Author: uslanka
කොරෝනා සංකීර්ණ වන තැනක
මේ වන විට තවත් කොරෝනා රෝගියෙක් මරණයට පත්ව තිබේ. කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ වැඩිම රෝගී ගණන වාර්තා විය. කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී මෙම මරණය සිදුව තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රෝහල් පද්ධිතියේද සැලැස්ම කෙසේ කරන්නේද යන්න ප්‍රශ්නයක් බවයි. මේ නිසා මේ ගැන අදාල බලධාරීන්ගේ අවධානය යොමු කරවීම වැදගත් බව ඔවුන් පවසයි.
කොස්ගම, සාලාව රෝහලෙන් සිකුරාදා (23දා) උදෑසන පැන ගිය කොරෝනා ආසාදිත තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයකු බවට හෙළි වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අදාළ තරුණයා සම්බන්ධයෙන් නිරෝධායන නීතිය යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඔහු වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය විය. මෙලෙස පැනගොස් හමුවූ පුද්ගලයා කොස්ගම සිට ඔරුගොඩවත්තට බස් රථයකින් විත් ඔරුගොඩවත්තේ සිට බස් රථයකින් බොරැල්ලට පැමිණ ඇති බවත් එම බස් රථ හා ගමන් කළ අය හඳුනා ගැනීමට පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය සඳහන් පවසයි. ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයන් කටයුතු කර ඇත.
පෙරේදා (22) මෙම වෙළෙද සංකීරණයේ පුද්ගලයින් 39 දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් 06 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනිමට හැකිවිය. හදුනාගත් ආසාදිතයන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පුල්මුඩේ හා ත්‍රිකුණාමල නගරය අවට, සුමේධගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත වූ තලගල පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම සේවිකාවට කොවිඩ් ආසාදනය වීමෙන් අනතුරුව ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතුළු හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය පදිංචි පවුල් 70ක් ස්වයං නිරෝධායනයට ලක් කරනු ලැබීය. ඇයගේ පවුලේ පිරිසගේ පිසීආර් පරීක්‍ෂණ සිදුකළ අතර එහි ප්‍රතිඑල ඊයේ (23දා) රාත්‍රී ලැබී තිබෙනවා. එහිදී වයස අවු 15 සහ 12 දරුවන් දෙනෙකු ඇතුළු ඇයගේ පවුලේ 5 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.
ආසාදිතයන් ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කොව්ඩි රෝහල් වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සුදානම් කරමින් පවතින බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෙෘඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව පසුගිය දිය 4 තුළ ආසාදිතයින් 471කු වාර්තා වු බවත් එය පස්ගුණයක වැඩිවීමක් බවත් කොළඹ මහානගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
මාළු ප්‍රවාහනය කරන ලොරියක රියැදුරෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාළු බෙදාහරින ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කුරුණෑගල නගරයේ ප්‍රධාන මත්ස්‍ය අලෙවිසැල වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත. මේ හේතුවෙන් එම ව්‍යාපාරික ආයතනයේ මැල්සිරිපුර පිහිටි ප්‍රධාන ශාඛාවද වසා දමා තිබූ අතර කොරෝනා ආසාදිත රියැදුරා ගාල්ලේ සිට මාළු ප්‍රවාහනය කරමින් සිටියදී රෝගාතුරව ඇත.
එමෙන්ම කොළඹ නගරයේ පළමු පෙළ ආශ්‍රතයින් සියලුදෙනා පොරොත්තු ලේඛනයක නොතබා පරීක්ෂණ කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇත. පසුගිය මාර්තු මාසයට වඩා මේ වන විට වෛරසයේ බෝ වීමේ ප්‍රවනතාව වැඩි වී ඇති ද ඒ මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව වෛරසය බෝ වීමේ ප්‍රවනතාව වැඩි වුයේ එම පරිසරය තුළ වෛරසයට වර්ධනය වීමට පහසුවන ශීත පරිසරයක් පැවතිම බවද එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රිතව රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් පෙන්නුම් කරන්නේ එහි සේවකයින් සහ වෙළෙඳුන්ගේ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය
කොරෝනා ආසාදිතයින් වාර්තා වන රෝහල් වලින් රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබා දීම ඇතැම් රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා යාමේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ වලට අමතරව කොරෝනා රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගොස් ඔවුන් සම්බන්ධයෙන් වන සියළුම තොරතුරු ලබා ගනිමින් සුවිශේෂි මෙහෙවරක් මේවනවිට බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉටු කරමින් සිටියි. මෙම ව්‍යසනය හමුවේ තමන් ඉට කරන අතිශය වැදගත් රාජකාරිය සඳහා ඇතැම් සෞඛ්‍ය අංශ නිලධාරීන් සහාය නොදීම බරපතළ ගැටළුවක් බවත් මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දෙයි
අශන්ති වරුනසුරිය
රජය පළාත් සභා ඡන්දයට ලබන සතියේ සිට වැඩ
කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වැඩකටයුතු ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර පවසයි. සියලු පළාත් සභාවල නිල කාලය අවසන්වී මේ වනවිට වසරක් පමණ ගෙවී ඇතත් යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ පනත් සංශෝධනයක් හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය බාධාවක් පැවතිණි.
මැතිවරණයට අදාළ සීමා නිර්ණ කටයුතු සිදුකිරීම සඳහා කමිටුවකට එය භාරදී තිබූ අතර, අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූයේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබිණි. යහපාලන ආණ්ඩු සමයේදී අදාළ සීමා නිර්ණ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය තුනෙන් දෙක බහුතරයකින් සම්මත නොවිය. පසුව එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා එම වාර්තාව සමාලෝචනය කිරීමට කටයුතු කළද එම සමාලෝචන වාර්තාවද නිමකර මෙතෙක් ලබා නොදීමෙන්
පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල්ගිය අතර, අදාළ ගැටළු සියල්ල විසඳා හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බවයි පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේය.
අවසන්වරට නිල කාලය අවසන් වූයේ ඌව පළාත් සභාවේ වන අතර, ඒ, 2019 වසරේ ඔක්තෝම්බර් 8 වන දිනය. ඊට පෙර අවසන් වූ පළාත් සභාව වන්නේ බස්නාහිර වන අතර, ඒ පසුගිය වසරේ අප්‍රේල් මස 21 වන දිනයි. 2019 වසරේ අප්‍රේල් මාසයේදී දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, වයඹ සහ උතුර පළාත් සභාවල නිල කාලය අවසන් වූයේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදිය. සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභාවල නිල කාලය 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් විය ඒ අනුව මේ වනවිට සියලු පළාත් සභා පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේය.
අශන්ති වරුනසුරිය
GR assures dual citizenship clause will be addressed in new Constitution
President Gotabaya Rajapaksa has assured that concerns over the dual citizenship clause in the 20th Amendment will be addressed when drafting a new Constitution.
The President gave the assurance when a group of ruling party Parliamentarians met the President and raised concerns over the dual citizenship clause, leader of the Lanka Sama Samaja Party (LSSP) Tissa Vitharana said.
Vitharana said that he and several others MPs in the Government are against the ual citizenship clause. However, he said that they have accepted the President’s assurance.
Minister and Pivithuru Hela Urumaya leader Udaya Gammanpila said that his party also opposes the dual citizenship clause. However he said that the President was concerned that the right for a dual citizen to contest an election in Sri Lanka was removed through the 19th Amendment and was later used to attack him.
Gammanpila said that the President assured that while that right will be reintroduced through the 20th Amendment it will be reconsidered when drafting a new Constitution.
Minister Wimal Weerawansa told Parliament that not just in Parliament, but dual citizens should not be allowed to hold even diplomatic posts.
Ashanthi Warunasuriya
Sri Lanka assisting UK authorities in case on LTTE ban
The Government of Sri Lanka is assisting the UK Government in the case over the ban on the LTTE.
The Foreign Ministry said that Sri Lanka has been made aware of the Open Judgement by the Proscribed Organizations Appeals Commission (POAC) of the United Kingdom dated 21 October 2020.
The decision of the POAC arises from an appeal filed in May 2019 by an LTTE front organization challenging the decision of the UK Secretary of State for Home Affairs dated 8 March 2019, which refused the application by the group to de-proscribe the Liberation Tigers of Tamil Eelam (LTTE) from the list of Proscribed Organizations under the UK Terrorism Act of 2000.
While the Government of Sri Lanka was not a party to these proceedings at the POAC and could not make direct representations, the Government has assisted the Government of the United Kingdom by providing relevant information with regard to continued terrorist activities.
The Open Judgement of the POAC while allowing the Appeal, provides for further hearings, and the Government of Sri Lanka will continue to closely monitor the progress of the case in the UK.
The Government of Sri Lanka has sufficient evidence to prove that the remnants of the LTTE and groups aligned with its terrorist ideology are active in foreign countries, working to incite violence and destabilize the country.
The Foreign Ministry said that Sri Lanka remains vigilant of threats to its national security as well as that of the region, and will always support members of the international community in the global fight against terrorism
චීනයෙන් කොවිඩ් එන්නත ළඟදීම ලංකාවට
චීනය, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදය අත්හදා බලන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන් විගස කඩිනමින් මෙරටට ගෙන්වීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එය සිදුකර ඇත්තේ චීන නීතිවලට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රීතිවලට අනුකූලව බව චීනය පවසා ඇත
ලෝකයේ රටවල් දහයක් පමණ මේ වන විට එන්නත් නිපදවීම සඳහා පර්‌යේෂණ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහෙත් චීනය, මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට නිෂ්පාදනය කර ඇති එන්නත් සායනික මට්ටමෙන් ඔබ්බට ගොස් තුන්වැනි අදියරේ පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා පැවැසුවේය
එම එන්නත් අතුරින් චීනය හෝ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරන අතර මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමුකර ඇති, චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නතක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 60,000කට අත්හදා බලා ඇති අතර එම පුද්ගලයන් රටවල් 10ක ජාතීන් 125කට අයත් බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි
තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීමක් ලෙස එම එන්නත ලබාදී ඇති අතර මේ දක්වා කිසිවෙක් ඉන් දරුණු අතුරු ආබාධ පෙන්වා නොමැති බව වාර්තා වන අතර තානාපති කාර්යාලය පවසන්නේ කොවිඩ් වයිරසයට නිරාවරණය වී ඇති වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන්, වයිරසය පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ක්ෂේත්‍රවල සේවකයන් සහ දේශසීමාවල සේවය කරන පුද්ගලයන්ට හදිසි අවශ්‍යතාවන් සඳහා එන්නත සපයා තිබෙන බවයි.
අශන්ති වරුනසුරිය
මාකඳුරේ මදුෂ් නම්වූ බළල් අත
මධුෂ් කාලයක් පුරාවටම කතා කල ජනප්‍රිය චරිතයක්. වසර ගණනාවක් අපද මේ ගැන වාර්තා කළා. පොලිස් දැලෙන් පනිමින් අවසානයේදී හසුවන මදුෂ් සිරගත වෙනවා. පස්සේ කාලයක් ආගිය අතක් නැතුව නැවත කතා වෙනවා. ඔහොම යන මේ කතාවේ ප්‍රධාන චරිතය අද මිය යනවා. ඉතිං මේක ඉවරද ? … මගේ සටහනට නලින් වගකිවයුතු බලධාරියකුගේ සටහනක් මුලින් සටහන් කරන්න කැමතියි. මේ අපි දන්නා හදුනන ප්‍රියන්ත ජයකොඩි. නියෝජ්‍ය පොලිස්පතිගේ කතාවයි.
“සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත ඉපදිලා තියෙන්නේ කඹුරුපිටිය පොලිස් වසමේ, ගතාරේ එහෙත් ඔහු විවාහ වෙන ගයනි මුතු මාලගේ ගම මාකඳුර. විවාහ වෙලා බින්න බැස්සට පස්සේ තමයි ගතාරේ මධූෂ් “මාකඳුරේ මධූෂ්” බවට පත් වන්නේ. ශ්‍රී ලංකා පොලීසියෙ අපරාධ ඉතිහාස ලේඛනවල මදුෂ්ගෙ නම මුලින්ම සටහන් කිරීම සිදු කළේ මම එතකොට මදුෂ් තුන්වන පන්තියේ කොල්ලකරුවෙක් මීගමුව . ගාල්ල ,ගම්පහ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල සිදුකළ ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම දහයක් සම්බන්ධව ප්‍රශ්න කරන්න තමයි මුලින්ම මධූෂ්ව මම වාරියපොල දි අත්අඩංගුවට ගත්තේ 2006ජූලි මාසේ විසි පස්වෙනිදා එය තමයි ශ්‍රී ලංකාව ඇතුලත මදුෂ් අත්අඩංගුවට ගත් පළමු සහ අවසාන වතාව මේ අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 පිස්තෝලයක් සහ රිපීටර් වගේ තුවක්කුවක් අත්අඩංගුවට ගත්තා මේ වෙනකොට මධූෂ් ඔහුට වෙඩි තැබූ බව කියන ඩැනී හිත්තැටිය ගේ සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධ ව පොලිසියට අවශ්‍යව තිබුණ අපරාධකාරයෙක්.
ගමේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ගමෙන් පළා ඇවිත් “උණාකුරුවේ ශාන්ත” කියන අපරාධකාරයා සමඟ සම්බන්ධ වෙලාලීසිං සමාගම් ඇතුළු මුල්‍ය ආයතන කොල්ලකෑමේ සිද්ධින් දහයක් සම්බන්ධව ප්‍රශ්න කරන්න තමයි මධූෂ් ඇතුලු අපරාධ කල්ලිය අත්අඩංගුවට ගනු ලැබුවේ . මාස ගණනාවක් අත්අඩංගුවේ තබා ගෙන ප්‍රශ්න කරලා අවශ්‍ය විස්තර ලබාගෙන මධූෂ් අධිකරණයට ඉදිරිපත් කළා. ඔහුව ප්‍රශ්න කිරීම් කරන අවස්ථාවේදී මම දැනගෙන හිටියා ඔහු තුළ දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය ඝාතනය කිරීමේ අරමුණක් තියෙන බවත්,ඔහු ඩැනී හිත්තැටිය සමග දැඩි වෛරයකින් පසුවන බවත්, මම මේ සම්බන්ධව ලිඛිතව සහ වාචිකව ඩැනී හිත්තැටිය දැනුවත් කළා. එහෙම තියෙද්දී තමයි මදූෂ් සූක්ෂමව බන්ධනාගාර ගත කරල හිටපු මාරක ළිඳේ බයිසිකල් ධාවකයෙකු සහ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් නිශ්ශංක නැමැති පුද්ගලයා ඇප ලබා දී හිරෙන් නිදහස් කරගෙන මනා ලෙස සැලසුම් කරන ලද සැලැස්මකට අනුව ඔවුන් යොදවා ඩැනී හිත්තැටිය ඝාතනය සිද්ධ කරන්නේ.
වසර නවයකට පස්සේ 2011තමයි මධූෂ් බන්ධනාගාරයෙන් එළියට එන්නේ.ඔහු බන්ධනාගාර ගතව ඉන්න කාලෙදී ඔහුගේ නම ඈදෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන ප්‍රයත්නයක් සම්බන්ධ සිද්ධියකට මේකෙ කෙළවරේ ඉන්නේ බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සාමාජිකයෙක් මේ හේතුවෙන් මාස 18 ක ට ආසන්න කාලයක් මධූෂ් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය රඳවා ගෙන ප්‍රශ්න කරනවා, ඇප අරගෙන බන්ධනාගාරයෙන් නිදහස් වෙලා මධූෂ් යන්නේ කොළඹ අලුත්කඩේට,මේ කාලෙදී තමයි ඔහු කන්ජිපානි ඉම්රාන් සහ රිප්ඛාන් කියන අලුත් කඩේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නේ. එම මිත්‍රත්වය ඔස්සේ තමයි ඔහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරලා එක්සත් අරාබි එමිර් රාජ්‍යය නොහොත් ඩුබායි රටට යන්නේ.මදුෂ්ට ඩුබායි රටට යන්නත් ඩුබායි ගිහින් පදිංචි වෙන්නත් උදව් කළේය රිප්ඛාන් ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලියක් විසින් රිප්ඛාන්ව ඝාතනය කිරීම මදූෂ්ට ඔරොත්තු දුන්නේ නැහැ මේ ඝාතනයට සම්බන්ධ වෙලා හිටපු “කොස් මල්ලි “කියන තැනැත්තාව අඟුණකොළපැලැස්ස දී ඝාතනය කරලා සිරුර රහසිගතව මිහිදන් කරල බෙල්ල කපාගෙන ඇවිල්ලා රිප්ඛාන්ව මරපු තැනම තියලා තමයි මධූෂ් සැනසුම් සුසුම් හෙළුවේ. ඔහුගේ අපරාධකාරීත්වය ඒ තරමටම මෙලේචිජයි .
2011 සහ 2019 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කොටගෙන ඔහු ව්‍යාපාරික ජාලයක් ගොඩ නඟනවා ඇෆ්ගනිස්තානය ඉරානය ඔස්සේ ” රන් චන්ද්‍රවංකයේ” (GOLDEN CRESENT) සිට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට පමණක් නොව මාලදිවයින සහ බංග්ලාදේශයට යැවීම ඔහුගේ මූලික ව්‍යාපාරය වනවා.
මේ අතර තුර තමයි මදුෂ් මූලික වෙලා මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කරන්නේ මේ ප්‍රහාරය සඳහා ඔහු නවාස් නැමැති තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඔත්තුකරුවකු ලෙස යොදාගන්නවා. ඒ ඔත්තුකරු සපයන ව්‍යාජ ඔත්තුවක් ඔස්සේ පොලිස් කණ්ඩායම පිලියන්දල ප්‍රදේශයට කැඳවාගෙන පැමිණ සන්නද්ධ කණ්ඩායමක් ලවා පහර දී ඔවුන් ඝාතනය කිරීම තමයි මදුෂ්ගේ සැලැස්ම. සැලැස්ම නියමෙට වැඩ කරනවා ප්‍රහාරය ඔහු හිතුවේ ආකාරයටම සිද්ධ වෙනවා මේ ප්‍රහාරය හේතුවෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්යෙක් මිය යනවා පොලිස් පරීක්ෂක නියෝමාල් රන්ගජීව බරපතළ තුවාල ලබනවා (මේ ප්‍රහාරය හේතුවෙන් පොලිස් පරීක්ෂක රංගජීව අදටත් ආබාධිතයකු බවට පත් වී සිටිනවා ) ප්‍රහාරයට මැදි වූ සිවිල් පුරවැසියකුත් මිය යනවා . සාමාන්‍යයෙන් අපරාධකරුවන් පොලිස් සමග ගැටෙනවා අඩුයි බොහෝ විට සිදු වන්නේ යම් අපරාධකරුවකු අත්අඩංගුවට පත්වීමේ අන්තරායක් ඇති වූ විට ඔහු පලායාමට අවකාශයක් ලබා ගැනීම සඳහා සිදුකරන වෙඩි තැබීමේ සිදුවීමයි . එහෙත් සැලසුම්කර පොලිස් කණ්ඩායමක් ස්ථානයකට කැඳවා ප්‍රහාරයක් එල්ල කරන්න සමත් අපරාධකරුවන් ඉන්න ඉතා අතලොස්සක් මදුෂ් එි අතළොස්සෙන් එකෙක් .
මගේ පොලිස් ජීවිතය තුළ විමර්ශනය කරන ලද අපරාධ අතරින් සුවිශේෂ අපරාධයක් තමයි කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට පහර දීකුප්‍රකට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ “සමයන්” ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය. මෙය ඉතා තීක්ෂණ ලෙස සැලසුම් කර තිතට සිදු කළ අපරාධයක්. අපරාධය ට සුදුසුම දඩබිම තෝරා ගැනීම, අවශ්‍ය වෙඩික්කරුවන්,තුවක්කු සහ පතරොම් සොයාගැනීම, සුදුසුම උපක්‍රමය තෝරා ගැනීම සහ එයට සුදුසු අපරාධකරුවන් කණ්ඩායම සොයාගැනීම .අපරාධ සිදු කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා ගැනීම මේ අතරින් සුවිශේෂයි මේ හැම අංශයක් ගැනම සලකා බැලූවත්,”එතනමඩල ප්‍රහාරය” හැම අංශයකින්ම ඉතා විශිෂ්ට ලෙස ඉදිරියෙන් සිටිනවා .මෙම ප්‍රහාරය සැලකෙන්නේ කොමාන්ඩෝ පන්නයේ ප්‍රහාරයක් හැටියටයි මේ ප්‍රහාරය සැලසුම් කර මෙහෙයවනු ලැබුවේ මධූෂ් .ප්‍රහාරයෙන් පස්සේ එයට මූලිකත්වය ලබා දුන් අපරාධකරුවන් දෙදෙනා වන අංගොඩ ලොක්කා සහ ලඩියා ආරක්ෂිතව ඉන්දියාවට රැගෙන ඒමත් මදුෂ්ගේ සැලැස්මේම අංගයක් . මීට අමතරව රුපියල් මිලියන 800 ක් වටිනා මැණික් ගලක් සොරා ගැනීමේ සිද්ධිය සැලසුම් කිරීම පිටුපස හිටියෙත් මදුෂ් එම අපරාධ ජාත්‍යන්තර මට්ටමේ අපරාධයක් හැටියටයි සැලකෙන්නේ. මදුෂ්ගේ අපරාධ චාරිකාව ගැන සලකා බැලුවහම ඔහු හැම විටම සිදු කරලා තියෙන්නෙ ඉතා සූක්ෂමව අපරාධ සැලසුම් කිරීම සහ සුදුසුම අය යොදවා එය ක්‍රියාවට නැංවීමයි . ස ඔහුගේ අපරාධ චාරිකාවේ මුල්ම අවධියේ ඩැනී හිත්තැටිය ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධිය සහ මුලින් සඳහන් කළ මංකොල්ලකෑමේ සිද්ධීන් හැර ඔහු පෞද්ගලිකවම පෙනී සිට වසිදු කරන ලද අපරාධ ඉතා විරලයි . ඔහු විසින් සිදුකරන ලද සෑම අපරාධයකම මහ මොළකරු ගේ කාර්යභාරය තමයි මධූෂ් ඉෂ්ට කළේ. ලැබී තිබෙන ආරංචි හැටියට මේ වන විට මදුෂ් ට අයත් තරු තුනේ හෝටලයක් ඩුබායි දේශීයේ තිබෙනවා ඊට අමතරව වාහන අංගනයක් තියෙන බවටත් තොරතුරු තියෙනවා ඒ කෙසේ වෙතත් බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා “දිට්ඨධම්ම වේදනීය කර්මය “කියලා මදුෂ් ට දැන් පල දීලා තියෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මයයි. ගවයා පසුපස ගැල එන්නා සේ යමකු විසින් සිදුකරන ලද අපරාධද ඔහු පසුපසම එනවා
1979 උපන් මධූෂ් වසර විසිපහක නාඹර තරුණයකු ලෙස අපරාධ ලෝකයේ අභිෂෙක් ලබන්නේ 2005 වසරේදීයි. වසර පහළොවක් වැඩි කෙටි කාලයක් තුළ ඔහු අපරාධ ලෝකයේ කිරුළු පලන් රජකු බවට පත්වනවා. ජීවිත දහස් ගණනක් මත් මාරයාට බිලි දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන සල්ලි වලින් ඔහු ජීවිතයේ ලැබිය හැකි සියලු සුඛවිවරණය ලබනවා අවසානයේදී ඔහුට සියලු සුබ විවරණයන් ලබාදුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේම වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතයෙන් සමු ගන්න ඔහුට සිද්ධ වෙනවා
මේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන් කීපදෙනෙකුටම මේ ලෝකෙන් සමු ගන්න සිද්ධ වුනේ ඔවුන් කිසිවෙකුත් නොසිතූ නොපැතූ විදිහටයි.”එස්. එෆ් ලොක්කා” සහ අංගොඩ ලොක්කා ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත වෙලා නැහැ අද මධූෂ්, අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවගන ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන්ගේ සමුගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි
………….
නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබේ කතාව හරි. එමෙන්ම මෙරට මත්ද්‍රවය මෙන්ම පාතාලය ශෝධනය කිරීමට මෙසේ සිදුකරන කැපකිරීමට අපගේ උත්මාචාරය නිරතුරුව. මදුෂ්ගේ මරණය ගැන ප්‍රශ්නයක්නැත . නමුත් එය සිදුවූ අයුරු හරහා වැළලෙන තෝරුමොරු ගැන අපට ප්‍රශ්ණයකි . මධුෂ් ව මරා දැමීම පිලිබදව මේ වන විට දැඩි විවේචනයට ලක්ව තිබේ. මධුෂ් අත්අඩංගුවට පත්වූ පසු කුඩු වියපාරිකයන් දේශපාලනයේ සිටින බවත් එවන් පුද්ගලයන් 80කගේ නම් හෙළි දරව් කරන බවත් ඔහු පවසා තිබිණි. මේ හරහා මතු වන බොහොමයක් මේ වන විට ජවනිකා බවට පත් වෙමින් තිබේ. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද පැවසුවේ මධුෂ් ඝාතනය නාටකයක් බවත් ඒ හරහා මදුෂ් හෙළි දරවු කල තොරතුරු සැගවී ගිය බවත්ය. මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද ජන්ද පොරොන්දු අතරවූ පාතාලය මර්ධනය ගැන ජනතාව ලෙස අපද නිරතුරු බලා සිටිනවා. ඒ හෙට දරුවට සුරැකි දේශයක් ලබා දීමට. ඊයේ SF, අද මධුෂ් හෙට තවත් එකෙක් මෙසේ මිය යන්නට පුළුවන්. නමුදු ඔවුන්ද කවුරුන් විසින් හෝ මෙහෙයවන බළල් අතක්. ඔවුන් මෙහෙයවූවන් කෝ? මෙන්න මේකයි අපේ ප්‍රශ්ණය. මොවුන්ගෙන් හෙළි වන එවුන් රැකෙන්න්න ශෝධනයක් අපට අවශ්‍ය නැත. එසේ නොවන තාක් කෙසේ ශෝධනය වුවත් මදුෂ් ලා, SF ලා මහරගම කළු තුෂාරලා තවත් බිහිවනු ඇත. පුද්ගල මරණයකින් සමාජයක් මර්දනය කල හැකිද? වත්මන් ජනාධිපතිගේ එක රටක සැමට පොදු නීතියක් තුල සියල්ල පිටුපස තෝරුන් මෝරුන් කවුද යන්න හෙළි විය යුතුයි. අප බලා සිටින්නේ ඒ වෙනුවෙන්
අශන්ති වරුනසුරිය
සජිත්ට ගල් ගසයි
විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ රැස්වීමකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්දු මහත්මියද වේදිකාවේ සිට ඇති අතර මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව ආරම්භ කොට මිනිත්තුවක් ගත වෙද්දී කිසියම් පිරිසක් සැලසුම් සහගතව ගල් ප්‍රහාර එල්ල කොට ඇති බව වාර්තා වනවා.
ඒ සමගින් විපක්ෂනායකවරයාගේ ආරක්ෂකයන් වහාම සජිත් ප්‍රේමදාස මහතා වට කොට ආරක්ෂාව සපයා ඇති අතර ප්‍රේමදාස මහතාද නොබියව සිය කතාව සිදුකොට තිබෙනවා.
එහිදී ප්‍රේමදාස මහතා සදහන් කොට ඇත්තේ, ‘බයවෙන්න එපා. මේ ගල් ගැහුවට මම රැස්වීම නතර කරන්නේ නෑ. මේ ගල් ගසන අය පිටිපස්සේ ඉන්න පුද්ගලයන් ගැන මම දන්නවා මදාවියන්ට බයේ මම යන්නේ නෑ’ යැයි කියායි.
