Author: uslanka
අත්අඩංගුවට පත් හොරොව්පතානේ පස්දෙනාගේ බැංකු ගිණුම්වල කෝටි 100ක් යන පුවත ඇත්තද?
වාර්තාකරණය, ඡායාරූප සහ රූගතකිරීම: නිරාශා පියවදනි
පරිවර්තන සහය: ශබීර් මොහොමඩ්
අන්තවාදී ආගමික මතවාද පැතිරවීම ඇතුළු චෝදනා කිහිපයක් මුල් කර ගනිමින් හොරවේපතාන පොලිසිය විසින් ඉකුත් මැයි මස 24 වන දා ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබිණි. ඊට පසු දින එනම් මැයි 25 දා මෙරට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක මුල් පිටුවේ මේ පිළිබද පළ වූයේ සහරාන් කල්ලි පස් දෙනාගේ බැංකු ගිණුම්වල කෝටි 100ක් යන මැයෙන් වූ ප්‍රධාන සිරස්තලයද සහිතවය. එම ප්‍රවෘත්තියට අදාලව අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනාගේ ඡායාරූපද ඒ සමග පළ විය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමට අයත් ඇල්ලවැව ගම්මානයේ නුහුගේ සකරියා, සේනුල් අබ්දිල් ඉර්ෆාන්, ලේබ්බේ තම්බි ජැස්මින්, සේනුල් අබ්දින් කලිෆතුල්ලා සහ හොරොව්පතාන පොලිස් වසමේ කිවුලේකඩ ග්‍රාමයේ පදිංචි මොහිදින් බාවා නවුෆර් යන පුද්ගලයන් පස් දෙනෙකි.
හැදුනුම්පත් අංක මගින් කරන ලද පර්යේෂණයකට අනුව විදෙස් රටවලින් සහ මෙරට යම් යම් පුද්ගලයින්ගේ ගිණුම් හරහා එම මුදල ලැබී තිබූ බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ව තිබුණි.
මේ පුවත සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් පස් දෙනාගේ පවුල් වල සාමාජිකයන් ප්‍රකාශ කර සිටින්නේ බැංකු ගිණුම්වල කෝටි 100ක් තිබූ බවට චෝදනාවක් කිසිදු නීති අංශයකින් මේ වනතුරු ඔවුන්ට ඒල්ල කර නොමැති අතර මෙම සාවද්‍ය පුවත නිසා ඔවුන් බොහෝ සමාජීය අපහසුතා හා මානසික පීඩාවන්ට ලව ඇති බවයි. භාෂා ගැටළුව විශාල බාධාවක් වී ඇති නිසා අද වන විට තමන් පත්ව සිටින අසරණබව සහ තොරතුරු පැහැදිලිකිරීම් සිංහල මාධ්‍ය වෙත හෙළි කරගත නොහැකිව වඩාත් පීඩා විදින බවද ඔවුහු වැඩිදුරටත් අනාවරණය කර සිටියහ.
ප්‍රවෘත්තියේ ගැටළු සහගත කරුණු
අදාල පුවත්පත ඒම පුවත වාර්තා කර ඇති ආකාරය දෙස බැලීමේදී පැන නගින ප්‍රධානතම ගැටලුව වන්නේ සිදුවීමට අදාල නඩුවේ බී වාර්තාව හෝ එළිදැක්වීමට පෙර අත් අඩංගුවට පත් පුද්ගයින් පස් දෙනාගේ ගිණුම්වල කෝටි 100ක් තිබූ බවට ඒම මාධ්‍යවේදීන් නිගමනය කළේ කෙසේද යන්නය. ඒකී තොරතුර ලබා ගත්තේ විශ්වසනීය මූලාශ්‍ර හරහාද, පළ කිරීමට පෙර නිවැරදි බව තහවුරු කර ගැනීමට කටයුතු කළාද , අවසන් අධිකරණ තීන්දුව ලබා දීමට පෙරාතුව ඔවුන් සහරාන්ගේ කල්ලිය බවට නම් කිරීමට ඔවුන්ට ලැබුණු විශ්වසනීය සාක්ෂි මොනවාද, සැකරුවන් පස් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙර ඔවුන්ගේ පැහැදිලි ඡායාරූප මාධ්‍යට මුදා හැරුණේ කෙසේද, පුවතේ සදහන් පරිදි පොලිසිය විසින් එම තොරතුරු ලබා දුන්නානම් ඒවා ලබා දුන්නේ විධිමත් විමර්ශනයකින් අනතුරුවද, යන්න මෙම පුවත විමසුමට ලක් කිරීමේදී පැන නගින සෙසු ගැටළුය.
නීති විමර්ශන වාර්තා හෙළි කළ තොරතුරු
මේ වන විට අත්අඩංගුවට පත් පුද්ගලයින් පස් දෙනා සම්බන්ධ ත්‍රස්ත විමර්ශන වාර්තාව සහ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව නිකුත් වී ඇත. බී වාර්තාව නිකුත් කර ඇත්තේ ඉකුත් මැයි 27 වනදාය. එම නීතිමය වාර්තා තුළ මෙම අත්අඩංගුවට පත් සැකකරුවන් 5 දෙනාගේ ගිණුම්වල කෝටි 100 ක මුදලක් තිබූ බවට කිසිදු සදහනක් නොමැත.
හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිතුමන්ගේ ප්‍රකාශය
මේ පිළිබද හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව මහතා අපවෙත ප්‍රකාශ කර සිටියේ අත් අඩංගුවටපත් මෙම පුද්ගලයින් පස් දෙනාගේ ගිණුම් සතුව කෝටි 100ක මුදලක් තිබූ බවට තමා හෝ සිය පොලිස් ස්ථානයේ සෙසු නිළධාරීන් කිසිවිටෙකත් මාධ්‍යට ප්‍රකාශ නොකළ බවයි. අදාල පුවතේ සදහන්ව තිබූ එම සාවද්‍ය කරුණු හේතුවෙන් හොරොව්පතාන පොලිසියටද ගැටළුවලට මුහුණපෑමට සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් හොරොව්පතාන පොලිස් ස්ථානයට විරුද්ධව පරීක්ෂණයක්ද සිදු කළ බැව් ඔහු අනාවරණය කළේය. පොලිසියෙන් කිසියම් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන්නේනම් ප්‍රථමයෙන් තමන් ඒය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත දැනුම් දී අවශ්‍යනම් ඔහු ඒය මාධ්‍යට දැනුම් දෙනු විනා තමන් කිසි විටෙකත් ඒවැනි තොරතුරු මාධ්‍යට සෘජුව ලබා නොදෙන බවටද අවධාරණය කර සිටියේය.
කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිතුමන්ගේ ප්‍රකාශය
හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුව ගැනීමට පෙර සැකකරුවන් සියලු දෙනාවම කැබිතිගොල්ලෑව පොලිසිය විසින් කැදවීමක් කර කට උත්තර සටහන් කර ගැනීමට කටයුතු කර ඇති බව අත්අඩංගුවටපත් පස්දෙනාගේ පවුල්වල සාමාජිකයෝ අනාවරණය කර සිටියහ. මේ පිළිබද අප කැබිතිගොල්ලෑව පොලිසියේ ස්ථානාධිපතිතුමන්ගෙන් විමසීමක් කළෙමු. ඔහු පවසා සිටියේ මෙම සැකකරුවන් සහරාන් කණ්ඩායමට සම්බන්ධ බවට හෝ කෝටි 100ක මුදලක් ගිණුම්ගතව පැවති බවට තමාට කිසිදු තොරතුරක් නොලැබුණු අතර ඉස්ලාම් ආගමික මතවාද පැතිරවීම සම්බන්ධයෙන් ලද තොරතුරක් සම්බන්ධයෙන් පොලිසියට කැදවා කට උත්තර සටහන් කර ගත් බවයි. ඒ් අතරතුර හොරොව්පතාන පොලිසියෙන් ඔවුන් අත් අඩංගුවට ගත් බැවින් කැබිතිගොල්ලෑව පොලිසිය සිදු කළ විමර්ශන කටයුතු නවතා දැමීමට සිදු වූ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
අත්අඩංගුවට පත් පුද්ගලයින්ගේ සමාජ වටපිටාව:
අත්අඩංගුවට පත් සේනුල් අබ්දිල් ඉර්ෆාන් ඇල්ලවැව ග්‍රාමයේ පදිංචි අයෙකි. ඔහුගේ බිරිද ෆාතිමා ශාහිදා පැවසුවේ කෝටි 100ක මුදලක් ගිණුම්ගත වීමේ චෝදනාව තම සැමියා වෙතද එල්ලව ඇති නමුත් ඔහු සතුව අවම වශයෙන් ඉතිරි කිරීමේ බැංකු ගිණුමක් හෝ නොමැති බවයි. “අපිට බැංකු ගිණුම් නැහැ. ලයිසන්, වාහන තියා අපිට ඉන්න තැනක්වත් නැහැ. අපි ජීවිතේ ගැටගහන්නෙ ලොකු දුකක් විදලා. ඉතිං කොහොමද ඒ් පත්තරේ අය කියන්නෙ අපිට කෝටිි 100ක් තිබුණා කියලා? එදා පොලිසිය ඇවිත් ගෙදර ගොඩක් වෙලා සෝදිසි කළා. ඒත් සොයාගන්න කිසිවක් අපි ළග තිබුණෙ නැහැ. ඒ් ශාහිදාගේ හඩය.”
ඒක්දරු පියෙක් වන ඉර්ෆාන් පල්ලියක ගුරුවරයෙකු හෙවත් මවුලවිවරයෙක් වශයෙන් සේවය කර ඇති අතර බිරිද ගෘහණියක් වශයෙන් කටයුතු කරයි. තමාටම කියා නිවසක් නැති ඉර්ෆාන් සිය බිරිද සහ දරුවා සමග දිවි ගෙවන්නේ පුද්ගලයින් 15කින් සමන්විත පවුල් 5ක් වෙසෙන කුඩා නිවසකය.
දිනපතා පල්ලියේ ඉගැන්වීම් කටයුතු සදහා කිලෝමීටර් දෙකක් ගෙවා පයින් ගමන් කරන ඉර්ෆාන් හට පාපැදියක් ගැනීමට හෝ වත්කමක් නොතිබූ බව ඉර්ෆාන්ගේ පියා පැවසීය. මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු තම ඇතැම් නෑ සියන් මෙන්ම ඇතැම් ගම් වැසියන් සිය පවුලට අයි.එස් පවුල යනුවෙන් වාග් ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී ඇති අතර කෝටි 100ක් තිබේනම් මෙලෙස දුප්පත්කමින් මිරිකෙමින් ජීවත් වෙන්නේ මන්දැයි විමසමින් ඔවුන් සිය පවුල දැඩි අපහසුතාවට පත් කරන බවද ඔහු කදුලින් යුතුව පැවසීය.
අත්අඩංගුවට පත් තවත් අයෙක් වන ජැස්මින් ගුරුවරයෙකු වශයෙන් සේවය කළ දෙදරු පියෙකි. ඔහුගේ බිරිදද ගුරු වෘත්තියේ නියැලෙන අතර ප්‍රාථමික මට්ටමින් අඩක් ඉදි කළ නිවසක ඔවුහු වාසය කරති. ජැස්මින් මෑතකදී රිය අනතුරකට මුහුණ දී ඇති අතර එයින් ඇති වූ ශාරීරික ආබාධ හේතුවෙන් ඔහු ශරීර කෘත්‍ය කිරීම සදහා මහත් අපහසුතාවන්ට මුහුණ පාමින් සිට ඇත. නමුත් ඒ සදහා පහසුවක් සැලසිය හැකි කොමඩ් වර්ගයේ වැසිකිලියක අවශ්‍යතාව හෝ සම්පූර්ණ කර ගත නොහැකිව ඒ වෙනුවට පුටුවක් භාවිත කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ බව ඔහුගේ බිරිද පෙන්වා දුන්නාය.
ජැස්මින්ගේ බිරිද පාසල් සමිතියක් හරහා ණයක් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර ඇගේ වැටුපෙන් රු.20,000ක මුදලක් මාස් පතා ණය සදහා වෙන්වෙයි. පෙරදී සැමියාගේ වැටුපද ලැබුණු බැවින් සිය පවුල ජීවත් කරවීම එය ප්‍රමාණවත් වුවද දැන් ඔහුගේ රැකවරණය ද අහිමි යාමෙන් ඇය අසරණ තත්වයකට වැටී ඇති බව හෙළි කළාය. දෙපාරක් ඇවිල්ල ඔවුන් සෝදිසි කෙරුවා නමුත් කිසිම දෙයක් අරන් ගියේ නැහැ. කෝටි 100ක චෝදනාව සම්බන්ධයෙන් පුවත්පතේ පළව තිබුණද පොලිසියෙන් හෝ වෙනත් නීති අංශයකින් මේ වන තෙක් එවැනි චෝදනාවක් සිය සැමියාට එල්වී නොමැති බවද ඇය අනාවරණය කර සිටියාය.
අත් අඩංගුවට පත් මොහිදින් බාවා නවුෆර් හොරොව්පතාන ගම්මානයේ උපාධිධාරී සංවර්ධන නිළධාරියෙකු වශයෙන් කටයුතු කළ සිව් දරු පියෙකි. ඔහුගේ බිරිද රජයේ පාසලක ගුරුවරියක වශයෙන් කටයුතු කරයි. අත්අඩංගුවට ගත් දින ඔවුන්ගේ මුළු නිවසම පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔහුට අයත් බැංකු පොත සහ විදේශ ගමන් බලපත්‍රයද පොලිස් භාරයට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීමම පිටුපස දේශපාලන පලි ගැනීමක් ඇති බවට සැක පහළ කරන ඔහුගේ බිරිද මාධ්‍යවල පළ වූ චෝදනා පිළිබද අදහස් දක්වමින් පෙන්වා දුන්නේ දැනට ඔවුන් ජීවත් වන අඩක් නිම කළ නිවසේ ඉදිරිපස කොටස තනා ගත්තේද අමානා බැංකුවෙන් ලබා ගත් නිවාස ණය මුදලකින් බවයි. තවත් වසර ගණනක් එම ණය මුදල ගෙවා දැමීමට නියමිව ඇති බවද ෙමේ වන විට ඒදිනෙදා වැඩපළවලට ද වූ ණය රැසක් ගෙවා දැමීමට ඇති බවද ඇය වැඩිදුරටත් සදහන් කළාය. ” ඔින කෙනෙකුට අපි ෙදෙන්නගෙම ගිණුම් පරීක්ෂා කරලා බැලුවොත් ෙපෙනෙයි අපේ මාසික වැටුප විතරයි අපේ ගිණුම්වවලට ඇවිත් තිබෙන්නෙ කියලා. පත්තරේ කියනවා වගේ කෝටි 100ක් අපි ළග තිබුණනම් මේ තරම් ණය වෙලා දුක් විදින්නෙ මොකටද. ”
නවුෆර් සේවා ස්ථානයේ කාර්ය මණ්ඩලය මෙන්ම ගම්වැසියන් සමග ගෞරවනීයව කටයුතු කළ අයෙකු වූ අතර අදාල පුවත්පතේ පළ වූ කෝටි 100 චෝදනාව නිසා කාර්්‍ය මණ්ඩල සාමාජිකයන් තුළ ඔහු කෙරහි පැවති විශ්වාසය ගිලිහී ගොස් ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති. ඒසේම ගම්මානයේ දිගුකාලීනව පැවති සිංහල මුස්ලිම් සම්බන්ධතා බිද වැටී එය සිය පවුලටම තදබල මානසික කම්පනයක් වී ඇති බවද ඔහුගේ පවුලේ පිරිස් හෙළි කර සිටියහ.
නූහුර්ගේ සකරියා ඇල්ලවැව ග්‍රාමයෙන් අත්අඩංගුවට පත් තවත් අයෙකි. බඩ ඉරිගු වගාවෙන් ජීවිකාව ගෙන ගිය සකරියාද කලක් මවුලවිවරයෙකු වශයෙන් කටයුතු කර ඇත. තිදරු පියෙක් වන ඔහුගේ බිරිද ගෘහණියකි. මේ පිළිබද හඩ අවධි කළ බිරිද “අපිට වත්කමකට කියලා තියෙන්නේ මේ දරුවො ටිකයි ඉන්න ගෙදරයි විතරයි. සහරාන් කියලා කෙනෙක් ගැන දැන ගත්තෙත් අපි මේ සිද්ධියෙන් පස්සෙ. අපේ පවුල රැකුණෙ මහත්තයා ගොවිතැන් කරලා ගෙනාපු ආදායමෙන්. දැන් එයා නැති නිසා අපි ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. වේල් ගණන් බඩ ගින්නෙ ඉන්න ෙවෙලාවලුත් තියනවා. අහල පහල කවුරුහරි අපි ගැන අනුකම්පා කරලා දෙන දෙයක් කාලා තමයි දැන් අපි ජීවත් වෙන්නෙ. මේ පලාතට අලින්ගෙන් ගොඩක් කරදර වෙනවා. අපි ජීවත් වෙන්නෙ දැන් හරි බයෙන්.”
කලිෆතුල්ලාද ඇල්ලවැව ග්‍රාමයෙන් අත්අඩංගුවට පත් පස්දරු පියෙකි. ඔහුගේ බිරිදගේ පියා කලිෆතුල්ලාගේ දරුවන් වෙත දෑත් දිගු කරමින් පවසා සිටියේ “ගමේ අය පත්තරේ ගෙනත් පෙන්වනකම් අපි ෙකෝටි 100 කතාවක් දන්නෙ නෑ. මේ දරුවන්ගේ කන්වල තිබෙන තෝඩු දෙස හොදින් බලන්න. ඒවා රත්තරන් නෙවෙයි. රත්තරන් තෝඩු දෙකක්වත් එයාලට දෙන්නවත් අපට වත්කමක් නැහැ. මම මගේ දුවට දීලා තියන ඉඩමයි මේ ගෙදරයි දරුවො පස් දෙනයි තමයි අපට තියන එකම වත්කම. “
සාවද්‍ය පුවත පළ කළ පුවත්පත පැවසූ තොරතුරු
මෙම සැකකරුවන් පස්දෙනා සතුව කෝටි 100ක් ගිණුම්ගතව තිබූ බවට වූ පුවත පළ කිරීමට පෙර එහි නිරවද්‍යතාවය විශ්වසනීය සාක්ෂි හා මූලාශ්‍ර හරහා තහවුරු කර ගැනීමට කටයුතු කළාද යන්න අප එම පුවතපතේ ප්‍රධාන කර්තෘතුමන්ගෙන් හා පුවත වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් විමසීමක් කළෙමු. එහිදී ප්‍රධාන කර්තෘතුමා පවසා සිටියේ එවැනි විමර්ශනයක් කිරීමට කාලයක් නොතිබූ බවත් ඒය සාවද්‍්‍ය පුවත් බවට හෙළි වීම පිළිබද තමා දැඩිව කණගාටු වන බවත්ය.
පුවත වාර්තා කළ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදිනිය අප හා පැවසුවේ පුවත නිවැරදි බවට තහවුරු කර ගැනීමට කටයුතු කළේද නැද්ද යන්න අප කරන විමසුමට කිසිදු පැහැදිලි කිරීමක් සිදු කිරීමට තමා බැදී නොසිටින අතර කෝටි 100ක් ගිණුම්ගත වීමේ තොරතුර තමාට පැවසුවේ හොරොව්පතාන පොලිසියෙන් නොවන බවය.
අනතුරුව අපි එම පුවත වාර්තා කළ ප්‍රාදේශීය වාර්තාකරුවද සම්බන්ධ කර ගතිමු. ඔහු පැවසුවේ කිසිදු නීතිමය විමර්ශන වාර්තාවක් හෝ එම පස්දෙනාගේ බැංකු ගිණුම් වාර්තා හෝ අධ්‍යනය කිරීමට තමාට ඉඩ නොලැබුණු නමුත් තොරතුරු පැවසුවේ පොලිසිය බැවින් එය විශ්වසනීය මූලාශ්‍රයක් ලෙස සළකා පුවත වාර්තා කළ බවය.
පුවත්පතට ඡායාරූප ලබා දුන්නේ කවුද?
සැකකරුවන් පස් දෙනා පිළිබද අවසන් අධිකරණ තීන්දුව තවමත් ලබා දී නැත. ඒපමණක් නොව අවම වශයෙන් නඩුවේ නඩුවේ බී වාර්තාව හෝ නිකුත් වීමට පෙර ඔවුන්ගේ පැහැදිලි පින්තූර පුවත සමග පළව තිබුණේ සහරාන්ගේ කල්ලිය ලෙසින් හැදින් වූ සිරස්තලයක් ද යටතේය. තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට උත්සහයක් නොකළ පසුබිමක් තුළ එවැනි සිරස්තලයක් යටතේ පින්තූර පළ වූයේ වාර්තාකරුවන්ගේ අනුදැනුම යටතේද යන්න අප කළ විමසීමේදී ප්‍රාදේශීය වාර්තාකරු අනාවරණය කර සිටියේ පොලිසියේ උසස් නිළධරයෙකු තමාට එම පින්තූර ලබා දුන් බවය.
ඒ අනුව අප හොරොව්පතාන පොලිසියෙන් කළ විමසුමකදී එහි ස්ථානාධිපති රොෂාන් සංජීව මහතා ප්‍රකාශ කර සිටියේ තමා කිසි විටෙකත් සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යට ලබා නොදුන් බවය. මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ දින මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම පොලිසියට පැමිණ සිටි අතර මෙම පින්තූර ඔවුන් විසින් ලබා ගන්නට ඇතැයි තමන් සිතන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම පින්තූර පහ දෙස බැලීමේදී පසක් වන සුවිශේෂ කරුණු කිහිපයක් ඇත. ප්‍රධානම කරුණනම් සැකකරුවන් පස් දෙනාම පින්තූරයට සිය මුහුණ පැහැදිලිව පෙනෙන සේ සීරුවෙන් සිට කැමරාවට මුහුණ දී ඇති බවය. එනම් මෙම පින්තූර ඔවුන්ද දැනුවත්ව එකම ස්ථානයකදී ලබා ගත් ඒවා බවය.එසේම පින්තූර පහේම පසුබිම රතු පැහැති එකම ආකාරයකින් යුක්තය. ඒ් අනුව ඒ්වා සැකකරුවන්ට පිටුපා හෝ ඔවුන් නොදැනුවත්ව මාධ්‍යවේදීන් විසින් ලබා ගත් ඒ්වා නොවන බව පැහැදිලිය.
අත්අඩංගුවට පත් අයගේ සාමාජිකයන්ගේ පවුල්වල අයෙක් මෙම පින්තූර හැදුනුම්තෙන් ලබා ගත් ඒවා බව හදුනා ගැනීමට සමත් වූ අතර අතර අත් අඩංගුවට ගන්නා විට හැද සිටි ඇදුම සහිත පින්තූරය හදුනා ගැනීමට ද තවත් අයෙක් සමත් විය. එසේනම් මෙම පින්තූර අත්අඩංගුවට ගත් දිනම එකම ස්ථානයකදී ලබා ගත් පින්තූර බව ද පැහැදිලිය.
සැකකරුවන් වෙත එල්ල වී ඇති මූල්‍ය චෝදනා පිළිබද නීති වාර්තා ඇසුරින් හෙළි වූ තොරතුරු
මෙම අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනා වෙත එල්ල වී ඇති මූල්‍ය චෝදනාවක් පිළිබද නඩුවේ බී වාර්තාවේ සදහන්ව ඇත. ඒ ආගමික ස්ථානයක් ඉදි කිරීමට ලද මුදල් ආධාරයක් වූ රුපියල් ලක්ෂ 25ක මුදලක් කේන්ද්‍ර කර ගනිමිනි. සැකකරුවන් 5 දෙනාටම එකී මූල්‍ය චෝදනාව එල්ල වී ඇති නමුදු ඔවුන් පස් දෙනාගේම බැංකු ගිණුම්වල එවැනි මුදලක් තිබූ බවට තවමත් හෙළිදරව් වී නොමැත. ඔවුන් අතුරින් එක් අයෙක් වන ලෙබ්බේ තම්බි ජෙස්මින් යන අයගේ ගිණුමට පමණක් 2013 වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා වාර කිහිපයකට එම ලක්ෂ 25ක මුදල් ලැබී ඇති බව බැංකු වාර්තා පෙන්වා දෙයි.
එකී මුදල ලැබී ඇති ආකාරය අනුව එය වරින් වර එනම් මාස 10 ක් තිස්සේ වාර 19කට ලැබුණු මුදල් බව පෙන්නුම් කරන අතර ඇතැම් වාරයන්වල රුපියල් 10,000ක් වැනි සුළු ප්‍රමාණයන්ද ගිණුමට බැර වී ඇත.
මේ වන විට ජැස්මින්ට එම මුදල් ලබා දුන් තැනැත්තාා බවට සදහන් දෙහිවල කව්ඩාන පාරේ පදිංචි මොහොමඩ් සහීම් නසූර්දීන් නැමැත්තෙකු නීතිමය වාර්තාවක් ඉදිරිපත් කරමින් තමා ලබාදුන් මුදල් ප්‍රමාණයන් හා ඊට අදාල තොරතුරු රැසක් අනාවරණය කර ඇත. එහි සදහන් පරිදි 2005 වසරේ සිට 2015 දක්වා නසූර්දීන් ටෙලිකොම් ඉන්ජිනේරුවරයෙකු වශයෙන් සවුදි අරාබියේ රැකියාවක නිරතව ඇති අතර මිය ගිය සිය පියාණන්ව සිහිවීම පිණීස 2013 වසරේදී කැබිතිගොල්ලැව ප්‍රදේශයේ පෙර පාසලක් ඉදි කිරීමට ලක්ෂ 20ක මුදලක් ප්‍රදානය කර ඇත. එම මුදල් සම්බන්ධීකරණය කර ඇත්තේ මෙම සිද්ධීයේ අත්අඩංගුවට පත්ව සිටින සිය මිතුරෙකුවන ලෙබ්බේ තම්බි ජැස්මින් යන බවද වැඩිදුරටත් සදහන් කර ඇත.
අත්අඩංගුවට පත් පස්දෙනා පමණක් මෙම සිදුවීමේ ඉලක්කයක් වූයේ කෙසේද?
වැඩිදුර තොරතුරු ගවේශණයේදී ඇල්ලවැව ගම්මානයේ තක්වා මුස්ලිම් පල්ලියේ පූජකතුමන් වන ඉබ්රාහිම් අබ්දුල් හාලික් විසින් සුවිශේෂ කරුණු කිහිපයක් අනාවරණය කරනු ලැබිණි.
අත්ඩංගුවට පත් පිරිස හා ගමේම වෙනත් පිරිසක් අතර කලක් තිස්සේ විරසකයක් පැවතිණ. ඒ් මෙම දෙපිරිස අනුගමනය කරන ඉස්ලාමීය ආගමික මතවාද හා ඇදහීම් ක්‍රම වල පැවති සුළු වෙනස්කම් සම්බන්ධයෙනි. බොහෝ කාලයක් දෙපිරිසම එකම පල්ලියක වැදුම් පිදුම් කළද මතවාදීමය විරසකය ක්‍රමයෙන් වැඩි විය. මේ වන විට අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ඇතුළු පිරිසක් එකල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත්තේ මෙම මතවාදී ගැටුමට විසදුමක් සෙවීමටය. ඒ සදහා මුල් තැනගෙන කටයුතු කර ඇත්තේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් පස්දෙනාය. එම නඩුවේ අවසන් අධිකරණ තීන්දුව වී ඇත්තේ මතවාදීමය ගැටුම් හේතුවෙන් මෙම දෙපිරිසටම තවදුරටත් එකම පල්ලියක වැදුම් පිදුම් කළ නොහැකි බැවින් ගම තුළ ඔවුන්ටම වෙන්වූ ආගමික ස්ථාන ඉදි කළ යුතුය යන්නයි. එම නියෝගයෙන් අනතුරුව සාම්ප්‍රදායික ඉස්ලාම් පල්ලියට අමතරව තවත් පල්ලියක් බිහි වූ අතර එය දෙපිරිස අතර විරසකය වඩාත් වර්ධනය කරන්නටද හේතුවක් වූ බව පූජකතුමා සහ ගම්වාසීහු අනාවරණය කර සිටියහ.
ඉකුත් අප්‍රේල් 27 වනදා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ත්‍රස්තවාදය පිළිබද භීතියෙන් රටම ඇවිළී ගිය අතර ආගමික මතවාද පැතිරීම සම්බන්ධව ආන්දෝලනාත්මක පුවත් නිතර ඇසෙන්ට විය. ගමේ සාම්ප්‍රදායික ඉස්ලාම් මතධාරී කණ්ඩායමක් එම සිදුවීම පුද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමේ අවියක් ලෙසින් භාවිතකර පොලිසියට සාවද්‍ය තොරතුරු ලබා දී නොමග යැවීමෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇති බව අත්අඩංගුවේ සිටින පුද්ගලයින් පස් දෙනාගේ පවුල්වල සාමාජිකයන්‌ගේ දැඩි විශ්වාසයයි.
තොරතුරු ලබා ගත් ප්‍රාථමික මූලාශ්‍ර
මෙම ගවේශණාත්මක වාර්තාව සැකසීමේදී අදාල පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමන්, පුවත වාර්තා කළ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදිනිය, ප්‍රදේශීය පුවත් වාර්තාකරු, කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිතුමන්, හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිතුමන්, මෙම සිදුවීම සිදුවූ කාල වකවානුවේ උතුරුමැද වයඹ භාර නියෝජ්‍ය පොලිස්අධිකාරි වශයෙන් සේවය කළ ජගත් අබේසිරිවර්ධන මහතා, අත්අඩංගුවට පත් පාර්ශවයන්ගේ පවුල්වල සාමාජිකයන්, ගම් වැසියන්, ගමේ පූජකවරයෙකු, විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු යන පාර්ශවයන් සම්බන්ධකොටගෙන ලබා ගත් තොරතුරු හා පැහැදිලිකිරීම් මෙන්ම නඩුවේ බී වාර්තාව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයෙන් මෙම සිදුවීමට අදාලව නිකුත් කළ වාර්තා අධ්‍යනයට ලක් කරනු ලැබිණි. (මෙම සිදුවීම සම්බන්ධයෙන් නීති විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන අතර අප කරන ගවේශණ කටයුතු ද අඛණ්ඩව කෙරෙමින් පවතියි)








සේයාරූ සටහන්
1.සකරියාගේ බිරිද – මොහොමඩ් මහරූෆ් නසීභා
2.ජැස්මින්ගේ නිවස
3.ජැස්මින් රිය අනතුරින් පසු උද්ගත වූ ශාරීරික අපහසුතා මග හරවා ගැනීමට ඇවසි වැසිකිලි පහසුකම් සපයා ගැනීමට වත්කමක් නොමැති වීම නිසා ඒ සදහා තාවකාලික විකල්ප යොදා ඇති අයුරු
4. ජැස්මින්ගේ බිරිද ජෙබා කයිරූල් හුදා
5. නවුෆර්ගේ බිරිද සිති අයිෂා
6. කලිෆතුල්ලාගේ බිරිද ෆාතිමා නසීභා
7. ඉර්ෆාන් සිය පවුල සමග ජීවත්වන නිවස – මෙම නිවසේ පුද්ගලයින් 15කින් සමන්විත පවුල් 5ක් පදිංචිව සිටිති.
සෙසු ඡායාරූපවල දැක්වෙන්නේ සාවද් තොරතුරු ඇතුළත් ප්‍රවෘත්තිය පළ කළ පුවත්පතේ පළ වූ අත්අඩංගුවට පත් සේනුල් අබ්දිල් ඉර්ෆාන් , ලේබ්බේ තම්බි ජැස්මින්, සේනුල් අබ්දින් කලිෆතුල්ලා , මොහිදින් බාවා නවුෆර් සහ නුහුගේ සකරියා යන පුද්ගලයින් පස් දෙනාගේ පින්තූර පෙළයි
Small Minds Strong Values – Rukshan Perera
Kandulu ( කඳුළු ) Geethika Wickramasinghe. ( Official Music Video
Forum on “Emerging Careers for the Future”
The National Human Resources Development Council of Sri Lanka (NHRDC) together with The Institute of Chartered Accountants of Sri Lanka (ICASL), CareerMe, Chartered Institute of Personnel Management (CIPM), The International Chamber of Commerce of Sri Lanka (ICC), and Daily Financial Times have organized a forum on “Emerging Careers for the Future”
This seminar will be held on 18th July 2019 at 8.30 am at the Members Lounge of The Institute of Chartered Accountants of Sri Lanka (ICASL), Colombo 07.
Hon. Sagala Ratnayake, Cabinet Minister of Ports, Shipping & Southern Development & Youth Affairs will graced the event as the chief guest and Mr. Thomas Kring, Officer in Charge, International Labour Organization, Sri Lanka will be the Guest of Honour. Prof. Mohan De Silva, Chairman University Grants Commission will be the Keynote Speaker.
The event will be followed by a panel discussion with experts: Dr. Nihal De Silva, Dean/Chairman of International Institute of Health Sciences, Mr. Jagath Perera, President of Institute of Charterd Accountants of Sri Lanka, Mr. Reyaz Mihular, Managing Partner, KPMG, Mr. Bingumal Thewathanthri, Chief Executive Officer, Standard Chartered Bank, Ms. Louise Cowcher, Director (Education and English), The British Council, Mr. Peeyush Arya, Partner, Deloitte, Mr. Charles Conconi, Project Director, YOULEAD, Ms. Anjana Kulasekara, Founder/CEO CareerMe and the audience participation. Mr.Dinesh Weerakkody, Chairman, National Human Resources Development Council of Sri Lanka and the International Chamber of Commerce will moderate the panel discussion.
Gam Madde Podi Kurullane
Sri Lankan Cinema Songs Night by Boston Nade
Drum Performance by Boston Nade
EATING BITTERNESS AGAIN
By: Capt Elmo Jayawardena
I will make this article short, simply because what I am writing is extremely sad. 350 plus totally innocent people died on Easter Sunday morning due to random bomb explosions. 500 or more were maimed and are fighting for their lives in hospitals. The extremists who are responsible would have had their own reasons for creating this terrible tragedy. Everyone has reasons for everything they do: but does that give them the right to kill innocent people? They planned, they came, they bombed, and the ones who paid the price were people who had gone to church on this Black Easter to pray and those who sat at a table to enjoy a celebrative breakfast.
So we heard the sirens again of ambulances carrying the wounded screaming to reach hospitals. Shell-shocked by-standers in semi-zombi mode were talking in whispers, making attempts to figure out what had happened. A ghostly silence shrouded everyone and those who were old enough were dragged back to pre-Nandikadal days which we have almost forgotten in the last ten years. It is four days as I write since the first bomb went off in Katuwapitiya. The gloom has gathered around everyone. And it has spread across the island like a weed-clogged wave. We do not know what happened except bombs killed people and we do not know why it happened. We also do not know what is going to happen. In some ways it is a deja wu of the days of our ethnic conflict. We fed on bitterness for three decades, the taste is well remembered and that is what is most frightening.
I paid my humble respects to a dear friend, Menik Suriyarachchi and her daughter 10 year-old Alex. They both died in the Negombo blast. I shook the husband Sudesh’s hand mumbling meaninglessly as I was totally incapable of any form of consolation with words. What can you tell a man who had lost both his worlds, the loving wife and a darling daughter? Driving back from the wake I thought of my old basketball friend Remigius Perera of Shamrocks and Sri Lanka fame. He had gone to Kochchikade church for Easter mass. His final ‘time-out’ was called by a vicious suicide bomber who did not know him at all. Didn’t know Remigius was a simple tall man who played basketball. He didn’t have to die like this leaving a grieving family totally bewildered for the absolute waste of it all. That is what is so sad about this, everyone who died or got maimed had nothing to do with anything that is connected to this carnage.
Then came the aftermath and they started passing the political blame ball. It was embarrassing to watch them on television screens. I do not have any knowledge of security strategies and how they are implemented. But when a big-wig says we didn’t know this was so big, I wonder where he draws the death toll demarcation line of what is big and what is small? Then the Island editorial states that a senior minister dropped a bombshell at a press conference. I too saw it on a broadcast of ‘Ada Derana.’ He categorically stated that some people were arrested as suspects of terror activities in January; places were mentioned and so were the bomb-making equipment they were caught with. A terrorist training camp was mentioned. According to his revelation a powerful politician used his influence and got one of the arrested freed who was subsequently identified as one of the Easter Sunday suicide bombers. Suspected terrorist, police arrest and then released through someone’s political clout. Where is the bombshell without a name? Who is this un-named Rumpelstiltskin? 359 innocent lives lost. Their devastated loved ones sure have a right to know.
By the 11th of April it is said that there was a warning of a terror attack given by an intelligence arm of a friendly neighboring country. The warning was repeated and with some details and names and it was also mentioned that the probable date was Easter Sunday and the attack would be against catholic churches. The so-received information was printed and distributed to the relevant people in the helm of national security. It certainly would have gone to many a nook and corner so much so that an elderly gentleman on a hospital bed had warned his politician son to avoid going to church on Easter Sunday as there were stories going around of a possible bomb attack.
What is stranger than fiction is both the President and the Prime Minister very clearly stating on national television that they were not aware that there was such a warning.
The Minister who was warned by his father lying on a sick bed may not have gone to church. So would the masses that were killed had they known the possibility of this horrendous tragedy.
I know for sure there were 5 other people who didn’t know of this possible heinous crime. My friend Menik Suriyarachchi and her little darling daughter did not know. So was my basketball friend Remigius who had no idea of any planned bomb attack. That is 3 out of the 5 people who definitely were unaware. The balance two knowing would have made all the difference. Unfortunately, they happen to be the Captain and the Vice-Captain of our nation. What kind of a circus is our governing administration? Who is responsible for this breakdown of vital communication? Will they ever be exposed and charged for their negligence? Or like so many other instances will all this end up under the proverbial carpet?
Looks like we are on track again to eat bitterness, as if 30 years weren’t enough.
That is the sum-total of this unbelievable chain of events. What I wrote here is what I gathered from the newspapers and from the television channels. Who knows what is true and what is not? As sad as this situation is what is infinitely sadder is the mockery I see at times in press conferences and the ones who make vain attempts grinning like clowns to pass the buck, whilst some others try to pick Brownie Points at the expense of a national tragedy. 359 innocent lives that were lost on Easter morning should not be pawned for political excuses or political gain.
Sadly, all that of course, come straight from Diyawanna Oya.
BY: Capt Elmo Jayawardena
Elmojay1@gmail.com



