පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.
පෙබරවාරි මස 1 දා සිට බලපැවැත්වෙන පරිදි ඒ මහතාට ශ්‍රි ලංකා පුරවැසිභාවය හිමිව ඇති අතර මාස 3ක් ඇතුළත කුමාර් ගුණරත්නම්ගේ ඔස්ට්‍රෙලියානු පුරවැසිභාවය අවලංගු කරගෙන ඊට අදාල ලියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයිද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කුමාර් ගුණරත්නම් පුරවැසි භාවය සදහා ඉල්ලුම් කර ඇත්තේ වෙනත් රටක පුරවැසිභාවය ලබා ගන්නා ආකාරයට බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දෙපාර්තමේන්තුව ඔහුට පුරවැසි භාවය ලබා දෙමින් පවසා ඇති ආකාරයට මාස 3ක් ඇතුළත ඕස්ට්‍රෙලියානු පුරවැසිභාවය අහෝසි කර ඊට අදාල ලිපි ලේඛන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරඇත.
ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි කුමාර් ගුණරත්නම් මහතා පක්ෂය තුළ වූ බෙදීමක් හේතුවෙන් ජීවිත තර්ජනයට ලක්වීම නිසා 2006 වසරේ ලංකාවෙන් ඕස්ට්‍රෙලියාවට ගොස් වෙනත් නමකින් පුරවැසිභාවය ලබා රැදී සිටියේය. නැවත 2011 වසරේදී ලංකාවට පැමිණ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග දේශපාලනයේ නිරතව සිටියදී 201 වසරේ අප්‍රියල් මස 6 වනදා ඔහු මෙරටින් පිටුවහල් කෙරිණි.
2015 ජනවාරි 01 දා නැවතත් ලංකාවට පැමිණ වීසා කාලය ඉකුත්ව තිබියදීත් මෙරට රැදී සිටීම යන චෝදනාවට 2015 නොවැම්බර් 02දා අත්අඩංගුවට ගෙන කෑගල්ල උසාවියේ නඩු පැවරීය. නඩු විභාගය අවසානයේ වීසා කාලය ඉකුත්ව තිබියදී මෙරට රැදී සිටීමේ චෝදනාවට වසරක කාලයක් සිර දුඩුවම් නියම විය.
සිර දඩුවම් නිමා වීමට දිනකට පෙර එනම් 2016 දෙසැම්බර් 01 දා ශ්‍රී ලංකා රජය කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබා දෙන බව ප්‍රකාශ කළේය.
Category: breaking_news
Breaking News
කෝපි කඩේක දි හමු වුණු අලි බාබා
1995 වසරෙ එකෝමත් එක දවසක San Franciscoවල කෝපි අවන්හලකදි මං ලොකු කල්පනාවකට වැටිලා හිටියා. ඒ මොකක් ගැනද? මං පටන් අරගෙන තිබුණු බිස්නස් එකට දාන්න සුදුසු නමක් ගැන.
මගේ කල්පනා ලෝකෙට බාධා කලේ දුම් දාන කෝපි සුවදක්.
“ඔබ මොනවද අලි බාබා ගැන දන්නෙ?” ඒ සුවද ගෙනාපු වේටර්වරියගෙන් මං ඇහුවෙ දෙවරක් හිතන්නෙ නැතුවම.
“ඕ… Open sesame!”ඇය මන්දස්මිතයක් එක්ක ඒ මායාකාරී වචන මුමුණකොටම කව්දෝ කෑ ගැසුවා! “අපූරුයි! ඒහෙනම් ඒකයි නම.” ඒ කව්ද?
වෙන කව්රුත් නෙවෙයි ඒ මමමයි.
මගේ හිතේ හැම තැනම හොල්මන් කලේ එකම දෙයයි. අලි බාබා! කරුණාවන්ත කාර්යය ශූර ව්‍යාපාරිකයා! පාරට බැහැලා ඇවිදින අතරෙ මුණ ගැහෙන නාදුනන අයගෙන් මං ඇහුවෙ එකම එක දෙයයි..”ඔබ අලි බාබාව හදුනනවද?”
පිළිතුරු ඉතා රසවත් වුණා.හැමෝම උත්තර දුන්නෙ සිනා මුසු මුහුණෙන්.
අලි බාබා කියන්නෙ එහෙනම් චීනෙට, San Franciscoවට විතරක් නෙවෙයි ලෝකෙටත් අමුත්තෙක් නෙවෙයි කියලා මට දැණුනෙ එදා…
මේ ජැක් මා නම් අපූරු මිනිසා තම ව්‍යාපාරයේ තිරෙන් පිටුපස කතාව වචන කරපු අපූරුව.
එතෙක් කාලයක් චීන සමූහාණ්ඩුවේ උපත ලබා චීනෙ ප්‍රසිද්ධ සමාගම් ලෝකෙට ගෙනියන්න අන්‍තර්ජාල පිටු හදපු චීන ජාතික ජැක් මාගෙ චයිනීස් පේජස් ව්‍යාපාරය 1999 වසරෙදි අලි බාබා නමින් අභිශේක වුණේ ඒ විදියට.
“Open sesame” මායාකාරී වැකිය අලි බාබාට නිධානයකට දොරටු විවිර කලා වගේම චීනෙ ඉපදුණු අලි බාබා ජැක් මාට ව්‍යාපාරික ලොවේ නිධාන් දොරටු විවර කළා.
ලෝක ප්‍රසිද්ධ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා ලබාගැනීම සදහා වූ ලොව සුප්‍රකට දැවැන්තයෙකු වන චීන ජාතික අලි බාබා සමාගම ශ්‍රී ලංකාවටත් එන්නයි යන්නෙ.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මීට දින කිහිපයකට උඩදී මේ ගැන අනාවරණය කර සිටියා. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව අලි බාබාහි නිර්මාතෘ මෙන්ම සභාපතිවරයාද වන ජැක් මා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර පැවති සාකච්ඡාවකදී ජැක් මා ශ්‍රී ලංකාවෙ සිදු කරන ආයෝජන ගැන හෙළි කරලා තියනවා.
ක්‍රමයෙන් සාර්ථකත්වය කරා පා නැගූ අලි බාබා 2006 වසර වන විට බී ටු බී දත්ත වාර්තාවලට අනුව චීන වෙළදපළ කොටස් අතරින් 86%ක කොටස් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණා. මේ වන විට එහි දල වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවන බව ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.
Nirasha Piyawadani
