රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරනවා – ජනපති

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා, අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පිරිනමමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පසුගිය කාලය පුරා අප රටේ කාන්තා දින සැමරුම් පවත්වමින්, බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟූ බවත්, නමුත් වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවූ බවයි ඔහු සඳහන් කරන්නේ.

ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩ නැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත් වන බව ද, ඒ මහා කාර්යයට රජයක් ලෙස කෘතගුණ පෙරළා පිරිනමන බව ද, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර තබා ඇති බවද ජනාධිපතිවරයා සිය කාන්තා දින පණිවුඩය මගින් පෙන්වා දෙනවා.

සාකච්ඡාවට පමණක් බඳුන් වූ කාන්තාවගේ දේශපාලන නියෝජනය, සහභාගිත්වය සහ භූමිකාව ඉහළ නංවමින් පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් විසි දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වීම මෙරට දේශපාලනයේ හැරවුමක් බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව “සියලු කාන්තාවන් හා ගැහැනු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම” යන තේමාව යටතේ “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” යන ‍තේමාවෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව සිහිපත් කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටින්නේ.

නිල නිවේදනය පහතින්.

news images

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1977 වර්ෂයේදී, මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එතැන්  සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලබනවා.

‘සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානත්වය සවිමත් කිරීම’ යන්න මෙවර කාන්තා දිනයේ තේමාව ලෙස දැක්වෙනවා.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්’ යන්න ප්‍රධාන තේමාව කරගනිමින් මෙරට කාන්තා දින වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ජනපති සහ “Clean Sri Lanka” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ “Clean Sri Lanka” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

“Clean Sri Lanka” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම Clean Sri Lanka කාර්ය සාධක බලකාය වෙත පවරා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකූත් කළ නිවේදනය පහතින්.

news images

2024 අවසන් කාර්තුවේ විදුලිබල මණ්ඩලයේ ලාභය 99%කින් පහතට

පසුගිය 2024 දෙසැම්බර් 31 දිනට අවසන් වන කාර්තුව තුළදී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ අනුව, 2024 දෙසැම්බර් 31 දිනට අවසන් වන කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රු. බිලියන 111.80 ක් ලෙසින් වාර්තා වී ඇති අතර, එය 2023 සමාලෝචිත කාර්තුවේ ආදායම් අගය වූ රු. බිලියන 156.25ට වඩා 28% ක පහළ යාමක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එසේම 2023 දෙසැම්බර් කාර්තුවේදී රු. බිලියන 78.22 ක් ලෙසින් සටහන් වී තිබුණු මණ්ඩලයේ දළ ලාභය පසුගිය කාර්තුව තුළදී රු. බිලියන 4.49ක දළ අලාභයක් දක්වා 106% කින් පහළ ගොස් තිබෙන අතර, මණ්ඩලයට රු. බිලියන 3.04 ක මෙහෙයුම් අලාභයක් විඳ දරා ගැනීමට පසුගිය 2024 අවසන් කාර්තුවේදී සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2024 දෙසැම්බර් කාර්තුව තුළදී වාර්තා කර ඇති ශුද්ධ ලාභය රු. මිලියන 603ක් වශයෙන් වාර්තා වී ඇති අතර, මෙය 2023 අවසන් කාර්තුවේ ශුද්ධ ලාභ අගය වූ රු. බිලියන 77.97ට වඩා 99% ක පහළ යාමක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මණ්ඩලයේ ආදායම පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.

news images

විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට මෛත්‍රීගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳව තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

වසර 05ක කාලය තුළ තමා විසින් රුපියල් මිලියන 384ක් වියදම් කර ඇති බවට පෙනී ගියද, ඇතැම් රාජ්‍ය නායකයන්ගේ මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවයි නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

2015 සිට 2019 දක්වා තමා විසින් කරන ලද විදේශ සංචාර සියල්ලම සඳහා තමා සහභාගි වූයේ තමාට ලද ආරාධනා අනුව, රාජ්‍ය සංචාර හා නිල සංචාර වශයෙන් බවත්, එම සෑම සංචාරයකදීම රටේ ජනතාවට වාසියක් වන ආකාරයේ ගිවිසුම් 300කට වඩා අත්සන් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මඟින් සඳහන් කර තිබෙනවා.

එම සංචාර කිසිසේත් තමාගේ විනෝදයට ගිය ඒවා නොවන බවත්, තමා විසින් සිදුකර ඇති නිල විදේශ සංචාර සඳහා වැය වූයේ යැයි ප්‍රකාශ කර ඇති රුපියල් මිලියන 384ක මුදලට වඩා එම නිල සංචාරවලදී රටට ලැබුණු ආර්ථික වාසිය රුපියල් කෝටි සිය ගණනකට වඩා විශාල බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news imagesnews images

මර්වින් සිල්වා ඇතුළු තිදෙනා රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනා මාර්තු 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර, මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව මර්වින් සිල්වා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙයි

විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව විශේෂ දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීමට අවම වශයෙන් ලක්ෂ 20ක පමණ බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවද, හැකි තරම් විශාල පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවද මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් සඳහන් කර තිබෙනවා.

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දී මහනුවර නගරයේ පාසල් වසා තැබෙන බවත්, ඒ වෙනුවට වෙනත් දිනවලදී පාසල් පැවැත්වීමට කටයුතු කරන බවත් සඳහන්.

දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීම, නගරය ආලෝක කිරීම, යටිතල පහසුකම් සපුරාලීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල යන නාහිමිවරු ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කජ්ජා ඝාතනය රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට අනාවරණය වෙයි

අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ ඝාතනය රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බව මේ වන විට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

එම ඝාතනයේ වෙඩික්කරු පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු ගැන සිදුකළ පරීක්ෂණවලදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

පොරොන්දු වූ ලක්ෂ 05 ක මුදලෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පමණක් සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති අතර, පසුව ඉතිරි මුදල ලබාදීම සිදුකර නොමැති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළා.

‘මීගස්ආරේ කජ්ජා’ පසුගිය පෙබරවාරි මස 18 වැනි දා මිද්දෙනියේදී වෙඩි තබා ඝාතනය කළ අතර, සිද්ධියෙන් ඔහු සමඟ ගමන්ගත් දරු දෙදෙනා ද මියගොස් තිබුණා.

පැය 5 ක පමන ප්‍රශ්න කිරීම් වලින් පසු ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නිළධාරීන් CID යෙන් එලියට එයි..

https://www.youtube.com/embed/rZlpcrshvHI?si=QJ-P5rOeemaMxNhE” title=

සාකච්චාවට සූදානම්..වර්ජන තීරණයේ වෙනසක් නැහැ – රවී කුමුදේශ්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය….‍

https://www.youtube.com/embed/ytEQD5w8mrQ?si=JElgNdcjfYc_Od1d” title=