කරුණා අත්අඩංගුවට ගන්න – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා  අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
පසුගිය දිනක කරුණා අම්මන් විසින් යුධ හමුදා සෙබලුන් 2000 ක් 3000 ක් අතර පිරිසක් ඝාතනය කළ බවට වන ප්‍රකාශයට අදාළව ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ.

කටුනායක ගුවන් තොටුපොළ විවෘත කරන්නේ අගෝස්තු 15ට පසුවයි : ප්‍රසන්න රණතුංග

කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරිම අගෝස්තු මස 15 වෙනිදා දක්වා ප්‍රමාද වනු ඇති බව සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටිනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කලේ ඇතැම් විට ගුවන් තොටුපොළ විවෘත කිරිමේ කාලය අගෝස්තු මස අවසානය දක්වා දීර්ඝ වීමේ හැකියාවක් ද ඇති බවයි.
අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට ලංකාවට ඒම සඳහා 50,000 කට අධික ලාංකිකයින් පිරිසක් විදේශ රටවල පිහිටි තානාපති කාර්යාලවල ලියාපදිංචිවී ඇති බවත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔවුන් සියලු දෙනාව ක්‍රමානුකුලව දිවයිනට රැගෙන එන බවයි.
එමෙන්ම ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු ලංකාවට පැමිණෙන විදේශිකයින් එරටින් PCR පරීක්ෂණය කොට ලංකාවට පැමිණිය යුතු බවත් මෙරටදී ද ඔහුව පරීක්ෂණයකට ලක් කොට දීන 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බව ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

රාජිත ඇප මත නිදහස්

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරිමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නියෝග කලේ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු ඇමතිවරයා මුදා හරින ලෙසයි.

මැතිවරණ දිනය ගැන තීරණය ජූනි 08

මැතිවරණය පැවැත්වීමේ දිනය ලබන ජුනි මස 08 වෙනිදා මැතිවරණ කොමිසන් සභාව රැස්වී තීරණය කරන බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටිනවා.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර තේරීම් භාර නිලධාරිවරුන් සමග සාකච්ජා කොට මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරන බවයි.

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(02) තීන්දු කළා.
දින 10ක් පුරා සියලු පාර්ශ්වවල කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද පස්වරු 3.00ට මෙම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නා.
පංච පුද්ගල විනිසුරු මඩුල්ල වුයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ,සිසිර ද ආබෘ,ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ය.
මෙම පෙත්සම්වලට එරෙහිව ගොනු කරන ලද මූලික විරෝධතා ද විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව අනුව ප්‍රතික්ෂේප කෙරිණි.මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව නියෝගයක් ලැබෙනු ඇතැයි පිරිසක් අපේක්ෂා කළ අතර එවැනි නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණයයෙන් නොලැබිණි.

මැතිවරණ කොමිසම හෙට රැස්වේ

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන දිනය සහ මැතිවරණ අංක නිකුත් කිරිම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයන් නිකුත් කිරිමේ දිනයන් තීරණය කිරිම සම්බන්ධයෙන් හෙට දිනයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වන බවට කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
මැතිවරණය පැවැත්වීමේ දිනය වැඩි ඈතකට නොගෙන සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් පරිදි සිදුකිරිමට හැකි ආසන්නතම දිනයක මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කළා.

Coronavirus patients in Sri Lanka rises to 91

The number of patients infected with the coronavirus in Sri Lanka rose to 91 today, March 23rd 2020.
Director General of Health Services Dr. Anil Jayasinghe stated 5 new patients were detected with the virus as of 06.00 p.m. today.
He said 227 patients are under observation in hospitals across the country on suspicion of having contracted the virus.
Dr. Jayasinghe added that 2 patients who were initially infected with the virus, a Chinese woman and a 52 year -old Sri Lankan tour guide, have successfully recovered and have been discharged from hospital

Party leaders to meet at Temple Trees tomorrow

Prime Minister Mahinda Rajapaksa has called for a party leaders meeting tomorrow (24).
The meeting is scheduled to take place at 10.00 a.m. at Temple Trees.
Meanwhile, sources from the United National Party (UNP) told us that UNP leader Ranil Wickremesinghe will attend the party leaders meeting.
On Tuesday (17), former Speaker of Parliament Karu Jayasuriya requested Prime Minister Mahinda Rajapaksa to call for an all party meeting.

Sri Lanka’s General Election postponed

The Election Commission (EC) has decided to postpone the General Election 2020, which was set to be held next month.

Holding a special media briefing at the Election Commission this afternoon (19), its Chairman Mahinda Deshapriya said the General Election will not be held on April 25 as scheduled.

The Election Commission has taken this decision considering the prevailing situation in the country owing to the threats posed by the coronavirus (Covid-19) outbreak.

Deshapriya added that the Election Commission may continue to receive accepted and rejected nomination papers, serial numbers assigned to candidates and the lists of polling stations on March 20 and 21 before noon.

After the gazette on the notice of poll is published the Election Commission is authorized to postpone the election, as per the provisions of Section 24 (3) of Parliament Elections Act (No. 1 of 1981), which states that at the event of any emergency or unforeseen circumstances the election cannot be taken on the day specified in the notice relating to the election.

The Election Commission can accordingly appoint another day for the election. However, Deshapriya pointed out that the new date of the election will be fourteen days after the day on which the election was set to be held.

Accordingly, owing to the coronavirus outbreak in the country, the chairman and the two commissioners of the Election Commission have decided that the General Election 2020 will not be held on April 25.

Deshapriya added that the election calendar for the year 2020 has now upended.

The new election date will be announced on March 26, after holding discussions with the health authorities on the prevailing situation and the means to control the Covid-19 in Sri Lanka, he continued.

Katunayake Airport will be closed from March 18th

Sri Lanka’s main airport in Katunayake will suspend arriving passenger operations for two weeks an official said, as the country tightens controls to contain the spread of Coronavirus.

Arriving passenger will not be accepted from March 18 midnight until further notice, Director Operations Airport and Aviation Services Limited Director Shehan Sumanasekara said.

“Cargo flight will be accommodated as usual,” he said.

Transit and departures will be operated.

The decision taken on a directive from President Rajapaksa, Sumanasekara said.