දැන් හරි අපි ඉදිරිපත් කරලා තිබ්බ සමාජ, වෙළඳපො​ළ, ආර්ථික ක්‍රමවේදයට එකඟ වෙච්ච එකට අපි සන්තෝස වෙනවා – හර්ෂ

පසුගිය ආණ්ඩුව හා වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය තුළ කිසිඳු වෙනසක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව පෙර රජයයන් හඳුන්වාදුන් සමාජ, වෙළඳපොළ, ආර්ථික ක්‍රමවේදයට වත්මන් ආණ්ඩුව මේ අවස්ථාවේදී හෝ එකඟවීම ගැන සතුටු වන අතර, එය ජයග්‍රහණයක් ලෙස දකින බවයි අද (17) අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජාතික ජන බලවේගය මෙය වටහා ගැනීමට තිබුණේ දශක ගණනාවකට පෙර බවත්, එය එසේ වූයේ නම් මෙවැනි අවුල්කාරී තත්ත්වයක් ඇති නොවන බවත්, රට සාර්ථකව ඉදිරියට ගොස් තිබෙනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පාන්පිටි මිල පහළට

හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාන්පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කරන බවයි එම සමාගම් නිවේදනය කරන්නේ.

2025 අයවැය පරතරය රුපියල් බිලියන 2,200 ක් ලෙස වාර්තා වෙයි

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

2025 සඳහා ආදායම් ලෙස රුපියල් බිලියන 4,990 ක් ලැබෙනු ඇති බවට රජය අපේක්ෂා කරන බවයි එහි දක්වා තිබෙන්නේ.

එසේම වියදම් ලෙස රුපියල් බිලියන 7,190 ක් රජය ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200 බවයි අයවැය වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ලේඛණය පහතින්.

අයවැය කතාව අවසන්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ 2025 අයවැය කතාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව පාර්ලිමේන්තුව පස්වරු 2.00 දක්වා කල් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රාජ්‍ය සේවයේ අව​ම මූලි​ක වැටුප රුපියල් 15,750 කින් වැඩි කෙරේ – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රැකියා විරහිත උපාධිධාරීන් 30,000 ක් බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කරනවා.

* දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ.

* රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 ක් වැඩි කිරීමට යෝජනා කරනවා.

* දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළව සිදුකිරීමට යෝජනා කරනවා.

* මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිත බවත් ඒ අනුව මුල් ශුද්ධ වැටුප රු 5,000 ක් සහ ඉතිරි මුදල 30% ක් 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර, ඉතිරි 70% 2026 සහ 2027 වසරේ ජනවාරි මාසයේ දී සමාන කොටස්වලින් ලබාදීමට කටයුතු කරනවා.

* මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලබන බව සහතික කරමින් 2025 ජනවාරි 01 හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කරනවා.

* මේ වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* රු 15,750 කින් අවම වැටුප වැඩිකිරීමට අමතරව, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80% කින් වැඩිකරන බවත් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රු. 450 දක්වා ඉහළ යනු ඇති බවත් රු. 500 ක වැටුප් වර්ධකය රු 900 දක්වා වැඩි කරනවා.

* පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම අප්‍රේල් සිට විසි හත්දාහක් දක්වාත් ලබන ජනවාරියේ සිට 30,000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජකයන් එකඟ වී තිබෙනවා.

සංහිඳියාවෙන් යුතු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ශ්‍රී ලාංකික දිනය නමැති ජාතික උත්සවයක් හඳුන්වාදෙනවා – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* දුෂණය පිටු දැකීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර, අල්ලස් කොමිසම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා

* අපරාධ ආදායම් පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කරන අතර, අපරාධ ආදායම් පිළිබඳ නීති සමාලෝචනය කර නැවත ක්‍රියාත්මක කරනවා.

*  සියලු ජනතාවට එක්ව සංහිඳියාවෙන් සතුටු විය හැකි සංස්කෘතික උළෙලක් වන “ශ්‍රී ලාංකික දිනය” පැවැත්වීමට රුපියල් මිලියන 300 ක් වෙන් කරනවා.

* මහල් නිවාස සඳහා අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කරනවා.

* කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදිකරනවා. ඒ සඳහා චීන ආධාර යටතේ නිවාස ඒකක එකසිය අටකින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරනවා.

නෙළුම් මාවතට ආපු අමෙරිකානු තානාපතිවරියට කිව්වේ මොනවද ? නාමල් රාජපක්ෂ උත්තර දෙයි….

https://www.youtube.com/embed/XGtadlWbmiI?si=Cj_TjhDThOsLL9Un” title=

“යාදෙක නොරත රත ඔය තුන්දෙනා එකතු වෙන්නේ නැත” – ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ……

https://www.youtube.com/embed/CULjQnhXGgM?si=W__261KzdN-pAOqq” title=

“ඉදිරි ප්‍රාදේශිය සභා දිනලා පෙන්නන්න” මන්ත්‍රී හේෂා ආණ්ඩුවට කරපු අභියෝගය….

https://www.youtube.com/embed/xUaT-y2VYGQ?si=Et-Sq3wDSzE3Qq2-” title=

මේජර් තනතුරින් පහළ සියලු යුධ හමුදා සෙබළුන්ගේ පාස්පෝට් රෙජිමේන්තුවට භාරදෙන ලෙස නියෝගයක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් තනතුරට පහළින් සිටින සියලුම සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදෙන ලෙසට නියෝග කර තිබෙනවා.

පරිපාලන කටයුත්තකට අදාලව මෙම පියවර ගෙන ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් ක⁣ළේ.

ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය මත ඕනෑම වෙලාවක නැවත එම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෙබළුන්ට හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.