සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝ​ෂ පිළිබඳව සොයා බලනවා – විභාග දෙපාර්තමේන්තුව

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ලබාදුන් සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බලන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේදී ප්‍රශ්න පත්‍රය පුළුල් ලෙස අධ්‍යයනය කරන ලෙස තමන් උපදෙස් දුන් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

යම් හෙයකින් ප්‍රශ්න පත්‍රයේ වැරදි ඇත්නම්, විභාග අපේක්ෂකයින්ට අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

සාකච්ඡා මඟින් ස්ථිර විසඳුමක් නොලැබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරනවා – විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය

අද (08) පැවැත්වෙන සාකච්ඡා මගින් ගැටළු සඳහා ස්ථිර විසඳුමක් නොලැබුණහොත්, දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වැටුප් කප්පාදුව පිළිබඳව කැබිනට් පත්‍රිකාව අද සාකච්ඡා කර ඉදිරියේ දී එයට විසඳුමක් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධීකාරී සම්පත් උදයංග සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනයට සමගාමීව අද දිනයේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තම පෙම්වතිය හමුවීමට යාමෙන් පසුව අතුරුදහන්වී සිටි කුලියාපිටිය – කබැල්ලෑව පදිංචිකරුවෙකු වන සුජිත් ජයවංශ (අවු:31) යන අයගේ සිරුර දින 15 කට පසුව 07 වැනිදා දහවල් මාදම්පේ පනිරෙන්දාව වනාන්තරයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

තම පෙම්වතිය හමුවීමට යාමෙන් පසුව අතුරුදහන්වී සිටි කුලියාපිටිය – කබැල්ලෑව පදිංචිකරුවෙකු වන සුජිත් ජයවංශ (අවු:31) යන අයගේ සිරුර දින 15 කට පසුව 07 වැනිදා දහවල් මාදම්පේ පනිරෙන්දාව වනාන්තරයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
ඉකුත් 22 වැනිදා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය මුණ ගැසීමට ගොස් ඇත.එතැන් සිට ඔහු අතුරුදහන්වී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 06 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති සැකකුරවෙකුගෙන් ලද තොරතුරු මත ඝාතනයට ලක්වූ අයගේ සිරුර සොයා ගැනීමට විමර්ශණ කටයුතු සිදු කරණ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශණ අංශ්‍ය සමත්වී තිබුණි.
ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150 ක් පමණ දුරින් මිය මිය ගොස් ඇති තරුණයාගේ සිරුර හමු විය.ඊට මීටර් 25 ක් පමණ දුරක තිබී මිය ගොස් ඇති අයගේ ඇදුම් කීපයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.
හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා සිරුර තිබූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදි.හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වරුණ වන්නිආරච්චි මහතාද පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදි.

WhatsApp Image 2024-05-07 at 21.25.21

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අදත්

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මෙම වැඩ වර්ජනය ආරම්භ කර අදට දින 06 ක් ගතවන බවයි වාර්තා වෙන්නේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට අනධ්‍යයන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනවා.

මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට කුදලාගෙන එයි.

මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට කුදලාගෙන එයි.

නියෝගය ටිරාන්ගෙන් ඩුබායිහි විෂය බාර අමාත්‍යවරයා සමගත් කිහිපවතාවක් සාකච්ඡා කරලා
ඩුබායි හි දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස
සැලකෙන මන්නා රමේශ් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළෙන් අද (7) උදෑසන කොළඹට රැගෙනවිත් තිබේ.

මෙම පාතාල සාමාජිකයා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුනේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ විශේෂ නියෝගයක් මතබව පොලිස් මූලස්ථානය කියයි.

රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.
මන්නා රමේෂ් නමැත්තා රතු නිවේදන නිකුත් කර ඇති හතළිස් තුන්දෙනා ගේ ලයිස්තුවේ සිටින අයකු බව ද කියයි.

මන්නා රමේෂ් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් දුරකථනය ඔස්සේ එරට විෂයබාර අමාත්‍යවරයා සමග කිහිපවරක්ම සාකච්ජා කර ඇත.

දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගත් පියෙක් STF අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

පැයක පමණ කාලයකට පසුව දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබුණු අතර මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කරයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී, ලෙඩ නිවාඩු වාර්තා කරමින්, එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ.

මේ සඳහා ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන සියලු සංගම්වල සහාය ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

O/L විභාගය අද සිට ආරම්භ වෙයි

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වනවා.

අද සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් ඇතුළත්.

හොරණ වෙඩික්කරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතියට (AFRS) කොටු ……

හොරණ වෙඩික්කරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතියට (AFRS) කොටු ……

2024.05.05 වන දින පැය 11.00 ට පමණ හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගෙන ගැනීමේ පද්ධතිය (Automated Facial recognize system – AFRS) මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මෙම වෙඩිතැබීම දෙපාර්ශවය අතර දිර්ඝ කාලයක සිට පැවැති ආරවුලක් මත සිදුකර ඇති බවට මේවනවිට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වන 48/F, හොරකැටිය, හොරණ ලිපිනයේ පදිංචි ගොඩැල්ලගේ අෂේන් ජනිත් කුමාර (අවු.31) වේ.

එසේම, වෙඩිතැබීමට පැමිණි යතුරු පැදිය හොරණ පොලිස් වසමේදී වි⁣ශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ

සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කල පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

පහරදීම සිදුකළ කාන්තාවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.

පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ
පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරීනිය බවද සඳහන්වේ.

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඉන් අනතුරුව පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ ග්‍රාම නිළධාරී වරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර උතුර ස්ථානාධිපති (වැබ) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ඒ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

ඡායාරූප ඇත

WhatsApp Image 2024-05-05 at 14.37.25