පාහියංගල නාය යාමේ අවදානමක

නායයාමේ අවදානමට ලක්ව ඇති ඓතිහාසික පාහියන් ලෙන පිළිබඳව බහු විෂයික වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
පාහියන් ලෙනේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා අදාළ පරිශ්‍රය වෙත ගොස් විෂයභාර නිළධාරින් සමඟ සිදු කළ තොරතුරු විමසා බැලිමෙන් අනතුරුව අමාත්‍යරවරයා විසින් එම උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව පුරාවිද්‍යා, ඉංජිනේරු, වාස්තුවිද්‍යා, භූ ගර්භ විද්‍යා ඇතුලු ක්ෂේත්‍ර  රැසක විද්වතුන් සම්බන්ධ කර ගනිමින් එම වාර්තාව ලබා ගැනිමට නියමිතව ඇත.

ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මකයි

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ සඳහා  විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බවය.

පසුගියදා නාරම්මල ප්‍රදේශයේ හෝටලයක ලබාදෙන ආහාර පාර්සල්වල වන්ද්‍යාකරන බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුවත් පළ වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශන වලදී එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව එම අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

මේ ආකාරයේ අසත්‍ය  ප්‍රකාශ සමාජජාල වෙබ් අඩවිවල පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන අතර 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ එවැනි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් මේ වන විටත් දිවයිනේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්වේ.

එමෙන්ම තම පොලිස් බල ප්‍රදේශය තුළ ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ යම් ගැටුම්කාරී හෝ අනර්ථකාරී සිද්ධියක් ඇතිවුවහොත් එහි පූර්ණ වගකීම සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දැරිය යුතු බව ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එම තත්ත්වයන් වළක්වාගැනීම සඳහා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීවරුන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බවට සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඉකුත් වසරේ අඩු වයස් ගැබ් ගැනීම් 455ක්!

මාතලේ දිස්ත්‍රික්කය තුළ පසුගිය වසරේදී අඩු වයස් ගැබ් ගැනීම් 455ක් වාර්තා වී ඇතැයි දිස්ත්‍රීක් මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී ගංගා රත්නායක මහත්මිය පවසයි.

මාතලේ මහ දිසාපති ඩි පි ජි කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රීක්  ළමා හා කාන්තා සංවර්ධන කමිටුව අමතමින් වෛද්‍ය  රත්නායක මහත්මිය එසේ පැවසුවේ මාතලේ   දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීය.

අඩු වයස් ගැබ් ගැනීම් වැඩි වශයෙන් වාර්ථා වී ඇත්තේ දිස්ත්‍රීක්කයේ දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වන ලග්ගල ,පල්ලේගම, විල්ගමුව හා අඹන්ගග කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ බවත් එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන්  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

ගංවතුර තත්ත්වයය මැඩලන්න වැව් ඉදි කරන්න

ගංවතුර තත්ත්වය යළි ඇති නොවීම සඳහා රට තුළ වැව් ඉදිකිරීමට පියවර ගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ විශේෂඥ දැනුම සහ පාරිසරික සාධක සැලකිල්ලට ගනිමින් එම ක්‍රියාවලිය සිදු කළ යුතු බවයි.

මෙම වැඩපිළිවෙළ සාර්ථකව සිදු කිරීමට පියවර ගැනීම තුළින් 2020 වසර වන විට ගං වතුර තත්ත්වය  මගහරවා ගැනීමට හැකි වන බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටියේය.

විපතට පත් ජනතාවට ඇමරිකාවෙන් මිලියන 350ක ආධාර

ආපදා වලින් විපතටපත් ජනතාව සඳහා සහන සැලසීම සඳහා රුපියල් මිලියන තුන්සිය පනහක අධාර ලබාදෙන බව අමරිකානු තානාපති අතුල් කේෂප් මහතා පවසයි.
(3) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් අමරිකානු තානාපතිවරයා මේ බව පවසා තිබේ.

කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් ඇති නොවන අයුරින් කටයුතු කරන්න- ජනපති

සියලු ජාතීන්ට සහ ආගම් වලට අයත් ජනතාව අතර සංහිඳියාව ගොඩනඟමින් රට තුළ ස්ථිරසාර සාමයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ උදෙසා එක්වීම සියලු දෙනාගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් ඇති නොවන  අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් බව  ඔහු පවසයි.

කුමන විවේචන හමුවේ වුවද වත්මන් රජය කැපවී සිටින්නේ එවන් අභාග්‍යසම්පන්න සිදුවීම් වලින් රටත් ජනතාවත් ගලවා ගනිමින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් සහ සංහිඳියාවෙන් ජීවත් වන සාමකාමී දේශයක් ගොඩනැඟීමට බව අරන්තලාව ජාත්‍යතර බෞද්ධ මධයස්ථානයේ පැවති ගුණ සමරු උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා  කියා සිටියේය.

එමෙන්ම අන්තවාදය සහ බලලෝභය අවසන් කරමින් මාතෘ භූමියේ ඉදිරි අනාගතය වෙනුවෙන් සහෝදරත්වයෙන් පෙළගැසීම සියලු දෙනාගේ යුග මෙහෙවර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

US LANKA FASHION WEEK IN NEW YORK: June 22-25

The Sri Lankan fashion week in New York will be the first ever event to promote Sri Lankan fashion exclusively in New York City for a duration of one week. In addition to the prestigious fashion designers coming from Sri Lanka, there will be opportunities for US based Sri Lankan origin fashion designers, beauticians and fashion models to be involved in this week long fashion program.

AmilaniBrian 2KamilFlyer 2A

The Sri Lankan fashion week will feature three prominent fashion designers Amilani Perera, Brian Kerkoven and Kamil Hewavitharana. Their exotic, luxurious and fashion forward creations will be the forefront of US Lanka fashion week and introduce Sri Lankan talent to the US fashion industry.  Melache one of the top names in the Sri Lankan fashion industry will also be part of the grand finale of the Fashion show.  Boston Lanka is proud to announce Celebrity Hair stylist, Make-up artist and owner of Capello Salons, Romesh Atapattu as the official Beautician.  He will be assisted by the senior hairstylist and make up artist at Capello Salons Suranjee Hewapathiranage.  Dammin Senerat will be the official Photographer for this event.   The week long activities will comprise of media events, photo-shoots, community engagement events, retail exhibit and the much anticipated headline event: The US Lanka Fashion Show; Fashion Forward.

11112Image-1 (61)

All activities will commence on June, 22nd at the Hilton Garden Inn, Staten Island, NY with #MediaDay focusing on the official press conference, one-on-one interviews with the Fashion designers followed by a series of Photo-shoots. The Headline event: US Lanka Fashion Show will take place on June, 23rd at the Hilton Garden Inn with three individual fashion shows showcasing each designer creations followed by the Grand Finale bringing all forces together.  According to Chitral De Mel, Project Director and Founder of Boston Lanka, “we want to create a platform for Sri Lankan fashion designers to showcase their fashion and Sri Lankan culture in USA. This forward thinking event will create opportunities for Sri Lankan fashion designers, beauticians, jewelry designers and fashion models to interact with American media, retailers, and entertainment industry.”

The Sri Lankan Ambassador to USA, Mr. Prasad Kariyawasam and Sri Lankan Permanent Representative for the United Nations, Dr. Rohan Perera will guests of Honor at the fashion show. Mr. Shan Halamba, Honorary Consul for the State of Texas will also attend as a special guest.

Mrs. International World’ organization will be working closely with Boston Lanka as a partner in this event and its CEO Ms. Angela Posillico will coordinate with US fashion models.

Sithuvili Concept Group: Dinesh Wariyapperuma, Pawan Muhandiram & Prashad Nuwanpriya as our Media Strategy & Branding Partner provides us visibility and style.

SriLankan Airlines will be the Platinum sponsor and official Airline for US Lanka Fashion week.

There are more than 20 fashion models will take part in the fashion show and few top fashion models from Sri Lanka will also be part of the show.

Please contact Chitral @ Boston Lanka for further information.                        Phone: 5086485104.

විනාශයට පත් නිවාස සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 25 ක වන්දියක්

අයහපත් කාලගුණික තත්ත්වය මත විනාශයට පත් නිවාස සඳහා මේ වන විට රජය විසින් රුපියල් ලක්ෂ 25 ක උපරිමයකට යටත්ව වන්දියක් ලබා දීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
(01) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
ජලය බැස ගිය ස්ථානවල මේ වන විටත් අදාළ නිලධාරින් තක්සේරු කිරීම් ආරම්භ කර ඇති බවත් ව්‍යාපාරික ස්ථාන සඳහා සිදුව ඇති හානිය සඳහා බැංකු මාර්ගයෙන් පහසුකම් සැළසීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් මේ වන විට රජය ආපදා තත්ත්වය වෙනුවෙන් විශේෂ අරමුදල් ලෙස රුපියල් මිලියන 126 ක මුදලක් වියදම් කර ඇති අවස්ථාවක වුවද සමහර දේශපාලඥයින් ආපදා තත්ත්වය පවා තම වාසියට යොදා ගනිමින් කටයුතු කරන බව ද ලක්ෂ්මන් යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර පිසු ආහාර බෙදා අවසන් වෙන විට සතියක කාලයක් පුරා වියළි සලාක බෙදා දෙන බවත් එය ප්‍රාදේශිය ලේකම්වරයාගේ ඉල්ලීම මත දික් කර ගැනීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

විපතට පත් ජනයාගේ පිහිටට චීන නෞකා තුනක් එයි

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීන නෞකා තුනක් දිවයිනට පැමිණ තිබේ.

චීන නාවික හමුදාවට අයත් චෑන් චුන්, ජින් ෂොව් සහ චාඕ හූ  යන නෞකා කොළඹ වරායෙන් දිවයිනට ළඟා වූ බව නාවික හමුදාව පැවසුවේය.

ඒ අනුව එම චීන නෞකාවලින් පැමිණි වෛද්‍ය කණ්ඩායම් 05ක් සහ සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10ක් මෙරට ආපදා සහන කටයුතු වලට එක්වීමට නියමිත බව සඳහන්වේ.

සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී ශ්‍රි ලංකාවේ ‍ මේ දින වල පවතින ආපදා තත්වය පිළිබඳ සැලවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ චීන නාවික හමුදාව මෙරට ජනතාවට සහන සැළසීමට ඉදිරිපත්ව ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.