වෛද්‍යවරුන්​ගේ අභිමානයට සිදුකරන මේ අභියෝගයට අපි ලෑස්තියි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබෙනවා.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව වන මූලික වැටුපෙන් 1/80 ක මුදල සහ නිවාඩු දින දීමනාව වන මූලික වැටුපෙන් 1/20 ක මුදල පිළිවෙලින් මූලික වැටුපෙන් 1/120 සහ 1/30 ක් ලෙස කප්පාදු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැටලුව සඳහා රජයේ පාර්ශවයෙන් පිළිතුරු ලබාදීමට මාර්තු 05 දක්වා කාලය ලබාදෙන බවත්, නිශ්චිත පිළිතුරක් නොලැබුණහොත් මාර්තු 05 දින සිට හදිසි සේවා පමණක් ක්‍රියාත්මක කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යාමට ඒකමතිකව තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.

මෙම සියළු දීමනාවන් කිසිඳු වෙනසක් නොකර ලබාදිය යුතු බවත්, මෙය වෛද්‍යවරුන්ගේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් බවත් ජනාධිපතිවරයා මේ අභියෝග කරන්නේ වෛද්‍යවරුන්ගේ අභිමානයට බවත් ඒ අභියෝගයට මුහුණ දීමට තමන් ලෑස්ති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම අයවැය තෙවනවර කියවීමේදී මෙය නිවැරදි කිරීමට කටයුතු නොකළහොත්, මාර්තු 07 වනදා සිට දැඩි තීරණ ගැනීමට කටයුතු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රජයේ සේවකයට අප්‍රේල් මාසේ පඩිය හම්බවෙනකන් ඔය බොරු ටික කියන්න පුළුවන්- රජයේ සේවක වැටුප ගැන ඇමති වසන්ත

https://www.youtube.com/embed/4UrP4UKf9pg?si=8oCqjLPZDVLphO9X” title=

එනවා කිව්වට සමූපකාර පිරවුම් හලෙත් නැතිවුන පෙට්‍රල්…අම්බලංගොඩ සමූපකාර පිරවුම් හලේ ඇතිවුන තත්වය….

https://www.youtube.com/embed/oFkNpYEjQwo?si=p__fZURHUoxH9-kG” title=

විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වනදා ඇරඹෙයි

විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස 18 වනදා සිට දින 10 ක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

සමාරම්භක දිනයේ දළදා ප්‍රදර්ශනය පස්වරු 3.00 ට ආරම්භ වී පස්වරු 5.00 ට අවසන් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව සෙසු දිනවලදී දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට හිටපු බුද්ධි අංශ නිලධාරි දෙදෙනෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී තිබූ අතර සිද්ධියට අදාළව මීට පෙර හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය සිදු කෙරේ

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය පසුගියදා සිදුකර තිබෙනවා.

ඒ අනුව ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක්, වොල්වෝ ජීප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර් රථයක්, මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්, රෝසා බස් රථයක්, ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ඇතුළු වාහන 15ක් ඊයේ දින වෙන්දේසි වී තිබු අතර ඉතිරි වාහනවලට අදාළ වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කර තිබුණා.

දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනමක් පනවයි

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම තහනම පනවා ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ලවී තිබෙනවා.

අද දිනයට ඉන්ධන තොග 2924ක් ඇණවුම් කර තිබෙනවා – ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය ආකාරයට කටයුතු සිද්ධ වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

ඒ අනුව, ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින්නේ කිසියම් කණ්ඩායමක් පමණක් බවයි අද (01) පෙරවරුවේ  සභාපතිවරයා පවසා සිටියේ.

අද උදෑසන වන විට CPC ආයතනයට මුදල් ගෙවා ඉන්ධන තොග 1696ක් ඇණවුම් කර තිබෙන බවත්, එසේම, IOC සඳහා 471ක්, Sinopec සඳහා 391ක් සහ RM Park සඳහා 366ක් ආදී ලෙස මුළු ඉන්ධන තොග 2924ක් සාමාන්‍ය පරිදි බෙදා හරිමින් පවතින බවද සඳහන්.යම් කණ්ඩායමක් විසින් අනවශ්‍ය ලෙස මාධ්‍ය හරහා කළබලයක් ඇති කිරීම නිසා මහජනතාව බිය වී ඉන්ධන පෝලිම් ඇති වී ඇති බවත්, මෙම කරුණ ගැන සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා දින සවස 2.00ට අදාළ පාර්ශ්ව කැඳවන බවත් ඔහු සඳහන් කළා.

මේ අනුව ගත්විට, ඉන්ධන ගැටළුවක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බවත්, රටේ ජනතාවට කලබල වීමට හේතුවක් නොමැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා වැඩිදුරටත් පවසා සිටියේ.

යාල ජාතික වනෝද්‍යානය අධික වැසි නිසා තාවකාලිකව වසා දැමේ

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම වනෝද්‍යානය භාරකාරු මනෝජ් විද්‍යාරත්න පවසනවා.

පවතින වැසි තත්ත්වය පහව යනතුරු මෙම තීරණය ගත් බවත්, පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, වන සතුන්ගේ ආරක්ෂාව හා සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇති බවත්, යාල කලාප අංක 01ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසා දමා තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.