ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (11) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 305.13 ක් ලෙස හා විකුණුම් මිල රු 319.32 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
Business
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (11) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 305.13 ක් ලෙස හා විකුණුම් මිල රු 319.32 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (10) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 304.02 ක් ලෙස හා විකුණුම් මිල රු 318.23 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

දේශීය බිත්තර ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.
ඒ අනුව දේශීය බිත්තර ඉල්ලුම 10% කින් පමණ ඉහළ ගොස් ඇති අතර බිත්තර නිෂ්පාදනය ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.
මස්, මාළු මිල ඉහළ ගොස් ඇති නිසා බිත්තර සඳහා වැඩි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් බිත්තර මිල ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි සති දෙක තුළ ඉල්ලුම අඩු වූ පසු නැවතත් බිත්තර මිල අඩුවනු ඇති බවයි සරත් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.
දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති කොට්ටයක මිල රු. 300කින් අඩු කිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව මෙතෙක් 2,600 ක්ව පැවති සිමෙන්ති කොට්ටයක මිල 2,300 දක්වා පහත දමා ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.
ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,
* 12.5KG ගෑස් – රු. 300 කින් (නව මිල රු. 3,690)
* 5KG ගෑස් – රු. 120 කින් (නව මිල රු. 1,476)
අද (06) සිට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති එම ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.
මිල ඉහළ යාමට සමානුපාතිකව පාරිභෝගික ජනතාවට දිනුම් අවස්ථා ද ඉහළ නංවා ඇති බවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී මෙනුර චතුරංග සඳහන් කළේ.
කොත්තු හා රයිස් මිල අද (05) සිට 10% කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.
අද (04) දින පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත වර්ධනයක් සිදුව තිබෙනවා.
ඒ අනුව උදෑසන 11.30 වනවිට සියලු කොටස් මිල දර්ශක ඒකක 514.92කින් 9,957.87ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
එසේම සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5 ක් ලෙස සටහන්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
* කිලෝ ග්‍රෑම් 12.5 – රු.204 කින් (නව මිල රු.2,982)
* කිලෝ ග්‍රෑම් 5 – රු.83 කින් (නව මිල රු.1,198)
* කිලෝ ග්‍රෑම් 2.3 – රු.37 කින් (නව මිල රු.561)
ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට කටයුතු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,000 කට වඩා පහළ අගයකට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.
නව මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.