https://www.youtube.com/embed/3zT_MAiBeEE?si=WpPeJbqr6PeHPQvC” title=
Author: Supun
උනුසුම් වුන පොල්දූව රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය……
https://www.youtube.com/embed/rmRWDE2yxeU?si=4hDjQnw5dy6lL1nq” title=
රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් රජය ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්වෙලා – අන්තරේ
වත්මන් රජය අධ්‍යපනය සහ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව සහ රැකියා විරහිත උපාධිධාරීන් අයාලේ යාම නවත්වා ඔවුන්ට රැකියාවක් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් මැදිහත්විය යුතු බවයි එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේ.
බලයට පත් කරගත් නව රජය මිනිසුන් වෙනුවෙන් දේවල් සිතාබලා ලබාදෙනු ඇති බවට අතපය හතර බැඳගෙන බලා නොසිට සැබෑ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් මහ පාරට බැසිය යුතු බවත් එම අරගලය වෙනුවෙන් සංවිධානය විය යුතු අතර එම අරගලයේ තීරණාත්මක ඕනෑම අවස්ථාවක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය සිට ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළා.
රැකියාවක් කිරීම යනු මිනිසෙකුගේ අයිතියක් බවත් එය ආණ්ඩුවක් මැදිහත්වී ලබාදිය යුතු බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් වැඩිදුරටත් සඳහන් කළා.
මෙරට පළමු වරට රජයේ රෝහලක ශුක්‍ර ධාතු බැංකුවක් ස්ථාපිත කෙරේ
මෙරට රජයේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව පීඩා විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය ආරම්භ කර තිබෙනවා.
ශුක්‍ර ධාතු ලබා දීම සඳහා මෙහි පැමිණෙන පුද්ගලයින් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතු අතර අදාළ පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව යළිත් මාස 3 කට පසු එම පරීක්ෂණවලටම ලක් කිරීමෙන් අනතුරුව සුදුසු පියවරුන්ගේ ශුක්‍ර ධාතු ලබා ගන්නා බවයි කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළේ.
මෙය ඉතාමත් රහසිගතව සිදුවන ක්‍රියාවලියක් බවත් පුද්ගලිකත්වයද ආරක්ෂා කරන බවයි වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා.
මේ සඳහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින්ට 0112678999 හා 0112672216 යන දුරකථන අංක හරහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුව සමග සම්බන්ධ විය හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
රට යන මාර්ගය නිවැරදියි – රවී කරුණානායක
යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ ආර්ථික මොඩලය වත්මන් රජය ඉදිරියට ගෙන යමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.
ඒ අනුව එම වැඩපිළිවෙළ සඳහා නිවැරදි දැක්මක් සහිතව ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් සාකච්ඡාවට ලක් කළ යුතු බවත්, නව අදහස් නොමැති වුවද පැවති මාර්ගයේම ඉදිරියට ගොස් ඉලක්ක සපුරාගත හැකි නම් රට යන මාර්ගය නිවැරදි බවයි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මෙරටට පැමිණෙන ආයෝජකයින් දිරිගැන්වීම සඳහා සිදුකළ යුතු කරණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු බවත්, 36% ක පමණ ආදායම් බදු ගෙවන රටකට ආයෝජකයින් පැමිණෙනවාද යන්න ගැටලුසහත බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන රුපියල් ලක්ෂ 10ක රක්ෂණාවරණය අගෝස්තු මාසයේ සිට ලක්ෂ දෙකහාමාර දක්වා අඩු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත්, තමා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී එම රක්ෂණාවරණය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
නිවසින් ආහාර ගෙන්වා ගැනීමට දේශබන්දුගෙන් ඉල්ලීමක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිවසින් ආහාර ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සඳහන් කළේ.
අදාළ ඉල්ලීමට පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් ඔහුට බන්ධනාගාරයේ රැඳී සිටින කාලය තුළ නිවසින් ආහාර ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අප්‍රේල් මස 03 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Facebook සාදයක් වටලා 76 දෙනෙක් අත්අඩංගුවට ගනී
Facebook සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඒ අනුව සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලානවත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18 ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ගුවන් හමුදාවේ සියලුම K-8 ජෙට් යානාවල ප්‍රමිති පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K-8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
පසුගිය සිකුරාදා K-8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටී තිබුණා.
වැටුප් ගැටළුවට නම්‍යශීලී විසඳුමක් ලබාදුන් ජනාධිපති තුමාට ස්තූතියි! – GMOA
අයවැය තෙවැනි වර කියවීමේදී යෝජනා කළ සංශෝධනයක් ඔස්සේ තම ඉල්ලීම් සඳහා විසඳුමක් ලබාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ සෞඛ්‍ය ඇමතිවරයාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) කෘතඥතාවය පළ කර තිබෙනවා.
මාධ්‍යයට අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, මෙම විසඳුම රජයට අමතර බරක් නොවන අතර, තම අමතර සේවා හා නිවාඩු දිනයන් සඳහා ලැබෙන ගෙවීම්වලින් තුනෙන් එකක් රට වෙනුවෙන් කැප කිරීමට වෛද්‍යවරුන් එකඟ වී ඇති බවයි.
මුලින් අයවැය යෝජනා අනුව අමතර සේවා ගෙවීම් අඩු කර තිබූ අතර, රජයේ වෛද්‍ය නිිලධාරීන්ගේ සංගමය එයට විරෝධය දක්වීීීීමෙන් පසු, ඒ පිළිබඳ සංවාද කිහිපයකට පසුව මුලින් තිබූ පැයකට 1/80 සහ නිවාඩු දිනයකට 1/20 ගෙවීම් අනුපාත යළි පදනම් කරගෙන, එයින් තුනෙන් දෙකක් පමණක් දැනට ලබාදීමට රජය එකඟ වී තිබෙනවා.
මෙම ගැටලුවට තම යෝජනා සහ සංවාද තුළින් ඉතා ධනාත්මක සහ නම්‍යශීලී විසඳුමක් ලබාදුන් බවත්, ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගෞරවනීය ස්තූතියි ජනාධිපතිවරයාට පුද කර සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
වැලිගම නිවසකින් පතුරම් තොගයක් සොයාගනී
වැලිගම, කොක්මාදූව ප්‍රදේශයේ නිවසක් තුළ තිබූ පතුරම් තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ පුෂ්පාරාම උපකඳවුරේ නිලධාරින් සිදුකළ වැටලීමකදී, එම් 16 වර්ගයේ පතුරම් 6ක්, ටී 56 වර්ගයේ පතුරම් 60ක් සහ ටී 56 හිස් පුහුණු පතුරම් 9ක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම නිවසේ හිමිකරු, විදේශගතව සිට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයෙකුගේ සමීපතමයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
