විදුලි ගාස්තු අද සිට ඉහළට

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 0 සිට 30 දක්වා පැවති ඒකකයක් සඳහා රුපියල් 10ක් පැවති ගාස්තුව රුපියල් 12කින් ඉහළ යන අතර, 150ක පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 දක්වා ඉහළ දමා තිබෙනවා.

එසේම ඒකක 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක පැවති ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට අවසර ලබාදී ඇති අතර එහි ස්ථාවර ගාස්තුවද 300 සිට 360 දක්වා ඉහළ දමා  ඇති බවයි සඳහන් වන්නේ.

ඒකක 61 සිට 90 දක්වා ඒකකයක් සඳහා 35ක පැවති ගාස්තුව 41 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව 400 සිට 480 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒකක 91 සිට 120 දක්වා ඒකකයක් සඳහා 50 ක පැවති ගාස්තුව 59 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව 1000 සිට 1180 දක්වා ඉහළ දමා ඇති බවද සඳහන්.

බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.97 ක් වන අතර MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.19 ක් වනවා.

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.77% කින් ඉහළගොස් ඇති අතර BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.48% කින් ඉහළගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එසේම MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.89% කින් ඉහළගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ඉහළගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

6523aae034dd9

කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළට

ගෑස් මිල ඉහළ දැමීමත් සමඟ කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ, ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තු රුපියල් 20 කින් හා රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දමන බවයි.

පොලී අනුපාත පහත දැමීමට මහ බැංකුව තීරණය කරයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පහත දැමීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 10%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 11%ක් ලෙසත් අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12%ක් ලෙස පැවතියා.

IOC ඉන්ධන මිල ඉහළට

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අනුව ඉහළ දමන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්  දැක්වෙනවා.

* පෙට්‍රල් 92 – රු.04  කින්  (නව මිල රු.365)

* පෙට්‍රල් 95 – රු.03 කින්  (නව මිල රු.420)

* ඔටෝ ඩීසල්  – රු.10 කින් (නව මිල රු.351)

* සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421)

* භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)

CEYPETCO ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 4 කින් (නව මිල රු.365)

* පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.420)

* ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.351)

* සුපර් ඩීසල් – රු. 62 කින් (නව මිල රු.421)

* භූමිතෙල් – රු. 11 කින් (නව මිල රු.242)

6519a1e593006pdf_page_0

SINOPEC ඉන්ධන මිල ඉහළට

SINOPE සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – මිල නොවෙනස් (රු. 358)

* පෙට්‍රල් 95 – රු. 6 කින්  (නව මිල රු.420)

* ඔටෝ ඩීසල්  – රු. 10 කින් (නව මිල රු.348)

* සුපර් ඩීසල් – රු. 61 කින් (නව මිල රු.417)

කුකුළු මස් මිල රු.100 කින් පහළට

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට කුකුළු මස් මිල රුපියල් 100 කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබෙනවා.

කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

පොහොර මිලදී ගැනීමට රුපියල් මිලියන 12,000 ක් ලබාදීමට තීරණය කෙරේ

මෙවර මහ කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000 ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව එම මුදල් හෙක්ටයාර් 01 කට රුපියල් 15,000ක් බැගින් ලබාදීමට නියමිත බවත් එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (20) දිවයින පුරා සිටින ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරු සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.