ශ්‍රී ලංකා පොලීසිය නව විමර්ශන කාර්යාංශයක් පිහිටුවයි

ශ්‍රී ලංකා පොලීසිය විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම එහි නියෝජ්‍ය පොලිස්පති ‍ලෙස නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වැඩ බැරි ටාසන්ලා කියලා එලිවෙනකොට එලියට එන ලැයිස්තු ගැන කියන දයාසිරි…..

https://www.youtube.com/embed/_xQnnJOOxIE?si=XJW6o9G9Gev0w7JS” title=

නොරොච්චෝලේ බලාගාරය පෙබරවාරි 14 වනදා ව​න විට ජාතික පද්ධතියට එක් කිරිමට බලාපොරොත්තු වෙනවා – ලංවිම

නොරොච්චෝලේ බලාගාරය පෙබරවාරි 14 වනදා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊයේ (09) දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම බිඳ වැටීමට ලක්ව තිබෙනවා.

කොටහේනේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

කොටහේන, බෙනඩික්ට් මාවතේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේ.

හෙට විදුලිය කප්පාදු කරන කාලසටහන ප්‍රකාශයට පත් කරයි

හෙට (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව පස්වරු 3.30 සිට 10.00 දක්වා කාණ්ඩ 4 ක් යටතේ අද සහ හෙට විදුලි කප්පාදුව සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කාලසටහන පහතින්.

67aa0cca2f670pdf_page_0

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට නව කොමසාරිස්වරයෙක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට නව කොමසාරිස්වරයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ ඉහළ නිලධාරියකු වන අනූපම මංගල වික්‍රමාරච්චි මේ සඳහා පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔහු ඊයේ (09) දිනයේ සිය ධූරයේ වැඩ භාරගෙන ඇති බවයි වැඩිදුටත් සඳහන් වෙන්නේ.

2025 වසරේදී විදේශ රැකියා 340,000 ක් ලබාදීමට පියවර

2025 වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බවයි එහි සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක සඳහන් කළේ.

2024 වර්ෂයේදී ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශගත වී ඇති අතර 2024 වර්ෂයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ස්වාධීන අභිචෝදක කාර්යාල​යක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර එම කමිටුව කරුණු කීපයකින් සමන්විත බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

එම කමිටුව සඳහා නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙකුගෙන් සමන්විත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67a9d0a6de715pdf_page_0

“ආවොත් යවන්නේ අමුඩ ගස්සවලයි” ගමේ ඇමතිටයි නියෝජ්‍ය ඇමතිටයි ගොවියෙක් ගෙන් ආපු අභියෝගය…..

https://www.youtube.com/embed/qpN5OPYDf_8?si=xnqYXqNfF-HxC57N” title=