හෙට සිට බිත්තර වෙළඳපොලෙන් රුපියල් පනස් හතරට ලබා දෙනවා.

හෙට සිට බිත්තර වෙළඳපොලෙන් රුපියල් පනස් හතරට ලබා දෙනවා. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ප්‍රකාශ කරයි. ඉන්දියන් බිත්තරය සතොස විසින් අවභාවිතා කරමින් විකුණයි.

බිත්තර මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වෙළඳපොලේ ඉල්ලුම වැඩිවීමත් සමග ඇතිවූ වෙළඳපොළ උච්චාවචනයයි. බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තම ලාභ අසීමාන්තික ලෙස ලබා ගනිමින් පාරිභෝගිකයන් සූරා කෑම මෙලෙස විශාල ලෙස මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා. නිෂ්පාදන වියදම සමග සැසදීමේදී දිනකට ලක්ෂ 100ක පමණ විශාල ලාභයක් මොවුන් උපයමින් සිටී. වෙළඳ සංගමය ලෙස ඔවුන්ට සිදුවී ඇත්තේ ඔවුන් දෙන මිලට තවත් රුපියල් දෙකක් තුනක් අතර මුදලක් එක් කරමින් පාරිභෝගිකයාට ලබාදීමයි. නිෂ්පාදන වියදම මේ වන විට බිත්තරයක රුපියල් දහ අටත් විස්සක් අතර මුදලක් වන අතර නමුත් පාරිභෝගිකයාට ලබා නොදීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය උත්සාහ දරන්නේ නැත. සත්ව කෑම මිල ඉහළම ගිය අවධියේදී පවා බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් විසි අටක් පමණ වන බවත් එය පෙර සිටම තම සංගමය ප්‍රකාශ කළ බවත් වර්තමානයේදී බිත්තරයක් රුපියල් තිස්පහට ලබාදීමට හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. හෙට සිට බිත්තර රුපියල් පනස් හතරක් වැනි මුදලකට ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම ඉන්දියන් බිත්තර සතොස විසින් ඉතාමත් අක්‍රමික ලෙස වෙළඳපොලේ මාෆියාවට තවත් රුකුලක් වෙමින් කටයුතු කරමින් සිටී. සාමාන්‍ය පාරිභෝගිකයින්ට බිත්තර විස්සක් වැනි ප්‍රමාණයක් ලබාදී ඉතුරු කරගෙන රාත්‍රී කාලයේදී ව්‍යාපාරිකයින්ට ඒවා ලබාදෙයි. එසේ ලබා දෙන්නේ ජනතා මුදලින් ගෙනා බිත්තර නැවත වෙළඳපොලේ රුපියල් හතළිහක් වැනි මුදලකට විකිණීමටයි. එමෙන්ම බේකරි නිෂ්පාදකයින්ට කියා දෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට බවත් සුළුවෙල් කරන කිසිවකුට හෝ මෙම බිත්තර ලබා නොදෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා

ආනයනික බිත්තර මිලියන 10 ක් අද වෙළෙඳපොළට

ආනයනික බිත්තර මිලියන 10 ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත අදාළ බිත්තර තොගය අද සිට ලංකා සතොස ආයතනය වෙත බෙදාහැරීමට නියමිත බවයි එම සංස්ථාව සඳහන් කළේ.

ඒ අනුව කිසිදු හිගයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අද (15) සිට දෙසැම්බර් 31 දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල අඩු කිරීමට සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිරිපිටි, ආනයනික ටින් මාලු, දේශීය අල, කඩල ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ ඇතුළත් නිවේදනය පහතින්.

657c1999bcc00

උත්සව සමය අවසන් වන තෙක් බිත්තර 55 ට අඩුවෙන් අලෙවි කරන්න බැහැ – නිෂ්පාදකයින්

උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව උත්සව සමය අවසන් වන තෙක් බිත්තර රුපියල් 55ට අඩුවෙන් අලෙවි කිරීමට හැකියාවක් නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

බේකරි විසින් බිත්තර එක්රැස් කර ගැනීම මෙලෙස මිල වැඩිවීමට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් පවතින බිත්තර මිල අඩු කිරීම සඳහා බිත්තර නිෂ්පාදකයින්ට දින තුනක කාලයක් ලබාදී ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.

VAT බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදිත භාණ්ඩයකම මිල 50% කින් 60% කින් පමණ වැඩි වේවි – ව්‍යාපාරිකයින්

වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදිත භාණ්ඩයකම මිල 50% කින් 60% කින් පමණ වැඩිවීමක් සිදුවනු ඇති බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය පවසනවා.

ඒ අනුව එහි සභාපති ටානියා අබේසුන්දර සඳහන් කළේ, බදු අය කර ගැනීමට නම් රජය කළ යුත්තේ ව්‍යාපාරිකයින්ටද සහයෝගය ලබාදීම බවයි.

නමුත් රජය ව්‍යාපාරිකයින්ගෙන් බදු පමණක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් එලෙස ලබාදෙන්නේ කෙසේද යන ගැටලුව පවතින බවත් රට තුළ නිෂ්පාදනය කර පාරිභෝගිකයින්ට තරගකාරී මිලකට භාණ්ඩ ලබාදීම පිළිබඳවද ගැටලුවකට මුහුණ දෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

VAT සංශෝධනය සමඟ පෙට්‍රල් හා ඩීසල් 18% කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වේවි – ධනනාත් ප්‍රනාන්දු

වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ ජනවාරි 1 වනදා සිට භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් ඉහළ යන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව මෙතෙක් වැට් බද්ද අදාළ නොවූ නමුත් අලුතින් පනවන ලද භාණ්ඩ හා සේවාවල මිල 18% කින් පමණ ඉහළ යනු ඇති බවත්, වැට් බද්ද පැවතුන භාණ්ඩ හා සේවා මිල දල වශයෙන් 3% කින් පමණ වැඩි වනු ඇති බවයි අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනවාරි 1 වනදා සිට පෙට්‍රල් හා ඩීසල් මිලද සාපේක්ෂව 18% කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවීමට නියමිත බවත්, භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත් සමඟ ආර්ථිකය හැකිලීමට හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළා.

බිත්තරයක මිල රුපියල් 62 දක්වා ඉහළ යයි

වෙළඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 62 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසනවා.

බිත්තර ඉල්ලුම ඉහළ යාම සහ සතුන් ඇති කිරීම නැවැත්වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

එසේම පිටරටින් බිත්තර ආනයනය නැවැත්වීමද මෙලෙස බිත්තර මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

VAT සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 98 ක් හා විපක්ෂව ඡන්ද 41 ක් හිමි වූ බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.

බිත්තර මිල යළිත් ඉහළට

වෙළඳපොළේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව තොග වෙළඳුන් විසින් බිත්තර තොග සැඟවීම බිත්තර මිල ඉහළ යාමට හේතුවී ඇතැයි ශ්‍රි ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන්නේ.

ඇතැම් තොග වෙළදුන් බිත්තර අළෙවි කරන්නේ රුපියල් 50 ඉක්මවු මිලකට වුවද ගොවිපළ තුළ බිත්තර අළෙවි වන්නේ රුපියල් 40ත් 42ත් අතර මිලකට බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ.

බිත්තර වැඩි මිලට අළෙවි කරන කූඨ වෙළඳුන්ගෙන් බිත්තර මිලදී නොගැනීමට පාරිභෝගිකයින් වගබලා ගතයුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 14 වන දිනය අද

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (07) 14 වන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අද දිනයේ විදේශ කටයුතු හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.