පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.
පෙබරවාරි මස 1 දා සිට බලපැවැත්වෙන පරිදි ඒ මහතාට ශ්‍රි ලංකා පුරවැසිභාවය හිමිව ඇති අතර මාස 3ක් ඇතුළත කුමාර් ගුණරත්නම්ගේ ඔස්ට්‍රෙලියානු පුරවැසිභාවය අවලංගු කරගෙන ඊට අදාල ලියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයිද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කුමාර් ගුණරත්නම් පුරවැසි භාවය සදහා ඉල්ලුම් කර ඇත්තේ වෙනත් රටක පුරවැසිභාවය ලබා ගන්නා ආකාරයට බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දෙපාර්තමේන්තුව ඔහුට පුරවැසි භාවය ලබා දෙමින් පවසා ඇති ආකාරයට මාස 3ක් ඇතුළත ඕස්ට්‍රෙලියානු පුරවැසිභාවය අහෝසි කර ඊට අදාල ලිපි ලේඛන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරඇත.
ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි කුමාර් ගුණරත්නම් මහතා පක්ෂය තුළ වූ බෙදීමක් හේතුවෙන් ජීවිත තර්ජනයට ලක්වීම නිසා 2006 වසරේ ලංකාවෙන් ඕස්ට්‍රෙලියාවට ගොස් වෙනත් නමකින් පුරවැසිභාවය ලබා රැදී සිටියේය. නැවත 2011 වසරේදී ලංකාවට පැමිණ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග දේශපාලනයේ නිරතව සිටියදී 201 වසරේ අප්‍රියල් මස 6 වනදා ඔහු මෙරටින් පිටුවහල් කෙරිණි.
2015 ජනවාරි 01 දා නැවතත් ලංකාවට පැමිණ වීසා කාලය ඉකුත්ව තිබියදීත් මෙරට රැදී සිටීම යන චෝදනාවට 2015 නොවැම්බර් 02දා අත්අඩංගුවට ගෙන කෑගල්ල උසාවියේ නඩු පැවරීය. නඩු විභාගය අවසානයේ වීසා කාලය ඉකුත්ව තිබියදී මෙරට රැදී සිටීමේ චෝදනාවට වසරක කාලයක් සිර දුඩුවම් නියම විය.
සිර දඩුවම් නිමා වීමට දිනකට පෙර එනම් 2016 දෙසැම්බර් 01 දා ශ්‍රී ලංකා රජය කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබා දෙන බව ප්‍රකාශ කළේය.
කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය!
-
ගම්පහ ඔස්මන් තවදුරටත් රැඳවුම් භාරයේ…..
Read more >> -
වාහන සඳහා දැමූ සීමාවේ ප්‍රතිඵල ඇවිත්…..
Read more >> -
ලොව පුරා Facebook, Instagram සහ Threads සමාජ මාධ්‍ය බිඳවැටෙයි……
Read more >> -
රංගගේ මරණය ගැන අධිකරණයෙන් පොලිසියට නියෝගයක්…..
Read more >> -
රුපියල් කෝටි 2ක හෑෂ් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට……
Read more >> -
මැර ප්‍රහාරයට ලක්වූ දෙදෙනා රෝහලේ සිටියදීම පොලිසියට භාරවූ සැකකරුවන්ට ඇප ලැබිලා….
Read more >> -
‘Kfir C12’ පරීක්ෂණ පියාසැරිය සාර්ථකව අවසන්…..
Read more >> -
සෙනෙහසේ කැදැල්ලේ ලොකු අයියාට ඇප…..
Read more >> -
හිටපු ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි…..
Read more >> -
2025 වසරේදී ළමා ශ්රමිකත්වයට අදාළව පැමිණිලි 516ක් ලැබිලා…..
Read more >>

