2024 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථික​ය 5.5% ක වර්ධනයක් වාර්තා කරයි

2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.5%  ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 3.0% ක් හා 10.8% ක් සහ 2.6% ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඒකක 14,500 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (16) නැවත වතාවක් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය නිමාවන විට ඒකක 295 කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගොස්, එහි අගය ඒකක 14,500.44 ක් ලෙස සටහන් වී තිබුණා.

එසේම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.27 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ එහි ඉහළම අගය අද වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) එහි ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය අද (04) දිනයේදී වාර්තා කරනු ලැබුවා.

ඒ අනුව එම අගය ඒකක 171.69 කින් ඉහළ ගොස්, 13,511.73 ක් ලෙස දැක්වුනු අතර, මුළු පිරිවැටුම රු. බිලියන 5.2 යි ලෙසයි සඳහන් වන්නේ.

2022 ජනවාරි 19 වැනි දින පිහිටුවා තිබූ පෙර වාර්තාව අභිබවා යමින් මෙම නව අගය වාර්තා වී තිබෙනවා.

ලොකු ළුෑණු හා අර්තාපල් බදු ගැන මුදල් අමාත්‍යාංශයෙන් තීරණයක්

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 60 ක් ලෙස එලෙසින්ම පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ලොකු ළුෑණු බද්ද රු. 30 සිට 10 දක්වා අඩු කිරීමටයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ.

මෙය 2024 දෙසැම්බර් මස 01 වන දින සිට 2024 දෙසැම්බර් මස 31 දින දක්වා ක්‍රියාන්මකව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 02 කින් (නව මිල රු.309)

වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* ඔටෝ ඩීසල් – රු. 03 කින් (නව මිල රු.286)

* භූමිතෙල් – රු. 05 කින් ( නව මිල රු.188)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 95 – ( මිල රු.371)

* සුපර් ඩීසල් – ( මිල රු.313)

674b187861b22

ඉදිරි අයවැයෙන් PAYE Tax සඳහා අනිවාර්​යෙන් යහපත් සංශෝධනයක් ගේනවා – ජනපති

උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) හි අනිවාර්යය සංශෝධනයක් ඉදිරි අයවැය මඟින් සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එය යහපත් සංශෝධනයක් වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

එසේම ඇතැම් භාණ්ඩ කිහිපයක වැට් බදු ඉවත් කිරීමටත්, ඉලක්ක සහගත පිරිසකට සහනාධාර ලබාදීමටත් ඉදිරි අයවැය තුළින් කටයුතු කරන බවයි ඊයේ (06) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම ඔවුන්ගේ සැලසුම් අනුව PAYE Tax අයකරන වැටුප් තලයන්හි අඩු වැටුප් තලයන් වල සිටින අයට වැඩි සහනයක් ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

නොවැම්බර් මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැහැ – ලි‍ට්‍රෝ ගෑස් සමාගම

නොවැම්බර් මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලි‍ට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි වෙමින් පැවතිය ද ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි එම සමාගම සඳහන් කළේ.

පසුගිය මාසයේ දී ද ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදුවූයේ නැහැ.

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 95 – රු. 06 කින් (නව මිල රු.371)

* සුපර් ඩීසල් – රු. 06 කින් ( මිල රු.313)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 92 – (මිල රු.311)

* ඔටෝ ඩීසල් –  (මිල රු.283)

* භූමිතෙල් (මිල රු.183)

672395b5745c6

බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් ලබාදීමට බිත්තර නිෂ්පාදකයින් එකඟවෙයි

බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අළෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එම නියෝජිතයන් මෙම එකඟතාවය දැක්වූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

අද ඩොලරයේ විකුණුම් මිල 298.03 යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) දිනයේ රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහළගොස් තිබෙනවා.

ඒ අනුව අද දින අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.96 ක් හා විකුණුම් මිල 298.03 ක් ලෙසයි දැක් වුණේ.