එජාප නායකත්වය රුවන්ට

එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ අවධානය යොමු වී ඇති බව එජාප ආරංචි මාර්ග පවසනවා.
අද උදෑසන රනිල් වික්‍රමසිංහ සමග එජාප පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීම කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කර ඇති බව සදහන්.
ලබන සදුදා හා අගහරුවාදා මේ පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා පවත්වා බදාදා වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳද තවමත් නිෂ්චිත එකගතාවකට පැමිණ නොමැති බවත් සදහන්

නව අගමැති 9 දිවුරුම් දෙයි

නව රජයේ අගමැති එළඹෙන 09 වනදා දිවුරුම් දීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙලස නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර මෙරට අගමැතිවරයා ලෙස ඔහු දිවුරුම් දෙන සිව්වන අවස්ථාවද මෙයයි.

අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වෙනිදා කැඳවේ

හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

Mahinda Deshapriya considering stepping down in September

National Election Commission Chairman Mahinda Deshapriya is hoping to step down in September, weeks before his term ends.
Deshapriya told that while the term of the National Election Commission ends in November, he hopes to take time off from September for personal reasons.
“We (National Election Commission) have to go home on 13th of November 2020. I hope to take leave before that for some private work. So I may need to take time off from September 15th,” he said.
Deshapriya said that he has been involved in elections for 37 years and that was more than enough. The National Election Commission Chairman also said that he hopes proposals put forward to Parliament related to the commission will be implemented by the time the next commission is appointed.
The 5th August Parliamentary election is likely to be Deshapriya’s last election as the Chairman of the National Election Commission

කටුනායක දින නියමයක් නොමැතිව කල් යයි

කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දැමුණු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත
මීට පෙර තීරණය කර තිබුණේ   අගෝස්තු මස පළමු වැනිදා සිට ගුවන් තොටුපොල විවෘත කිරීමටයි. විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පමණක් නොව සෙසු රටවල කොරෝනා තත්ත්වයද ගුවන් තොටුපොල විවෘත කිරීමේදී ප‍්‍රධාන සාධකයක් බවයි.
කෙසේවෙතත් මේ වනවිටත් ගුවන් තොටුපොල විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් ඇති බවයි ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැදී සිටින ශී‍්‍ර ලාංකිකයන් හෙට (31) සිට මෙරටට ගෙන්වීමට නියමිතයි. ඒ අනුව, පළමු කණ්ඩායම ලෙස මෙරටට රැගෙන එන්නේ ඩුබායි සහ අබුඩාබිහි සිටින 550 ක පිරිසක්.

අඟුලාන පොලිසිය ඉදිරිපිට නොසන්සුන්

අඟුලාන පොලිසිය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් නිසා නොසන්සුන්තාවයක් ඇතිව තිබෙනවා.
තත්ත්වය පාලනයට කඳුළුගෑස් ප්‍රහාර. – වාර්තාකරු
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

අශෝක වඩිගමංගාව රිය අනතුරකින් ජිවිතක්ෂයට

සමගි ජනබල පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක අශෝක වඩිගමංගාව වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

Suspended its investigation – No merit in the allegation made by Mahindananda Aluthgamage.

The Special Investigation Unit of the Ministry of Sports has suspended its investigation into the match-fixing allegations concerning the 2011 ICC World Cup final, due to insufficient evidence.

The Police Spokesman SSP Jaliya Senaratne stated that the investigations and evidence recorded thus far have failed to uncover any information regarding any instance of match-fixing and therefore the investigative unit of the Sports Ministry has decided to halt further investigations.

මහේල විශේෂ විමර්ශන ඒකකයට එයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබෙනවා.
ඒ 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහයි.
කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය අද උදෑසන කියා සිටියේ මහෙල් ජයවර්ධනව අද දිනයේදී ප්‍රකාශයක් ගැනීමට කැඳවා තිබුනත් පසුව වෙනත් දිනයක් ලබාදීමේ බලාපොරොත්තු වෙන් අද ඔහුට නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.
කෙසේ වුවත් විශේෂ විමර්ෂණ ඒකකය වෙත පැමිණි මහේල ජයවර්ධන කියා සිටියේ අද දිනයේදී නොපැමිණෙන ලෙස තමන්ට කිසිදු නිල දැනුම් දීමක් සිදු නොවූ බවත්, පෙර දැනුම් දුන් පරිදි තමන් විශේෂ විමර්ෂණ ඒකකයට පැමිණි බවයි.

Sri Lanka has now 2,036 cases – June 27th

The total number of COVID-19 infections reported from Sri Lanka has now moved to 2,036 cases, confirms the Ministry of Health.

This is with an individual who recently arrived from Kuwait testing positive for the virus.

Accordingly, three individuals have been detected to have contracted the virus, so far today (28).

Currently, 364 active cases are under medical care at selected hospitals.

Meanwhile, with 22 more regaining health, count of recoveries reported in the country to hiked to 1,661.

Sri Lanka has witnessed 11 deaths from the virus thus far.