සතුන් දඩයම් කළ පුද්ගලයන් 06 ක් අත්අඩංගුවට

සතුන් දඩයම් කළ පුද්ගලයන් හයදෙනෙකු ගිනි අවි, පතරොම් සහ තවත් උපකරණ සමඟ පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ (09) අළුයම සතුන් දඩයම් කිරීම සඳහා යහලතැන්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන, ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සැකකරුවන් හයදෙනා සමග ඔවුන් සන්තකයේ තිබූ බෝර 12 පතරොම් 03ක්, එම හිස් කොපු 03ක්, පොරවක්, අත් පොරවක්, ඩ්‍රැගන් ලයිට් 02ක් හා පිහියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28-71 අතර වයස්වල පසුවන, මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය හා මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දින නියමයක් නොමැතිව කල් ගිය රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය ?

දින නියමයක් නොමැතිව කල් ගිය රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය ?
පෙබරවාරි 23 දින පැවැත්වීමට නියමිතව තිබූ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණය දින නියමයක් නෙමැතිව අනීතික ලෙස කල් යයි ඒයට හේතුව ලෙස සදහන් වෙන්නේ දැනට පාලනයේ නියුතු සභාපතිවරයා හිටපු දේශපාලඥවරියක් වන පවිත්‍ර වන්නිආරච්චිගේ සැමියා වන සබරගමු පලාත් සභා සභාපති කාංචන ජයරත්නගේ හිතවෙතෙකු ලෙස සැලකෙන රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා වෙත එල්ල වී ඇති මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමකට එල්ලවී ඇති චෝදනා වලට නිලවරණය පැවැත්වූයේ නම් බලයට පත්වීමට සිටි පාර්ශවය මගින් පරීක්‍ෂණ පවත්වන බවටත් ප්‍රකාශ කර තිබීම නිසා බව ආරංචි මාර්ග සදහන් කරයි. එම නිසා
බහුතර ක්‍රීඩා සමාජය එකතුව බලයට පත්වීම් වැළැක්වීම සදහා කාංචන ජයරත්න විසින් මෙමෙ තීරණය ගෙන ඇති බවට තහවුරු නොකල තවත් මතයක් පතිර යන අතර 2023 වසරේ නිලවරණයේදි දැඩි විරෝධයක් කාංචන ජයරත්නට එල්ල කිරීම නිසා නිලවරණය අතරතුර පලාගොස් ඇති බවත් ඔහුගේ දුර කාලය පෙබරවාරි 28න් දින අවසන්ව තිබියදීත් තවදුරටත් දූෂිතයින් රැක ගැනීම උදෙසා බලය රැඳී සිටීමට උත්සාහ දැරීම රත්නපුර ක්‍රීඩා ප්‍රේමී ජනතාවගෙන්ද දැඩි විරෝධයක් එල්ල වෙන බවත් වාර්ථා වෙයි. මෙම ගැටලුව හරහා මාර්තු 30 වෙනි දින පැවතීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයටද යම් ගැටළු මතුවීමේ තත්ත්වයක් උදාවී ඇති අතර මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හා ක්‍රීඩා අමාත්‍යංශයෙන් නිසි පියවරයක් ඉක්මනින් ගැනීම සිදුකල යුතු බව රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය පැත්තෙන් ඇහෙන කතා වල සදහන් වෙන බවත් වාර්තා වෙයි…..

දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් සැඟව සිටිනවා නම් ඔහුගේ දේපළ පවරාගන්නවා – සුනිල් වටගල

මේ වන විට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් ඔහුගේ දේපළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පවසනවා.

ඒ අනුව ඔහු තවදුරටත් සැඟව සිටින්නේ නම් ඔහුට එරෙහිව ගැනීමට නීතියේ ප්‍රතිපාදන තිබෙන බවයි අද (09) මෝදර පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු නීත්‍යානූකූල කටයුත්තක් සිදු කර ඇත්නම් සැඟව සිටීමට කිසිඳු හේතුවක් නොමැති බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට අඩුමිලට නව මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට පියවර

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිසක් නීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බව පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර සඳහන් කළා.

එමගින් රජයට හිමිවන බදු ආදායම අහිමි වී ඇති අතර එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

යාපනය – තමිල්නාඩු අතර ගුවන් ගමන් මාර්තු 30 සිට ආරම්භ කෙරේ

යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාර්තු මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බවයි ඉන්ඩිගෝ ගුවන් සේවය සඳහන් කරන්නේ.

යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව ඉන්ඩිගෝ ගුවන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරු ලබාදෙයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 28 කට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථානමාරු කිරීම් සිදුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කැකිරාවේ මහ රෑ ගෙවල් වල දොරවල් වලට තට්ටු කරන අළුත් අමුත්තා කරලා යන හරිය මෙන්න….

https://www.youtube.com/embed/XIh6GIBDzUU?si=Jt11LP5LTJ6Ae4Ar” title=

වැලිගම පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කෙරේ

වැලිගම පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

2023 වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.