අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය ලක්කිරීමේ සිද්ධියට අදාළ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුට සැඟව සිටීමට උපකාර කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (12) රාත්‍රියේ දී ගල්නෑව ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නෑ – අතිරේක සොලිසිටර් ජනරාල්

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ කරුණු සලකා බැලීම අද (12) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුකෙරුණා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවත්, ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

තම සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදෙන්නේ නම්, ඔහු විමර්ශනවලට සහායවීම සඳහා අධිකරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද නීතීඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළ නමුත්, ඔහු පසුගිය පෙබරවාරි 27 වනදා සිට අධිකරණය මග හරිමින් මගහැර සැඟවී සිටින පුද්ගලයෙක් බවත්, ඔහු පොලිස්පති ධූරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් සුදුසු නොවන පුද්ගලයෙක් බවයි.

එසේම මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදුකිරීමට ගිය බවට සඳහන් කළ ද, එය සැක සහිත බවත්, W15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනී ගොස් තිබෙන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

අදාළ සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයාට පොලිස්පතිවරයා ලෙස ඔහු මැදිහත් වී පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබාදී ඇති බවත්, පසුව එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා දැනුවත් කර, තවත් ලක්ෂ 25 ක මුදලක් ලබාදී තිබෙන බව අනාවරණය වී ඇති බවත්, එවක මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන ටිරාන් අලස්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකියි – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පවත්වා තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින්, ඒවා ඵලදායීව යෙදවීම පිළිබඳව සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති හැකියාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික, සමාජීය, පාරිසරික සහ භෞතික වශයෙන් ඒකාබද්ධ සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාලය මාර්තු 17 දක්වා දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීමේ කාලය මාර්තු 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් හා කොමිෂන් සභාව වෙත ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙලෙස දීර්ඝ කිරීම සිදු කළ බවයි එම කොමිසම සඳහන් කළේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

අදාළ නිවේදනය පහතින්.

news images

සිසුන්ට පහරදුන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවයි

පෞද්ගලික උපකාරක පන්තියක දී සිසුන් දණ ගස්වා පහරදීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති උපකාරක පන්ති ගුරුවරයාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා සැකකාර ගුරුවරයාට ඊයේ (11) දිනයේදී ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණ ද, ඔහු ඒ සඳහා නොපැමිණි බවයි ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව, මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් මාකුඹුරේ අන්තර්කරණ සහාය මධ්‍යස්ථානයක්

විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අන්තර්කරණ සහය මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශවීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණු කර ගනිමින් මෙය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම විශේෂ ස්ථාපිත කිරීම මගින් හදිසි දැනුම්දීමේ අංකයක්, ශ්‍රව්‍යාබාධිත මගීන්ට සන්නිවේදන පහසුවක් මෙන්ම තොරතුරු දැනගැනීමේ පහසුව වැනි සේවාවන් රැසක් මගී ජනතාවට හිමිවන අතර, මෙම උපකාරක කවුලුවේ (Help Desk) සේවය සඳහා විශේෂ අවශ්‍යතා සහිත සේවක පිරිස්ම යොදවා තිබීම විශේෂත්වයක්.

මෙම අවස්ථාවට සමගාමීව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය එළි දැක්වීම ද සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පළමු පාසල් වාරයේ පළමු අදියර 14 වැනිදායින් අවසන් – අධ්‍යාපන අමාත්‍යංශය

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන්වීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළැඹෙන 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

news images

“මේ නිළවරණය විපක්ෂයට වැදුන හොදම අතුල් පහරයි” ලැබුන ජයග්‍රහනය ගැන නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ….

https://www.youtube.com/embed/6uO8qcMWga8?si=qjT2Wc8AJyPDSLVJ” title=

ස.ජ.බෙට සැරටම පාඩම කියලා දීලා සංවිධායක කමෙනුත් අයින් වුන ගාමිණී තිලකසිරි…..

https://www.youtube.com/embed/gwqv5FOMLCA?si=s-oezal_Fc3C-l0T” title=