‘NO SAITM’ PROTEST RALLY IN RATNAPURA

A massive protest rally against the private medical college,South Asian Institute of Technology & Medicine(SAITM) was held yesterday in Ratnapura with the participation of medical students, doctors and representatives of the GMOA, clergy and major political parties playing an active role. The protest march which commenced from the Ratnapura Provincial General Hospital concluded at Seevali Grounds in a massive rally.

SAITEM 2A

Following the ruling given by the Court of Appeal on the 31st of January that the SAITM medical degree was lawful and the students can be given registration at the Sri Lankan Medical Council (SLMC) massive protest rallies were staged all over the island. In the wake of the alleged attack on the SAITM CEO Dr. Sameera Senaratne-which was subsequently revealed to be a staged event- rallies and protest marches have intensified in an effort to abolish the establishment of Private Medical Colleges in Sri Lanka.

By: Hasitha Fernando

Photos: Hasitha Fernando

මහාචාර්්‍ය කාලෝ ෆොන්සේකා හෘද රෝග ඒකකයට ඇතුළත් කරයි

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 23 වන දා පස්වරුවේ රෝහල්ගත කෙරුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්්‍යය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

මාධ්‍ය කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසා සිටියේ ඒ වන විට (24 දා)  මහාචාර්්‍යය කාලෝ ෆොන්සේකා හෘද රෝග සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා අතර වෛද්‍ය පර්යේෂණ කිහිපයකටද බදුන් කළ බවයි.

ඉකුත් දිනවල මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැනනැගි ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් ඔහු වෙත මාධ්‍ය සහ ඊට සම්බන්ධ විවිධ පාර්ශවයන්හි අවධානය මහාචාර්්‍යය කාලෝ ෆොන්සේකා වෙත එල්ල විය. සයිටම් හි සිසුනට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සදහා අවසර ලබා දෙන ලෙස අභියාචනාධිකරණය දුන් තීන්දුවත් සමග කාලෝ ෆොන්සේකා  මහතා හට විවිධ පාර්ශව වෙතින් දැඩි බලපෑම් එල්ලවී ඇත.

උද්ඝෝෂණ හා වැඩවර්ජන හමුවේ සයිටම් ගැටළුව තවදුරටත් උත්සන්න වෙත්දී  අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් තම ස්ථාවරය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සිදු විය. එහිදී එහි සභාපතිවරයා වන මාහාචාර්්‍යය කාලෝ ෆොන්සේකා  මහතා සිය අදහස් මාධ්‍ය වෙත පළ කරන ලද්මෙදේ ලෙසිනි.

“රෝගීන්ගේ සුභ සිද්ධිය උදෙසා ඇපැල් උසාවිය ජනවාරි 31 වන දා ලබා දුන් තීන්දුව ප්‍රත්ක්හේප කරනවා.ප්‍රමිතිය රැකගැනීමට මේ වෛද්‍ය සභාව ඇපකැප වී සිටිනවා. ඒක අගලකින්වත් අපි වෙනස් කරන්නෙ නැහැ.”

මාධ්‍ය හමුවක දී මේ පිළිබද අදහස් පළ කළ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසා සිටියේ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකර දැඩි බලපෑම් එල්ල කිරීම අඛණ්ඩව සිදු කරන්නේ නම් ඉදිරියේදී වෛද්‍ය සභාවේ සියලු දෙනා අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ අභියාචනාධිකරණය හමුවට පමුණුවන බවයි.

මාහාචාර්්‍ය කාලෝ ෆොන්සේකා ට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ මහාචාර්්‍යය ලලිතා මෙන්ඩිස් මහත්මියද සිය ධූරයෙන් ඉල්ලා අස් වෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන්  සිදු කළ බලපෑම් හමුවේ  ඇති වූ දැඩි මානසික පීඩන තත්ත්වයක් හේතුවෙනි.

අන්තර්ජාල පහසුකම් නැති නිසා සරසවි වරම් අහිමි වෙන්න ගිය උදේශිකාට ඇමතිතුමාගෙන් සුභ ආරංචියක්

2015 උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ 03ක් ලබා ගත් සිසුවියකට අන්තර්ජාල පහසුකම්  නොමැති වීමේ ගැටළුවක් නිසා සරසවි වරම් අහිමි වීමේ පුවතක් ඉකුත් දිනවල රටම කැළඹීමට ලක් කිරීමට සමත් විය.

මේ සම්බ්නධයෙන් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ වන විට මැදිහත් වී තිබෙන බව වාර්තා වේ.ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා ඇත්තේ ඇයගේ ගැටළුව සාධනීය පිළිතුරක් ලබා දීමට තමා අපේක්ෂා කරන බවයි.

රටම කැළඹීමට ලක් කළ මෙම ගැටළුවට මුහුණ පෑවේ බුත්තල අධ්‍යාපන කලාපයට අයත් කොටමුදුන මහ විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ආර්. එම්. සෞම්‍යා උදේශිකා සිසුවියයි. 2016 ජනවාරී මස 19 වනදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් තමන්ට ලිපියක් ලැබුණු බවත් 2015 – 2016 අධ්‍යාපන පාඨමාලාවන් සඳහා සෞන්දර්ය අංශයට කොමිසම මගින් තමන් තෝරාගෙන ඇති බවත් එම ලිපියේ සඳහන් ව ඇති බව ඇය මාධ්‍ය වෙත දැක්වූ කරුණුවල සදහන්ව තිබිණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් එම පාඨමාලාව සඳහා 2016 ජනවාරී 21 වන දිනට පෙර  වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වන ලෙස ද දැනුම් දී තිබූ බව ද එම සිසුවිය පැවසුවාය.

අන්තර්ජාල පහසුකම් නොමැති බැවින් පස්සර නගරයේ පෞද්ගලික ආයතනයක සහය ලබා ගනිමින්  ලියාපදිංචි වීමට කටයුතු කළද තමන්ට විශ්ව විද්‍යාලයක් නොලැබී ඇති බව පසුව ඇයට අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී හෙළිව ඇත්තේ එම සිසුවිය අන්තර්ජාල සේවාව ලබාගත් ස්ථානයෙන් අදාළ ලියාපදිංචි කිරීම නිසි ලෙස සිදුකර නොමැති බවයි.

මෙම සිදුවීම පාදක කර ගනිමින් අන්තර්ජාලය හරහා සරසවි පාඨමාලා සදහා ලියාපදිංචි වීමේ කාර්්‍යයට එරෙහිව සරසවි සිසුන් සහ විවිධ පිරිස් වෙතින් විරෝධතාවක් ද මෙ වන විට පැන නැගෙමින් තිබෙන අයුරු දක්නට ඇත.

කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.
පෙබරවාරි මස 1 දා සිට බලපැවැත්වෙන පරිදි ඒ මහතාට ශ්‍රි ලංකා පුරවැසිභාවය හිමිව ඇති අතර මාස 3ක් ඇතුළත කුමාර් ගුණරත්නම්ගේ ඔස්ට්‍රෙලියානු පුරවැසිභාවය අවලංගු කරගෙන ඊට අදාල ලියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයිද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කුමාර් ගුණරත්නම් පුරවැසි භාවය සදහා ඉල්ලුම් කර ඇත්තේ වෙනත් රටක පුරවැසිභාවය ලබා ගන්නා ආකාරයට බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දෙපාර්තමේන්තුව ඔහුට පුරවැසි භාවය ලබා දෙමින් පවසා ඇති ආකාරයට මාස 3ක් ඇතුළත ඕස්ට්‍රෙලියානු පුරවැසිභාවය අහෝසි කර ඊට අදාල ලිපි ලේඛන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරඇත.
ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි කුමාර් ගුණරත්නම් මහතා පක්ෂය තුළ වූ බෙදීමක් හේතුවෙන් ජීවිත තර්ජනයට ලක්වීම නිසා 2006 වසරේ ලංකාවෙන් ඕස්ට්‍රෙලියාවට ගොස් වෙනත් නමකින් පුරවැසිභාවය ලබා රැදී සිටියේය. නැවත 2011 වසරේදී ලංකාවට පැමිණ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග දේශපාලනයේ නිරතව සිටියදී 201 වසරේ අප්‍රියල් මස 6 වනදා ඔහු මෙරටින් පිටුවහල් කෙරිණි.
2015 ජනවාරි 01 දා නැවතත් ලංකාවට පැමිණ වීසා කාලය ඉකුත්ව තිබියදීත් මෙරට රැදී සිටීම යන චෝදනාවට 2015 නොවැම්බර් 02දා අත්අඩංගුවට ගෙන කෑගල්ල උසාවියේ නඩු පැවරීය. නඩු විභාගය අවසානයේ වීසා කාලය ඉකුත්ව තිබියදී මෙරට රැදී සිටීමේ චෝදනාවට වසරක කාලයක් සිර දුඩුවම් නියම විය.
සිර දඩුවම් නිමා වීමට දිනකට පෙර එනම් 2016 දෙසැම්බර් 01 දා ශ්‍රී ලංකා රජය කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

කෝපි කඩේක දි හමු වුණු අලි බාබා

1995 වසරෙ එකෝමත් එක දවසක San Franciscoවල කෝපි අවන්හලකදි මං ලොකු කල්පනාවකට වැටිලා හිටියා. ඒ මොකක් ගැනද? මං පටන් අරගෙන තිබුණු බිස්නස් එකට දාන්න සුදුසු නමක් ගැන.

මගේ කල්පනා ලෝකෙට බාධා කලේ දුම් දාන කෝපි සුවදක්.

“ඔබ මොනවද අලි බාබා ගැන දන්නෙ?” ඒ සුවද ගෙනාපු වේටර්වරියගෙන් මං ඇහුවෙ දෙවරක් හිතන්නෙ නැතුවම.

“ඕ… Open sesame!”ඇය මන්දස්මිතයක් එක්ක ඒ මායාකාරී වචන මුමුණකොටම කව්දෝ කෑ ගැසුවා! “අපූරුයි! ඒහෙනම් ඒකයි නම.” ඒ කව්ද?

වෙන කව්රුත් නෙවෙයි ඒ මමමයි.

මගේ හිතේ හැම තැනම හොල්මන් කලේ එකම දෙයයි. අලි බාබා! කරුණාවන්ත කාර්යය ශූර ව්‍යාපාරිකයා! පාරට බැහැලා ඇවිදින අතරෙ මුණ ගැහෙන නාදුනන අයගෙන් මං ඇහුවෙ එකම එක දෙයයි..”ඔබ අලි බාබාව හදුනනවද?”

පිළිතුරු ඉතා රසවත් වුණා.හැමෝම උත්තර දුන්නෙ සිනා මුසු මුහුණෙන්.

අලි බාබා කියන්නෙ එහෙනම් චීනෙට, San Franciscoවට විතරක් නෙවෙයි ලෝකෙටත් අමුත්තෙක් නෙවෙයි කියලා මට දැණුනෙ එදා…

මේ ජැක් මා නම් අපූරු මිනිසා තම ව්‍යාපාරයේ තිරෙන් පිටුපස කතාව වචන කරපු අපූරුව.

එතෙක් කාලයක් චීන සමූහාණ්ඩුවේ උපත ලබා චීනෙ ප්‍රසිද්ධ සමාගම් ලෝකෙට ගෙනියන්න අන්‍තර්ජාල පිටු හදපු චීන ජාතික ජැක් මාගෙ චයිනීස් පේජස් ව්‍යාපාරය 1999 වසරෙදි අලි බාබා නමින් අභිශේක වුණේ ඒ විදියට.

“Open sesame” මායාකාරී වැකිය අලි බාබාට නිධානයකට දොරටු විවිර කලා වගේම චීනෙ ඉපදුණු අලි බාබා ජැක් මාට ව්‍යාපාරික ලොවේ නිධාන් දොරටු විවර කළා.

ලෝක ප්‍රසිද්ධ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා ලබාගැනීම සදහා වූ ලොව සුප්‍රකට දැවැන්තයෙකු වන චීන ජාතික අලි බාබා සමාගම ශ්‍රී ලංකාවටත් එන්නයි යන්නෙ.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මීට දින කිහිපයකට උඩදී මේ ගැන අනාවරණය කර සිටියා. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව අලි බාබාහි නිර්මාතෘ මෙන්ම සභාපතිවරයාද වන ජැක් මා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර පැවති සාකච්ඡාවකදී ජැක් මා ශ්‍රී ලංකාවෙ සිදු කරන ආයෝජන ගැන හෙළි කරලා තියනවා.
ක්‍රමයෙන් සාර්ථකත්වය කරා පා නැගූ අලි බාබා 2006 වසර වන විට බී ටු බී දත්ත වාර්තාවලට අනුව චීන වෙළදපළ කොටස් අතරින් 86%ක කොටස් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණා. මේ වන විට එහි  දල වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවන බව ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

Nirasha Piyawadani