අම්ම මුත්ත කාලෙවත් අහපු නැති පුදුමාකාර සිප ගැනීමක්

සිප ගැනීම කියන්නෙ හරිම සුන්දර දෙයක්. ඒත් අම්ම මුත්ත කාලෙවත් අහපු නැති පුදුමාකාර සිප ගැනීමක්  ගැන තමයි මේ කියන්න යන්නෙ.

අමෙරිකාවේ වාසය  කරන  30 හැවිරිදි දිලිනි ජයසූරිය පසුගිය දවස් වල මෝටර් රථයක් දිනා ගත්තා. ඒ ලොතරැයියක් හූරලානම් නෙවෙයි, පැය 50 ක් පුරා කාර් එකක් කිස් කරලා.

ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ පදිංචි ඇය ශ්‍රී ලාංකීය දියණියක්. ලොව ප්‍රකට මෝටර් රථ සමාගමක් මගින් පැවැත්වූ තරගයකට සහභාගීවීමෙනුයි ඇය මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ. මේ අපූරු තරගය හරහා ඇය ලාංකීය නාමයට කීර්තියක් එක් කරපු හැටිත් අපූරුයි.

එරට රසායනාගාරයක සේවය කරන දිලිනි ජයග්‍රහණයෙන් පසුව අදහස් පළ කරමින් කිව්වෙ ඇයත් සැමියාත් එකම වාහනය බෙදාගෙන පාවිච්චි කරපු නිසා තවත් වාහනයක අවශ්‍යතාව ඇයට තදින්ම තිබුණා කියලා.

96.7 KISS FM radio මගින් පවත්වපු මේ තරගයට අනුව වැඩිම වේලාවක් එම නවීන මෝටර් රථය සිප ගන්නා පුද්ගලයාට එය ත්‍යාගයක් වශයෙන් ලබා දීමට නියමිතව තිබූණා. එහි මුල් වටය සදහා තරගකරුවන් විසි දෙනකු ඉදිරිපත්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.

දරුවන් දෙන්නෙක් ගැට ගසා දමලා මව අනෙක් දරුවා රැගෙන සිගමනේ ගිහින්

කතරගම, නාගහවීදීය යාල වන උද්‍යානයට ආසන්න ප්‍රදේශයක දීර්ඝ කාලයක සිට එළිමහනේ ගසක හා කොන්ක්‍රීට් කනුවක ගැටගසා සිටි ළමුන් දෙදෙනෙකු සොයාගෙන තිබේ.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන්ට ලැබුණු තොරතුරක් මත කතරගම පොලීසිය සමඟ එක්ව එම ප්‍රදේශය වෙත ගොස් මෙම ළමුන් දෙදෙනා සොයාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

වයස අවුරුදු 9 ක් පමණ වන පිරිමි දරුවා කොන්ක්‍රීට් කණුවක ගැටගසා තිබී ඇති අතර වයස අවුරුදු 17 ක් පමණ වන ගැහැණු දරුවාගේ අත් ගසක ගැටගසා තිබූ බව සඳහන්වේ.

මෙම දරුවන්ගේ පියා මියගොස් ඇති බවත් මව තවත් ආබාධිත දරුවෙකු සමඟ කතරගම පූජා භූමියේ සිගමන් යදිමින් සිටින බවත් අනාවරණය වී තිබේ.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ වසර ගණනාවක් පුරා මෙම දරුවන් දෙදෙනා මෙලෙස ගැට ගසා මව අනෙක් දරුවා සමඟ  සිගමන් යැදීමට යන බවය.

සෑම දිනකම පස්වරුවේ බීමතින් පැමිණෙන මව දරුවන්ට පහර දෙන බව ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබේ.

සිද්ධියට අදාළ මව  සහ දරුවන් තිදෙනා ද පොලීසිය වෙත රැගෙන ගිය බව දේශීය මාධ්‍ය වාර්තාවලින් අනාවරණය විය.

HILTON HOTELS EXPAND FOOTPRINTS IN SRI LANKA

Following the landmark deal by Hilton to manage six more hotels in Sri Lanka, senior management of the Hilton met visiting Finance Minister Ravi Karunanayake in Washington D.C. on the sidelines of the ongoing World Bank and IMF meetings.  Senior Vice President of Hilton Jonas Neihardt met with Minister Karunanayake, facilitated by Nisha Biswal, Senior Advisor of Albright Stonebridge Group, to brief on measures being taken by this renowned global hospitality company of the United States to strengthen its market footprints in Sri Lanka and to discuss initiatives for further expanding its presence in Sri Lanka, described as one of the most sought-after destination in the world, at present.

The discussions centered on how Hilton Group could not only manage more hotels and resorts in Sri Lanka, but as to how the Group can promote Sri Lanka as a destination among American public, and worldwide.

The media release issued by Hilton (attached below)  entitled “Hilton Signs Landmark Deal for Six Hotels in Sri Lanka” provides details of the new properties that will come under Hilton management at several prime destinations within Sri Lanka.

Finance Minister highlights potential for increased Sri Lanka – U.S. bilateral trade

Minister of Finance Ravi Karunanayake speaking at the U.S. Chamber of Commerce highlighted prospects for increasing bilateral trade and U.S. investment in Sri Lanka at a breakfast roundtable meeting hosted by the US Chamber of Commerce.  Minister Karunanayake was in Washington leading Sri Lanka delegation to the IMF-World Bank Spring Meetings.

Alluding to many investment opportunities in areas such as infrastructure development, agro processing, health care, export oriented manufacturing and the tourism sector, Minister Karunanayake outlined the business-friendly policies adopted by the Government of Sri Lanka to position the country as the gateway to Asia. He discussed the benefits that US companies in Sri Lanka could avail of under the existing and potential Free Trade Agreements with countries in the region, which can provide a larger market in the region beyond Sri Lanka.

Minister Karunanayake presented an overview of the progress in macroeconomic fundamentals of the country, which are integral cornerstones of a favourable investment climate and urged U.S. companies to look at Sri Lanka not only as an investment destination but also as a country with a high quality of life with excellent amenities for rest and recreation.  He pointed out that the government is putting in place mechanisms to support entrepreneurship, technology adoption, trade diversification and environmentally friendly industries and urged U.S. businesses to forge partnerships with the Sri Lankan private sector paving the way to strengthen business links over the next decade.

In his concluding remarks, Ambassador Prasad Kariyawasam reiterated that with its market-friendly economic policies, geo-strategic location and high quality physical environment, Sri Lanka has become a business-friendly, eminently livable and welcoming destination in the region.

The roundtable discussion was attended among others, by senior officials of the U.S. Chamber of Commerce South Asia Team, senior representatives from Coca Cola, Exxon Mobil, Ventech Engineering LLCs, McLarty Associates, Bower Group Asia, USIBC, CIPE, Mastercard, FedEx, Trimble Navigation Ltd.

The United States continues to be Sri Lanka’s largest export market. Bilateral trade turnover currently stands at approximately USD 3.3 billion and the U.S. accounts for 28% of Sri Lanka’s total exports in 2016.

කරදියාන කසල අංගනයට කසල බැහැර කිරීමට දැඩි විරෝධය

අද උදෑසනන කරදියාන ගංගාරාම විහාරස්ථානයට රැස් වූ ප්‍රෙද්ශවාසීන් සහ ප්‍රෙද්ශයේ දේශපාලනඥයින් විසින් උද්ඝෝෂණයක් ආරම්භ කරන ලද්දේ කරදියාන කසල අංගනයට කසල බැහැර කිරීමට දැඩි විරෝධය දක්වමිනි. අනතුරුව විරෝධතාකරුවන් කරදියාන මාර්ගය ඔස්සේ කසල අංගනය දක්වා පා ගමනින් පැමිණියහ. 

විරෝධතාකරුවන් එම ස්ථානයට පැමිණෙන අතරවාරයේ කොළඹ මහ නගර සබාවේ කසල රැගත් ලොරි රථ කිහිපයක් කරදියාන කසල අංගනයට පැමිණ තිබුණේ මේ අයුරිනි. කෙසේ වෙතත් ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හුමවේ කොළඹ නගර සභා සීමාවේ එක්රැස් වූ සකල බැහැර කිරීම සදහා පැමිණි ලොරි රථසියල්ල ආපසු හරවා යැවීමට කටයුතු කළහ.
DSCN0589 (1)
මෙහිදී අදහස ්පළ කළ ජවිපෙ බ.ප පා.ම ලක්ෂ්මන් නිපුණ ආරච්චි පැවසූයේ
ටොන් 350ක් විතරයි මේකෙ කුණු දාන්න අධිකරණය මගින් අවසර ලබා දී තිබෙන්නෙ. දැන් බොහෝ විට මේ විරෝධතාව නිසා එයාලා අධිකරණයට නැවත යයි මේක අලුත් කර ගන්න.අපේ වගකීම තමයි අපේ තියන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ සීමාව පාවිච්චි කරල අධිකරණයට යම් ඒත්තු ගැන්වීමක් කරන එක.
DSCN0591
කරදියානට කසල බැහැර කිරීම සම්බන්ධයෙන්  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජජාතික ව්‍යාපාරය පවසා සිටින්නේ අධිවේගී මාර්ග සහ නෙළුම් කුළුණු හා ගුවන් තොටුපළවල් සැදුවත්  ශ්‍රී ලංකාව තවමත් කසල කළමනාකරණය කර ගැනීමට අසමත්ව සිටින බවයි. නමුත් ජනතාව කරන්නනේ මහා ව්‍යාපාරික සිහින දකිමින් මෙගාපොලිස් අමාත්‍යංශ පිහිටුවමින් දේශපාලකයින් උදේ හවා කරන බණ දේශනා අසමින් කල් මැරීම බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

මීතොටමුල්ල කසල එම ස්ථානයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර මාස හයක් තුළ ගන්නවා -අමාත්‍ය ඉසුර දේවප්‍රිය

මීතොටමුල්ල කසල එම ස්ථානයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඒ සදහා අවශ්‍ය පියවර මාස හයක් තුළ ගන්නා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කළ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේය

අද (අප්‍රේල් 19) බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය
හමුවකදී හෙතෙම මේ අදහස් පළ කළේය.

එසේම මීතොටමුල්ල කුණු කන්ද පවතින ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් එකක් බැවින් ඉඩම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවට කිසිවක් කළ නොහැකි බවද හෙතෙම සදහන් කළේය. කරදියාන කසල අංගනයට කොළඹ කසල බැහැර කිරීමට තීරණය කර ඇත්තේ තමාගේ අනුදැනුමින් තොරව බවද කෙසේ වුවත් එය තාවකාලිකව පමණක් ක්‍රියාත්මක වන බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් කළබල විය යුතු නැතියි ඒ මහතා සදහන් කළේය.

කරදියාන, දොම්පේ වැනි කසල බැහැර කිරීමේ අංගනයන් ඉතා විධිමත්ව පවත්වාගෙන යන ඒවා බැවින් මින් පසුව විධිමත්ව වර්ග නොකරන ලද කසල බස්නාහිර පළාතේ කසල බැහැර කිරීමේ අංගනයන් වෙත භාර නොගැනීමට කටයුතු කරන බවද මහ ඇමතිවරයා අවධාරණය කළේය. බස්නාහිර පළාත් සභාවට අයත් සෙසු මහ නගර සභා සහ නගර සභා විධිමත්ව කසල බැහැර කරතත් කොළඹ මහනගර සභාවේ පමණක් වෙන් කිරීමකින් තොරව
කසල බැහැර කරන බව විශාල ගැටලුවක් බව ඒ මහතා පෙන්වා දුන්නේය. ජනතාව නිවෙස් වලින් කසල වෙන් කර ලබාදුන්නත් කසල එකතු කිරීමේ කටයුතු වල නිරත වන පුද්ලගලික අංශයේ සේවකයන් ඒවා වෙන් නොකිරීම නිසා ගැටලුව ඇති වී තිබෙන බව මහ අැමතිවරයා පෙන්වා දුන්නේය.

මීට පෙර අවස්ථාවකදී සුසිල් කිදෙල්පිටිය මන්ත්‍රීවරයා ඉංජිනේරුවන් සමග කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මීතොටමුල්ල කුණු කන්ද නාය යන බව පැවසී යැයිද එම අවස්ථාවේ ජනතාව වෙත පූර්ව දැනුම් දීමක් කළ බවත් ඒ මහතා පැවසීය. එම අවස්ථාවේ ජනතාවට රුපියල් 15000ක නිවාස කුලියක් මසකට ලබාදීමට එකගව ජනතාව එම ස්ථානයෙන් ඉවත්කීරීමට උත්සාහ ගත්තද යම් යම් කණ්ඩායම් වල උසි ගැන්වීම් නිසා එය අසාර්ථක වූ බවද දේවප්‍රිය මහතා සදහන් කළේය. මෙවන් අවස්ථාවට විවිධ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විවිධ කණ්ඩායම් මෙම ගැටලුවට මැදිහත් වී
ජනතාවට තීරණයක් ගැනීමට ඉඩ නොදීම මහත් අසාධාරණයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශී‍්‍ර ලංකාවේ උසම ගොඩනැගිල්ලට මුල් ගල

මහානගර සංවර්ධන සැලැස්මට අනුව ශ‍්‍රී ලංකාවේ ඉදිවන විශාලතම නේවාසික ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

නො. 37, හෝර්ටන් පෙදෙසකොළඹ 07 යන ස්ථානයෙහි ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිවන අතරමහල් 75 කින් සමන්විතය.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 වන විට අවසන් කිරීමට නියමිත අතර හෝර්ටන් ස්කවෙයාර් (Horton Square) පුද්ගලික සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

නවීන පහසුකම්වලින් සමන්විත මෙම අති නවීන නිවාස සංකීර්ණය මෙරට ඉදිවන උසින් වැඩිම ගොඩනැගිල්ල වේ. මෙය  දැනට ඉදිවෙමින් පවතින නෙළුම් කුළුණටත් වඩා වැඩි උසකින් යුතුව ගොඩනැගෙනු ඇත.

මහානගර සංවර්ධන සැලසුමට අනුව තවත් නේවාසික ගොඩනැගිලි තුනක ඉදිකිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවට මහානගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නහෝර්ටන් ස්කවෙයාර් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී පෝල් කෙලීනාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂක ජනරාල් ඉංජි. සුමේධ රත්නායක යන මහත්වරුන් ද සහභාගී වූහ.

අමාත්‍ය ජෝන් අමරතුංග සමග මත ගැටුමක් -රෝස් ප්‍රනාන්දු ඉල්ලා අස්වී තිබේ

එජාප කටාන ආසන සංවිධායිකා, බස්නාහිර පළාත් මන්ත්‍රීනි රෝස් ප්‍රනාන්දු මෙනවිය ඇය විසින් දරනු ලබන සියලුම පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ බැව් සඳහන් ලිපියක් තමන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හා පක්ෂ මූලස්ථානය වෙත යොමු කොට ඇතැයි ඇය අද (19) කාටාන එජාප කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළාය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට කුලී රථ සේවා පහසුකම් සැපයීමේ කවුළුවක් අධිකරණ නියෝග මත නීත්‍යනුකූල ටෙන්ඩරයක් මගින් ලබාදී තිබියදී එයට පරිබාහිරව සංචාරක බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ අධාරකරුවන්ටද කුලී වාහන බලපත් දෙන තත්ත්වයක් උදාවී ඇති බව ඇය කියා සිටියි.

මෙම කාරණයට අදාළව ජෝන් අමරතුංග මහතා හා තමන් අතර මත ගැටුමක් නිර්මාණයවූ බවත්, ඇමතිවරයාගේ මෙම යහපාලන විරෝධී ක්‍රියාව නිසා තමන් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බව රෝස් ප්‍රනාන්දු මෙනවිය අවධාරණය කළාය.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මැදිහත්වී මෙවන් යහපාලන විරෝධී ක්‍රියාවන් වහා නැවැත්විය යුතුව ඇති බවත්, තමන් කිසිවෙකුටත් ණය හෝ බය නැති බවත් ඇය කියා සිටියාය.

කුණු කන්ද නාය යෑම ගැන හොයන්න ජපානය එන්න තීරණය කරයි

මීතොටමුල්ල කුණු කන්ද නායයෑම පිළිබඳ විමසා බැලීම සඳහා ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් කඩිනමින් ශ්‍රී ලංකාවට යොමුකිරීමට ජපාන රජය තීරණය කර තිබේ.

ඔවුන් විසින් ඊට අදාළව ඉදිරි සැලසුම් සිදුවිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදීමට නියමිත බව සඳහන්ය.

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මියගිය පුද්ගලයින් සහ පීඩාවට පත් පුද්ගලයින් සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් ජපාන අග්‍රමාත්‍ය  ෂින් ෂෝ අබේ මේ බව දැනුම් දී තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ පණිවිඩයක් යොමුකරමින් ජපාන අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම අවසනාවන්ත සිදුවීම පිළිබඳ ජපාන රජය සහ ජනතාව බලවත් කණගාටුව පළ කරන බවයි.

විපතට පත් ජනතාවට යළි සිය සාමාන්‍ය ජීවන තත්ත්වය උදාකර ගැනීම සඳහා ජපාන රජයේ පූර්ණ සහය ලබාදෙන බව ද ජපාන අග්‍රමාත්‍යවරයා සිය පණිවිඩයෙන් දැනුම් දී ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

රණවිරු දිනයට හමුදා පෙළපාලි වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුභසිද්ධිය මූලික කරගත යුතුයි

එළඹෙන මැයි මස 8 වනදාට යෙදී තිබෙන රණවිරු දිනය නිමිත්තෙන් හමුදා  පෙළපාලි වෙඩිමුර  වෙනුවට ජනතාවගේ සුභසිද්ධිය මූලික කරගත යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඊයේ (18) ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

ඒ අනුව මෙවර රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාතේ අපිරිසිදු ස්ථාන
පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් සැළසුම් කර ඇතැයිද අපිරිසිදු ජලය රැදෙන
ස්ථාන පිරිසිදු කිරීමට එහිදී මූලික අවධානයක් යොමු කරන බවද ඒ මහතා
වැඩිදුරටත් සදහන් කළේය.

ත්‍රිවිධ හමුදාවේ සහභාගිත්වයෙන් මෙන්ම පාසල් බාලදක්ෂ කණ්ඩායම් වල
සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.

මෙම වැඩසටහනට සමගාමීව කයිතඩි හී පිහිටි ළමා හා වැඩිහිටි නිවාස සදහා ආහාර වේලක් ලබාදීමට මෙන්ම පිරිසිදු කිරීමේ කටයුතු සදහා සහභාගී වන සියලු දෙනාට නොමිලයේ ආහාර පාන ලබාදීමටත් පාසල් ළමුන් 1000ක් සදහා පාසල් උපකරණ බෙදාදීමට සැළසුම් කර ඇතැයි ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය සදහන් කරයි.

පැතිර යන ඩෙංගු උවදුරට පිළියමක් වශයෙන් සිදුකරන මෙම කාර්ය සදහා සහභාගී වන්නැයි ආණ්ඩුකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.