https://www.youtube.com/embed/qwfa4C_J4mw?si=KLEJFo2wVpFQSAKU” title=
Author: Supun
ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ සඳහා වූ ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළිදක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම “ජල බැටරිය” වන ‘මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය’ ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙගාවොට් 600 ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය, සුර්ය හා සුළං බලයෙන් ජනනය වන බල ශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර, ඉල්ලුම ඉහළ යන විට එය නැවත විදුලිබල පද්ධතියට සපයන බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.
2030 වන විට විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සදහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙමගින් ශ්‍රී ලංකාව තීරණාත්මක ලෙස පුනර්ජනනීය බල ශක්තිය කරා යන පරිවර්තනීය ගමන, පොසිල ඉන්ධන මත යැපීම අඩු කර, වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරා ගන්නා බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ජාතික උද්ධමනය සෘණ 4.0% දක්වා පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සෘණ 4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව 2025 ජනවාරි මාසයේ දී ආහාර උද්ධමනය සෘණ 1.0% සිට සෘණ 2.5% දක්වා පහළ ගොස් තිබෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ආහාර නොවන උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සෘණ 2.9% සිට සෘණ 5.2% ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු 07 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඊට අමතරව වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රියදුරා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය අවසර ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
හෙට උණුසුම් කාලගුණ තත්ත්වය ගැන දැනුම්දීමක්
හෙට (22) දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
OnmaxDT මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු 07 දක්වා රිමාන්ඩ්
OnmaxDT පිරමිඩ් මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ පරිගණක ඉංජිනේරුවකු බව කියන සැකකරු මාර්තු මස 07 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද අදාළ සැකකරු අද (21) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ඔහු ලබන මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
ජා-ඇළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ජා-ඇළ, පමුණුව, මෝගන්වත්ත වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
ඡන්දේ කල් දාන්න ඉල්ලන විපක්ෂයේ අයට මැතිවරණ කොමිසමෙන් එලියට ආපු ටිල්වින්ගෙන් සැර උත්තරයක්……
https://www.youtube.com/embed/49ja-zSE1g0?si=W2g59Z-UyIva7yPH” title=
“රෙජිමේන්තුව එහේ ප්‍රධානියා මෙහෙ” ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ යුද්ධ කලාව ගැන කියපු විමල්…..
https://www.youtube.com/embed/XffbL44KstY?si=TsBtRvmAEVJ7QC0B” title=
ඇමති වටගලට උත්තර නැතිවුන මාධ්‍ය වල සැර ප්‍රශ්න….
https://www.youtube.com/embed/ZX-JnVPP8mY?si=ZYTySvMG4sZfv-dq” title=
