සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබෙනවා.

අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි ටින් මාළු රුපියල් 30 කින් , ලොකු ළූණු රුපියල් 22 කින් සහ පාන් පිටි රුපියල් 10 කින් වන ලෙස මිල අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මිල අඩුකිරීම පහතින්,

c4ad8470541b27093bb6368dedfc27a6

අද ඩොලරයේ විකුණුම් මිල රු.330 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල අද (06) රු.330.56 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඩොලරයක ගැනුම් මිල අද වාර්තා වී ඇත්තේ රු. 313.29 ක් ලෙසයි.

තවත් බිත්තර තොගයක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රියේ දිවයිනට රැගෙනවිත් ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව බිත්තර මිලියන 04ක් ආනයනය කර ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

එම බිත්තර තොගය මේ වනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවත් ඊයේ රාත්‍රී ආනයනය කෙරුනු බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බත් පැකට්වල මිල පහළට

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්වල මිල 20% කින් අඩු කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එසේම ප්ලේන්ටියක මිල රුපියල් 30 ක් දක්වා අඩු කර ඇති බවයි එහි සභාපති අසේල සම්පත් වැඩිදුරටත් සඳහන් කළේ.

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු.1,290 කින් (නව මිල රු.3,990)

* 5KG ගෑස් – රු.516 කින් (නව මිල රු.1,596)

විදෙස්ගත ශ්‍රමිකයන්ට අතිරේක තීරුබදු සහනයක්

විගමනික ශ්‍රමිකයින් වසරක කාලයක් තුළ මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය මත පදනම් වෙමින් ඔවුන්ට අතිරේක තීරුබදු දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

විගමනික ශ්‍රමිකයින් 2022 වසරේ මැයි මස පළමුවැනිදා සිට වසරක කාලයක් තුළ මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකම පදනම් කර ගනිමින් අතිරේක තීරුබදු දීමනාවක් ඔවුන්ට ලබාදීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව විදේශගත ශ්‍රමිකයන් දිරිගැන්වීම සඳහා එම කාලසීමාවට දෙන තීරුබදු සහනයට අමතරව, ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය සැලකිල්ලට ගෙන මෙම අතිරේක තීරුබදු සහනය ලබාදෙන බවත් LankaRemit ජංගම දුරකථන යෙදුම හරහා මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, කේ.ඩී.ආර්. ඔල්ගා සඳහන් කළේ.

ඒ අනුව අදාළ අතිරේක තීරුබදු සහනයන් පහතින්,

* ඩොලර් 2,400 සිට 4,799 දක්වා – ඩොලර් 600 ක බදු සහනක්
* ඩොලර් 4,800 සිට 7199 දක්වා – ඩොලර් 960 ක බදු සහනක්
* ඩොලර් 7200 සිට 11,999 දක්වා – ඩොලර් 1,440 ක බදු සහනක්
* ඩොලර් 12,000 සිට ඩොලර් 23,999 දක්වා – ඩොලර් 2,400 ක බදු සහනක්
* ඩොලර් 24,000ට වඩා වැඩි – ඩොලර් 4,800 ක බදු සහනක්

ලිට්‍රෝ ගෑස් මිල පහතට

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල ගණන් පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.1005 කින් (නව මිල රු.3,728)

* කිලෝ ග්‍රෑම් 5 – රු.402 කින් (නව මිල රු.1,502)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.183 කින් (නව මිල රු.700)

ගෑස් මිල හෙට රුපියල් 1000 කින් පමණ අඩු කරනවා – ලිට්‍රෝ සභාපති

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ අනුව හෙට පෙරවරුවේ නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.334 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (03) අඩුවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 316.75 ක් ලෙස හා විකුණුම් මිල රු 334.20 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

නව මිල ගණන් යටතේ අද සිට ආනයනික කිරිපිටි වෙළඳපොළට

නව මිල ගණන් යටතේ අද (03) සිට ආනයනික කිරිපිටි වෙළඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් අඩුවී ඇති බවයි සඳහන් වන්නේ.