නේ එහි සැබෑ ස්වරූපය ප‍්‍රතිනිර්මාණය කිරීමට.

ඔබේ මෑතකදී කළ නිර්මාණය සඳහා ‍බෞද්ධ සාහිත්‍යයේ අන්තර්ගත රාහුල චරිතය යොදාගැනීමට පෙළඹීට විශේෂ හේතුවක් තියෙනවාද?

බුද්ධ චරිතය සොයා යන්නෙකුට රාහුල කියන චරිතය ඉතාම වැදගත් චරිතයක් බව මට වැටහුනා. බෝධිසත්වයන් බුද්ධත්වය කරා යන ගමනේදී එයට සහය ලබාදුන් අය අතර රාහුල චරිතයටත් ප‍්‍රධාන ස්ථානයක් හිමිවෙනවා. සිදුහත් කුමාරයාට ගිහිගෙයින් නික්මීමට එක් නිමිත්තක් වන්නේද රාහුල කුමරුන්ගේ උත්පත්තියයි. මීට අමතරව ත‍්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී බුදුහාමුදුරුවන් රාහුල හිමියන්ට දේශනා කල සූත‍්‍ර කිහිපයක්ම අන්තර්ගත වෙනවා. මේ සූත‍්‍ර කීපය අධ්‍යනය කිරීමෙන් අපට අනිත්‍ය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. මේ පිළිබ`දව දීර්ඝ අධ්‍යනය කිරීමකින් පසුව තමයි රාහුල චරිතය කේන්ද්‍ර කරගනිමින් රාහුලයෙක් උපන්නා’ කියන නවකතාව රචනා කිරීමට යොමුවුනේ.

BTI23273_fmt

එතකොටම ඔබ මේ චරිතය ආශ‍්‍රයෙන් මෙම නවකතාව නිර්මාණය කිරීමට යොමුවන්නේ එම චරිතයේ ඇති ධර්මානුකූළ වැදගත්කම හේතුවෙන්ද?

මේක එක හේතුවක් පමණයි. රාහුල චරිතය ගත්තොත් ඔහු කවුදබුදුරජාණන් වහන්සේගේ ගිහි කළ පුත‍්‍රයා. ඉන්පසුව බදුරජාණන් වහන්සේගේ ශාසනයේ සාමනේර නමක් බවට පත්වෙනවා. තමන්ගේ පියාගේ සසුනේ. ශාසනයට ඇතුළත් වෙන්නේ අවුරුදු හතේදී. නමුත් වයස අවුරුදු දහ අට වෙනකලූත් රහත් බව ලබනේනේ නැහැ. මොකද්ද ඒකට හේතුව. උන්වහන්සේ තමන්ගේ රූපයට අධික ලෙස ඇ`ඵම් කිරීම. අද ජිවත්වන සාමාන්‍ය තරුණයෙකුගේම පැවැත්ම සහ සිතුවිලි නොවේද. මේ බව අවබෝධ කරගත් බුදුන් වහන්සේ නව යොවුන් වියේ සිටි තරුණ භික්‍ෂුවගේ ජිවිතයට අරමුණක් ලබාදෙනවා. එම අරමුණ කරා ළඟාවීමට කමටහන් නැත්නම් උපදෙස් ලබාදෙනවා. ඒ ඔස්සේ ගමන් කරන තරුණයා තමන්ගේ ජීවිතය ජයග‍්‍රහණය කරා ගෙනයනවා.

මේ රාහුල හාමුදුරුවන්ගේ චරිතය වර්තමානයේ අපේ සමාජයේ සිටින තරුණයාගේ චර්යා සහ සිතුම් පැතුම් නොවේද. වැඩිහිටියන් විදියට අපි ඔවුන් නිවැරදි සමාජයට වැඩදායී පුද්ගලයින් ලෙස නිර්මාණය කරගැනීමට නම් අප පළමුවෙන්ම ඔවුන් හ`දුනාගැනීම අත්‍යවශ්‍ය නොවන්නේද. බුදුරජාණන් වහන්සේද රාහුල හාමුදුරුවන්ගේ නියම කල පැමිණෙන තෙක් හිටියෙ නියම මාර්ගයට යොමුකරවීමට. වැඩිහිටියන් විදියටත්දෙමාපියන් විදියටත් අපි කිසිදු වෙලාව හැඟීමෙන් නොව බුද්ධිමත් ලෙස දරුවන් සම්බන්ධ කාර්යයන් හි නිරතවීමේ වැදගත්කම බදුහාමුදුරුවන්ගේ චරිතය තුළින් ප‍්‍රතිනිර්මාණය වෙනවා. මේ ආකාරයට දරුවන් නිවැරදි ලෙස අවබෝධ කර නොගැනීම හේතුවෙන් ඇතිවූ ඛේදනීය තත්ත්ව අපට  ඕනෑතරම් අසන්නට දකින්නට ලැබී තියෙනවා. ඉදිරියේදීද අසන්නට දකින්නටත් ලැබේවි. නමුත් මේ පිළිබ`දව අවබෝධයකින් මේ තත්ත්වයන් අවම කරගැනීමේ හැකියාවක්ද පවතිනවා.

මෙම කෘතිය මගින් ඔබ අතීත චරිත මත පිහිටා වත්මන් සමාජයට කිසියම් සමාජමය පණිවිඩයක් ලබාදීමකද නිරතවෙනවා.

නිර්මාණ කරුවන්ගේ කාර්යභාරය සෘජුව දෙයක් පැවසීම නොව පාඨකයාට එය හැඟීයාමට සැළැස්වීමයි. මෙම කෘතිය තුළදී මම මේ සෑම චරිතයක් කෙරෙහිම විවෘත මනසින් බලා එම චරිත ප‍්‍රති නිර්මාණය කිරීමකට යොමු වුනා. එතනදි මම මේ කිසිදු චරිතයකට හානි නොවන ආකාරයෙන් එම චරිත ප‍්‍රති නිර්මාණය කිරීමට යොමුවුනා. රාහුල හිමියන්ගේ චරිතය හා සම්බන්ධ සිදුවීම් බුද්ධ සාහිත්‍ය ඉතිහාසයේ වරළ බැවින් නිර්මාණ කරුවකු විදියට මගේ පරිකල්පනය යොදවමින් සමකාලීන බුද්ධකාලීන සමාජයේ සිදුවූ විවිධ සිදුවීම්ද ආශ‍්‍රය කරගනිමින් ප‍්‍රති නිර්මාණ කාර්යකද නිරතවුනා. සත්‍ය සිදුවීම් මත පදනම්ව මේ ප‍්‍රතිනිර්මාණ කාර්යය කිරීමට සිදුවීම ඇත්තටම දුෂ්කර කාර්යයක් වුවත් මේ නිර්මාණය තුළින් එය සාර්ථක අයුරින් ජයගැනීමට හැකිවුනා යන විශ්වාසය සහ සතුට මා තුළ පවතිනව.

බෞද්ධ ශාසන ඉතිහාසය තුළ මෙතරම් වැදගත් චරිතයක් ආශ‍්‍රය කරගනිමින් නිර්මාණයක් කිරීමට බොහෝ අය නෙපෙළමුනත් එබ එම කාර්යයට යොමුවුනා. ඔබට පෙර ලේඛන කාර්යයේ නිරතවූවන් මේ කාර්යයට අත නොගැසීමට හේතුව පිළිබ`ද කිසියම් අදහසක් තියෙනවාද?

මට හිතෙන්නේ කිසිම කෙනෙක් රාහුල කියන චරිතය නිවැරදි ලෙස දුටුවේ නැහැ. මොකද ශාසන ඉතිහාසයේ ස්ථාන කිහිපයක පමණයි රාහුල හාමුදුරුවන් ගැන සඳහන් වෙන්නේ. ඒත් සීමා සහිතව.අනෙක් කරුණ තමයි තරුණ වයසේදී උන්වහන්සේ පිරිණිවන් පානවා. රාහුල හිමියන් ගැන දැනගැනීමට ඇති එකම ක‍්‍රමය උන් වහන්සේ අරඹයා දේශනා කළ සූත‍්‍ර පමණයි. ඇතැම් විට මේ සූත‍්‍ර වෙත අවධානය යොමු නොකිරීමත් මෙම චරිතයට අවධානය යොමු නොවිමට හේතුවක් වන්නට ඇති.

අවසාන වශයෙන් ඔබගේ ලිවීම අවසාන බලාපොරොත්තුව කුමක්ද?

මගේ ලේඛනයේ අරමුණ මා සතු දැනුම සහ අත්දැකීම් අනෙක් අය සම`ග බෙදාගැනීමයි. එයින මම අසීමිත තෘප්තියක් ලබනවා. ඒ වගේම මම දැඩිව බෞද්ධ දර්ශණය වශ්වාස කරන කෙනෙක්. එම සංස්කෘතියෙන්සභ්‍යත්වයෙන් පෝෂණය වූ කෙනෙක්. මගේ නිර්මාණ කරනය තුළ මේ කිසිදු සීමාවක් උල්ලංගනය කිරීමට යොමුවන්නේ නැහැ. කිසිදු පාර්ශවයක් සම`ග ගැටුම් ඇති නොකරගෙන මගෙන් විය යුතු යුතුකම් සහ වගකීම් ඉෂ්ට කරමින් මගේ පුද්ගල විමුක්තිය ස`දහා මාර්ගය විවර කරගැනීමේ තවත් එක වෑයමක් විදියට මගේ ලේඛනය හඳුන්වන්න පුළුවන්.

චූටි මැණිකේ කියන්නේ ඇත්තටම මම නෙවෙයි – ශලිනි ප්‍රනාන්දු

සංඛ රඹුක්වැල්ල

පාසල් යන වයසේ සිටම ජනප්‍රියම තරුවක් වීමට ලැබීම අහම්බයක් පදනම් වූ වාසනාවකි.එසේ වාසනාවන්ත වූවෝ බොහෝමයක් නොමැති වුවද අතලොස්සක් අතර ඈ ඉදිරියෙන්ම සිටිති.නමින් ඈ ශලිනි ප්‍රනාන්දු ය.එහෙත් එනමින් ඈ දන්නා අයට වඩා දෙවෙනි ඉනිමේ “චූටි මැණිකේ” යන නමින් ඈ දන්නා ප්‍රමාණය අතිමහත් ය.අද බොස්ටන් ලංකා හා කතාබහට එකතුවෙන්නේ දෙරණ අවුරුදු කුමරිය වී දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ වූ  ශලිනි ප්‍රනාන්දු සමඟය.

කොහොමද ශලිනි,මොනවද අලුත් විස්තර ?

හොඳින් ඉන්නවා.දෙවෙනි ඉනිමේ රූගත කිරීම් වලට සහභාගි වෙනවා.ඊට අමතරව මම 2018 වසරේ මගේ ලන්ඩන් ඒ ලෙවෙල් විභාගයට ලෑස්ති වෙනවා.

ඔබ කොහොමද ක්ෂේත්‍රයට පැමිණෙන්නේ ?

ඇත්තටම මගේ පුංචි නිසයි මම ක්ෂේත්‍රයට එන්නේ.2017 දෙරණ අවුරුදු කුමරිය තරඟයට මම අයැදුම් කරන්නේ මගේ පුංචිගේ කැමැත්තට අනූව.ඊට පස්සේ මම දෙරණ අවුරුදු කුමරිය වෙනවා.ඒ තරඟයට සහභාගී වුණ හය දෙනෙක්ට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා.මමත් ඒකට සහභාගී වෙනවා.හරියටම ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් සති දෙකකට පස්සේ දෙවෙනි ඉනිම විධායක නිෂ්පාදක චරිත් කොතලාව මහත්මයා මට කියනවා මාව දෙවෙනි ඉනිම සඳහා ‍තෝරාගත්තා කියලා.එහෙම තමයි මම දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ.

21879289_136749526945655_7804939403515658240_n

දැන් එතකොට ඔබ රංගනය ගැන හදාරලාද එන්නේ එහෙමත් නැත්නම් අවුරුදු කුමරිය වීම ම ද එකම සුදුසුකම රංගනයට යොමුවෙන්න ?

ඇත්තටම නැහැ.මම රංගනය ගැන කිසිම දෙයක් හදාරලා නෑ.මම තවම උසස් පෙළ කරනවා.මම හීනෙන් වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි රංගනයට යොමුවීම.ඉතින් ඒ නිසා ඒ ගැන හදාරන්න මට අවස්ථාවක් ලැබුනේ නැහැ.හැබැයි අනිවාර්යයෙන්ම මම ඉදිරියේදි රංගනය ගැන හැදෑරීමට බලාපොරොත්තුවෙනවා. අවුරුදු කුමරිය වීම ම සුදුසුකමක් වෙන්නේ නෑ කොහොමටත් රංගනයට.

22429818_206833443190103_4564164090787790848_n

උසස් පෙළ විභාගයෙන් පස්සේ මොකද කරන්නේ දිගටම රංගනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවද ?

රංගනය පැත්තෙන් ඉදිරියට යන්න කැමති ඇත්තටම.ඒත් එක්කම මගේ හීනයක් තියෙනවා ෆැෂන් ඩිසයිනින්ග් පැත්තෙන් ඉගෙනගන්න.ඉතින් මම කැමති මේ දෙකම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න.

රංගන ක්ෂේත්‍රය ගැහැණු ළමයෙක්ට කොයිතරම් අභියෝගයක් ද ?

මගේ ඇත්තම අදහස ඕනම ක්ෂේත්‍රයක් අභියෝගයක්.අභියෝග නැති කිසිම ක්ෂේත්‍රයක් නෑ.ඇත්තටම ඔය ප්‍රශ්නය අහන්න ඕන මගේ අම්මගෙනුයි අයියගෙනුයි.මොකද ඒ දෙන්නා තමයි මට වඩා මට ගොඩක් ළඟින් ඉඳලා හොඳ නරක කියලා දෙන්නේ.ඇත්තටම එයලා මම දකිනවට වඩා පරාසයක් දකිනවා.ඒ කොහොම වුණත් තමන්ට තමන්ව බලාගන්න පුලුවන් වෙන්න ඕන කියලා මම විස්වාස කරනවා.

37325106194_92c70b63e3_o21479913_1598885973519253_7351470344017805312_n

ගොඩක් අය අහන දෙයක් තමයි “චූටි මැණිකේ” ඇතුළේ ඇත්තටම ඉන්නේ ශලිනි ද කියලා ?

චූටි මැණිකේ කියන්නේ ඇත්තටම මම නෙවෙයි.මම ටිකක් කටකාර චරිතයක් ,ම්ම්ම් (සිනා) නෑ නෑ ටිකක් නෙවෙයි සෑහෙන්න කටකාරයි .කට්ටිය මාත් එක්ක එකතුවෙනකම් මම ගොඩක් සයිලන්ට්.කට්ටිය මාත් එක්ක යාලුවෙන්නේ කොතනද එතන ඉදලා මම සෑහෙන්න කටකාරයි.ඒ චරිතේ තියෙන එකම සමානකම තමයි චූටි දේටත් හිත රිද්දගන්න එක.පොඩි දෙයකට වුණත් මගේ හිත ඉක්මනට රිදෙනවා.පොඩ්ඩක් කෑ ගැහුවත් ඇති ඉතින් මට කඳුළු පෙරාගෙන අඬන්න.හැබැයි මම ආසයි ඒ චරිතේ ජීවත් වෙන්න.මම නොවෙන චරිතයක්  ප්‍රතිනිර්මාණය කරන්න මම ආසයි.

21479926_1400446403364733_7005462375583186944_n

ඒ කියන්නේ ශලිනි සිනමාවට අවතීර්ණ වෙන්න මඟ බලාගෙන ඉන්නේ එහෙමද ?

ඔව් ඇත්තටම.ඒකෙදිත් මම අර කලින් කීවා වගේ කියන්නේ මම ආසයි මගේ හැබෑ ජීවිතයට පොඩ්ඩක්වත් සමීප නැති චරිත කරන්න.මම ඇත්තටම ආසයි වෙනස් දේවල් කරන්න.

srilankanmodelsfb_59f73dbe4e1ff (1)

අවසාන වශයෙන් විශේෂයෙන් ස්තූති කළ යුතු අය ඉන්නවද ?

විශේෂයෙන් අම්මා සහ අයියා ඇතුළු මගේ පවුලේ සියලුම දෙනාට.මගේ පුංචිට. ඒ වගේම මගේ ගුරුවරුන්ට සහ දෙරණ ටීවී ආයතනයේ සියලුම දෙනාට හා විධායක නිෂ්පාදක චරිත් කොතලාවල මහතාට ඒ වගේම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකතුමාට ඇතුළු සියලුම දෙනාට වගේම මගෙත් එක්ක ඉන්න රසික රසිකාවියන්ටත් ගොඩාක් ස්තූතියි කියලා කියන්න කැමතී

ඔව් මම ආදරවන්තියක්

By Sanka Rambukwella
විදුශි උත්තරා කුඩා කාලයේ ඉඳලම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත් ඇයව බහුතරයක් ප්‍රේක්ෂකයෝ හඳුනාගන්නේ දෙවෙනි ඉනිමේ මල්කි විදිහට.වර්තමානයේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවෙනි ඉනිමේ මල්කි අද බොස්ටන් ලංකා හා කතා බහට එකතුවෙනවා.
මල්කි කියන්නද විදුශි කියන්නද ?
ඒ දෙකෙන් මොකක් කීවත් කමක් නෑ (සිනා)
කොහොමද ඔබ මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ ?
මම ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ පොඩි කාලේ. පාසල් අවධියේ.ඒ කාලේ රූපවාහිනි සංස්ථාවෙන් පාසලට පැමිණිලා ළමා ඒකකයට ළමයින්ව ‍තෝරාගත්තා. ඒ ‍තෝරාගත්ත අය අතර මමත් හිටියා.ඉතින් ඒක තමයි මගේ පටන්ගැන්ම.ඊට පස්සේ තව ටෙලිනාට්‍යකත් රඟපෑවා.ඉතින් ඒ විදිහට තමයි ක්ෂේත්‍රයට පැමිණෙන්නේ.
image6
ඔබ මුලින්ම කැමරාව ඉදිරියට ආව දවසේ ඔබට තිබුණ බලාපොරොත්තුමද අදටත් තියෙන්නේ ?
 නෑ .මම ඒ කාලේ කැමරාව ඉස්සරහට එද්දි කවදාහරි රංගන ශිල්පිණියක් වෙනවා කියලා බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑ.ඒත් ගෙදර කලාවට හුරු පරිසරයක් ඒ දවස් වල ඉඳලා තිබුණා.හැබැයි අද වෙනකොට මම වෘත්තීයමට්ටමේ රංගන ශිල්පිනියක්.ඒ එක්කම මගේ ව්‍යාපාරයකුත් පවත්වාගෙන යනවා.
වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් වීම සඳහා ඔබ ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්න සූදානම් ද ?
ඔව් ඇත්තටම.මොකද රංගනයේ සෑහෙන්න දේවල් ඉගෙනගන්න තියෙනවා. එහෙම ඉගෙන නොගෙන ඉදිරියට යාම තුළ පැවැත්මක් නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩී.
image5
ඔබ හිතනවාද වර්තමානයේ තාක්ෂණයත් එක්ක ඉන්න රසිකයාගේ රසවින්දනයේ ප්‍රමාණය පිළිබඳ රංගන ශිල්පියා හෝ ශිල්පිණිය ට අවබෝධයක් තිබිය යුතුයි කියලා ?
ඔව් එහෙම හිතන්න පුළුවන් නේද ? රංගනය කියන්නෙම අපි ජීවත් වෙන සමාජය නැවත ප්‍රතිනිර්මාණය කිරීම. ඉතින් අපි ජීවත්වෙන සමාජයෙන් විතැන් වෙලා අපිට බෑ දෙයක් ප්‍රතිනිර්මාණය කරන්න.හොද අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩනැගෙන තරමට සාර්ථකයි කියලා මම විස්වාස කරනවා.
ඇත්තද දෙවෙනි ඉනිමේ ඉන්න තරුණියන්ගෙන් වඩාත්ම පිරිමි ළමුන්ගේ ආකර්ෂණය දිනාගත්ත රංගන ශිල්පිනිය ඔබ කියලා කියන කතාව ?
(සිනා ) එහෙමත් කියනවද ?? මම අදමයි ඇහුවේ. ඒක ඇත්තනම් ඉතින් ගොඩක් සතු‍ටුයි ඒ ගැන.
image2 image3
මල්කි ධනුක ආදර කතාව වගේම විදුෂිගේ ආදර කතාව ලියවිලා තියෙන්නේ කාත් එක්කද ?
දැන්ම ඒ ගැන නොකියා ඉමු නේද ? හැබැයි මම ආදරවන්තියක්
විශේෂයෙන් ස්තූති කරන්න ඕන අය කවුද ?
අම්මට,තාත්තට සහ පවුලේ හැමෝටම.දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂකතුමාට සහ ප්‍රභාත් අයියට.ඊට අමතරව මගේ ආදරණීය රසිකයන්ට

Rukshika at Cricket Festival in USA

Rukshika Gamage, the Mrs Sri Lanka 2016 will be one of the Guest of Honor at the US Open Cricket 2017 Festival organized by the Cricket Council in USA.  The event will be held from October 25th to October 29th.

36

Rukshika will be also attending few receptions organized by Boston Lanka to allow the Sri Lankan communities in Boston, New York and Washington DC.

D E

 

අපිට සහෝදරත්වයෙන් දුර ගමනක් යන්න තියෙනවානම් ඒක ලොකු ආශිර්වාදයක්

By: සංඛ රඹුක්වැල්ල
මිනිසුන්ගේ ප්‍රසාදය දිගින් දිගටම ලබාගත හැකිනම් ඔහු හෝ ඇය වාසනාවන්තයකි.රඟපෑමේ දක්ෂතාවය හා එකී වාසනා ගුණය ඇතිව පැමිණි මේ දඟකාර යුවතිය හඳුන්වාදීමට වෙනත් වචන අවැසි නොවේ.බහුතරයක් තරුණයින්ගේ පෙම්වතිය ඇයයි.බහුතරයක් මවුවරුන්ගේ හා පියවරුන්ගේ දියණිය ඇයයි.බහුතරයක් සහෝදරයින්ගේ සොහොයුරිය ඇයයි.ඈ දෙවන ඉනිමේ දෙව්මී ලෙස ඔබ අතරට එන මෙවර සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වූ නයනතාරා වික්‍රමාරච්චිය.සම්මානය ලබා ගැනීමේ උණුසුම පිටව යන්නට මත්තෙන් ඈ බොස්ටන් ලංකා හා කතා බහට එක් වුණා.

නයනතාරා
,මෙවරත් ජනප්‍රියම නිළිය ඔබ ?
ඔව් ඒ ගැන ගොඩාක් සතු‍ටුයි.මිනිස්සුන්ගේ කැමැත්ත ලබාගන්න තියෙන එක කොයිතරම් වටිනවද මම මගේ රටේ මගේ ආදරණීය රසික රසිකාවියන්ට ගොඩක් ආදරයෙන් ස්තූති කරනවා.ක්ෂේත්‍රයට ආව කෙටි කාලය තුළ මේ තරම් ආදරයක් ලබාදීම පිළිබඳව
Nayanathra 2

එදා සම්මානය දෙවන වරටත් ලබාගත්ත රාත්‍රිය ගැන යමක් කීවොත් 
?
ගොඩක් සතු‍ටු හිතුණා.ප්‍රේක්ෂකයන්ගේ ආදරය ගොඩක් දැනුණා.වචනයෙන් විස්තර කරන්න බැරි අවස්ථාවක්

ජනප්‍රියම නිළියගෙන් මිදිලා දක්ෂතම නිළිය වෙන්න කාලය හරි නේද දැන් 
?
අම්මෝ එහෙමම කියන්න බෑ.මම තවම පටන්ගත්තා විතරනේ.. තව ඉගෙනගන්න දේවල් කොයිතරම් නම් තියෙනවද ?හෙමින් දුර ගමනක් යන්නයි ආස මම.
22047226_1941980836053081_1323573246_o

ඔබගේ සමකාලීන නිළියන් ඔබට අභියෝගයක් ද 
?
අපි ඉතින් එකම ක්ෂේත්‍රයේ ඉන්න යාලුවෝනේ.එයාලත් දක්ෂයි.නැත්නම් මෙහෙම ක්ෂේත්‍රයේ ‍රැදෙන්න බැහැනේ.අභියෝගයක් කියනවටත් වඩා අපිට සහෝදරත්වයෙන් දුර ගමනක් යන්න තියෙනවානම් ඒක ලොකු ආශිර්වාදයක් විදිහට මම සලකන්නේ.

ඔබ රංගනයෙන් දායක වුණ සිනමා නිර්මාණය ගැන යමක් කීවොත් 
?
සිනමා නිර්මාණ තුනකට දායක වුණා.දෙකකම වැඩ කටයුතු ඉවරයි.ඉතා ඉක්මනින් එක සිනමා නිර්මාණයක් දකින්න පුළුවන් වෙයි.ඒක අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ සිනමා නිර්මාණයක්.ඒ වගේම වෛද්‍ය කපිල සූරිය ආරච්චි මහත්මයගේ සිනමා නිර්මාණයකත් වැඩ කටයුතු මේ වෙනකොට සිදු කරලා අවසන්.ඒ සිනමා නිර්මාණ ඉදිරියෙදි දකින්න ලැබෙයි ප්‍රේක්ෂක ඔබට.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන යමක් කීවොත් 
?
මේ දවස් වල අලුත් ටෙලිනාට්‍යකට සම්බන්ද වෙලා ඉන්නවා.චන්න පෙරේරා මහත්මයාගේ ටෙලි නාට්‍යක්.ඒක වෙනස් ම තේමාවක් යටතේ සිදුවන ටෙලි නාට්‍යක් ඊට ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා.ඒවට සම්බන්දවෙන්න නොහැකි වුණා අනෙක් වැඩකටයුතු නිසා.කොහොමත් මගේ බලාපොරොත්තුව සිනමාවට වැඩි ඉඩක් වෙන් කරන්න.ඉදිරියට තියෙන්නේ ඔය වගේ සැලසුම් කිහිපයක් ඉතින්

ඔබට ස්තූති කරන්න ගොඩක් අය ඇති. ඒ අය ගැනත් සඳහන් කරමු නේද 
?
අම්මටයි තාත්තටයි.ඊට අමතරව මම රංගනය හදාරපු පාසල් වලට සහ මට රංගනය කියා දුන් ආදරණීය ගුරුවරුන්ට.ඊට අමතරව මට රංගනය පිළිබඳ කියාදුන් මට උදව් කළ සියළුම ටෙලිනාට්‍ය හා සිනමා අධ්‍යක්ෂකවරුන්ට,ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට.දෙවෙනි ඉනිම අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මහතා ඇතුළු සියලු දෙනාට හා ටීවී දෙරණට.ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් මම නැවත වරක් ආදරයෙන් ස්තූතියි කියනවා