ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) අළුයම් කාලයේදී ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා ෙවෙනවා.

දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර ඇති වර්ජනය අද (11) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් අද දිනයේද දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සවස දුම්රිය ගමන්වාර 30 ක් පමණ ධාවනය කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

දුම්රිය ගමන්වාර 30 ක් පමණ අද (10) සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස් මුදලිගේ සඳහන් කළා.

වර්ජනය මැද වුවද උදෑසන දුම්රිය ගමන් වාර 30 ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි එසැණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් තවදුරටත් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතව සිටිනවා.

ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට

ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට
පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය සහ මියගිය අනෙක් පුද්ගලයාගේ දේහය හෝමාගම මූලික රෝහලේ දී ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු සඳහා රැගෙන ගිය බව හෝමාගම මූලික රෝහල පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ නිර්මාණ සේවා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වී සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් ඊයේ(08) දා මියගිය අයගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණ.

මෙලෙස මියගිය කොළඹ 07 වෝර්ඩ් ප්ලේස් අංක 02 / සී හි පදිංචි රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්තගේ ) හා අතුරුගිරිය රතුවිලවත්ත අංක 709 / A / 197 හි පදිංචි විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේසුරිය (37) හැවිරිදි දෙදෙනාගේ දේහයන් ඥාතීන්ට භාර දුන් බව රෝහල පවසයි.

ඒ අනුව සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවකට රැගෙන ගිය අතර නයන වාසුල විජේසූරිය නැමැත්තාගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ගියේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ සුජීවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණීත් සෙනෙවිරත්න මහතා විසින් දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(09) දා හෝමාගම මූලික රෝහලේ දී සිදු කර තිබුණි.

අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇතැයි කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් පවසයි.

2024-7-10
ගල්පාත චන්දන ජයලාල්

අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇතැයි කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් පවසයි.

මෙම ගිණිය විය හමුවී ඇත්තේ
බදුරලිය පොලිස් වසමේ මාරගහදෙනිය ලිපිනයේ ඇති පාළුවට ගොස් ඇති නිවසක් පිටුපස ගරා වැටී තිබූ පාවිච්චි නොකරන ලද වැසිකිලියක් අසල වල දමා තිබියදී සොයාගෙන ඇත.

කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින්ට (9) දින ලද තොරතුරකට අනුව පරීක්ෂා කිරීමේදී OESTERR – WAFFENFABRIKS – GES.STEYR මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කළුතර අපරාධ කොට්ඨාස මගින් සිදු කරනු ලබයි.

ජනතා අරගලයට අදට වසර දෙකක් සපිරෙයි

පැවති ආර්ථික පීඩනය හමුවේ දස දහස් ගණනක මහජනතාව කොළඹට රැස්ව පොලිස් බාධක බිඳ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ඇරඹූ ජනතා අරගලයට අදට වසර දෙකක් සපිරෙනවා.

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලංකීය මහජනතාව දිගු ඉන්ධන පෝලිම්, ගෑස් පොලිම්, විදුලි කප්පාදු ඇතිවීමත් සමඟ දැඩි පීඩාවකට පත් වූ අතර එතැන් සිට රට පුරා එවක පැවති ආණ්ඩුවට එරෙහිව විරෝධතා ආරම්භ වුණා.

පසුව 2022 අප්‍රේල් මස 9 වන දා “Gota Go Home” යන සටන්පාඨය සහිතව කොළඹ ගාලු මුව‍දොර කේන්ද්‍ර කරගනිමින් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ වූ අතර එය ප්‍රදේශ රැසක් පුරා ව්‍යාප්ත වෙමින් දහස් ගණනක් ජනතාව එයට සහයෝගය පළ කිරීමට කොළඹට පැමිණියා.

මේ අතර 2022 මැයි 9 වනදා ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි අරගලයේ නිරත ජනතාවට ආණ්ඩුවේ පාක්ෂිකයින් පිරිසක් පහරදීමත් සමඟම රට පුරා උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, පැවති විරෝධතා තවදුරටත් උත්සන්න වෙමින් දේශපාලන වශයෙන් වෙනස්කම් රැසක් සිදු වුණා.

ඉන්පසුව “මුළු රටම කොළඹට” නමින් 2022 ජූලි 9 වන දා උදෑසන දස දහස් ගණනක් ජනතාව කොළඹට රැස්වී විරෝධතා ආරම්භ කළ අතර, ජනාධිපතිවරයාගේ නිල නිවසට යන පා ගමනක්ද ආරම්භ කරමින් බලකර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

පසුව එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා රටින් පලාගිය අතර ජූලි 15 වනදා කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය නිවේදනය කළා.

ඉන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී මන්ත්‍රීවරුන් 134 කගේ ඡන්දයෙන් එවක අගමැති වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත් කරගැණුනා.

නාකියා දෙනිය කටුපොල් කර්මාන්තශාලාවේ මේ වන විට සියලු සේවකයන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත

නාකියා දෙනිය කටුපොල් කර්මාන්තශාලාවේ මේ වන විට සියලු සේවකයන් වැඩ වර්ජනය ආරම්භ කර ඇත එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මාසික පඩි වාර්තාවට අදාළව වැටුප බැංකු ගත කිරීමට නොහැකි බව පවසා පාලන අධිකාරිය විසින් නැවත වැටුප් වාර්තා ඔවුන්ගෙන් ඉල්ලා සිට ඇත පරිසරය දූෂණය කරමින් අධික ලාභ ලබන කර්මාන්තශාලාවක් වන මෙය පවත්වාගෙන යන යෑමට පරිසර බලපත්‍රයක්වත් නොමැත වැටුප් සිද්ධියට අදාල නඩු ගොනු කිරීමට මෙම සමාගම නොමැති අතර ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන් රජ මඟුල් කනවාසේ දීමට නියමිතව තිබූ වැටුප නැවත අකුලා ගැනීමට පිඹුරුපත් සකසමින් සිටි එම නඩුව මෙම සමාගමට අදාළ නොවෙන එකක් බැවින් අධික ලෙස පරිසරය දූෂණය කරමින් ජල උල්පත් වලට කටු පොල් වතුර මුසුකරමින් ගාල්ලේ පානීය ජල පද්ධතියට පවා තර්ජනයක් වන ආකාරයට කටයුතු කරන මෙම සමාගම ට එරෙහිවකළ යුතු විරෝධතා දක්වමින් සේවක වැටුප වෙනුවෙන් පෙනී සිටීම අප යුතුකමකි

WhatsApp Image 2024-07-09 at 17.30.01 (1) WhatsApp Image 2024-07-09 at 17.30.01 (2) WhatsApp Image 2024-07-09 at 17.30.01 WhatsApp Image 2024-07-09 at 17.30.02

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත මරුට

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 ක් රෝහල් ගත කෙරේ

අතුරුගිරිය නගරයේ මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ සියලු දෙනා මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ව්‍යාජ මුදල් සමග පුද්ගලයින් දෙදෙනෙකු කළුතරදී අත්අඩංගුවට

මතුගම නගරය හා අවට ප්‍රදේශ රැසකටම ව්‍යාජ මුදල් ලබාදී ගනුදෙනු රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මතුගම හා අවට ප්‍රදේශ රැසකම ව්‍යාජ මුදල් සංසරණය වන බවට කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මතුගම පාන්තිය මංසන්ධියේදී පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 500 නෝට්ටු දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ.

සැකකරු මතුගම ඉද්දගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 29 ක පුද්ගලයෙකු වන අතර ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග එක්ව මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම් සිදුකර ඇති බවයි.

සැකකරුවන් අද (08) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.