මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම පවසනවා.
ඒ අනුව වෙළඳපොලේ පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවිය සිදුවන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම පවසනවා.
ඒ අනුව වෙළඳපොලේ පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවිය සිදුවන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
ආරක්ෂක අමාත්‍යංශ වැය ශිර්ෂය අද (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 78කින් සම්මත වුණා.
ඒ අනුව වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 88 ක් හා විපක්ෂව ඡන්ද 10 ක් හිමිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
රුපියල් බිලියන 1400 ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%- 4% ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බවයි දිස්ත්‍රික් ලේකම්වරු සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

කෙහෙල්බද්දර පද්මේගේ බිරිඳගේ පන්නල පිහිටි නිවස විඩියෝගත කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් දෙදෙනා මාර්තු මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (27) නියෝග කර තිබෙනවා.
එම නිවැසියන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට ලද තොරතුරකට අනුව පන්නල පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී අදාළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට හෙද හෙදියන් අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Isomata Akio අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කර ගැනීමට ද කටයුතු කර ඇති බව ජපාන තානාපති Isomata Akio මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මුදල් ගෙවූ ආකාරය සම්බන්ධයෙන් අද (27) නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අය කරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බවයි නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ.
එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12ක් අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරීකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බව ශ්‍රී ලංකා මහ බංකුව පවසනවා.
ඉහත ප්‍රතිපාදනය උල්ලංඝනය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලෙයකු මෙම පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව, පනත යටතේ වරදකරුවන් වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය පහතින්.

https://www.youtube.com/embed/c8eAa9AFeq4?si=-VxBvQKbrVaU2ahi” title=
රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම රජයට තනිව සිදුකළ නොහැකි බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
සියලු දෙනා බලා සිටින්නේ වත්මන් ආණ්ඩුව වැටෙන තුරු බවත්, නමුත්, වැටෙන්නේ පාලකයින් කවුරුත් නොව රටේ සමස්ත ජනතාව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
වත්මන් ආණ්ඩුවට සියලුම දෙනා සහයෝගය ලබාදිය යුතු බවද ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කර සිටියා.
අත පය ඇති, ඇස කන පෙනෙන සියලු දෙනා වැඩ කර උපයාගත යුතු බවත්, සෑම දේශපාලඥයාම ටික කාලයක් යන විට නිකම් කන්න දීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම රට වැටීමට හේතුවක් බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළා.