https://www.youtube.com/embed/lzK-kxnUfL4?si=w1_3od6I-y2Tdlam” title=
Author: Supun
“ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ” පාතාලයට වෙන්න යන දේ ගැන ජනපති මහනුවරදී කියයි……
https://www.youtube.com/embed/qPE_-q0X_k4?si=vacof0HL5ZwqlmQT” title=
මෙච්චර වැඩි කරන්න කොහෙද මුදල් තිබුණේ කියලාත් අහනවා – නලින්ද ජයතිස්ස
අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඔවුන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මෙම මූලික වැටුප වැඩි කිරීම හරහා කිසිදු පුද්ගලයෙකුගේ වැටුප අඩුවීමක් සිදු නොවන බවයි අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම වැටුප් වැඩි කිරීම ලබාදෙන්නේ අදියර තුනකින් බවත්, එසේ වුවත් දීමනා සඳහා ගණනය කිරීම් සිදු කරන්නේ වැඩි වූ සම්පූර්ණ මූලික වැටුපටම බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
පෙර පැවති ආණ්ඩුවලින් මූලික වැටුප් වැඩි කිරීමක් සිදු නොකළ බවද, වත්මන් ආණ්ඩුව විසින් මූලික වැටුප වැඩි කළ පසු මෙවැනි වැටුප් වැඩිවීමක් ලබාදීමට මුදල් කොහින්දැයි ප්‍රශ්න කරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර පත් කෙරේ
ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර පත්කර තිබෙනවා.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් ඔවුන් සිය පත්වීම් ලිපි ලබා ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණයට කඩිනමින් දින නියම කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා – ජනපති
පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් කඩිනමින් දින නියම කරනු ඇති බවට විශ්වාසය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින් පැවැත්වීම රජයේ ද අපේක්ෂාව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් ද රජය වෙන් කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
තව ටික දවසකින් මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා – නාමල්
පසුගිය ආණ්ඩුවලට චෝදනා නොකර, පාතාලය මර්දනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
තවත් දින කිහිපයක් යන විට තමාව අත්අඩංගුවට ගනු ලැබුවහොත් පුදුම නොවන ලෙසයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ අනුව, වත්මන් ආණ්ඩුව එය පිටින් දමා හෝ පවතින ගැටලුව යටපත් කිරීමට උත්සාහ කරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ආණ්ඩුවට ඉතුරු වී ඇත්තේ තමා අත්අඩංගුවට ගෙන, ඝාතන රැල්ල ජනතාවගේ මනසින් ඉවත් කර ගැනීම පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ සහාය දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවෙයි
කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලක පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු රඳවාගෙන ප්‍රශ්න කරන බව කොටහේන පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අදාළ සැකකරු කොටහේන පොලීසිය විසින් අද (24) අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, එම සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
හෙටත් ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වයක්
හෙට (25) දිස්ත්‍රික්ක කිහිපයක පවතින අධික උණුසුම් කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම මෙලෙස අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නැහැ – ජනපති
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් ක්‍රියාත්මක වන බවත් පොදු මහජනතාවගේ ආරක්ෂාවට එය තර්ජනයක් බවට පත්ව නොමැති බවයි අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.
මෙම පාතාල කණ්ඩායම් දීර්ඝ කාලයත් තිස්සේ වර්ධනය වී ඔවුන්ගේ සම්බන්ධතාවයන් විවිධ ආයතන දක්වාම පැතිරගොස් ඇති බවත් එය විනාශකාරී ජාලයක් දක්වා වර්ධනය වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
එය මැඩ පැවැත්වීම සඳහා දැඩි උත්සාහයක් දරණ බවත් දේශපාලන රැකවරණයක් නොමැති නිසා මෙය මැඩපැවැත්විය හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
එසේම මෙය හුදෙක් පාතාල කල්ලි අතර ගැටුමක්ද නැතහොත් කවර හෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කොට මෙහෙයවනවාද යන සැකය ගොඩනැගෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කාරක සභාවල විපක්ෂයේ නියෝජනය වැඩි කිරීමට අවධානය
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා කාරක සභාවල නියෝජනය වැඩිකිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින ලද කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (22) පවත්වා තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීම් පිළිබඳව පසුගිය 19 වන දින කථානායකතුමා විසින් සභාවට නිවේදනය කළ අතර මේ පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය සභානායකවරයා විසින් කථානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබූ ලිපිය මෙහිදී සභාවට ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් කාරක සභාවල විපක්ෂයේ සංයුතිය තවදුරටත් වැඩිකිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් පිළිබඳව සාධනීය ලෙස සලකා බලා ඒ සම්බන්ධයෙන් වූ රජයේ තීරණය ඉතා කඩිනමින් ලබා දෙන බව ද සභානායකවරයා මෙම රැස්වීමේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
