SLFP සහ SLPP නායකත්වය MRට

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක් පක්‍ෂයක් වී එහි නායකත්වය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද සුදුසු තනතුරක් ඉදිරියේදී ලබා දෙනු ඇති බවයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ වර්තමාන කාර්ය භාරය පිළිබදව ද අදහස් දක්වමින් “හිටපු ජනාධිපතිනිය දැන් අවලංගු කාසියක්…දේශපාලනයේ. එතුමිය සිය සතුරන්ගේ ඔත්තුකාරියක්. ඒ නිසා එතුමියගේ වචනයට දැන් අපි ගාව ඉඩක් නෑ. එතුමියගෙන් ලබා ගන්න පුළුවන් කෙහෙල්මල් සහයක් අපිට නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අපිම බලා ගන්නම්.” යනුවෙන් ඔහු පැවසීය.
බොහෝ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටළුවකටද ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් විසදුම් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය
අශන්ති වරුනසුරිය

පළමු පාර්ලිමේන්තුවේ වෙනස් කම්. මන්ත්‍රීවරුන්ට චිරිබිරි කතා බැහැ

ලබන බ‍්‍රහස්පතින්දා (20) පැවැත්වෙන 09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ සිට සියළු මන්ත‍්‍රවරුන්ට සෞඛ්‍ය රීති මාලාවක් පැනවීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන සියලූ මන්ත‍්‍රීවරුන් මුඛ ආවරණය අනිවාර්යෙන්ම පැළඳිය යුතු බවයි. එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගමන් කිරීමේදී අනිවාර්යයෙන්ම මීටරයක පරතරය තබාගත යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
එමෙන්ම මන්තී‍්‍රවරුන්ට ඒකරාශි වී සාකච්ඡා කිරීමට හෝ සතුටු සාමීචියේ නිරතවීමට මෙවර පාර්ලිමේන්තුවේදී අවස්ථාවක් නොලැබෙන බව පැවසෙනවා. ඉතිහාසයේ පළමුවරට මෙවර පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් ලියාපදිංචි කිරීම සිදුකළේ ද ඔන්ලයින් ක‍්‍රමයටය. ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත‍්‍රිවරුන්ගෙන් 223 දෙනෙකුම මේ වනවිටත් ලියාපදිංචි වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර සඳහා පත්කෙරෙන සභිකයින් දෙදෙනා පමණක් මෙතෙක් නම් කර නැහැ. ඒ, එම පක්ෂ 02 තුළ මතුව ඇති අභ්‍යන්තර ගැටලූ කීපයක් මුල් කරගනිමින්.
පළවෙනිම කාරණය කථානායකතුමා තෝරා ගෙන ඉන් පසුව මන්ත්‍රිවරුන් දිවුරුම්දීම සිදු කිරීමට නියමිත අතර පළමු දවසේදී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රිවරුන්ට ඕනෑම ස්ථානයක නිදහසේ අසුන් ගැනීමේ හැකියාව ලැබෙන අතර පසුව කතානායකවරයා විසින් අදාළ සියලු මන්ත්‍රිවරුන්ට නියමිත ආසනයක් වෙන් කර දෙනු ඇති.

පළමු කැබිනට්ටුව 19ට අත ගසයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශේෂ කැබිනට් පති‍්‍රකාවක් අනිද්දා (19 වැනිදා) පැවැත්වෙන නව රජයේ පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා
නව රජයේ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ද පසුගියදා අදහස් දක්වමින් සඳහන් කලේ  19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ඇති වූ අර්බුද නිමා කිරීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා වන යෝජනාවක් නව රජයේ පළමු කැබිනට් රැුස්වීමේදී ගෙන ඒමට තමන් අදහස් කර බවයි
ඒ අනුව 19 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියද අහෝසි වන බවත් රට ඉදිරියට ගෙනයාමේදී අපහසුතාවන්ට ලක්වන වගන්ති පමණක් වෙනස් කිරීම සදහා සාකච්ඡා කිරීමට සූදානම් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා
අශ්වරු

දිවුරුම් දුන් ඇමතිවරුන්ට නියෝගයක්

අද (12) ඇමති ධූරයන්හි දිවුරුම් දුන් සියලුම අමාත්‍යවරු වෙත ජනාධිපතිවරයා නියෝගයක් ලබා දී ඇත්තේ මේ වන විටත් පත්ව සිටින ආයතන සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු පත්වීම්වල වෙනසක් වන්නේ නම් ඊට ජනාධිපතිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සදහන් කරමිනි.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ  අත්සනින් නිකුත් කර තිබෙන එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ එකී පත්කිරීම් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවකින් බවයි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසීය.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ නාම ලේඛනය අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත බවය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමි විය. අදාළ මන්ත්‍රී ධුර පිරිනැමීමේ දී සමගි ජන බලවේගය සමග එක්ව සිටින සුළු පක්ෂවලට ද අවස්ථාවක් ලබාදිය යුතු බවට එම පක්ෂවල නායකයින් ඉල්ලීම් කිරීමත් සමග ජාතික ලැයිස්තු නම් කිරීම ප්‍රමාද විය.
කෙසේවෙතත් ඊයේ පස්වරුවේ අදාළ නම් කිරිම සිදුකර ඇති බව වාර්තා  වන අතර ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව සඳහන් වේ.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධුර නම් කිරීමත් සමග මේ වන විට මෙවර පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරි ව ඇත්තේ මන්ත්‍රී ධූර දෙකක් පමණි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සහ අපේ ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරයයි. ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරිමට එම පක්ෂය ඊයේ දිනයේ තීරණය කර තිබුණි.

හිටපු ඇමතිවරුන්ට යළිත් ඇමතිකම්

ඊයේ දිනයේ දිවුරුම් දෙන ලද රාජ්‍ය සහ කැබිනට් ඇමති වරුන්ට අමතරව තවත් ව්‍යාපෘති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
දැනට එම පත්කිරීම් සම්බන්ධයෙන් දිනයක් මෙතෙක් තීරණය කර නැතැයි ද වාර්තා වේ. එසේ නම් කරව ව්‍යාප්ති ඇමතිධූර ලබා දීමට යෝජනා වී ඇත්තේ මෙවර ඇමති ධුර කිසිවක් නොලැබුණු හිටපු ඇමතිවරු පිරිසකට බව සදහන් වේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව ආණ්ඩුවේ යෝජනාව ඇමතිධූරය ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවත් ඒ අනුව ඔහුට ලැබීමට නියමිතව තිබූ ඇමැති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් අයෙකුට ලබා දී ඇති බව ද පැවසේ.
මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට යෝජනා වී ඇත්තේ පරිසර ඇමතිකම බවත් එය ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවත් කියවේ. ඒ අනුව පරිසර ඇමතිකම මේ වන විට මහින්ද අමරවීර මහතා වෙත ලබා දී තිබේ.
අශන්ති වරුනසුරිය