හංවැල්ලේ වෙඩි තැබීමෙන් මන්නා රොෂාන්ගේ සහෝදරයා මරුට

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙඩි වැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, එහිදී එක් අයෙක් මියගොස් ඇති බවත්, එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි නිරිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මන්නා රොෂාන්ගේ සහෝදරයා බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

නුවරඑළිය සතොසෙන් ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට ලබා දෙන පෝෂන මල්ලේ බඩු ගන්නවනම් සතොසෙන් දෙන කුණු ගොඩකුත් ගන්න එක අනිවාර්‍යයි .

***                                                                                                     04.03.2024                                                                     ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

 

නුවරඑළිය සතොසෙන් පෝෂන මල්ලේ බඩු ගන්නවනම් සතොසෙන් දෙන කුණු ගොඩකුත් ගන්න එක අනිවාර්‍යයි .

රජයෙන් ගර්භනී මව්වරුන්ට හා අඩු ආදායම් ලාභී කිරි දෙන මව්වරුන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයෙන් ලබාදෙන පෝෂන මල්ල සදහා භාණ්ඩ ලබා ගැනීමට නුවරඑළිය සතොට ශාඛාවට යන මව්වරුන්ට තැලී පොඩිවී භාවිතයට නොසුදුසු රුපියල් පන්සියයක් වටිනා බිස්කට් පැකට් අනිවාර්යෙන් මිලදී ගත යුතු බව පවසා බලහත්කාරයෙන් බිලට එකතු කරන බව ගර්භනී මව්වරුන් හා ඔහු නියෝජනය කරමින් භාණ්ඩ ලබා ගැනීමට යන අයවලුන් චෝදනා නගති ,

මෙම චෝදනාව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගෙන් අප කළ විමසමකට ඒ මහතා කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා වගකිවයුතු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේද කීය ,

ගර්භනී මව්වරුන්ට සහ අඩු ආදායම්ලාභී කිරිදෙන මවුවරුන් සඳහා රජයෙන් පෝෂණ මල්ලක් ලබාදෙන්නේ ඔවුන්ගේ පෝෂණ ඕනතාවයන් සපුරන්න එම වව්චරයින් ලබා ගන්න පුළුවන් වන්නේ පෝෂණයට අවශ්‍ය කරන බඩු බාහිරාදිය පමණයි ,

මහජනතාව චෝදනා නගන ආකාරයට සතොසින් බිස්කට් ලබාදීම සපුරා වැරදියි එහෙම තිබියදී බලහත්කාරයෙන් මේ ගන්නම ඕන කියලා ලබා දෙනවා නම් එය ව්‍යාපෘතියයේ නීතියට පටහැනි කරුණක් මේ ගැන කඩිනමින් සොයා බලලා ඩිසි ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා යනුවෙන් එතම පැවසීය.

ප්ලේන්ටී, කිරිතේ, කොත්තු, රයිස් මිල අද සිට ඉහළට

ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (03) සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්ලේන්ටී එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම පැකට්ටුවක මිල 25 කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින් ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇති බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් වැඩිදුරටත් සඳහන් කළේ.

කොත්තු හා රයිස් ඇතුළු ආහාර මිළ ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් නීති මය ක්‍රියා මාර්ග

24-03-03
කැකිරාව කුෂාන් ජයවර්ධන

ඊයේ මධ්‍යම රාත්‍රිෙය් සිට කොත්තු හා රයිස් ඇතුළු ආහාර මිළ ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් නීති මය ක්‍රියා මාර්ග ගන්නා බව ජාතික පාරිභෝගික පෙරමුනේ නායක අසේල සම්පත් පවසයි.
අමුදුව්‍ය වල මිල නොවෙනස්වව තිබියදී මෙලෙස ආහාර මිළ වැඩි කිීඹට ආපනාශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බවට ඊයේ එම සංගමයේ නියෝජිතයින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර ආහාර මිළ මෙලෙස අත්තනෝමතික ලෙසවැඩි කිරීමට ජාතික පාරිභෝගික පෙරමුණ දැඩි ලෙස විරුද්ධ වන බවද කිසියම් අදිසි හස්ථයක් මේ පසුපස ඇති බවත් ආපනාශාලි හිමියන්ගේ මෙම ආහාර මිල වැඩි කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් හා ඒ පසුපස ඇති අදිසි හස්ථයන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන බවද ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසයි.
මේ සම්බන්ධයෙන් අසේල සම්පත් දැක්වූ අදහ්ස් එවා ඇති

බස් රථයක් පහළ කඩුගන්නාව අධික බෑවුම් සහිත ප්‍රදේශයකදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් පහළට ඇදී ගොස් ඇත

අද දින පාන්දර මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පහළ කඩුගන්නාව අධික බෑවුම් සහිත ප්‍රදේශයකදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අධික ලෙස වේගය වැඩි වී පහළට ඇදී ගොස් ඇත. මෙහිදී එම බස් රථයෙ රියදුරු විසින් ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදා බස් රථය ඇල්ල දෙසට ගමන් කරවා මගීන්ගෙ ජීවිත බේරා ගත්හ.
කඩුගන්නාව ජයන්ත ඒකනායක.

ජනාධිපතිවරණය ගැන IHP ජනවාරි සමීක්ෂණයට අනුව අනුරට තවදුරටත් 50%ක්, සජිත්ට 36%ක් සහ ​රනිල්ට 7%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජනවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 50% ක් ලබා ගනිමින් තවදුරටත් පෙරමුණ ගෙන තිබෙනවා.

සජිත් ප්‍රේමදාස දෙසැම්බර් මාසයේ සමීක්ෂණයෙන් ලබාගෙන තිබූ 33%ක ප්‍රතිශතය ජනවාරි මාසයේදී 36% ක් දක්වා වැඩි වී ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසැම්බර් මාසයේදී ලබාගෙන තිබූ 9% ක ප්‍රතිශතය ජනවාරි මාසයේදී 7% ක් දක්වා අඩුවී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයා දෙසැම්බර් මාසයේ ලබාගෙන තිබූ 8% ක ප්‍රතිශතය ද ජනවාරි මාසයේදී 7% දක්වා අඩු වී ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

2023 දෙසැම්බර් මාසයේ සමීක්ෂණ වාර්තාව මෙතැනින්, මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්.

2024 ජනවාරි මාසයේ සමීක්ෂණ වාර්තාව මෙතැනින් සහ පහතින්, මාධ්‍ය ප්‍රකාශය මෙතැනින්.

65e2b74f7f35e 65e2b74f40afb 65e2b74eb050e

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග නිකුත් කර ඇත .

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග නිකුත් කර ඇත .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ අත් අඩංගුවට ගත් ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී මෙම නියෝගය ලබා දී ඇත.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් පැය 09කට අධික කාලයක් ප්‍රශ්න කර තිබූ අතර අනතුරුව ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණි .

වෙඩි තබා මරා දළ ඇතෙකුගේ දළක් කපා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

වෙඩි තබා මරා දළ ඇතෙකුගේ දළක් කපා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ගිහාන් ගුණරත්න මහතාගේ මගපෙන්වීමෙන් සියඹලාණ්ඩුව කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ටී. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.01 වන දින ඇතිමලේ පොලිස් වසමේ නරියාය, සම්පත්යාය වැව් ඉස්මත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී වෙඩි තබා මරණ ලද දළ ඇතෙකුගේ අඩි 04 ක් පමණ දිග දළ කොටසක් පොරවක් අධාරයෙන් කපා සඟවාගෙන සිටි මාමඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටියාගල බීට්ටු වන කාර්යාලය වෙත භාර දී ඇත.

WhatsApp Image 2024-03-02 at 08.13.20 WhatsApp Image 2024-03-02 at 08.13.11

2024 ජනවාරි සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 342 ක් වාර්තා වෙයි

2024 ජනවාරි මස මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 342 ක් බව විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසනවා.

එය 2023 දෙසැම්බරයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 269ක සංචාරක ඉපැයීම් සහ 2023 ජනවාරි මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 154ට සාපේක්ෂව කැපී පෙනෙන ඉහළ යාමක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

2020 ජනවාරි මාසයෙන් පසු සංචාරක ක්ෂේත්‍රය වාර්තා කළ ඉහළම ආදායම ද මෙය බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අහුංගල්ල පොලිස් වසමේ රිච් හොටලය අසලදී අංක 4926 දරණ කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත

2023.03.01 වන දින පැය 12.15ට පමණ අහුංගල්ල පොලිස් වසමේ රිච් හොටලය අසලදී අංක 4926 දරණ කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවට අහුංගල්ල පොලිස් ස්ථානාධිපතිතුමා විසින් දන්වා ඇත. මෙම සිදු වීමෙන් මියගිය පුද්ගලයාගේ විස්තර පහත පරිදි වේ.

නම – ජෝතිමුණි නීල් කුසුම් කුමාර මෙන්ඩිස් නොහොත් මංජු
ලිපිනය – නො 07, පන්සල් මාවත, හිද්දරුව, කොස්ගොඩ
ජා.හැ. අංකය – 780954833 වී

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු කඩිනමින් ලබා දීමට කටයුතු කරමි.

තවද වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ ස්කූටි යතුරුපැදියක් වන අතර එහි අංකය පමණක් අනාවරණය වී ඇති බැවින් අවට පොලිස් ස්ථානයන් සහ මාර්ගබාධක රාජකාරියේ යෙදී සිටින සියළු නිලධාරීන් මේ පිලිබඳව දැනුවත් කර මේ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරන මෙන් දන්වා සිටිමි.

අංකය – 4926 (කළු සහ සුදු පැහැති ඩියෝ වර්ගයේ ස්කූටර් යතුරු පැදියක්)

WhatsApp Image 2024-03-01 at 16.49.21WhatsApp Image 2024-03-01 at 16.05.38 (1) WhatsApp Image 2024-03-01 at 16.05.38 (3) WhatsApp Image 2024-03-01 at 16.05.39 (1) WhatsApp Image 2024-03-01 at 16.05.39