Dr. PRASAD DESHARIYA: With a Mission to bring Pride to Sri Lankans in Foreign Lands.

It is true fact that each individual is born to this world clasping one talent to serve a purpose.  Yet Doctor Prasad Deshariya has proven the fact that if there is a will, there is a way.

By profession, he is an acupuncture doctor yet he has been able to win the hearts of people as a role model and as a young leader who has excelled in many fields. Apart from being a doctor Prasad always stands up and raise his voice against injustice. He always goes an extra mile to put smile on needy people.

IMG-ea124d944e304f0537d7140c70cf1a06-V

“As a result, I have put myself in trouble too’ speaking to Boston Lanka he said. I do want to balance both careers as much as I can, I feel blessed to do these professions at the same time. If you do your job properly you surely will learn a lot from any role you do. I also want to highlight the fact that be happy and love what you do. It is simply because there are not many jobs where someone in the town will give you a pat on the back and say Hi to you, he added.

He strongly believes that youth must always wear her or his confidence in order to voice their dream. Young Prasad always believes that nothing impossible to a willing heart and if the heart is willing, nothing is impossible under the sun.   “Displaying many talents in different areas and excel in the field of medicine motivates me to get out of the bed in each and every morning.”  Motivator would be the perfect notion to describe Dr.Prasad.  Speaking on how he generates new ideas he explained that “each day we are trying to make a bundle and step closer to the success.”  Then again there is always a little negative voice in the back your head which runs the show. You should not allow that negativity to destroy your creativity. He described the fact that “going to college might not be the ticket to success as everyone believes and not getting a college degree doesn’t guarantee failure. It’s my enthusiasm to get up over and over again when failed. Whether huge or tiny, it doesn’t matter –I just count my wins and blessings!

IMG-0486ee8ecf6701a3283755d8f5ae989c-VIMG-c4f441c31f8e82ca3c1d9a6cc9bb4c6a-V

When asked about why he came up with an idea like Mrs.Ocean World he said that we should make a room for Sri Lankan to represent our talents in Internationale podiums in foreign soils.

This is for the women who are ready to clear a space and cry  a thousand crystalline drops till the sky clears.“Keep your chin up, keep being proud, and keep doing the important work of living and loving on your own terms”.

They spend every second of their lives just to make everyone happy. But who holds them up? Women are faced with numerous challenges, obstacles and hardships. But a handful of women in our society have proved themselves to society by overcoming these challenges and achieving success without backing down. Women always hold the half of the sky. He explained.

He went on to say that Mrs.Ocean World 2018 is a great success and they were able to select 23 finalists from 800 participants. We are going to have a Talent Round on 24th of October at the Ministry of Tourism and Christian Affairs auditorium in order to prove the fact the competition is not just about the pretty faces. The girls are beauty with brains.

He furthermore highlighted the fact that he has given these beautiful girls a chance to fly high and they are capable of doing anything as women hold the half of the sky.

Finally he highlighted the fact that Grand Finale of Mrs.Ocean World 2018 will be held on 23 rd of November at Galadari Hotel and the winner will be crowned and whoever she is she will have a great future as a Sri Lankan.

By Darshani Abeyrathna

 

IESL CPD Courses

The Institution of Engineers, Sri Lanka has been providing CPD programs for engineers and other professionals interested in their career and personal development over many years under the guidance and supervision of CPD committee.CPD Committee, which is one of the Standing Committees of the IESL is chaired by the Vice President. The programs are coordinated by the Education Division of the IESL secretariat.

The CPD programs are conducted mostly in the evenings and at weekends, so that the participants can attend the lectures and other activities without disrupting their normal duties. There are programs available in specific subject areas as well as important common topics such as management, communication skill development, Health and Safety , code of ethics etc.

The resource persons for CPD programs are carefully selected from the best available in the country, and the feedback from the participants is used to continually improve the programs over the years.

CPD courses are developed based on input from periodic surveys among members of IESL, industry trends and other directions from the CPD Committee.

The Institution of Engineers, Sri Lanka

120/15, Wijerama Mawatha,

Colombo 07

Tel.       : 0112 698 426  Ext.209

Fax      : 0112 699 202

E-mail  : dir.edu@iesl.lk

 

“දැන් යුද්ධෙ ඉවරයි. දැන් අපි ඒ මිනිස්සුන්ගේ තුවාලත් සුව කරන්න ඕනේ”

“ඒ කාලේ මගේ ලඟම යාලුවෙක් හමුදාවේ හිටිය. යුද්දේ කාලේ බෝම්බෙකට අහුවෙලා එයාගේ කකුලක් කපන්න වුනා,” අරුණ සමරවික්‍රම අතීතය සිහිපත් කරයි.

“ඒ නිසා එයාගේ මුළු ජීවිතේම වෙනස් වුනා, කොටින්ම ප්‍රේම සම්බන්ධය පවා.”

අපූරු නව නිර්මාණ ගණනාවක් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි ඔහු ශ්‍රී ලංකාවේ සිටින ඉහළම පෙළේ තරුණ නව නිර්මාණකරුවෙකි.

දුම්රිය හරස් මාර්ගවලදී නිතිපතා අහිමිවන ජීවිත බේරාගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද, සූර්ය තාපයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රේල් ගේට්ටුවක් ද ඔහුගේ නව නිර්මාණ අතර පවතී. වෑන් හෝ ලොරි ගමන් කළ නොහැකි දුෂ්කර මාර්ගවල රොක්වන කුණු රැස්කිරීම පිණිස නිපදවන ලද ට්‍රේලරයක් සහිත ‘කුරුම්බැට්ටි’ ට්‍රයිසිකලය එවැනි තවත් නිර්මාණයකි.

එහෙත් ඒ කිසිදු නිර්මාණයකින් සේවයක් ලබාගැනීමට රටේ බලධාරීන් උත්සුක වී ඇති හැඩක් නොපෙනේ.

හමුදාවේ සේවය කළ සිය මිතුරාගේ අත්දැකීමෙන් සලිත වූ අරුණ, කෙසේ හෝ ඔහුට උපකාර කිරීමට අදිටන් කරගත්තේය.

එහි ප්‍රතිඵලය වූයේ සැබෑ පාදයකට ඉතාමත්ම සමීප ආකාරයෙන් ක්‍රියාකරන ‘Live Flex’වර්ගයේ කෘතිම පාදය ඔහු අතින් නිර්මාණය වීමය.

Saroj 2Saroj 3

එය කිසිවෙකුගේ උස සහ බර අනුව වළලුකර, ඇඟිලි සහ දණහිස ස්වභාවික මට්ටමෙන්ම පාහේ ක්‍රියාකරන පාදයකි.

ඒ අත්හදා බැලීම සාර්ථක වීමත් සමග අරුණ සමරවික්‍රම මේ වනවිට එවැනි කෘතිම පාද දහස් ගණනක් නිර්මාණය කොට මනු සතුන්ට පමණක් නොව අලින්, අශ්වයන් සහ ගවයන් වැනි සතුන්ට පවා පිහිටවෙමින් අත්, පා දහස් ගණනක් නිර්මාණය කොට ඔවුන්ට යළි ජීවය ලබා දුන් ජීවකයෙකි.

අරුණ ගැන විස්තර කියා ලොකු අක්කාත් (දේවිකා පතිරණ), සුනිල් ගමගේ අයියාත් (අක්කාගේ ස්වාමි පුරුෂයා) කළුතර, නාගොඩ පිහිටි ඔහුගේ “ආවාස් (AAWAS)” රෝහල් පරිශ්‍රය වෙත මා කැඳවා ගියහ.

අප එහි ගත කළ පැය කිහිපය තුළ බෙලි මල් වතුර සහ විවිධ පළතුරු යනාදියෙන් අපට සංග්‍රහ කරමින් අරුණ හැසිරුනේ ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙනි.

Saroj 5

එහෙත් ඔහු වෛද්‍යවරයෙක් නොවේ.

“මම කළේ කොමර්ස්,” ඔහු මා සමග සිනහසෙමින් පවසයි.

ශ්‍රී ලංකාවට අතිමහත් විදේශ විනිමය සම්භාරයක් උපයා ගත හැකි අන්දමේ සහ විදේශයන්ට ගලා යන විදේශ විනිමය මෙරට රඳවාගත හැකි අන්දමේ නව නිර්මාණ කළ නමුත් එයින් ඵල නෙලාගැනීමට පාලකයන් තුළ උනන්දුවක් නොමැතිවීම ගැන ඔහු තුළ පවතින කලකිරීම ද ඒ සිනහව තුළ මම දුටුවෙමි.

අරුණගේ රෝහලේ සේවය ලබන්නේ යුද්ධයෙන් අත්, පා අහිමි වූ හමුදා සොල්දාදුවන් පමණක් නොවේ.

අප එහි සිටින මොහොතේ පාදය කපා දමන ලද වයෝවෘද්ධ පුද්ගලයෙක් එහි කැඳවා එනු ලැබිණ.

“මොකද තාත්තේ ප්‍රශ්නේ?” අරුණ කරුණාවෙන් විමසයි.

දියවැඩියාව හේතුවෙන් පාදය කපා දමන්නට සිදු වූ බවත්, කෘතිම පාදයක් මිලදී ගැනීමට වත්කමක් නැති බවත් ඒ පියා ඔහුට පවසයි.

එසේ වත්කමක් නොමැති වූ පමණින් රෝගියා ආපසු හරවා යැවීම අරුණ ඇතුළු ‘සහෝදරත්වයේ පියසටහන්’ පදනමේ සිරිත නොවේ.

කෘතිම පාදයක් සකස්කොට, එය සවිකොට පුහුණු කිරීම පිණිස සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ දෙකක පමණක් මුදලක් වැය වේ. ඒ මුදල ගෙවීමට රෝගියාට වත්කමක් නැති අවස්ථාවල සහෝදරත්වයේ පියසටහන් පදනම ඒ සඳහා දානපතියන්ගේ උපකාරය පතයි.

ශ්‍රී ලංකාවාසීන් පමණක් නොව සතා සිවුපාවුන් දහස් ගණනකට එසේ යළි ජීවය දුන් අරුණ, අප හමු වූ අවස්ථාවේ මගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

යුද ගැටුම්වලින් අත්, පා අහිමි වූ 12,000 කට අධික හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට උපකාර කිරීමටත් තමන් සූදානම් බව ඔවුන්ට දැනුම්දීමය, ඒ.

ඔවුන්ට කෘතීම පාද සපයා දීමට තමන්ට හැකි වුවත් ඒ සඳහා බර පැන දැරීම දුෂ්කර බැවින් ඒ සඳහා මූල්‍ය දායකත්වය සැපයීමට ඉදිරිපත් වන මෙන් ඔහු දෙමළ ඩයස්පෝරා නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සංහිඳියාව ඇතිකරන්නැයි වේදිකාවල කෑ මොර ගසනු වෙනුවට මහා පොලවේ යථාර්ථය හඳුනා ගත යුතු බව අරුණගේ අදහසය.

“අද අපි මෙහෙම ජීවත් වෙන්නේ අපේ සොල්දාදුවෝ කරපු කැපකිරීම් නිසා. ඒත් දැන් යුද්ධෙ ඉවරයි. දැන් අපි ඒ මිනිස්සුන්ගේ තුවාලත් සුව කරන්න ඕනේ.”

උතුරු පළාත් සභාව ඇතුළු උතුරේ දේශපාලන නායකත්වයට සිය යෝජනාව ඉදිරිපත් කළ නමුත් මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුන බවත් ඔහු කණගාටුවෙන් පැවසීය.

අරුණ සිය හමුදා මිතුරාට කෘතිම පාදය නිර්මාණය කර දුන් පසු ඔහුගේ පෙම්වතියගේ ප්‍රතිචාරය වූයේ කුමක්දැයි දැනගැනීමටත් ඔබ කැමති ඇති.

ඒ වන විට විවාහ ගිවිසගෙන සිටි නමුත්, පාදයක් අහිමිවීමත් සමග ඔහු හා විවාහවීමට පෙම්වතිය කිසියම් චකිතයක් දැක්වූවාය.

එහෙත් නව කෘතිම පාදයක් ලබා සිය මිතුරා යළිත් බොහෝ දුරට සාමාන්‍ය දිවි පෙවෙතකට හුරුවීමත් සමග ඔවුන් දෙදෙනා විවාපත් වූ බව අරුණ සමරවික්‍රම මා සමග පැවසුවේ ආඩම්බරය මුසු නිහතමානී හසරැල්ලකින් මුව සරසා ගනිමිනි.

සිය මිතුරා ඇතුළු දහස් ගණනක පිරිසකගේ ජීවිතවලට ආලෝකයක් වූ අයුරින්ම, ශ්‍රී ලංකාවේ පමණක් නොව හැකි නම් ලොව පුරා වෙනත් බොහෝ රටවල වෙසෙන ආබාධිතයන්ගේ වේදනාව ද සුවපත් කිරීම ‘සහෝදරත්වයේ පියසටහන්’ පදනමේ නිර්මාතෘවරයා ද වන මේ තරුණ නිර්මාණකරුවාගේ බලාපොරොත්තුවය.

“මගේ බලාපොරොත්තුව ‘ආබාධිතයා’ කියන වචනය මේ ලෝකයෙන් ඉවත් කිරීම.”

සිය නව නිර්මාණ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් මෙතෙක් ලැබුණ නිශේධනීය ප්‍රතිචාර මේ තරුණ නිර්මාණකරුවාගේ අධිෂ්ඨානය දුර්වල කිරීමට සමත් වී නැති බව අප දෑස් මුණගැසුන මොහොතේ මම දුටුවෙමි.

– සරෝජ් පතිරණ –

මම Media වලට කඩේ යන්නේ නෑ” – රංග ගමගේ

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන අධ්‍යක්ෂවරයෙක් ලෙස නමක් දිනා සිටින රංග ගමගේ මහතා මෙවර bostonlanka media කතා බහ සමඟින් එකතු වුණා..නර්තනය ගැන උනන්දුවක් දක්වන හැමදෙනෙක්ටම මේ කතාබහ වටිනාකමක් එක් කරනු ඇති බව අපට විශ්වාසයි.

IMG-20180828-WA0004IMG-20180828-WA0001

– ‘රංග ගමගේ’  කියන්නේ කවුද ?

රංග ගමගේ කියන්නේ පොඩි තැනක ඉඳන් ඉගෙනගෙන ගොඩක් දුක් විඳලා ආ ගමනක ප්‍රතිඵල ලෙස දැනට ලංකාවේ වෘත්තීයමය නර්තන කණ්ඩායමක් හිමි නර්තන අධ්‍යක්ෂවරයෙක්..

– ඔබ කොහොමද නර්තන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

2008 වසරේ Sirasa Dancing Star- first season එකෙන් තමයි මම නර්තනයට පිවිසෙන්නේ.. ඒ වගේම මම ප්‍රවීණ නැටුම් අධ්‍යක්ෂ ‘ශාන් පෙරේරා’ යටතේ සහාය නර්තන ශිල්පියෙක් විදියටත් කටයුතු කළා..

– ඔබේ පෞද්ගලික විස්තර මොනවද ?

මගේ ගම ඇඹිලිපිටිය.. ඇඹිලිපිටිය සෙවණගල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා මම අධ්‍යාපනය හැදෑරුවා..ඒ  වාණිජ විෂය ධාරාවෙන්. ව්‍යාපාරික කටයුතු මිසක් මගේ පවුලේ කිසිම කෙනෙක් නර්තන හෝ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නැහැ.

 මොනවද මේ දවස්වල කෙරෙන වැඩ කටයුතු?

ඉදිරි නොවැම්බර්  මාසයේදී මගේ නර්තන කණ්ඩායමත් සමග රටවල් හයක පමණ නර්තන ප්‍රසංගවලට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා..පසුගිය ව⁣සරෙත් දෙසැම්බර් මාසෙ අප කණ්ඩායම විදෙස් ගතවුණා.මේ වසරෙත් යනවා.. මේ දිනවල ඒ සඳහා සූදානම් වෙනවා

IMG-20180828-WA0010IMG-20180828-WA0008

– ඔබේ කලායතනය ගැන විස්තර මොනවද?

“Ranga Gamage dance studio” ලෙස මගේ නර්තන පාසල හඳුන්වනවා.. කොට්ටාවේ තමයි පිහිටා තිබෙන්නේ..දැනට ස්ථාවර මාසික  වැටුපක් ලබන වෘත්තීයමය නර්තන ශිල්පීන් තිස් දෙනෙකු පමණ මා කණ්ඩායමේ කටයුතු කරනවා..

– මොනවගේ නර්තන වින්‍යාසයක් ද ඔබේ කලායතනයෙන් හැදෑරිය හැකි වන්නෙ?

පෙර -අපර දෙදිගම නර්තන වින්‍යාසයන් හැදෑරිය හැකියි. මගේ නර්තන කණ්ඩායම සාම්ප්‍රදායික නර්තනයට මුල් තැනක් දෙනවා.. මොකද අපට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් ලංකාවේ දෙයක් අරන් ගියොත් ..ඒ සඳහා තියෙන අවස්ථා වැඩියි..

IMG-20180828-WA0006IMG-20180828-WA0007

– නර්තනය අලුතින් හදාරන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු කෙසේද ඔබේ කලායතනයට සම්බන්ධ වන්නේ?

කැමැත්ත සහ කැපකිරීම තමයි මූලිකවම බලපාන්නේ. කොපමණ කාර්යබහුල වුවද නර්තනය හදාරන්න කැමති පිරිස වෙනුවෙන් යම් වේලාවක් වෙන් කරන්න අපි හිතුවා.. ඒ අය වෙනුවෙන් ඉරිදා දිනයේ ප.ව.5-7 අතර කාලය අප වෙන් කළා.

 ලංකාවේ නර්තන ශිල්පීන්ට තිබෙන අභියෝග මොනවද?

නර්තනය කියන්නේ භාවනාවක් වගේ දෙයක්. ආත්ම විශ්වාසය, අධිෂ්ඨානය, කැපවීම ඔස්සේ ස්වයං හික්මීමක් ඇති වන තත්ත්වය දක්වා ප්‍ර‍ගුණ කළ හැකි කලා අංගයක් නර්තනය.. ඕනෑම නර්තන ශිල්පියෙක් ඒ ඔස්සේ ඉදිරියට යා යුතුයි එසේ නොමැතිව ඔවුනට පැවැත්මක් නැහැ.

– වෘත්තීමය ලෙස ලංකාවේ නර්තන ශිල්පය සාර්ථකද?

ඇත්තටම බොහෝ දුර යා හැකි ක්ෂේත්‍රයක්.. Entertaining කියනදේ කවරදාටත් වඩා අද මිනිස් ජීවිතයේ මූලික දෙයක් වෙලා.. උදාහරණයක් කිව්වොත් මංගල අවස්ථාවක නර්තන කණ්ඩායමක් එදා හිටියේ නැහැ ..නමුත් අද වන විට නර්තන කණ්ඩායමක් නොමැති මංගල අවස්ථාවක් සොයා ගැනීම දුර්ලභයි. ඒවගේම මනමාලයා සහ මනමාලිය පවා නර්තනයේ යෙදෙනවා.. Award ceremony ,events, production launchers පමණක් නෙවෙයි සංගීත ප්‍රසංගයක් ගත්තත් නර්තන කණ්ඩායමක් අනිවාර්ය වෙලා තිබෙනවා..

IMG-20180828-WA0013IMG-20180828-WA0017

– නර්තනය සම්බන්ධයෙන් කුඩා ලමයින්ගෙ සිට පවත්වන රියැලිටි තරග ගැන කුමක්ද ඔබේ අදහස කුමක්ද ?

මා කැමතියි බොහෝ දෙනාගෙ අවධානය යොමු නොවන පැත්තක් ගැන කියන්න.බොහෝ විට ඒ දෙමාපියන්ගේ කැමැත්තට දරුවන් ඉදිරිපත් වෙනවා. ඔවුන් තුළ තරඟකාරීත්වයක් බලෙන්ම ගොඩනගනවා. 1,2,3 වශයෙන් ස්ථාන ලබා දෙනවා.. මෙයින් ළමයාට අහිතකර බලපෑමක් සිද්ධ වෙන්න තියෙන ඉඩ වැඩියි..පරාජය පවා මාධ්‍ය මගින් අතිසංවේදී කොට හැඟීම්බරව ඉදිරිපත් කිරීමෙන් ළමයා මානසිකව ඇද වැටෙනවා..

බොහෝ දෙනෙක් මාධ්‍යට වහලෙකු වී Media පස්සේ යනවා තමන්ගෙ තත්වය ඔසවා ගන්න..ප්‍රසිද්ධ වෙන්න..නමුත් මම නම් හිතන්නේ අපි හොඳ දෙයක් කළොත් Media අපේ පස්සෙන් ඒවි.. මම කවදාවත් Media වලට කඩේ යන්නේ නෑ..

– නර්තනයක කියන්නේ ඇඟේ තිබෙන්න ඕන දෙයක් ද, නොඑසේනම් පුහුණු කිරීමකින් ප්‍රවීණත්වයට යා හැකි දෙයක්ද?

අපිට උපතින් කතා කරන්න බැහැ. නමුත් ප්‍රගුණ කිරීමෙන් එම හැකියාව ලබා ගන්නවා.. ඒ වගේම බොහෝ දෙනෙක් සිටිනවා තමන් තුළ පවතින නර්තන හැකියාවන් හඳුනා නොගන්නා පිරිස. ගුරුවරයෙක් ලැබුණොත් ඔවුන්ගේ එම හැකියාවන් ඔප මට්ටම් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම කැපවීමත් තියෙන්න ඕන.. මෙහෙම දේකුත් තියෙනවා. කෙනෙක් ඉන්න පුළුවන් ගායනයට කැමති එහෙත්  නර්තනයට දක්ෂ .. ඇඟේ රිද්මය තිබෙන .. එවැනි අවස්ථාවල තමන්ගේ සහජ හැකියාවන් හඳුනා ගත යුතුයි.

 අලුතින් ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වෙන කෙනකුට නර්තන අධ්‍යක්ෂවරයෙක් විදියට මොනවද දෙන්න පුළුවන් උපදෙස්?

කැපවීම අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදිහට යම් පුද්ගලයෙක් නර්තන කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා යැයි සිතන්න. ඔහු ප්‍රසංගයක නර්තනය සඳහා පොරොන්දු වී ඇති දිනයේම ඔහුගේ සමීපතම ඥාතියෙක් (මව )මියගොස් ඇතැයි සිතන්න. නමුත් ඔහුට පොරොන්දු වී ඇති ප්‍රසංගය මගහැරිය නොහැකි යි. එවැනි කැපවීමක් තිබිය යුතුයි..

ඒ වගේම මේ තවත් දෙයක් කියන්න ඕනේ.  ඇතැම් නවකයින් නර්තන කණ්ඩායමක් සමග එක්වී සුළු කාලයකින්ම කණ්ඩායම හැර ගොස් තවත් නවකයින්ට නායකත්වය දීමට යනවා.. නිවැරදි පුහුණුවක් නොමැතිව වාණිජ අරමුණින් අඩු ගානට ප්‍රසංග භාරගන්නවා.. නමුත් ගුණාත්මක අතින් ඉතා දුර්වලයි. විදේශිකයෙක් මෙවැනි ප්‍රසංගයක් බලා තීරණය කරන්න පුලුවන් ලංකාවෙ නර්තනය කියන්නේ මේක කියලා ..ඒ අනුව එය සමස්තයක් ලෙස ලංකාවේ නර්තනයට කැළලක්..නවකයින් එවැනි දේ ගැන සැළකිලිමත් විය යුතුයි.

– ලංකාවෙ නර්තන ශිල්පිනියන් ගේ නර්තන සහභාගීත්වය ගැන ඔබ මොකද හිතන්නේ?

ලංකාවෙ නර්තන ශිල්පිනියන්ට වඩා සිටින්නේ නර්තන ශිල්පීන් ..බොහෝ දෙනෙක් නර්තනය හදාරන්න ඇවිත් මග නතර වෙනවා. නිසි හැදෑරීමකින් තොරව ලස්සන රුවක් තිබූ පමණින් නර්තනයට පැමිණෙන අය බොහෝයි.. ඕනෑම කෙනෙකුට නර්තන කණ්ඩායමක් හදාගන්න පුළුවන්. සංගීත ප්‍රසංග ආදියට පවා ..නමුත් මෙහෙයවීමට නිවැරදි ගුරුවරයෙක් නොමැති වුවහොත් ඉදිරි ගමනක් නැහැ..

 ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

ලෝකෙ කොහෙවත් නැති නර්තන විශේෂයන් ලංකාවෙ තිබෙනවා.. ඒවා ජාත්‍යන්තරයට අරගෙන යන්න ඕනේ. නර්තනය කියන්නේ කලාවක් .එබැවින් කලාවේ ප්‍රගමනය වෙනුවෙන් එවැනි දෙයක් කිරීම අපේ යුතුකම කියලයි මම හිතන්නේ.. මම ඒ වෙනුවෙන් කැපවෙනවා.

ඒ වගේම මා විශේෂයෙන් මතක් කරනවා මගේ බිරිඳ නිශානි ගමගේ මහත්මිය. ඇය තමයි costume සම්බන්ධයෙන් කටයුතු කරන්නේ.. වගේම ප්‍රවීණ නර්තන අාචාර්ය රොෂාන් දොඩංගොඩ මහතා සාම්ප්‍රදායික නර්තන අංශයෙන් මට විශාල සහයෝගයක් වෙනවා.. නම් සඳහන් කළ නොහැකි වුවත් මට මේ ආ ගමනට බොහෝ දෙනෙක් උදව් වුණා.. ඒ සියලු දෙනාටම ස්තුතියි!

By – Tharushi Nawanjana Liyanachchi

මට අද වෙන තෙක් කිසිම අනවශ්‍ය යෝජනාවක් ඇවිත් නැහැ – හිරුනි වන්නිආරච්චි

ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කෙටි කලකින්ම ජනප්‍රිය වූ යොවුන් තාරකාවියක්.. Miss Sri lanka for USA කිරුළ ජයග්‍රහණය කිරීමත් සමඟ අප හිතුවා ඇය සමඟ දොඩමළුවන්නට..ඇය නමින් හිරුනි වන්නිආරච්චි..

IMG-20180806-WA0001IMG-20180806-WA0011

– හිරුනි රංගන ශිල්පිනියක්ද නිරූපණ ශිල්පිනියක් ද?

මම දැනට නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා..

– ඒ කියන්නෙ ඔබ රංගනයටත් කැමතියි ?

ඔව් ..මගේ අකමැත්තක් නැහැ .නමුත් දැනට මම නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතුවල තමයි නියැලිලා ඉන්නේ..

IMG-20180806-WA0014IMG-20180806-WA0016HIruni 3

– හිරුනිගේ විනෝදාංශ මොනවද?

මම නර්තනයට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම travel කරන්නත් ආසයි..

– හිරුනි කොහොමද ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

මම වසර තුනක් පමණ සිට නර්තන කටයුතුවල නියැළෙනවා නමුත් මා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී දැනට වසර එකහමාරක් පමණ තමයි වෙන්නේ

මම දැනට මහේන්ද්‍ර පෙරේරා drama academic මේකට සම්බන්ධ වෙලා ඉන්නවා.. ඒ වගේම මේ ක්ෂේත්‍රයට පැමිණියේ catwork model academy එකෙන් හැදෑරීමක් කරලා

IMG-20180806-WA0000IMG-20180806-WA0008

– ඔබ ලබපු ජයග්‍රහණ ගැන මතක් කරමු නේද?

Catwalk model academy graduation එකේ miss catwalk 2017 allrounder ලෙස කිරුළු පැළඳින්න වාසනාව ලැබුණා

මේ වෙලාවෙ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා මගේ ගුරුවරයා දිල්හානි දේදුනු සහ රෝශිත රයන් යන දෙදෙනාවම..

– ඒ වගේම ඔබ Miss & Mrs sri lanka for  2018 ජයග්‍රහණය කළා ..අපි ඒ ගැනත් මතක් කරමු නේද?

ඔව් ..කිරුළු තුනක් සඳහා තරග වැදුණු තරගාවලියෙ මම Miss category එකෙන් ජයග්‍රහණය කළා.. ඒ වගේම ඉතාම ස්තුති පූර්වකව සිහිපත් කරනවා චිත්‍රාල් ද මැල්  , ශමිල් මලික්, රොසෙල් ප්ලන්කට්,රංග ගමගේ, ටිෂාන් ලක්මාල් ඇතුළු pageant එක සඳහා ශක්තියක් වුණු සෑම දෙනෙක්ම.. විනිශ්චය මණ්ඩලය විදිහට කටයුතු කළා නදීශා හේමමාලි, ගීතප්‍රිය සමරසිංහ, කිෂූ ගෝමස්, රොසෑන් ඩයස් ඇතුළු පිරිස..ඒ වගේම කියන්න ඕන මට ලොකු සතුටක් තියෙනවා රොසෑන් මිස්ගෙ අතින් කිරුළු පැළඳීමට ලැබීම ගැන..

HIruni 2HIruni

– හිරුනිගේ පෞද්ගලික තොරතුරු මොනවද?

මම හිරුනි වන්නිආරච්චි.. පාසල ශ්‍රී සුභූති ජාතික පාසල.. බත්තරමුල්ල. මගේ ගමත් බත්තරමුල්ල.. ඒ වගේම මගේ අම්මා  දිමුතු ප්‍රියංගිකා  මහත්මිය මා ඉතාමත් ආදරයෙන් සිහිපත් කරනවා..ඇය මගේ සෙවනැල්ල සේ පිටුපස ඉඳන් නිරන්තරයෙන් මට ශක්තියක් වෙනවා. මගේ පියා සමන්ත වන්නිආරච්චි.. ඒ වගේම නාමල් මධුශංඛ සහ යශෝද් රශ්මික කියන මගේ සහෝදරයන් සහ විශේෂයෙන් තමිඳු තත්සර ද මතක් කරනවා. ඒ අය මට හැමදාම ශක්තියක්..

– මෙතෙක් ආ ගමන ගැන ඔබට මොකද හිතෙන්නෙ ?

ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා මේ තරම් කෙටි කාලයකදී, අඩු වයසකදී, මේ තරම් දුරක් එන්න පුලුවන් වුණ එක ගැන..

– ක්ෂේත්‍රයට අලුතින් සම්බන්ධ වෙන අයට මොනවද කියන්න තියෙන්නේ?

කියන්න තියෙන්නේ මුලින්ම හදාරන්න.. එවැනි තැනකදි නියපොත්තේ ඉඳලා අපිව පුහුණු කරනවා .. 1st step එක විදිහට හැදෑරීම ආරම්හ කරන්න..

– නිරූපණ ක්ෂේත්‍රය ගැන විවිධ සමාජ මතිමතාන්තර තිබෙනවා.. ඔබ මොකද හිතන්නේ?

ඇත්තටම එක photo shoot එකක් කරලා model කියන අය ඉන්නවා ..එහෙම අය නිසා මිනිස්සු ෆීල්ඩ් එක දිහා බලන්නෙ වපර ඇහෙන්… මේක වගකීම්සහගත වෘත්තියක්. ඒ වගේම මට හමුවුණ සැමදෙනෙක්ම බොහොම හොඳ අය ආගම, දහම පවා විශ්වාස කරන අය.. මට අද වෙන තෙක් කිසිම අනවශ්‍ය යෝජනාවක් ඇවිත් නැහැ…

– ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා.. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ තරඟවලට සහභාගි වී ජයග්‍රහණ ලැබීමට බලාපොරොත්තු වෙනවා..

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

International Ms Sri Lanka 2018 – Lover of Nature

  1. Who is Dammi Abesinghe? Can you tell me a little bit about yourself?

Well, to be quite honest I’m a very simple down-to-earth individual.  Not a complicated enigma to decipher at all, and people who know me well enough, know that about me. I’m also a rather sensitive individual as well! Apart from that I have to add that I am an ardent lover of nature and animals.  Profession wise I’m both a professional beautician and a model. I love what I do, and I do what I love. And I’m quite happy that I have been able to excel in the work that I’ve been involved with.

received_11086295859517392

  1. How did it feel to win the International Ms. Sri Lanka 2018 title?

I honestly cannot put into words the joy I felt at that moment. Ever since I was a little girl, winning the title of a beauty pageant has always been one of my dreams. And being the emotional person that I am I was simply overwhelmed when they announced my name! But it’s not always about winning. Participating in that competition itself was truly a life changing experience and one that I will cherish in years to come.

  1. How do you engage yourself in your free time?

I wouldn’t say no to a good book or a shopping spree, haha! But I do a lot social service when I get some time off. There are a few children’s orphanages that I frequently visit and I spend my entire day with them.  Since I’m a beautician I dote on the little girls! I really spoil and pamper them sometimes but it brings me nothing but sheer joy doing that. Being the nature lover that I am, I take part in many programs such as beach clean ups, planting trees and do a lot of gardening as well. Mother Nature has given us, human beings so much but we sometimes tend to forget our responsibility to her.  Pollution has truly taken a toll on the planet and if we don’t act now the generations after us will be the ones to suffer.

DSC_6654 (1)_DSC0591xx (2)

  1. What are your thoughts on the modeling industry in Sri Lanka?

 There are a great many professional models who have achieved greatness in the international arena who hail from our beautiful island nation. A recent example is Januka Rajapaksa, winning the title of Best Male model at the ‘Best Model of the World’ for the year 2017 in France. So, we are not short of talent at all! But what our country truly lacks are modeling institutes which are of an international standard. It’s high time that we standardize and regulate these institutes as well. This way we can ensure that quality professional models are the end result. Having said that, what the people in our industry have achieved is immense; with the little resources that we have.

  1. Why do you think the modeling industry has been associated with negative connotations lately?

There is a very crude trend now, where women  ‘posing’ as professional models engage in very ‘questionable’ photo-shoots to get there sixty-seconds of fame on social media. And this has invariably affected our profession in a very negative manner.  People have this misconception that showing a bit of skin is what modeling is all about! Sadly, instant fame is what most of these individuals crave; hence the trend.

13

  1. So, what’s next? What plans do you have for the future?

My dream is to open my very own professional modeling school here in Sri Lanka. It’s a big dream for sure but one which I intend to accomplish somehow.

BY: Hasitha Fernando

“වැඩියෙන් කැමති සිනමාවට” – ඉරුෂි වීරසිංහ

නර්තනය හා රංගන දස්කම් ඔස්සේ කලා ගැබෙහි පායා එන දීප්තිමත් තරුවක් ඇය ..කාගේත් ආදරය දිනාගත් මේ සොඳුරු යුවතිය නමින් ඉරුෂි වීරසිංහ..

ඉරුෂි, මොනවද මේ දවස් වල වැඩ කටයුතු ?

සුපුරුදු පරිදි රංගන කටයුතුවල නිරත වෙනවා.. පසුගියදා ප්‍රීතිරාජ් වීරරත්න මහත්මාගේ චිත්‍රපටයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා හිටියා ..ඊට අමතරව commercials කිහිපයක් කලා.. ඉදිරියේදී තවත් චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා..සුරේෂ් කුමාරසිංහගෙ DVD Film එකකටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා..

received_1011597922333971 received_1011597945667302

– ඔබ කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ?

මම පාසල් කාලයේ සිට නර්තන කටයුතුවල නියැළෙනවා.. දැනට වසර 2කට පමණ පෙර තමයි රංගනයට සම්බන්ධ වුණේ ..

-ඔබ වෙනත් රැකියාවක නිරත වෙන ගමන්ද කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතුවල නියැළෙන්නේ ?

නැහැ ..නමුත් මටඉදිරියේදි රැකියාවක් ලැබුණත් ක්ෂේත්‍රයේ වැඩකටයුතු අත්හරින්නෙ නැහැ..ඒ දෙකම සමබරව කරන්නත් බලාපොරොත්තු වෙනවා..

received_1011598019000628received_1011598245667272

– ඔබ වැඩිපුරම කැමැති සිනමාවටද පුංචි තිරයටද ?

ඇත්තටම මම සිනමාවට තමයි වැඩියෙන් කැමති

– ඔබ නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙලා සිටියද ?

ඔව් ..මම දැනටත් නිරූපණ කටයුතුවල නිරත වෙනවා

මොනවද පවුලෙ විස්තර?

  මම ඉන්නේ මහරගම.. මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා ..අපේ පවුලේ එකම ළමයා මම..

received_1011597972333966received_1011597812333982

– රංගන ක්ෂේත්‍රයට ම්බන්ධ වන විට ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ ?

ගෙදර අයගෙ අකමැත්තක් නැහැ.. නිරූපණ කටයුතුවලදි මම තෝරා බේරාගෙන කටයුතු කරන්නෙ..

– ඔබේ අනාගත බලාපොරොත්තු ඉදිරි සැලසුම් මොනවද?

මම රංගන කටයුතුවලින්ම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා..ඒ වගේම නර්තනයත් මගේ ජීවිතේ අංගයක්..

ස්තුතියි ඉරුෂි.. ඔබට ඉදිරි රංගන ජීවිතයට අපෙන් සුබ පැතුම්!

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

“කලා පවුල්වලින් එන අයටයි, හිතවතුන්ට හැකියාව නැතත් අවස්ථාව ලැබෙනවා..ඒ නිසා දක්ෂයින් හැලෙනවා..”

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

රංගන ශිල්පිනියක් ලෙස අධ්‍යයනයන් ලබමින් ඉදිරියට යන්නියක් අැය..ප්‍රසිද්ධිය පසුපස හඹා නොයන, වැඩි හදිසියක් නැතිව යම් රිද්මයකට ක්ෂේත්‍රයේ ඉදිරියට යන චරිතයක්..ඒ නිසාම ප්‍රසිද්ධිට එහා ගිය ජනප්‍රියතාවක් කෙටිකාලකින්ම ළඟා කරගැනීමට ඇයට හැකි වුණා.. අද අපේ කතාබහ රංගන ශිල්පිණි ප්‍රීති විජේසිංහ සමඟ..

-කොහොමද මේ දවස්වල ඔබේ කාලය ගෙවෙන්නේ?

මම කාලයක් නිහඬවෙලා හිටියා. නැවතත් මාස හතරක පමණ කාලෙක ඉඳලා වැඩ කටයුතු පටන් ගත්තා. මුලින්ම ප්‍රීතිරාජ් වීරරත්න මහත්මාගේ Film එකකට සම්බන්ධ වුණා “තිත්ත ඇත්ත” කියලා.. ඊට පස්සේ commercial කිහිපයක් කළා. ලබන සතියෙ සුරේශ් කුමාරසිංහගේ “කබාලි රාජා” කියන අළුත් Film එකේ ප්‍රධාන චරිතය එක්ක තමයි වැඩ කරගෙන යන්නේ..

– කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

මම 2012 වසරේ තමයි ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වුණේ.. 2012 වසරේ සුදර්ශියේ ටෙලි නාට්‍යය සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වුණා.චන්දන ධර්මප්‍රිය මහතාගේ.. ඊට පස්සේ මට ඒකට call කළා..  එතන ඉඳලා දිගටම වැඩ වැලට සම්බන්ධ වුණා ..

received_1935454299852246

-ඔබ කළ චරිතවල ස්වභාවය එකිනෙකට වෙනස්ද ?එක වගේද?

එකම විදිහේ චරිත ලැබෙද්දි මට කරන්න දෙයක් නැහැ.. දෙයක් කරලා පෙන්නන්න පුළුවන් ටෙලිනාට්‍යයක් ලැබුණොත් මම අනිවාර්යයෙන් භාරගන්නවා. ඒ වගේම චරිත තෝරා බේරා ගැනීමක් සිද්ධ කරනවා.

ඔබ වැඩියෙන්ම කැමැති පුංචි තිරයටද? සිනමාවටද?

මම තීරණය කරලා තියෙනවා ටෙලිනාට්‍යවලට සම්බන්ධවීම යම් මට්ටමකට සීමා කරලා ඉදිරියේදී සිනමාවට සම්බන්ධ වෙන්න. මම ප්‍රේක්ෂකයන් අතරට ආවේ පුංචි තිරයෙන්.එ් හරහා කරන්න තියෙන දේවල් අඩුයි .මම කැමති දෙයක් කරලා පෙන්නන්න. මට සිනමාවේදී ඒ දේ ලැබිල තියෙනවා..

received_1935454819852194

ඔබ වෙනත් රැකියාවක් කරන අතර ද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නේ?

මම කලින් රැකියාවක් කළා ..පසුව රැකියාවයි කලාවයි සමබරව ගෙනයන්න අපහසු නිසා මම කලාවෙනි ඉදිරියට යෑමට හා එහිම රැඳී සිටීමට අවශ්‍ය නිසා රැකියාවට සමු දුන්නා..

-වේදිකා නාට්‍ය රංගනයට අවස්ථාව ලැබුණොත් භාරගන්නවද?

ඔව් ..ඇත්තටම මම වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වුණා.. මානෙල් චන්ද්‍රලතා මහත්මියගේ වේදිකා නාට්‍යයකට ඉදිරියේදී සම්බන්ධ වෙනවා ඊට අමතරව සැන්ඩෝ හැරිස් මහත්මාගේ වේදිකා නාට්‍යයකටත් ආරාධනා ලැබුණා ..මේ දවස්වල rehearsal  කරගෙන යනවා

received_1935454059852270 received_1935462653184744 (1)

-කොහොමද ඔබේ කලා කටයුතුවලට ලැබෙන ප්‍රතිචාර ?

බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.. 2012 ඒවගේ කරපු නිර්මාණ තාම මිනිස්සුන්ට මතකයි .facebook වැනි සමාජජාල නිසා ප්‍රේක්ෂකයින්ට ප්‍රතිචාර දැක්වීමට ලැබෙන අවස්ථාවත් වැඩියි.. facebook මගින් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා..

-ඔබේ පෞද්ගලික තොරතුරු, අධ්‍යාපනික කටයුතු ගැනත් කියමුද?

මගේ ගම රත්නපුර .. දැන් පදිංචිවෙලා ඉන්නේ කොළඹ මොරටුවේ.. මම උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරල තියෙනවා. ඊට අමතරව ඩිප්ලෝමා දෙකකුත් N.V.Q. level 4( beauty culture, makeup ) මට්ටමටත් හදාරා තිබෙනවා මේ වෙද්දි..

-ඔබ නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධ වී සිටිනවා ද ?

මම මුලින්ම නිරූපණ කටයුතුවල නිරතවුණා. පසුව ක්‍රමයෙන් ඈත්වුණා දැන් ඉඳලාහිටලා ඒ වැඩවලට සම්බන්ධ වුණත් මා මුල්තැන දෙන්නේ රංගනයට..

– ඔබේ ඉදිරි වැඩ කටයුතු මොනවද?

මට film දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. පසුගිය සතියෙත් ඉන්දියාවේ තිබුණ රූගත කිරීම් කිහිපයකට සම්බන්ධ වුණා.

රංගන ශිල්පිනියක් ලෙස ඔබ ඔබ ගැන සෑහීමකට පත් වෙනවාද ?

ඇත්තටම සෑහීමකට පත් වෙන්නේ නැහැ . මං හිතන්නේ හැම රංගන ශිල්පිනියක්ම මෙහෙමයි. තමන් කරපු වැඩ නැවත බලද්දි තව හොඳට කරන්න තිබුණා කියලා හිතෙනවා. මම තාම කලාව කියන දේ අධ්‍යයනය කරමින් සිටින්නේ.

– ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පැතිරෙන gossip ඔබට අභියෝගයක් වූ අවස්ථා තිබේද ?

සෑම ක්ෂේත්‍රයක් තුළම අභියෝග තිබෙනවා ..හැබැයි මේ ක්ෂේත්‍රය තුළ Gossip විදිහට මේ දේවල් එළියට එනවා වැඩියි. කියන දෙයටත් වඩා දේ උලුප්පා පෙන්වීමක් තමයි සිද්ධ වෙන්නේ. මම හරි වුණොත් ඕනෑම ක්ෂේත්‍රයක රැඳෙන්න පුළුවන්. අභියෝගවලට නම් මුහුණ දෙන්න සිදු වෙනවා..

–  සුදුස්සන්ට ද රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ?

ඒ ගැන නම් විවේචනයක් තිබෙනවා. හැකියාවන් ඇති අය ඉදිරියට එනවා වැඩියි.. විශේෂයෙන් කලා පවුල් වලින් ඉදිරියට එන අයට හැකියාවක් නැතත් අවස්ථාව වැඩියි.. හැකියාව තියෙන අයට අවස්ථාව අඩුයි. කලාව ඉදිරියට ගෙන යන්න නම් හැකියාවට වැඩි අවස්ථාවක් ලැබිය යුතුයි.හිතවතුන්ට නෙවෙයි..

– හොඳ රූපයක් තිබෙන ඕනම කෙනෙකුට රංගන ශිල්පියෙක් විය හැකිද ?

රූපය නෙවෙයි හැකියාවයි වැදගත්.. උදාහරණයක් ලෙස දෙනවක හාමිනේ ක්ෂේත්‍රය ⁣ජයගන්නෙ රූපයෙන් නෙවෙයි හැකියාව මත..හැබැයි දැන් තියෙන තත්වය අනුව නම් රූපය ගොඩක්ම වැදගත් වෙනවා..

– ක්ෂේත්‍රයට ඉදිරියේදී සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට මොකක්ද කියන්න තියෙන්නේ?

මම කලාවට සම්බන්ධ වෙනකොට රංගනය හදාරන්න තැනක් තිබුනේ නැහැ. නමුත් දැන් ඕන තරම් තියෙනවා. තමන්ගේ රූපය, පෞරුෂත්වය හා හැදෑරීම්/අධ්‍යයනයන් සහිතව ක්ෂේත්‍රයට ආවොත් කාටවත් වට්ටන්න බැහැ..

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි