ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය නම් නවයක් අතරින් සුදුකම් ලබයි

රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන්ගේ නම් 9 ක් ඉදිරිපත් කරමින්, නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ඉන් නමක් අනුමත කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබුණ අතර ඒ අතර සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරිනිය වන, පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශයේ කටයුතු කළ, බිම්සානි ජාසිංආරච්චි මහත්මියගේ නම ඒ සඳහා තෝරාගනු ලැබ තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ජාසිංහරාච්චි මහත්මිය1997 දී පොලිස් පරීක්ෂකවරියක ලෙසින් පොලිස් සේවයට බැඳුණු අතර වසර 2017 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක ලෙස උසස් කරනු ලැබුවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දැරූ (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි) ප්‍රථම කාන්තා නිලධාරිනිය වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ප්‍රමිලා දිවකර මහත්මියයි. පොලිස් සේවයට බැඳුණු පළමු කාන්තා නිලධාරිනියද වූ ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරය දරමින් සිටියදී විශ්‍රාම ගත්තා.
නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා කාන්තා පොලිස් නිලධාරිනියක් පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ

අනුරගේ පිප්පිල්ල

ලංකාවට මේ කාලේ හොදටම වැස්ස. අපි එළියට බැස්සේ යා යුතුම ගමනක් තිබුණු නිසා.” නංගී මගේ අලුත් වැඩේ පටන් ගන්නවා. එන්නම ඕන.. ඔහොමයි දුරකතනයේ එහා පැත්තේ සංනිවේදකයා අපිට ආරාධනා කළේ… ඒ සති කිහිපයකට ඉහතදී …
ඒවගේම නිතරම ඒ වැඩේ මතක් කල අයෙකුත් ඉන්නවා.. ආශ් … එනවා නේද ?  මම හැමෝටම මතක් කර කරගෙන ගමන් ..  මේ චාමර උපෙක්ෂිත සහාය අධ්‍යක්‍ෂක. Boston Art in Motion අපේ වැඩසටහනට මොහු එකතු වුණා ගායකයකු ලෙස. මේක චාමරගේ තවත් පැත්තක්..
කියපු වැඩේට අපි එලෙස පිටත් වුණා වැස්සත් එක්කම. අපේ නැවතීම හෝමාගම ග්‍රීන් කොර්ට් හෝටල් පරිශ්‍රය. උදෑසන 9.45ට පමණ. ඔවුන්ගේ වැඩේ සුභ මුහුර්තය සටහන්ව තිබුණේ 10.15. එවන විටත් මුළු ශාලාවම ප්‍රවීණ සහ නවක තරු පිරිවරා බැබළුණා. මේ අපේ කතාවේ මූලාරම්භයේ සන්නිවේදකයා ලෙස සටහන් කල ටෙලි අධ්‍යක්‍ෂක අනුර දායන්ජිත්ගේ නවතම ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල. හෝටල් පරිශ්‍රයේදී මුලින්ම හම්බවෙන්නේ මිථුන් කරුණාතිලක. ඔහු මෙහි ප්‍රධාන කැමරාශිල්පියා. අනුර, චාමර, මිථුන් සියලු දෙනාම තරුණ පිරිසක්.
පොඩි සෙට් එකක් දාගෙන අනුර කරන්න යන වැඩේ මොකද්ද ? අන්න එකට උත්තරේ මෙහෙමයි..
අනුර දායන්ජිත් කියන්නේ මෙරට ටෙලි ඉතිහාසයට සටහනක් එක් කළ තරුණ අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුගේ නිර්මාණ අතර “හිමගිර නැග” මෙන්ම ජාතික රුපවාහිණිය ඔස්සේ විකාශනය වූ “ඔබ එන තුරු ” ප්‍රේක්ෂකයා වඩාත් ආදරෙන් වැළඳ ගත් ටෙලි නාට්‍යයන් බවට පත්වූයේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අතරට එක් වෙමින්. 1994 වර්ෂයේ සිට ක්‍රියාකාරීව කලා ශේෂ්ත්‍රයේ නියැලෙන අනුර දයාන්ජිත්ගෙන් මෙරට ටෙළියට එකතු වූ නිර්මාණ අතර හිල්ව්කාරි, ජිවිතයම ක්‍රිකට් වගේ, කළුවර හීන, බිතුසිතුවම් යන නිර්මාණ ප්‍රේක්ෂකයාට උපරිම රසාස්වාදයක් එක් කළේ ආදරය විරහව ත්‍රාසය මෙන්ම භිතියද ඇති කරවමින්. මේ වන විට ඔහු තවත් අපූරු නිර්මාණයකට සුදානම්. එයට “බොරදියමල්” ලෙස නම් තබා තිබෙනවා. මෙම නවතම ටෙලි නිර්මාණය විශේෂ හැඩතලයන්ගෙන් සමන්විතයි. එක දිගට යන රැල්ලට යන්නෙක් නොවූ දයාන්ජිත් නිරන්තරයෙන් ප්‍රතිපත්ති මත යැපෙමින් සිය නිර්මාණ මෙරට කලාවට එකතු කරන්න උත්සහ ගත්තා. බොරදියමල්හි විශේෂත්වය වන්නේ නවකයන් රැසකට පූදින්නට අවස්ථාව ලබා දී තිබීම. කලාව වෙනුවෙන් තම උපරිමය ඉටු කිරීමේ වගකීම පෙරදැඩිව එකී යුතුකමට වගවූ නිර්මාණවේදියකු වන අනුර ඔහුගේ නිර්මාණ හරහා කලාවට දායාද කල නවකන් තවත් බොහොමයක් ඉන්නවා. ඔවුන් අද සුපිරි තරු. බොරදියමල් හි විශේෂත්වය වන්නේ මෙවර ඔහු නවකයන් 13කට රංගන අවස්ථා ලබා දී තිබීමය.
“අපි එදා ශේෂ්ත්‍රයට ආවේ හරි අමාරුවෙන්. නවකයින්ට අපි අත දෙන්නම ඕන. ඒවගේම හෙට අපේ කලාව මීට වඩා දියුණු වෙන්න වෙනස් වෙන්න ඕන. අද නවකයින් එනවා නමුත් බොහෝ පිරිස එනවට වඩා වේගයෙන් යනවා. එහෙම නොවෙන්න නම් දක්ෂ නවකයින්ගෙන් කලාව පෝෂණය වීම අතවශ්‍ය වෙයක්. ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා නමුත් අවස්ථාවන් නැහැ. ඉතිං බොරදියමල් හි ප්‍රධාන චරිත වලට දක්ෂ වගේම අවස්ථාවක් නොලැබූ දක්ෂයින්ට තැනක් ලබා දෙන්න මම තීරණය කළා. සියලු දෙනාම නාට්‍ය හා රංග කලාව හැදෑරු සහ හදාරණ පිරිසක්. රඟපාන්න පුළුවන් අලුත්ම පිරිසක් තෝරා ගෙන තමයි මේ ගමන යන්නේ”. ඔහු කියන්නේ එහෙම.
නාඩන් දාස්පෙතියා කෘතිය ඇසුරින් නිර්මාණය වුණු “මන්දිරා” සහ පෝදා ඒකාංගික ටෙළි වෘතාන්තය “තිපරිවට්ඨි” නොබෝදිනකින් විකාශනය වීමට නියමිතව තිබුණත් මේවා තවමත් නාලිකාවල ටෙළි පෝලිමේ. නොවිසිදෙන කරුණු කාරණා හමුවේ තවමත් මෙරට කලාව තිබෙන්නේ අඩමානයක. මෙරට කලාකරුවන් බොහොමයක් මෙන් අධ්‍යක්‍ෂක අනුර ද පවසන්නේ ඉදිරියේදී අපේ රටේ කලාවේ රිදී සීනු නැංවෙන බවක්.
වසර 5ක පමණ කාලයක් නිහඬව සිටි අනුර දායන්ජිත් සිය නිර්මාණ ගැන තව දුරටත් පවසුවේ මෙහෙම. “ගෙවුණු අවුරුදු 5ක කාලයක හරිම අමාරු කාලයක්. නිහඬව ඉන්න සිද්ධ වුණා. රටේ තිබ්බ තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කලා ශේෂ්ත්‍රයේ පසුබෑම එක්ක පසුගිය වසර කිහිපයම තුල කලාව අවපහැගැන්විලා තිබ්බේ. මේ සිස්ටම් එක වෙනස් වෙයි කියලා දැන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඉතිං බලාගෙන ඉන්නවා. කොහොමවුණත් අපි මෙතෙක් භාර ගත් වැඩ හරියටම කලා. මේකත් එහෙම කරනවා”. කුඩා කල සිටම කලාවට පෙම් බැදි චරියක් වූ ඔහු පාසල් සමයේ සිට නාට්‍ය නිර්මාණය කරමින් ආ ගමනක් ඇත.
බොරදියමල් නවතම ටෙළි නිර්මාණයේ සමාරම්භක කටයුතු ඒ අනුව එලෙස ආරම්භ වූයේ ෆ්‍රෙන්ඩ්ස් ක්‍රියේෂන්ස් නිෂ්පාදනයක් ලෙසින්. විජිත් නුවන්ගේ පිටපත් රචනයෙන් ද මිථුන් කරුණාතිලකගේ කැමරා කෝණයන්ගෙන් ද සුමිත් දැරණියගලගේ කලා අධ්‍යක්‍ෂණයෙන් ද හිමාල් කරුණාතිලකගේ සංස්කරණයෙන් ද  චාමර උපෙක්ෂිතගේ සහාය අධ්‍යක්‍ෂනයෙන් සහ නිෂ්පාදන කළමනාකරනයෙන් ද බොරදියමල් පුදින්නට අර අදිමින් සිටිනවා. බොරදියමල්හි පිපුණු මාලි මෙන්ම පොහොට්ටු තව තවත් හැඩ කරන්නේ නව යොවුන් වේශ නිරුපණ ශිල්පී සංක රණසිංහයි.
 ක්ලීටස් මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්, රමනී සිරිවර්දන, ජනක රනසිංහ, අනිල් ජයසිංහ, හස්නිකා කරලියැද්ද, පවිත්‍රා වික්‍රමසිංහ, උදේනි නදීකා, අමන්දා ජයරත්න, දේව් සුරේන් , රොහාන් රනතුංග, බනුර මලිත්, අශන්ති වරුනසුරිය, විරාජ් දනුක, පූජානි භාග්‍යා, අභිශේක් ප්‍රමුදිත, මෙන්ම තවත් ප්‍රවීණ සහ නවක කලාකරුවන් රැසක් බොරදියමල් සමඟ එකතු වෙලා. බොරදියමල් හි රුගතකිරීම් නුදුරේදී අවසන් වීමට නියමිතයි. ඉතිං මෙම නැවුම් ටෙලිය ඉතාමත් ඉක්මනින් ඔබ වෙත ගෙන ඒමට ෆ්‍රෙන්ඩ් ක්‍රියේෂන් බලාපොරොත්තු වෙනවා.
කලාව දේශපාලන ඇසුරු කර ගනිමින් යථාර්ථවාදය නම්වූ කාලීන තේමාව මුල් කර ගනිමින් සමාජයට පණිවිඩ රාශියක් ලබා දීමට බලාපොරොත්තු වන බොරදියමල් හි අධ්‍යක්‍ෂක අනුර ඇතුළු ෆ්‍රෙන්ඩ්ස් ක්‍රියේෂන් කණ්ඩායමට අපේ සුභ පැතුම්.
අශන්ති වරුණසුරිය.

31 25 6 79 10 11 12 13 14

ආණ්ඩුවෙන් නිලධාරීන්ගේ විදෙස් ගමන් තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් සංචාර අත්හිටුවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය මුල්කරගෙන මෙම තහනම පැනවීමට මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා තීන්දු කර ඇත.
නැවත දැනුම් දෙන තුරු මෙම තහනම ක්‍රියාත්මක කරන ලෙසට සියලුම අමාත්‍යංශ, රාජ්‍ය නොවන අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමටද මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 600 දෙනෙකු පමණක් රඳවා තැබීමට පහසුකම් ඇතත්, රැඳවියන් 2,400 කට වැඩි පිරිසක් මේ වනවිට එහි රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එම පිරිස පාලනය සඳහා බන්ධනාගාර නියාමකවරුන් 175 දෙනෙකු අවශ්‍ය වුවත් රාජකාරි සඳහා මේවනවිට සේවය කරනු ලබන්නේ නිලධාරීන් 104 දෙනෙකු පමණකි.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ 14 ක් වෙත යන බවත්, එක් අධිකරණයක් සඳහා රැගෙන යන රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නියාමකවරුන් අවම වශයෙන් 5 දෙනෙකු යෙදවිය යුතු බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

උදයංග වීරතුංග කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කරයි

උදයාංග වීරතුංග වන මා, රුසියානු සමූහ ආණ්ඩුව, යුක්රේනය, බෙලොරුසියාව, කසකස්ථානය, උස්බෙකිස්ථානය, අර්මේනියාව, මල්දෝවා සහ ජෝර්ජියාව යන රටවල් 8 හි ශ‍්‍රී ලංකා තනාපති ලෙස මාතෘ භූමියට සේවය කිරීම මුලික හේතුකොට ගෙන, පසුගිය වසර 5කට ආසන්න කාලයක් යහපාලන රජය විසින් හුදෙක් දේශපාලන පලිගැනීම් අරමුණින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ඇතුලූ අනිකුත් රාජ්‍ය ආයතන මඟින් මට එරෙහිව සිදුකළ අසාධාරණයන් පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වා, මා හට සාධාරණ විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ගරු කොමිෂන් සභාවට ඉතා ගෞරවයෙන් කරුණු ඉදිරිපත් කර සිටිමි.

“සන්ඬේ ටයිම්ස්” පුවත්පතෙහි මාධ්‍ය ලේඛකයෙකු ලෙස සේවය කරන ඉක්බාල් අතාස් විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට වර්ෂ 2000 සහ 2006 යන වර්ෂයන් හි මිග් යානා මිල දී ගැනීමේ දී සිදු වී ඇති බවට සඳහන් මුල්‍ය අක‍්‍රමිකතාවන් සම්බන්ධයෙන් “සන්ඬේ ටයිම්ස්” පුවත්පතෙහි පලකරන ලද විශ්ලේෂණ වාර්තාව අනුව 2015 මාර්තු 05 දින දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.

දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් ACCS/FC/2015/02 යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව FCID/05/2015 ලිපි අංකය අනුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනුකරන ලද බී/639/15 නඩුව පාදක කරගෙන 2015 මාර්තු 26 වෙනිදා සිට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මට එරෙහිව සිදු කරන දේශපාලන පළිගැනීම් පිළිබඳව ගරු කොමිසන් සභාවට කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටිමි.
මා පළමුව අවධානයට යොමු කරන්නේ, යහපාලන ආණ්ඩු සමයේ දී ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවූ දූෂණ විරෝධි ලේකම් කාර්යාලය සිදු කළ ඇතැම් ක්‍රියා නීති විරෝධීව සිදුව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොමිෂන් සභාවේ දී පිළිගත් නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් කිසිදු පැමිණිල්ලක් පොලිසියට ලිඛිතව සිදුකර නැති බවයි. එසේ නමුත් මා මෙහිදී ගරු කොමිෂන් සභාවට පවසා සිටින්නේ, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් ACCS/FC/2015/02 යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බව 2015 මාර්තු 26 දින බි 639 /15 නඩු වාර්තාවේ පැහැදිලිව සදහන්ව වී ඇති බවයි. ඒ අනුව පෙනී යන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අසත්‍ය තොරතුරු මෙම කොමිෂන් සභාව ඉදිරියේ පවසා ඇති බවයි. එහිදී කොමිසන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරන ලද්දේ එසේ දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීමට නිත්‍යානුකූල අයිතියක් නැති බවත්, එසේ සිදුකරනු ලබන පැමිණිල්ල නීති විරෝධී නම් ඊට අදාල සියලු නඩු නීතිවිරෝධී බවයි. එහිදී වැඩිදුර පරීක්ෂ සදහා එම පැමිණිල්ලට අදාල ACCS/FC/2015/02 දරන ලිපි ගොනුව කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියට නියෝගයක් නිකුත් කරන ලදී.

ඊයේ දින මා විසින් දේශපාලන පලිගැනිමි පිලිබද ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට පැමිනිලි අංක 1080/2020 යටතේ‍ ගැටළු 4 ක් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වන අතර ඒවා පිලිවෙලින් මෙසේය.
1. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීම මත මාගේ සියලූ ගිණුම් අක‍්‍රීය කිරීම.
2. අසත්‍ය කරුණු මත සැකකරුවකු ලෙස නම් කර වරෙන්තුවක් නිකුත් කිරීම.
3. අසත්‍ය තොරතුරු මත ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කිරිම රීම:
4. ඉන්ටර්පෝල් රතු නිවේදනය මත අත්අඩංගුවට:

මා 1985 අගෝස්තු 22 දින සෝවියට් දේශයේ කිව් නගරයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්වීය. එදා යුක්රේනියාවේ කිව් විශ්වවිද්‍යාලයේ රුසියානු භාෂාව හැදෑරීමෙන් පසු කිව් නගරයේ විශ්වවිද්‍යාලයේ කාර්මික ඉංජිනේරු උපාධිය ලබාගත් මා, 1991 වර්ෂයේ සිට ස්ථිර පදිංචි විසා මත යුක්රේනියාවේ ජිවත් විය. පසු කාලයේදී යුක්රේනියා රාජ්‍යය ලෙස අලුත් රටක් බිහි වූ අතර 1999 වර්ෂයේ දී එම රටෙහි ශ්‍රී ලංකාවේ ගරු සේවා කොන්සුල්වරයා ලෙස ශ්‍රී ලංකා රජයට නොමිලේ සේවය කරන ලදී. ඒම කාලයේදී කිව් නගරයට පැමිණි යුදහමුදා හා ගුවන්හමුදා නිලධාරීන්ද අමත්‍යවරුන්ද ශ්‍රී ලංකා තානාපතිවරු මෙන්ම අනිකුත් ලාංකික දූතපිරිස් වැඩි වශයෙන් පිළිගත්තේ මා විසිණි. එම ගරු සේවයෙන් පසු 2006 වර්ෂයේදී මොස්කව් නගරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රුසියානු සමුහාණ්ඩුව ඇතුළු රාජ්‍යයන් 8ක තානාපති ලෙස සේවය කරන ලදී. ඒම කාලයේදී මා කල සේවය ඇගයීමේ ප්‍රතිපලයක් ලෙස 2013 වර්ෂයේ දී රුසියානු සමුහාණ්ඩුවේ කුර්ස් විශ්වවිද්‍යාලය විසින් මා වෙත මහාචාර්ය ගරු තනතුරක් පිරිනම ලදී.

පසුගිය වසර 35ක ආසන්න කාලයක් නොකඩවා යුක්‍රේනය, රුසියාව, එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ජීවත්වූ මා කොමර්ෂල් බැංකුවේ හා හොංකොං ෂැන්හයි බැංකුවේ අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) ආරම්භ කරන ලද්දේ 1991 වර්ෂයේය. එම කාලයේදී ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත එම මුදල් මාගේ ගිණුම්වලට බැර කර ඇත. එසේම යුක්රේනයේ හා රුසියාවේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයකු ලෙස රැකියාවකින් හා ව්‍යාපාර වලින් උපයන ලද ධනය, ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) වල වසර 35ක ට ආසන්න කාලයක් විදේශ විනිමය ලෙස තැන්පත් කිරීම ද නීති විරෝධි ක්‍රියාවක් ලෙස මා දකින්නේ නැත.

එසේ නමුත් 2015 අප්‍රේල් 27 දින කොමර්ෂල් බැංකුවේ මගේ ගිණුමක් අවලංගු කර එම මුදලට, උදයංග වීරතුංග යන මගේ නමට චෙක්පත් නිකුත් කරණ ලෙස කල ඉල්ලීම සැකසහිත ගනුදෙනුවක් බවට, නිට්ටඹුව ශාඛාවේ හිටපු කළමනාකාරිය, ශ්‍රියා කොඩිසිංහ විසින් සිදුකල ප්‍රෝඩාකාරී කූට පැමිණිල්ලක් මත සියලුම ගිණුම් අත්හිටුවීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය හරහා පියවර ගත්තේය. නමුත් වසර 15 වැඩි කාලයක් නිට්ටඹුව ශාඛාවේ සාර්ථක බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මොහොතක ශ්‍රියා කොඩිසිංහ විසින් ගිණුම් අත්හිටුවීමට පොලිසිය සමග එකතුවී පට්ටපල් බොරු නිර්මාණ කරමින් මට එරෙහිව සිදුකල අසත්‍ය චෝදනා හුදෙක් යහපාලන දේශපාලන පළිගැනීමකි.

පසුව 2015 අප්‍රේල් 29 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උදයංග වීරතුංග යන නමට ඇති සියලූම ගිණුම් තාවකාලිකව අක්‍රිය කරන ලදී. එසේ නමුත් එම කාලය තුල මා කිසිදු අධිකරණයකින් සැකකරුවකු ලෙස හෝ නම්කර නොතිබුණු අතර මෙම ගිණුම් අත්හිටුවීමට කිසිදු අධිකරණ නියෝගයක් නොතිබුණි. පවුලේ එකම ආදායම්ලාභියාගේ ගිණුම් අක‍්‍රීය කිරීමෙන් පාසලට මුදල් ගෙවීමට බැරි වීමෙන්, දරු දෙදෙනාගේ අධ්‍යාපනයේ අඟහිඟකම් මතු වී ඇති අතර, මාස්පතා කරන සියලූ ගෙවීම් වසර 5 වැඩි කාලයක්‌ නතර කර අප පවුලේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පෙන්නුම් කරමි.

තවද වසර 5 කට පෙර මෙම කරුණු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහා බැංකු අධිපති, මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂ හා කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂකට යවන ලද ලිපි සදහා මෙතෙක් කිසිදු පිළිතුරු ලැබී නැති බවත්, තම ගනුදෙනු කරුවන්ගේ ගිණුම් සැක සහිත බවට FCID වෙත එදා ඔත්තු සැපයු බැංකුවක් බව කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන් දැනගත යුතුය. පසුව බී/639/15 නඩුව ප‍්‍රකාරව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද උසාවි නියෝගය මත 2017 ජනවාරි 04 දින උදයංග වීරතුංග නමට ඇති සියලූම ගිණුම්වල ගනුදෙනු නැවත දන්වන තුරු අත්හිටුවීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කරන ලදී.

යහපාලන රජය යටතේ ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා මහබැංකුව එකතුව පුරා මාස 64 ක් පරීක්ෂණ සිදුකර ඇති නමුත් මිග් යානා ගිවිසුමට අදාළ මුදල් මගේ ගිණුමට බැර කර ඇති බවට කිසිදු සාක්ෂි නොමැතිව, සිදුකරන සියලු චෝදනා හුදෙක් දේශපාලන පළිගැනීම් බව ගරු කොමිෂන් සභාවට ඉතා ගෞරවයෙන් අවධාරණය කරමි.

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු අවසර

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබීය. පෙත්සම යළි මේ මස 29 දා කැඳවේ.
තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියලු හිමිකම් ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බව ද සඳහන් කර සිටියේය.
ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කර තිබේ.

දෙමළ මන්ත‍්‍රීවරු පිරිසක් ආණ්ඩුවට

රජය විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු කිහිප දෙනෙකු රජයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසේ.
දමිළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක පලනි තිගාම්බරම්, එම සන්ධානය නියෝජනය කළ කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාකි‍්‍රෂ්ණන් ඇතුඵ හිටපු ඇමැතිවරු කිහිපදෙනෙකු රජය ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දිය යුතු ද නැති ද සහ රජයට එක්විය යුත්තේ කුමනාකාරයෙන් දැයි මේ වන විටත් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතැයි ද මෙම ආරංචි මාර්ග වල සදහන් වේ.
දමිළ දේශපාලන පක්ෂ මන්තී‍්‍රවරුන්ට අමතරව සමගි ජන බලවේගයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ තවත් සුළු පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු පිරිසක් ද රජයට එක්වීමේ සූදානමක් පවතින බවත් ඒ වෙනුවෙන් ද මේ වන විට ආණ්ඩු පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි පැවසේ.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව මන්ත‍්‍රී ධුර හයක් දිනා ගත් දමිළ ප‍්‍රගතශීලි සන්ධානය නියෝජනය කරන මන්තී‍්‍ර කණ්ඩායම තමන් රජයට සහාය ලබා දෙන්නේ කුමනාකාරයෙන් දැයි තීරණය කිරීම වෙනුවෙන් ලබන සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
Ashanthi Warunasuriya

රවිනාථ අමෙරිකාවට. හිස් වූ තානාපති තනතුරු

අමෙරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවෙන් නව තානාපති ලෙස හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පත් කර ඇත.
මෙයට පෙර ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කිරීමට තීන්දු කර තිබුණද පසුව ආරියසිංහ මහතා අමෙරිකා එක්සත් ජනපදයට පත්කරනු ලැබ සිටී. ඒ සමඟ මෙතෙක් අමෙරිකානු තානාපතිධූරය දැරූ රොඩ්නි පෙරේරා මහතා ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.
කලක පටන් පුරප්පාඩුව පවත්නා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිධූරයට මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පත් කර ඇත. කොළඹ විශ්ව විදයාලයේ හිටපු උපකුලපතිනියක් වූ ඇය පසුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ධූරයද දැරීය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට මිලින්ද මොරගොඩ මහතා දැනටමත් නම්කර තිබේ.
මේ හැර ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඔස්ට්‍රේලියාව යන රටවල තානාපති තනතුරු ද පුරප්පාඩුව පවතී. ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඔස්ට්‍රේලියාව යන රටවල තානාපති තනතුරු ද පුරප්පාඩුව පවතී. ඒ සඳහා ළඟදීම සුදුස්සන් පත් කෙරෙනු ඇත.