“රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා”

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්  12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.

විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා  ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

2020 අගෝස්තු 05 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගට පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් තමාට ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සිර දඩුවම් නියම වුවද ඉන් දින 4 කට පසුව ඉකුත් 19 වැනිදා තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්න⁣ට පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන බව තොරතුරැ මගින් දැන ගන්නට ලැබුණු බවද ඔහු කියා සිටී.

එසේ කළහොත් එය නීතිවිරෝධී බවත් , පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබිණි.

රන්ජන් රාමනායක අගුණුකොලපැලැස්සට

අධිකරණයට අපහාස කිරීම නිසා සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙනවිත් තිබෙනවා.

ඒ මීගමුව – පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසුවයි.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රන්ජන් රාමනායක අද දහවල් තම බන්ධනාගාරයට රැගෙන ආ බවයි.

අධිකරණයට අපහාස කිරීම ඇතුලු චෝදනා කිහිපයකට වරදකරු වූ ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා බරපතල වැඩ සහිත සිව් වසරක සිරදඩුවමක් නියම කළා.

රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ඇය 82 වැනි වියේ පසුවුවාය.
ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වේදිකා නට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති ඇය නාට්‍ය අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට ද සිය දායකත්වය දක්වා තිබුණි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාසික රැඟුම ප්‍රසංගයෙන් මුල්වරට රංගනයෙන් එක් වූ ඇය මිරිඟුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපනය කරමින් සිනමා රංගනයට ද අවතීර්ණ විය.
විරාගය, යුගාන්තය, යහළු යෙහෙළි, මංගල තෑග්ග, මාරුතය හා භවදුක යන චිත්‍රපටවල ඇයගේ රංගනය කැපී පෙනේ.
එරබඳු මල්, නෑදෑයෝ, දූ දරුවෝ, ගිරය, අසල්වැසියෝ, සුර අසුර, ඉරපායා ඇතුළු ජනතාව වඩාත් ආදරය කළ ටෙලි නිර්මාණ රැසකට ඇය රංගනයෙන් දායක විය.
1981 දී ඇය ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා වන සම්මානය නවසිය අනු නවය නාට්‍යය සඳහා දිනා ගත්තාය.

multi-talented artist: Imalka Venroy

Imalka Venroy Britto came to limelight with his performance at the Derana City of Dance 2009 by winning the second place.  With that experienced he kept perfecting his dance techniques and in 2012 his team won the first place in Derana City of Dance competition.

9

Imalka is a multi-talented artist with his skills in dancing as well as choreography and excel as an accomplished DJ.  He has also begun a career as an actor and can be seen in some popular tele dramas in Sri Lanka.

47

Presently Imalka is a proud owner of Imalka Venroy Art Studio and Chairman of IMA Production Company.

In addition to being a dance teacher and dance competition judge, Imalka has performed internationally and has earned a place in the reputed Asia Pacific dance x’plosion dance competition in Malaysia.

10 11