පලාත් පාලනයේ කාන්තා නියෝජනය 25% අහෝසි කරන්නට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්

මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිහිපයක්ම පලාත් පාලනයේ කාන්තා නියෝජනය 25% අහෝසි කරන්නට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බව  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු කියා සිටියේ ගෙවී ගිය දශක 50 තුළ ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව කේෂ්ත්‍රයේ ලැබූ එකම තීරණාත්මක ජයග්‍රහණය පලාත් පාලනයේ 25% ක කාන්තා නියෝජනය බවයි.

“යුරෝපයේ බොහෝ රටවල් කාන්තාවන්ට ඡන්ද අයිතිය ගැන කථා කරන්නටත් පෙර, 1931 දී ලංකාවේ කාන්තාවට සර්වජන ඡන්ද බලය හිමිවුණා.  ඉන් වසර තිහකට පසුව ලෝකයේ පළමු අගමැතිනිය බිහි කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුණා. නමුත් අද ලංකාවේ මහජන නියෝජිතයින් අතුරින් 5% ක් වත් කාන්තාවන් නොවේ. 2016 වසරේ ජගත් කාන්තා දිනයට සැමරුවේ 25% කාන්තා නියෝජනය ඉදිරියට දමමින්. අද 25% ත් නෑ. ඡන්දත් නෑ.  ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයත් නෑ” යැයි ද ඔහු සඳහන් කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ දී කාන්තා නියෝජනය ඉහළ නැංවීමට ඉදිරිපත් වූ යෝජනා කෙටුම්පත් අවස්ථාවේ තිබිය දී පුළුල්  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නම් පුරුෂ මුලික ප්‍රතිපත්ති තීරකයින් විසින් කාන්තා මහජන නියෝජනය ඉහළ නැංවීමේ බලාපොරොත්තුව අඩපණ කළ බවද කියා සිටියි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතර 5 වන ස්ථානයේ හිමිව ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට වන අතර 2006 සිට 2016 වසර 10 පුරා ලෝකයේ ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය නරක ලෙසම බිදවැටුණු රාජ්‍යය ශ්‍රී ලංකාව ලෙස නම් ලබා ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පාර්ශවයක් ආණ්ඩුවට සෘජු අලාභයක් සිදුකර ඇත්නම් රජයට එය අයකර ගත හැකියි: නීතිපති

ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පාර්ශවයක් ආණ්ඩුවට සෘජු අලාභයක් සිදුකර ඇත්නම් රජයට එය අයකර ගත හැකි බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියි.

නීතිපතිවරයාගේ අත්සනින් යුතුව කථානායකවරයාට යොමු කොට 07 වන දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලිපිය මගින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව කෝප් කමිටුව විසින් තමා වෙත යොමුකරන ලද වාර්තාවේ මුදල් අවභාවිතයක් හෝ ගනුදෙනු සිදුකිරීමේදී නීතියට පටහැණිව එය සිදුවිය හැකි බව දක්වා ඇති බවත්, 1937 ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥා පනත යටතේ කිසියම් පුද්ගලයෙකු අදාළ රෙගුලාසි, විධිවිධාන හා මගපෙන්වීම් අනුව කටයුතු කිරීමට අසමත් වන්නේනම් දඬුවම් ලැබිය හැකි වරදක් බවද නීතිපතිවරයා එම ලිපියෙන් පෙන්වාදී තිබේ.

දැනට මේ සිදුවීම සම්බන්ධයෙන් වත්මන් මහබැංකු අධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කඩිනම් කරන ලෙස තමන් උපදෙස් ලබාදී ඇති බවත්, සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන  වාර්තාවක් තමන් වෙත යොමුකරන ලෙස දන්වා ඇති බවත් නීතිපතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

විමලෙගෙ උපන්දිනේ!

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය මාර්තු (07)වැනිදාට යෙදී තිබුණි.

පසුගිය රජයේ අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර  අදට දින 56කි.
ඒ මහතාගේ උපන්දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පක්ෂ සාමාජිකයින් බෝධි පූජා පින්කම් ඇතුළු ආගමික වැඩසටහන් රැසක් රට පුරා සංවිධානය කර තිබු බවද වාර්තා වේ.

බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට ලක් කරන වෛද්‍යවරුන්ට දැඩි දඩුවම් ලබා දෙන්න

ගරු ජනාධිපතිතුමා

ජනාධිපති මන්දිරය,

කොළඹ 01

ගරු ජනාධිපතිතුමනි,

බලහත්කාරයෙන් වන්ද්‍යකරණයට ලක් කරන වෛද්‍යවරුන්ට දැඩි දඩුවම් ලබා දෙන්න

අද දින (06)  විද්‍යුත් මාධ්‍යයන්හි වාර්තා වූ අන්දමට දඹුල්ල මූලික රෝහලේ ගැබිණි වාට්ටුවේ ප්‍රතිකාර ලබා ගන්නා ගැබිණි මාතාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව උපත් පාලන ක්‍රමයන් අනුගමනය කිරීමට බලහත්කාරකම් කරන බවට  සදහන් ප්‍රවෘත්ති පළ විය. මෙය අහඹු සිද්ධියක් ලෙස අප නොදකින අතර මීට පෙර ද මෙවැනි සිදුවීම් වාර්තා වූ අයුරු අපගේ මතකයේ පවතී. වරෙක මුස්ලිම් ජාතිකයෙකු ව්‍යංජන රසවත් කිරීම සදහා භාවිතා කරන තුනපහ සදහා සතකුප්පා මිශ්‍ර කර විකුණු සිද්ධියක් ද, යුධ සමයේ දී ආබාධිත සෙබළුන්ට ප්‍රතිකාර කිරීමේදී අනවශ්‍ය ලෙස පාද ඉවත් කළ සිද්ධියක් පිළිබදව ද, කාසල් රෝහල ඇතුළු විවිධ රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල දරුවන් ලැබීමෙන් පසුව සිදුවන වන්ද්‍යාකරණයන් ගැන අපට නිරන්තර අසන්නට ලැබුණි.

උක්ත අවාසනාවන්ත සිද්ධින්ට මුහුණ පාන්නට සිදු වී ඇත්තේ සිංහල ජනතාවට වීම අතිශය කණගාටුදායක ය. රටේ මහජාතිය වශයෙන් සලකන සිංහල ජාතිය ජන හා සංඛ්‍යා ලේඛනවලට අනුව සීඝ්‍රයෙන් පහල බැසීමට උක්ත සිදුවීම් බලනොපෑවේ යැයි කාහට නම් කිව හැකි ද? 1960 දශකයේ පුංචි පවුල රත්තරං යැයි කියමින් ගෙන ගිය රාජ්‍ය ප්‍රචාරණය රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා ප්‍රවේගකාරීව සමාජගත කරමින් සිංහල ජන සංයුතිය වෙනස් කරන්නට කටයුතු කළ අන්දම ඔබතුමන් මෙන්ම අපද පිළිගන්නා කොමිෂන් සභා මගින් ද තහවුරු කරන ලද සිදුවීමකි.

මෙම ක්‍රියාදාමය තුළ සැගවී සිට කටයුතු කරන බලවේග ලෙස රාජ්‍ය නොවන සංවිධාන හා අන්තවාදී ආගම් කල්ලිවල නම් කියැවෙන්නේ නිරන්තරයෙනි. කොහොම නමුත් අද වන විට බරපතල අගාධයකට සිංහල ජාතිය ලක්ව ඇති බව නොරහසකි. සිංහල ජනතාවට ලොව ඇති එකම රට තුළත් මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වයකට පත්වීම දරාගත නොහැකි ඛේදනීය ඉරණමකි. මේ දුර්භාග්‍යයේ යටි අරමුණ වී ඇත්තේ මහජාතිය වන සිංහල ජාතිය විනාශ කිරීම ම පමණකි. පැවැති යුධමය වාතාවරණයෙන් වැඩි ම පිරිසක් මරණයට පත්වූයේ සිංහල උදවිය යි. දැන් පන්සලක පැවිදි වීමට තරම්වත් කෙනෙකු පවුලකින් සොයා ගැනීමට නොහැකි බරපතල තත්වයක් උදා වී ඇත.

එබැවින් ගරු ජනාධිපතිතුමනි,

මෙරට ඓතිහාසික ශිෂ්ටාචාරය නිර්මාණය කළ වසර දෙදහස් ගණනක් සම්බුදු සසුන රැකි සිංහල ජාතිය වදවීමට දී බලා සිටීමට ඔබතුමන්ට නොහැකිය.  එම නිසා මේ සෝචනීය තත්වය මනාව තේරුම් ගෙන සිංහල ජාතිය රැකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉහත සදහන් පරිදි ජාතිය වද කිරීමේ කුමන්ත්‍රණයේ නියුතු කිසියම් හෝ පුද්ගලයෙක් වේනම් දැඩි දඩුවම් ලබා දී නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!

සසුන්ලැදි,

ඕමල්පේ සෝභිත ස්ථවීර

ප්‍රධාන අනුශාසක

 

පිටපත් – ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා

සොත්ථිසේන කතා වස්තුව

නීතිඥ උපුල් කුමාරප්පෙරුම

බුද්ධ වර්ෂ නවසිය හැත්තෑ හයක් වූ සමයක සොත්ථිසේන නම් රජෙකු ලක්දිව මහරාජයානන් සේ කිරැලු පලන් සේක. 

එකල්හී සොත්ථිසේන රාජෝත්තමයණ්ගේ අගමෙහෙසිය වූ සංඝා නම්වූ කුමරියෙක විසින් සොත්ථිසේන මහාරාජෝත්තමයාණෝ කිරැලු පලන් දිනයේදීම ඝාතනය කරන ලද්දාහූය. සොත්ථිසේනයන් රජකම් කල කාලය ගත් කල්හී එය එක්දිනක් වන්නේය.

සොත්ථිසේනයන්ට වූ අබග්ගය මහාවංශයෙහි සඳහන්වැ තිබියදී මාගේ මිත්තණියන් මා හට කියා පෑවේ කෙදිනක හෝ මාද චතුරයෙකු බවට පත් කිරීමේ අදහසක් ඇයගේ චෛතිසිකයන් තුල පෙරදැරි කරගෙන වන්නට විය යුතුයැ.

මාතර රාහුලයේ හයේ පන්තියට ගිය කල්හී අනේකවිධ දරැවෝ ශිෂ්‍යත්වය සමත්වැ රාහුලයටඅකුරැ කරන රිසියෙන් පැමිණියාහුය. එසේ රාහුලයට බට කොලුවන් අතැර මෙතෙකැයි කිව නොහැකි නාමයන්ගෙන් ඇරඹෙන්නාවූ පාසල් රාශියක ලමයින් ඇත්තාහූය. එකල්හී පස්වැන්නෙහි ශිෂ්‍යත්වය මනාව ලකුණු කලාවු නව යොවුන් වියෙහි වූ තරැණයෙකුද රාහුලයට පැමිණියේ තමන් ශිෂ්‍යත්වය සමත් උගතකු යැයි ආඩම්බරකාරීවූ මනසකින්ය.

රාහුලයට හූවක දුරින් වූ පාසැලක අධ්‍යාපනය ලැබූ මේ අහිංසකයා රාහුලයට පැමිනෙත්ම ඔහුගේ කල්ක්‍රියාව දුටු පන්ති භාර ඇදුරානෝ හේ පන්තියෙහි මොනිටරයා බවට පත් කලෝය. දමිත් චමින්ද නම් වූ හේ තමන් වෙත ප්‍රධානය කලාවූ ධූරයෙන් ඔද වැඩී අනෙක් සිසුවන් දෙස නෙක ආඩම්බර ලීලා පාමින් තමන් මොනිටරයා බව සපත කරනු වස් නෙක පෙලහර පාන්නට විය.

මෙසේ මොනිටරයා නේක පෙලහර පාමින් සිටියැදී ශිල්ප ශාස්ත්‍රයෙහි උකටලී වැ ගොස් සිටයෙකු මොනිටරයා හට චැලෙන්ජයක් දෙමින් පොරක් සේ වැජඹෙන්නට අවැසි නම් වහලයෙහි යට ලීයෙහි නගින්නට අභියෝග කලේය. අභියෝගය එසැනින් භාරගත් මොනිටරයා, සැබෑ මොනිටරයෙකු දැලක් මත දිවයන්නා සේ කම්බි දැල් මතට නැගී අසුරැ සැනකින් යටලීය මතට වන්නේය.

ඛේදයකි එකල්හීම ගුරැතුමානෝ පන්තියට පැමිණෙන්නේ මොනිටරයා ආමන්ත්‍රණය කෙරෙමිනි. යටලීයෙහි උන් මොනිටරයා පහත් වූ ස්වරයෙකින් ගුරැවරයා ආමන්ත්‍රණය කරත්ම බලවත් සේ කිපුනු ගුරැ තෙමේ මොනිටරයා යටලීයෙන් බැස්සවූයේ අබ මිටක් ඉසහොත් පුපුරා යන මුහුණකින් යුතුවයැ. ගුරැ දේවයානෝ කෝටු පහර කිහිපයක්ද මොනිටරයාගේ පශ්චාත් භාගයට ලබා දුන්නේ ඉතිරි හෝරා කිහිපයද ඔහු නැගිටුවා තබන අටියෙනි.

මහත්සේ කිපීහුන් ගුරැ දේවයානෝ තමන් විසින් උදෑසන පත් කලාවූ මොනිටරයා හෝරා කිහිපයකදී මොනිටර භාවයෙන් නෙරපා හැරියේ අලුයම ලූ කෙල පිඩක් මෙනි. ඉක්බිතිව හේ නව මොනිටරයෙකු පත් කලේය.

එතැන් සිට එක් දිනක් පමණක් මොනිටර් කම් කල දමිත් චමින්දයෝ සොත්ථිසේන නාමයෙන් හඳුන්වන්නාහුය. සමහරෙක් එය මොනිටරයාගේ වාසගමයැයි සිතා සොත්ථී කියාද කියන්නාහුය. වෙසක් පත් වලද සඳහන් කරන්නාහූය. එකල්හී ඒ සොත්ථිසේනයන්ට පසුව දිනක් රජකම් කල අනෙකා මෙකල්හී කොමර්ෂල් බැන්කුවෙහි සිටිනා අපේ සොත්ථිය.

කැන්ගරුවන්ට එලෝ එලෝ ගහපු අපේ කොල්ලෝ….

ලක්මිණ රණසිංහ

ඇර සොයිසා ඇරෝ ඇරෝ… සික්සර් අස්සේ හදවත ගැස්සෙන විසේකාර විස්සයි විස්සේ තරගාවලියක් දිනපු අපේ කොල්ලන්ට සුබ පතමින් අද මම කියන්න යන්නේ ක්‍රිකට් ගැන. ඔස්ට්‍රේලියාවට එරෙහිව තිබ්බ විස්සයි විස්සේ තරගාවලිය අපි දින්නා. ඔස්ට්‍රේලියාවත් එක්ක තිබ්බ පළවෙනි විස්සයි විස්ස මැච් දෙකම දින්නෙ අන්තිම බෝලෙට 4 ක් ගහලා. පිස්සු කොර! පරදින්න තිබුන මැච් 2 ක් අනිත්ම ඕවර් වලදී ගොඩදාපු විදිහ බලාගෙන ඉන්නකොටත් නිකම් හාට් ඇටෑක් වගේ. මැච් දෙකේදිම අන්තිම ඕවර් දෙක්දී ඕස්ට්‍රේලියන් බෝලස්ලට පන්න පන්න නෙළුවා. අසේල ගුණතරත්න නෙළුවා නෙළිල්ලක් කැන්ගරුවන්ට දුවන්න. පිස්සු හැදෙයි ස බැබළෙයි කිව්වලු. කොහොම කොහොම හරි අන්තිම ඕවර්වලදී අපේ කොල්ලෝ අවේස වෙලා වගේ හයේ හතරේ පාරවල් ගහලා මැච් දෙකම ගොඩ දානකොට අපේ හිතට ආපු ගැම්ම තමයි මචං ගැම්ම.

        අපේ හාට් එක ගැස්සෙන අස්සේ සික්සර් වැස්සක් වස්සලා කැන්ගරුවන්ට එරෙහිව විස්සයි විස්සේ ටූනමන්ට් එක දින්නා තමයි. ඒත් ඊට කලින් අපේ කොල්ලො ටික හිටු කියලා පරාද වෙනකොට ගොඩක් අය ටීම් එකට බැන්නා. හූ කිව්වා. කිණ්ඩි දාම්මා.. නෝණ්ඩි කළා.. ඒත් දැන් දිනනකොට හැමෝම ටීම් එකට හො කියනවා. ඒත් මචං… දිනනකොට එක විදිහට සලකන, පරදිනකොට තව විදිහට ක්‍රමය එච්චර හො දෙයක් නෙමෙයි. දින්නත් පැරදුනත් අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන කොල්ලන්ට ශක්තියක් දෙන්න තමයි අපි හැමතිස්සෙම ට්‍රයි එක දෙන්න ඕනෙ. 1996 ලෝක කුසලානය දින්නට පස්සේ විස්සයි විස්ස ලෝක කුසලානයකුත් දිනන්න අපිට පුළුවන් වුනා.

lak

                අපේ ක්‍රිකට් ටීම් එකට වගේම අපිටත් එදිනෙදා ජීවිතේදි එක එක විදිහේ ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නත් හරියට වේගයෙන් එන යෝකර් පන්දු වගේ. එහෙමත් නැත්නම් ඔළුව ළින්ම යන වේගවත් බවුන්සර් පන්දු වගේ. ඒත් නැත්නම් අපිට හිතාගන්න බැරි විදිහට දකැවෙන දූස්රා පන්දු වගේ. ඒත් ලංකාව ගහන ක්‍රිකට් මැච් එකක තියන සොමිය අපේ බොක්කට දැනෙනකොට අපේ ජීවිතේ තියන හැම අවුලක්ම මොහොතකට අමතක වෙනවා. අනූ හයෙත් දුන්නා බැටේ – මේපාරත් දෙනවා බැටේ කියලා කෑගහලා චියර් කරනකොට අපේ හදවතට දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන් බෑ. අපේ කොල්ලො බැට් කරනකොට ලණුව උඩින් ඇරෝ ඇරෝ කියලා අපි චියර් කරනවා. අපේ කෝල්ලො බෝල් කරනකොට මැදපොල්ලට ඇරෝ ඇරෝ කියලා චියර් කරනවා. ඇත්තමට ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ ක්‍රීඩාවකටත් වඩා එහා ගිය විසේකාර සංස්කෘතියක්. එහෙමත් නැත්නම් විසේකාර විලාසිතාවක්. ඒ විලාසිතාවේ තියන රසයට අපි කවුරුත් ආසයි.

        ලෝකෙ කොහේ හිටියත් ලංකාව ගහන මැච් එකකට ගිහිල්ලා පපරේ සද්දෙට සෙට්වෙලා ලංකාව වෙනුවෙන් චියර් කරන එකේ පට්ටම ආතල් එකක් තියනවා. පපරේ බීට් එක ඇහෙනකොටත් අපේ හාට් බීට් එක හීට් වෙලා පපරේ බීට් එකට පටස්ගාලා සෙට් වෙනවා. මේ පපරේ බීට් එක විශාල ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඇතුලේ ඇහෙනකොට අපිට අමුතුම ගැම්මක් ශ්‍රී ලාංකිකත්වයන් බොක්කට දැනෙනවා. ඒ ගැම්මයි ක්‍රිකට්වලට අපේ බොක්‍කෙ තියන ඇම්මයි එකතු වුනහම ‍ලෝකෙ කොහේ හිටියත් ලාංකිකත්වය අපේ බොක්කට දැනෙනවා. ‍ක්‍රිකට් තරගවලදී  අපේ බොක්කට දැනෙන මේ ජවසම්පන්න පපරේ බීට් එක ලංකාවටම ආවේණික අමුතුම සංස්කෘතියක්. පපරේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග අතර සම්බන්ධයක් ඇති වුන ඉතිහාස කතාවත් හරිම රසවත්. ඒ රවසත් කතාවත් ඉදිරියේදී මම අනිවාර්යෙන්ම කියන්නම්. එහෙම් මම නවතිනයා ලබන සතියෙක් බොක්ක අප්ටේඩ් කරගන්න සෙට් වෙන්න.

fb – Lakmina Ranasinghe

lakmina.ranasinghe@gmail.com

VISAKHIANS WHITEWASH FIRST EVER ANNUAL CRICKETING ENCOUNTER

Visakha Vidyalaya emerged the victors of the cricketing encounter organized along with Musaeus College, which concluded at Thurstan Grounds, Colombo this evening.

The Visakhians who batted first showed off their batting prowess by scoring a total of 224 for the loss of no wickets within 20 overs while the Musaeite team was dismissed for 99 runs despite a valiant fight. This is the first annual cricketing encounter of its kind to have been organized by two girls’ schools in Sri Lanka.

Both Visakha Vidyalaya & Musaeus College have been trendsetters in all aspects since their inception; so it comes as no surprise that they have achieved yet another milestone by establishing this encounter. Undoubtedly this will be the first of many exciting cricketing encounters to follow in years to come.

සයිටම් ගැයළුවට යෝජනා 4ක්!

සයිටම් ආයතන වහා අහෝසි කර රජයට පවරා ගත යුතු යැයි  ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුල පෙරේරා මහතා පැවසීය.

අද (මාර් 6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් යෝජනා හතරක් තම සංගමය රජයට ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

ඒ අනුව මාලඹේ සයිටම් ආයතනයේ පුද්ගලික හිමිකාරීත්වය අහිමි කර රජයට පවරා ගත යුතු බවත් එසේ නැතහොත් රාජ්‍ය පුද්ගලික හවුල් කාරීත්වයක් යටතේ රජයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි වන ලෙසටත් පවත්වා ගත යුතුය යන්න සිය සංගමයේ පළමු යෝජනාව බවත්  ඒ මහතා පැවසීය.

දැනට ආයතනය මගින් ලබාදෙන වසරක සීමාවාසික පුහුණුව වසර දෙක දක්වා ඉහළ දැමිය යුතුය යන්න තම දෙවන යෝජනාව යැයි හෙතෙම කීය. එසේම වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වීම සදහා ඊ.ආර්.පී.එම් විභාගයට පෙනී සිටිය යුතු බවත්, දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම සදහා කමිටුවක් පත් කර කමිටුවේ නිර්දේශ අනුව සිසුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බවටත් ඒ මහතා සංගමය වෙනුවෙන් යෝජනා කළේය.

ඊට අමතරව සයිටම් ආයතනයට සිසුන් බදවා ගැනීමට විධිමත් ගුණාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයිද සයිටම් විරෝධය ඉතිහාසයේ පැවති භීෂණයන් මෙන් උග්‍ර තත්ත්වයකට පත්වීමට නොදී වළක්වා ගත යුතු යැයිද ලේකම්වරයා අවධාරණය කළේය.

එසේම වෛද්‍ය වෘත්තිය මේ බව විට ලාභදායී ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධතාවයද ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. සයිටම් ආයතනය සම්බන්ධයෙන් සිය සංගමය ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය නිර්දේශ සහිත ලිපියක් ජනාධිපතිවරයාට යොමු කළ බවද ලේකම්වරයා සදහන් කළේය.

ඉරාන පාර්ලිමේන්තුවෙන් විශේෂ ආරාධනයක්

ඉරාන පාර්ලිමේන්තුවේ  විශේෂ ආරාධනයෙන් එහි ගිය කථානායක කරු ජයසූරිය මහතා සහ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන  රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ඉරාන කථානායක  අලි ලරිජානි (Ali Larijani ) මහතා  හමු වූ අවස්ථාව

17176204_1125880304200818_1771398419_o

මෙහිදී දෙරටෙහි අන්තර් පාර්ලිමේන්තු සබදතා ප්‍රවර්ධනය සහ ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුනු රැසක් පිලිබදව සාකච්ඡා කෙරිනි.

එම  අවස්ථාව  සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක  මහතා ද එක්විය.