ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) දිනයේත් පහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.287.87 ක් ලෙස හා විකුණුම් මිල රු.300.92 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
Business
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) දිනයේත් පහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.287.87 ක් ලෙස හා විකුණුම් මිල රු.300.92 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව, සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේ දී අදාළ ගාස්තුවෙන් 70% ක් රජයෙන් ලබා දීමටත්, ඉතිරි 30% ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමටත් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම ගෙවීම හෝ සිදුකර ගැනීමට නොහැකි දෙමාපියන් සිටී නම්, එනම් දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අය කිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන්. මෙලෙස 30% ක් හෝ අයකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ එම සේවාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා එම ණය මුදල ලබාදී ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන ඔවුන් සැලකිලිමත්වන බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (29) දිනයේ සැලකිය යුතු පහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.289.89 ක් ලෙස හා විකුණුම් මිල රු.303.26 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 10කට ආසන්න තොගයක් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව පවතින බව එහි සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඉකුත් සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගොවිපළ කිහිපයක් පරීක්ෂාවටද ලක් කළ බවත් ඔවුන්ගේ වාර්තාව පසුගියදා ලබාදුන් බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව එම ගොවිපළවලින් බිත්තර සෞඛ්‍ය ආරක්ෂිතව අපනයනය කරන බවට සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වාර්තාවක් මගින් පෙන්වාදී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (26) සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 295.62 ක් ලෙස හා විකුණුම් මිල රු. 308.54 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
රජයට පක්ෂපාතී ව්‍යාපාරිකයින් 10 දෙනෙකුගේ ණය බොල්ණය ලෙස කපා හරින බවට පළ වූ වාර්තා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මේ පිළිබඳව රාජ්‍ය බැංකු සහ මහ භාණ්ඩාගාරය අමතා තමා කරුණු විමසීමක් ද කළ බව කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එලෙස ණය කපා දැමීම භයානක ක්‍රියාවක් බවත්, එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි.
සමස්ථ ගණුදෙනුකරුවන් බැංකු ණයෙන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක කිහිප දෙනෙකුගේ පමණක් ණය කපා දමන බවට පළවන වාර්තා රටේ අනෙකුත් ගණුදෙනුකරුවන්ට පීඩාවක් ගෙන දෙන පුවතක් බවට පවසන අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී හෝ එලෙස ණය කපා දැමීමට අපේක්ෂා නොකරන බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (25) සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.60 ක් ලෙස හා විකුණුම් මිල රු.310.95 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
අද (24) දින සිට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා ඇති බව එම සමාගම නිවේදනය කරනවා.
ඒ අනුව කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030 ක් බවයි සඳහන් වන්නේ.
මීට අමතරව වියළි මිරිස්, රතු පරිප්පු, සෝයා මීට් (තොග), ලොකු ලූනු, සුදු සීනි මිල පහත දමා ඇති බවයි සඳහන් වන්නේ.
අඩු කළ මිල ගණන් සහ නව මිල පහතින්.
* කිරිපිටි (ලංකා සතොස) 400g – රු.50 කින් (නව මිල රු.1030)
* වියළි මිරිස් 1 KG – රු.45 කින් (නව මිල රු.1350)
* රතු පරිප්පු 1KG – රු.10 කින් (නව මිල රු.325)
* සෝයා මීට් (තොග) 1KG – රු.10 කින් (නව මිල රු.660)
* ලොකු ලූනු 1KG – රු.06 කින් (නව මිල රු.129)
* සුදු සීනි 1KG – රු.04 කින් (නව මිල රු.239)
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (24) සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.98 ක් ලෙස හා විකුණුම් මිල රු.311.23 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.