තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබනවා.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකන අතර හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරනවා

මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තුති කිරීම හා බැඳී පවතින අතර තම අස්වැන්න සරු විමට උපකාර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලබන බවයි සඳහන් වන්නේ.

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය එළියට දැමූ ගුරුවරයා අත්අඩංගුවට

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බවයි සඳහන් වන්නේ.

අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක 52 හැවිරිදි වියේ පසුවන උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ගුරුවරයාගේ නිවසේ තිබී ඔහුගේ අත් අකුරින්ම ලියන ලද උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 කොටස ජනවාරි මස 08 වනදා නිකුත් කර ඇති බවත් එහි දෙවන කොටස ජනවාරි මස 10 වනදා නිකුත් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

2024.01.14 දින පැය 0030 සිට 2024.01.15 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

2024.01.14 දින පැය 0030 සිට 2024.01.15 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 276 g
අයිස් 2 kg 980 g
කොකේන් 3 g 50 mg
ගංජා 2 kg 817 g
ගංජා පැල 235212 ක්
ඈෂ් 4 g 130 mg
කුෂ් 1 g 250 mg
මාවා 165 g
තුල් 4 g 893 mg
මදන මෝදක 139 g
මත්පෙති 4310 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 952 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 11 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 10 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 29 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළියට නගර සීමාවට හිම වරුසාවක් .

නුවරඑළියට නගර සීමාවට හිම වරුසාවක් .

පසුගිය වසර වල දෙසැම්බර් මුල සිට ආරම්භ වී ජනවාරි අග දක්වා නුවරඑළිය නගර සීමාවට  මල් තුහින පතිත වන නමුත් මෙවර ඇතිවූ කාලගුණ විපර්යාසයත් සමගින් ජනවාරි මස මැද අද (15) උදෑසන නුවරඑළිය නගර සීමාවට මල් තුහින පතිත වී තිබීමක් දක්නට ලැබිණ ,

උදෑසන 5.30 පමණ වන විට මල් තුහින වැටීමට ආරම්භ වී ඇති අතර උදෑසන හයයි තිහ දක්වා මල් පුහුණ වැටීමක් දක්නට ලැබුනු බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි ,

උදෑසන අට දක්වා පරිසරයේ සියලුම ස්ථාන සුදු වර්ණයෙන් මනස්කාන්ත ලෙස දක්නට ලැබුණු බවද ප්‍රදේශවාසීන් කීය .

WhatsApp Image 2024-01-15 at 15.10.09 (1) WhatsApp Image 2024-01-15 at 15.10.09 (2) WhatsApp Image 2024-01-15 at 15.10.09 (3) WhatsApp Image 2024-01-15 at 15.10.09 (4) WhatsApp Image 2024-01-15 at 15.10.09 (5) WhatsApp Image 2024-01-15 at 15.10.09 (6) WhatsApp Image 2024-01-15 at 15.10.09 (7) WhatsApp Image 2024-01-15 at 15.10.09 WhatsApp Image 2024-01-15 at 15.10.10

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළට

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ජනවාරි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව තල් අරක්කු හැර ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 25ක් දක්වා ඉහළ දමා ඇති අතර, තල් අරක්කු ස්කාගාර බලපත්‍රය රුපියල් මිලියන 5ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

රා බෝතල් කිරීමේ බලපත්‍රය රුපියල් මිලියන 10 දක්වා ඉහළ දමා ඇති අතර, විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍රයද මිලියන 2.5 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65a35d441d6b7 65a35d43ea66f 65a35d4386967

යුක්තිය මෙහෙයුම ගැන UN මානව හිමිකම් කාර්යාලයේ අවධානය

යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය සමාජයට දැවෙන ප්‍රශ්නයක් වුවද එය මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාව සඳහන් කරන්නේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සාධාරණ නඩු විභාගවලට යටත් කිරීමට පියවර ගත යුතු බවද ඇය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සිදුකරන යුක්තිය මෙහෙයුම යටතේ අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා ඇතැම් සැකකරුවන් හිංසනයට ලක් කිරීම් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ අවධානයද යොමුව ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

සෞඛ්‍ය සේවකයන් අඟහරුවාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

සෞඛ්‍ය සේවාවේ නියුතු වෘත්තිකයන් අතරින් වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම සේවකයන් සමග ලබන අඟහරුවාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

වෘත්තීය සමිති 27ක් මෙම වර්ජනය සදහා එක් වන බවයි එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ.

සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත

2024.01.12 දින පැය 0030 සිට 2024.01.13 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 299g
අයිස් 172g 40mg
ගංජා 4kg 400g
ගංජා පැල 26075 ක්
ගංජා සුරුට්ටු 01 ක්
ඈෂ් 2g
මාවා 522g
තුල් 34g
මදන මෝදක 3kg
මත්පෙති 1233 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 24 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 22 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 37 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ක්‍රීඩකයින්ට දුන් පොලිස් පත්වීම් නීතිවිරෝධීයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂත තනතුරු ලබා දී ඇත්තේ බදවා ගැනීමේ පටිපාටියට පිටින් බව වාර්තා වේ.

විශ්‍රාමක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මේ පිළිබඳ තොරතුරු සදහන් කර ඇති අතර පොලිස් පරීක්ෂක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමේ පටිපාටියක් නැතැයි බව ද හෙතෙම පෙන්වා දේ.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ මෙම පිරිස පොලිසියට බඳවාගෙන ඇත්තේ සහායක සේවා පදනම අනුව බවත් එම බදවා ගැනීම නීතිවිරෝධී නොවන බවත් ය.

මීනගයා ඇතු​ළු කොළඹ – මඩකලපුව දුම්රිය අද සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ

ගංවතුර හේතුවෙන් ඊයේ (11) අවලංගු කෙරුණු දුම්රිය සේවා කිහිපයක් අද (12) සවස සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සේවය පවසනවා.

ඒ අනුව මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඇතුළු කොළඹ සහ මඩකලපුව අතර දුම්රිය මෙලෙස සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.