පසුගිය වසර හත තුළ රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 29,000 ඉක්මවයි

2015 ජනවාරි 01 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලින්, නියෝජිතායතනවලින් සහ බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ‍ඩොලර් මිලියන 29,922ක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

එම කාලය තුළදී මෙරටට ලැබී ඇති ප්‍රදාන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 349ක් බවත් අදාළ වාර්තාවේ දැක්වෙනවා.

එම ණය සහ ආධාර ඒවා ලබාගත් නිශ්චිත අරමුණු වෙනුවෙන් භාවිතා කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සම්පුර්ණ වාර්තාව පහතින්,

9ab9a862ae48ada445190f4f0b3fa3a2

88c26976355a321f60b29920e6788d37

බදු අඩු කළොත් බිත්තර මිල අඩු කරනවා – බිත්තර නිෂ්පාදකයින්

කුකුළු ගොවිපළවල් සඳහා ආනයනය කරන ඖෂධ සහ ආහාර වර්ග සඳහා රජය විසින් අයකරන බදු ඉවත් කරන්නේ නම් බිත්තරයක් රුපියල් 40 ක මිලකට ලබාදිය හැකි බව බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති නිලේෂ් රූපසිංහ පෙන්වා දෙන්නේ ඩීසල් පෙට්‍රල්, වී කුඩු, පුන්නක්කු සහ බඩඉරිඟු මිලද ඉහළගොස් ඇති බවත් බිත්තර මිල සඳහා මේවාද බලපා ඇති බවයි.

ඇතැම් පිරිස් බිත්තර ආනයනය කිරීමට සූදානම් වන්නේ කොමිස් ලබා ගැනීමේ අරමුණ ඇතිව බවයි බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

2023 වසරේ අපේක්ෂිත බදු ප්‍රමාණය රු. බිලියන 1667ක් – දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

2022 වසරේ එකතු කරන ලද බදු ප්‍රමාණය රු. බිලියන 860 කට ආසන්න බවත් 2023 වසර සදහා අයකර ගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණය රු. බිලියන 1667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

මෙම වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින් බවත්, එම මුදල රු.

බිලියන 603ක් බව වන අතර එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රු බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන්වනවා.

2023 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික හැකිලීම 4.2% කට සීමා වේවි – ලෝක බැංකුව

2023 වසරේ මෙරට ආර්ථික හැකිලීම 4.2% කට සීමාවනු ඇති බව ලෝක බැංකුව පවසනවා.

2022 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 9.2% කින් හැකිළීමට ලක්ව තිබෙන බවයි 2023 වසර සඳහා ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

ආහාර සහ ඉන්ධන, ණය සේවාකරණය සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැතිවීම නිසා හටගත් අර්බුදය හේතුවෙන් මෙලෙස ආර්ථිකය හැකිළීමට ලක්ව ඇති බවයි ලෝක බැංකුව ප්‍රකාශ කළේ.

වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක ආර්ථික ස්ථායිකරණය කිරීමේ වැඩසටහනත් සමඟ අර්බුදයේ ප්‍රතිවිපාක සහ දරිද්‍රතාවය ඉහළ ගොස් පසුගිය දශකය තුළ රට තුළ ලැබූ වර්ධනයන් ආපසු හැරවීමට ලක්ව තිබෙන බවයි එම වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ.

2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1% වර්ධනයක් ලඟා කරගනිමින් වර්ධනීය මාවතට අවතීර්ණ වනු ඇති බවද ලෝක බැංකුව වැඩිදුරටත් පවසනවා.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් ශ්‍රී ලංකාවට දුන් ණය අවලංගු කළ යුතුයි – ආර්ථික විද්වතුන්

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එම ණය ලබා දුන් ණය හිමියන් විසින් ඒවා අවලංගු කළ යුතු බව ජාත්‍යන්තර විද්වතුන් පිරිසක් පවසනවා.

ආර්ථික විශේෂඥයින් 182 දෙනෙකු නිවේදනයක් ද නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙරට බාහිර ණයවලින් 50% ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගෙන ඇති එම ණය හිමියන් මේ වනවිටත් විශාල ලාභයක් උපයා ඇති බවත් ඔවුන් එම ලාභ උපයා ඇත්තේ අවදානම් සාධකය ද සහිතව බැවින්, ශ්‍රී ලංකාව ණය ගෙවීම් නතර කිරීමේ ප්‍රතිඵලය ද විඳගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට වඩාත් කඩිනම් අවශ්‍යතාවක් ඇති මොහොතේ සිය වගකීම් ඉටුකරමින් නිසි ප්‍රතිචාර දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන ද අපොහොසත් වී ඇති බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් විසින් පෙන්වාදී තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය කපා හරිමින් හෝ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය වෙමින් ණය හිමියන් ඇතුළු සියලු පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවට සහාය විය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්,

ff95441a78f5f7d0bd654e28ec07d1c4

කොළඹ ආර්ථික මධ්‍යස්ථානවල බිත්තරයක් රුපියල් 55 කට අලෙවි වෙයි

කොළඹ ආර්ථික මධ්‍යස්ථානවල බිත්තරයක් රුපියල් 55 කට අලෙවි වන බව එහි සිටින වෙළඳුන් පවසනවා.

බිත්තර 119,000 කට වැඩි ප්‍රමාණයක් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් ලබාදුන් බවයි වෙළඳුන් සඳහන් කරන්නේ.

ඒ අනුව බිත්තර නිෂ්පාදකයින් විසින් රුපියල් 53 ට ලබාදෙන බිත්තරයක් රුපියල් 55 ක මුදලකට අලෙවි කරන බවද වෙළඳුන් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් කොළඹ තදාසන්න ප්‍රදේශවල බිත්තර රුපියල් 60 ත් 65 ක් අතර මුදලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් සඳහන් කරන්නේ.

මෙරට බැංකුවක් ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු කිරීමට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කරයි

මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ද්විපාර්ශ්වික වෙළඳාම් සිදු කිරීම සඳහා එරට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඒ අනුව State Bank of India හි දකුණු ආසියානු කලාපීය ප්‍රධානී Vikas Goel සමඟ මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළ බවයි මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ Twitter පණිවිඩයේ දැක්වෙන්නේ.

අදාළ Twitter පණිවිඩය පහතින්,

98399e83b7043d7b32749059e5a24d45

ඕමාන් ගෑස් ගෙනාවොත් සිලින්ඩරය 7000යි

රසම්පාදන ක්‍රියාවලියෙන් සහ කැබිනට් අනුමැතිය හිමි වූ තායිලන්ත සියාමි
සමාගමෙන් ගෑස් මිලදී ගැනීම අත්හිටුවා මීට පෙර සැපයුම්කරු වූ ඕමාන්
සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට සූදානම් වීම හේතුවෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යෑමේ අවදානමක් පවතින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සියාම් සමාගම වරාය, රක්ෂණ, නෞකා ගාස්තු ලෙස
මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 96 ක මුදලක් අයකරන බව දැනුම් දී ඇත.

මීට පෙර ගෑස් සැපයුම් කළ ඕමාන් සමාගම ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 129 ක මුදලක් අයකරන බව දැනුම් දී තිබේ.

එහෙත් සියාමි සමාගමෙන් ගෑස් මිලදී ගැනීම අත්හිටුවා ඕමාන් සමාගමෙන් ගෑස්
මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ලිට්රෝ සමාගමට බලපෑම් එල්ල වී ඇති බවද
වාර්තා වෙයි. එලෙස ඕමාන් සමගමෙන් ගැස් මිලදී ගැනීමේදී ඇමෙරිකා ඩොලර් 34 ක් වැඩියෙන් ගෙවා ලබා ගැනීමට සිදුවීම හේතුවෙන් ගෘහස්ථ ගැස් මිල ඉහළ
දැමීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරුන් වන තෙෂර ජයසිංහ හා විජිත හේරත්ට ඉවත් වීමට සිදු වූයේද මෙම සිද්ධිය හේතුවෙන් බව ලිට්රෝ ගෑස් සමාගමේ සහ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

සියාම් සමාගමෙන් ගෑස් මිලදී ගතහොත් ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රුපියල් 5000 කට පමණ පාරිභෝගිකයාට ලබාදිය හැකි බව ලිට්රෝ සමාගම පවසයි. ඒ බව හිටපු සභාපති තෙෂර ජයසිංහ විසින් මුදල් අමාත්‍යාංශයටද මීට පෙර දැනුම් දී තිබුණි. ඕමාන් ගෑස් සමාගමෙන් ගෑස් ආනයනය කිරීමේදී සිලින්ඩරයක් රුපියල්
7000 ක් පමණ විය හැකි බවද ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2500 ක පාඩුවක් ලබන බවයි.

(උදයජීව ඒකනායක-Aruna)

ශ්‍රී ලංකාවට G7 කණ්ඩායමේ සහය

ශ්‍රී ලංකාව මේ වන විට සවෛරීත්ව ණය ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවක ලෝක බලවතුන් 7 දෙනෙකුගෙන් සැදුම් ලත් G7 කණ්ඩායම විසින් ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයන්තයන්ට සහය ලබා දෙන බවට කෙටුම්පත් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

G7 කණ්ඩායම එලෙස පවසා ඇත්තේ ඊයේ (19) ජර්මනියේ පැවති රැස්වීමකදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

G7 රටවල් විසින් නිකුත් කර ඇති ප්‍රකාශයේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන
විට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිගුකාලීන විසඳුම්
සෙවීමට ඔවුන් කැප වී සිටින බවයි. එසේම විභව ණය වැඩ සටහනක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ “ඵලදායි සාකච්ඡා ” ආරම්භ කරන ලෙස ලංකාවෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය හා එක්සත්
ජනපදය යන සාමාජික රටවලින් G7 කණ්ඩායම සමන්විත වේ.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවදුරටත් පහළට

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී
ලංකාවේ දිගු කාලීන විදෙස් විනිමය නිකුතු ශ්‍රේණිගත කිරීම (Long-Term
Foreign-Currency Issuer Default Rating)  ‘C’ සිට ‘RD’ දක්වා පහළ දැමීමට
පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් මත අප්‍රේල් 18 වන දින ගෙවිය යුතු
කූපන් ගෙවීම් සඳහා ලැබී තිබුණු දින 30 ක සහන කාලය ද පසුගිය මැයි 18 දා
අවසන් වීමත් සමඟ මෙම පියවර ගැනීමට ෆිච් රේටිංග්ස් පියවර ගෙන ඇත.